වර්තමානයේ සෑම සියළු ඉලෙක්ට්‍රොනික පරිපථයකම පාහේ ප්‍රධාන
අර්ධ-සන්නායකය වන්නේ සිලිකන්ය. කෙසේ වුවත් මයික්‍රොචිප් ඇතුළු අර්ධ-සන්නායක උපාංග
නිපදවීමට භාවිතා කරන සිලිකන් නම් අමුද්‍රව්‍යය සිය හැකියාවෙන් උපරිම මෙහෙවර
සිදුකොට, අද වන විට එහි උපරිම සීමාවට ආසන්නව තිබේ. එනම් සිලිකන් චිපයක් දැනට පවතින
තත්ත්ව යටතේ කුඩා කල හැකි අවම සීමාවට ලංව සිටීමයි. සිලිකන් ස්ථර දෙකක් අතර පැවතිය හැකි අවම ඉඩ ප්‍රමාණය
වන්නේ නැනෝ මීටර දෙකකි (2
nm). ඒවායේ ඝණකම මේ සීමාවටත්
වඩා අඩුවූ විට සිලිකන් ස්ථර ඔක්සිකරණයට පත්වන අතර අර්ධ-සන්නායකයක් ලෙස එය අර්ථ
විරහිත ත්ත්වයට පත්වේ. මේ වන විටත් සිලිකන් හි මේ සීමාවට ආසන්න වෙමින් පවතින අතර
සිලිකන් යුගයේ අවසානයට අප ලංව ඇති බව පෙනේ.
මේ හේතුව නිසා සිලිකන් සඳහා ආදේශකයක් ලෙස වෙනත් මූලද්‍රව්‍ය
අත්හදා බැලීමට පරිගණක ඉංජිනේරුවන්ට සිදුව තිබේ. මෙලෙස සිලිකන් සඳහා ආදේශක ලෙස දැනට
ඉදිරිපත් වී ඇති යෝජනා දෙකකි. එකක් වන්නේ කාබන් මූලික ග්‍රැෆීන් නම් විප්ලවීය
ස්ඵටික ආකාරයයි. අනෙක් ආදේශකය නම් මේ ලිපියට පාදක වන මොලිබ්ඩිනයිට් (molybdenum
disulphide - MoS2) නම් මොලිබ්ඩීනියම් අමුද්‍රව්‍ය පාදක කරගත්
සංයෝගයකි. මේ මොලිබ්ඩිනයිට් නම් සංයෝගය කාලයක් තිස්සේම භාවිතයේ පැවති එකකි. ඒ
ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ නොව රථ වාහන හා යාන්ත්‍රික උපකරණයන්හි ලිහිසි තෙල් /
ස්නේහක සඳහා යොදන සංයෝගයක් වශයෙනි.
මේ මොලිබ්ඩිනයිට් නම් ද්‍රව්‍යය සිලිකන් සඳහා ආදේශකයක්
ලෙස භාවිතා කළ හැකි බව පසුගිය වසරේ පෙබරවාරියේදී ස්විස්ටලන්තයේ ලුසෑන් හි EPFL පර්යේෂණාගාරයේ
විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගනු ලැබිණි. ඒ සොයාගැනීමෙන් ඔබ්බට ගොස්, ක්‍රියාත්මක
තත්ත්වයේ මොලිබ්ඩිනයිට් චිපයක් නිපදවා අත්හදා බැලීමට ඔවුන් පසුගියදා සමත්වූහ.
