මෙම නවතම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වෙබ් බ්‍රවුසරය 'Spartan' (ස්පාටන්) යන නමින් නම් කර තිබේ. වින්ඩෝස් අංශ ප්‍රධානී මේරි ජෝ ෆෝලි දැක්වූ අදහස් අනුව මේ ස්පාටන් යනු ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හි නම වෙනස් කිරීමක් නම් නොවන බව පැහැදිලි වේ. දැනට පෙනී යන්නේ වින්ඩෝස් 10 සමග ස්පාටන් බ්‍රවුසරය හා IE හි 11 වැනි සංස්කරණයද ලබාදෙනු ඇති බවයි. එමගින් පැරණි IE පරිශීලකයන් හටද සාධාරණයක් ඉටුවනු ඇති අතර, ස්පාටන් බ්‍රවුසරය සඳහා නවතම පරිශීලක පිරිසක් ද ආකර්ශණය කර ගැනීමට නියමිතයි. ආරංචි මාර්ග වලට අනුව දැක්වෙන්නේ ස්පාටන් යනු ගූගල් ක්‍රෝම්, මොසිල්ලා ෆයර්ෆොක්ස් ආකාරයේම නවීන බ්‍රවුසරයක් වනු ඇති බවයි. IE සඳහා කැමැත්තක් නොදක්වන පරිශීලකයන් නවතම නාමයක් යටතේ, නවතම බ්‍රවුසර නිපැයුමක් ඔස්සේ නැවතත් මයික්‍රොසොෆ්ට් හි ග්‍රහණයට ගැනීම මෙහි අරමුණයි.
අපට වින්ඩෝස් 10 සමගින් නවතම බ්‍රවුසරයක අත්දැකීම ලැබීමට අමතරව මෙහි තවත් ආකර්ශණීය කාරණා කීපයක්ම ඇත. පසුගිය අගෝස්තුවේදී පමණ දැක්වුණු ආකාරයට, මයික්‍රොසොෆ්ට් හි සේවකයින් විසින්ම පෙන්වා දුන් පරිදි ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් යන නාමය වින්ඩෝස් වෙතින් ඉවත් කල යුතු බවට මයික්‍රොසොෆ්ට් හි පාලනාධිකාරය ද පිළිගෙන ඇති බවක් මේ පුවතින් අපට පෙනී යයි. වින්ඩෝස් 8 හා ලබාදුන් IE හි නවතම වැඩි දියුණූ කරන ලද සංස්කරණ ‘හොඳම‘ ඒවා බව පැවසුනු නමුත්, ඒ කෙරෙහි වැඩි පරිශීලක ආකර්ශණයක් ඇති වුනේ නම් නැත. මේ කරුණත් නවතම බ්‍රවුසරයක් වෙත යෑම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමට හේතු සාධකයක් වන්නට ඇත.
ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් ඉලක්ක කොට ගනිමින් ස්පාටන් නිපදවීම මයික්‍රොසොෆ්ට් හි අභිප්‍රාය වී ඇති බව පෙනේ. එය ප්‍රබල හා ආකර්ශණීය බ්‍රවුසරයක් වනු ඇත. එමෙන්ම එය සැහැල්ලු, අඩු පද්ධති ධාරිතාවකින් ක්‍රියාත්මක වන බ්‍රවුසරයක් වනු ඇති අතර extensions සඳහාද උපරිම සහයෝගයක් දක්වනු ඇත. කෙසේ වෙතත්, මයික්‍රොසොෆ්ට් හි මෙම නවතම බ්‍රවුසරය ලොව ප්‍රචලිත වෙබ් එන්ජින් ආකෘතිය වන වෙබ්කිට් (WebKit) එන්ජිම මත ගොඩ නැගෙනු ඇතැයි සිතන්නට නොහැකිය. ස්පාටන් බ්‍රවුසරය ද IE මෙන්ම ට්‍රයිඩෙන්ට් (Trident ) වෙබ් එන්ජින් ආකෘතිය මත ගොඩ නැගෙනු ඇති බව කියවේ. එසේම මයික්‍රොසොෆ්ට් හි චර්කා ජාවා ස්ක්‍රිප්ට් (Chakra JavaScript) තාක්ෂණයද ස්පාටන් හි භාවිතා වනු ඇත.
ස්පාටන් අලුත්ම අලුත් බ්‍රවුසරයක් වනු ඇති බව දන්නා නමුත් එය කෙබඳු එකක් දැයි පැවසීමට තරම් ප්‍රමාණවත් තොරතුරු තවමත් ලැබී නොමැත. කෙසේ වුවත් වින්ඩෝස් පරිශීලකයින්ට අප්‍රිය වූ IE වෙනුවට වෙනත් බ්‍රවුසරයක් වෙත යෑම නම් හොඳ පියවරක් ලෙස අපට පෙනේ. අවසානයේදී වින්ඩෝස් 10 පරිශීලයන්ට නම් ස්පාටන් සමගින් වඩාත් හොඳ අන්තර්ජාල අත්දැකීමක් ලබා ගන්නට හැකියාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු...
-----------------------------------------------------
2014 වසරේ අවසාන පෝස්ට් එක...! බ්ලොග්කරණයේ 4 වැනි වසරත් අක්‍රියවම ගතවෙලා ගියා... ඒ ගැන නම් දුකයි තමා, මොනවා කරන්නද නේද ? කමක් නෑ... අපි ලබන 2015 වසරේදීත් යලි හමුවෙමු...
එහෙනම් හැමෝටම 2015 සුභ නව වසරක් වේවා...!!!
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
මටත් ie පෙන්නන්ඩ බෑ. ක්‍රෝම් තමා එළ.
ReplyDeleteචතුවටත් පවුලේ සැමටත් සුබම සුබ 2015 ක් වේවා !!
මමත් ක්‍රෝම් තමා බං වැඩ...!
Deleteසෙන්නාටත්, පවුලේ සැමටත් 2015 සුභ නව වසරක් වේවා...! ජය !!!
සුභම සුභ නව වසරක් වේවා................................
ReplyDeleteකුගැගීප
කුරුටු ටත් ලැබුවා වූ 2015 සුභ නව වසරක් වේවා...!
Deleteඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වගේ බ්‍රවුසර් එකක් නෙමේ නම් හොඳයි !
ReplyDeleteසුබ නව වසරක් වේවා !
ප්‍රතිචාරයට ස්තුතිය සහෝ... ඔබටත් සුභ නව වසරක් වේවා...!!!
Delete