ස්විස්ටලන්තයේ පිහිටි ක්ෂුද්‍රකරණ ඉලෙක්ට්‍රොනික් නිර්මාණකරණය පිළිබඳ පර්යේෂණාගාරයේ
අධ්‍යක්ෂක අන්ද්‍රාස් කිස් සඳහන් කලේ ඔවුන් මොලබ්ඩිනයිට් චිපයක් සාර්ථකව අත්හදා බැලු බවයි. “අපි
මොලිබ්ඩිනයිට් ට්‍රාන්සිස්ටර් දෙකත් හයත් අතර ප්‍රමාණයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරන
ලද ප්‍රාථමික මූලාකෘතියක් නිර්මාණය කරන්නට සමත් වුනා... මූලික ද්විමය තාර්කික
පරිපථයක් එයින් ගොඩනැංවිය හැකියි... මේ
අඩිතාලම මතින් වඩාත් සංකීර්ණ, බලවත් චිප
නිෂ්පාදනය කරන්නට අපිට හැකියාව තිඛෙනවා...” යැයි ඔහු වැඩි දුරටත් පවසා සිටියා.
වඩ වඩාත් ප්‍රමාණයෙන් කුඩා, ජංගම හා වැඩි බලයක් සහිත චිප සඳහා වර්තමාන
තාක්ෂණ ලෝකයේ ඇති ඉල්ලූම සපුරාලන්නට මොලිබ්ඩිනයිට් සංයෝගයට හැකිවනු ඇත. එය භාවිතයේ
ඇති වාසි කිහිපයකි. ප්‍රධානතම කාරණාවක් වන්නේ එය සිලිකන් වලට වඩා අඩු බලශක්තියක්
යටතේ ක්‍රියාකිරීමයි. එමෙන්ම
මොලිබ්ඩිනයිට් ස්ථරයක් පරමාණු 3 ක් දක්වා
කුඩාවට තැනිය හැකියි. මේ නිසා පෙරට වඩා
තෙගුණයක් කුඩාවට ට්‍රාන්සිස්ටර් තැනිය හැකියි. තවත් වැදගත් කරුණක් වන්නේ මේ
මොලිබ්ඩිනයිට් සංයෝගය පසේ බහුලව ඇති සංඝටකයක් නිසා ඉතා සුලභ ද්‍රව්‍යයක් වීමයි.
අර්ධ-සන්නායක පරිගණක චිපයක මූලිකම අවස්ථාව වන ට්‍රාන්සිස්ටරයක
කාර්යය වන්නේ එය හරහා ගලායන විදුලිය On හා Off (1 හා 0) යන
ආකාරයට පාලනය කිරීමයි. මේ ආකාරයෙන් On හා Off ලෙස මොලිබ්ඩිනීයම් ට්‍රාන්සිස්ටරයක් පාලනය කිරීමට වැය වන්නේ
සාපේක්ෂව ඉතා අඩු විදුලි ධාරවක් වන අතර මේ පාලන ක්‍රියාවලිය ද සිලිකන් වලට වඩා
වේගවත් වේ. මේ හේතුවෙන් මොලිබ්ඩීනියම් චිප්වලින් තැනෙන පරිගණකයක් වඩාත් වේගවත් හා
අවම බලයකින් ධාවනය වන්නක් වනු ඇති. එමෙන්ම
මේ චිප, පරමානු 3 ක් දක්වා වූ
ක්ෂුද්‍ර ප්‍රමාණයෙන් නිමැවිය හැකි නිසා ඒවා ඉතා නම්‍යශීලි වනු ඇති බව පර්යේෂකයන්
පවසා සිටී. මේ හේතුවෙන් පරිගණකගත ඇඳුම් ආයිත්තම්, හැකිලිය හැකි පරිගණක පද්ධති හා මිනිස් සම මත
පිහිටුවිය හැකි පරිගණක උපාංග ආදිය සැබෑවක් වනු ඇත.
ස්විස්ටලන්ත පරිගණක විද්‍යාඥයින් මොලිබ්ඩීනියම් චිප්
පිළිබඳව සිදු කරන පර්යේෂණ සාර්ථක වුවහොත් එය අනාගත පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා
හේතුවන ආකාරය සිතාගැනීමටත් නොහැකි තරම්ය. වර්තමානයේ අත්ල මතට පැමිණ ඇති පරිගණක
තාක්ෂණය එවිට අපේ සිරුර තුලටම බද්ධ වනු ඇති. ඒ කෙසේ වෙතත් ඇමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තය
සිලිකන් නිම්නය වුවා සේ මේ පර්යේෂණ සාර්ථක වුවහොත් ස්විස්ටර්ලන්තයේ ලුසෑන් ප්‍රදේශය
මොලිබ්ඩිනයිට් නිම්නය ලෙස හැඳින්වුව හොත් එහි පුදුමයක්ද නැත.
අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ - චතුරංග පෙරේරා
රූ පරිගණක සඟරාව - 2012 ජනවාරි කලාපය
මෙහි ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා වන අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
අනේ මංදා මාර මාර දේවල් තමා හොයා ගන්නෙ.. කිව්වත් වගේ තව ටික කාලයක් ගිහිල්ලා, පරිඝනකයක් කියලා පොඩි චිප් එකක් දෙයිද දන්නෑ අපේ මොලේටම හයි කරගන්ඩ.
ReplyDeleteස්තූතියි සහෝ මේ ගැන කිව්වට.
වැදගත් ආරංචි කීපයක්ම තියනවනේ...අඩු බලෂක්තියකින් ක්‍රියා කරන එක පැහැදිලිවම වාසියක්. මූලද්‍රව්‍ය සුලබ නිසා උපාංග වල මිල අඩු වෙනත් ඉඩ තියනවා නේද?
ReplyDeleteසෙන්නා ගේ කමෙන්ට් එක දැකලා ඇඟත් එක්ක හිරි වැටුනා වගේ උනා ...
වැදගත් කරුණු කීපයක්ම තියෙනවා.. තව ඉස්සරහට එන තාක්ෂණයත් එක්ක මොන විදිහේ නිර්මාණ ඒවිද කියලා කියන්න බෑ..
ReplyDelete@ සෙන්නා :
ReplyDelete//පරිඝනකයක් කියලා පොඩි චිප් එකක් දෙයිද දන්නෑ අපේ මොලේටම හයි කරගන්ඩ//
අනිවා සහෝ... ඔය වැඩේ තමා අන්තිම ඉලක්කේ... අනාගතේදී මනුෂ්‍ය වර්ගයා හයිබ්‍රිඩ් වේවි... ඒක තමයි මිනිස් පරිනාමයේ ඊගාව පුරුක. තව අවුරුදු 30-40 ක් යනකොට නැනෝ තාක්ෂණයත් තව දියුණූ වුනාම ඇඟට බද්ධ කරන පරිගණක සුලභ දෙයක් වේවි !!!
ස්තුතියි සහෝ කලින්ම ඇවිත් ප්‍රතිචාරයක් දීලා ගියාට !
@ සයුරි :
ඇත්තටම ඔව් සයුරි... වැඩේ හරිගියොත් තව අවුරුදු 10 ක් වෙනකොට සපත්තු මේස් ඉඳන් පරිගණකගත වේවි...! මමත් හිතන්නේ සිලිකන් වලට වඩා මොලිබ්ඩිනයිට් චිප් ලාභ වේවි...! සෙන්නා කියාපු කාරණය ගැන බය වෙන්න දෙයක් නෑ. ඒකේ ඇත්ත නැත්ත අපේ ජීවිත කාලය ඇතුළතම බලාගන්න පුළුවන් වේවි... ස්තුතියි සයුරි ප්‍රතිචාරයට !!!
@ දිනේෂ් :
එකී මෙකී නොකී හැම දෙයක්ම කම්පියුටර් වේවි සහෝ... හිතන පරක්කුවට දොර ඇරේවි ! විදුලි බුබුලු දැල්වේවි ! කොටින්ම කිව්වොත් මුළු භෞතික ලෝකයම එකම ජාලයක් වේවි...! ස්තුතියි ප්‍රතිචාරයට !
හප්පේ උදේ පාන්දරම ගොඩක් දේවල් ඔලුවට දා ගත්තා.. මෙහෙම දැනුම බෙදාගන්න ඒක නම් ගොඩක් වටිනවා චතුරංග අයියේ.. ස්තුතියි!
ReplyDeleteSuperb... Bro.. Thanks a lot.!
ReplyDeleteහුඟක් හොඳ ලිපියක් ...
ReplyDeleteස්තූතියි නව දැනුම අපට බෙදා දුන්නාට ....
අඩේ තව ටික කාලෙකින් ඇහැටත් පේන්නෙ නැති චිප් එයිද බං .....
ReplyDeleteසෑහෙන වැදගත් තොරතුරු ටිකක් මතකෙට ගන්න නං අමාරුයි ඒක නිසා මෙහෙම ලිපි මේ බ්ලොග් එකේ තියනවා කියලා මතක තියා ගත්තනං ගොඩ, එතකොට ඕන වෙලේට මේ පැත්තට ඇවිත් කියවන්න බැරියෑ .........
මාරයිනේ. නියමයි අයියේ.. අම්මෝ මේ නව තාක්ශනේ හොඳ දේවල් වලට පමණක් යොමු උනොත් හොඳයි
ReplyDeletemeweni degena denuwat kalata istuti(thank's)
ReplyDeletesupiri news ekak
ReplyDelete@ යසන්ත :
ReplyDeleteස්තුතියි මල්ලියා උදේ පාන්දරම ඇවිත් කියවලා ප්‍රතිචාරයක් තියපු එකට !!!
@ Dush :
Thanks a Lot !!!
@ කුමාරයා :
ගොඩක් ස්තුතියි අයියේ ප්‍රතිචාර වලට !!!
@ කල් :
ඔච්චරම අමතක වෙනවා නම් බං, බුක්මාර්ක් කරලා තියා ගන්න !!! :P
ස්තුතියි මචං ඇවිත් ගියාට !!!
@ වර්ණා :
හොඳ දේවල් වලට වගේම නරක දේටත් මේ වගේ දේවල් යන එක නවත්තන්න බෑ. ස්තුතියි ප්‍රතිචාරයට සහෝදරී !!!
@ Ano :
ඇනෝටත් ගොඩක් ස්තුතියි කියවලා, ප්‍රතිචාරයක් දීලා ගියාට !!!
@ රවි :
ස්තුතියි සහෝ !!!
බොහොම ස්තුතියි
ReplyDeleteවැදගත් මචං.. බලපං තාක්ෂනේ දියුනුව අපි වයසට යද්දි මොන අටමගල වෙයිද දන්නෙ නැහැ
ReplyDeleteඒ කාලෙ මතක් වෙද්දි පුදුමයි..
ReplyDeleteගොඩක් හොද ලිපියක් ....බොහොමත්ම ස්තුතියි දැනුවත් කලාට....
ReplyDeleteනැනෝ චිප් මිනිස් මොලයට බද්ද කිරීම පිලිබදව මට මතක හැටියට මීට ගොඩක් කාලෙකට කලින් විජය පරිගණක සගරාවෙත් පල උනා.එකේදී කියල තිබුන මිනිසාගේ ස්නායු දුර්වලතා නිසා ඇතිවන ගොඩක් ආබාද වලට විසදුමක් හැටියට නැනෝ චිප් යොදා ගන්ඩ පුළුවන් කියල,ඒ වගේම මිනිසාගේ ආයු කාලය යම් තරමකින් වර්දනය කිරීමේ හැකියාවත්,ප්‍රතිශක්ති කරන හැකියාවත් වැඩි කරන්න පුළුවන්ලු....
ඔන්න වැඩේ....අනාගතේ බෙහෙත්,ශල්‍යකර්ම,බද්ද කිරීම් වෙනුවට නැනෝ චිප් දාගත්තහම හරි....
වැදගත් විස්තරයක්
ReplyDelete(http://hardwaretest4u.blogspot.com)