
කාලයක පටන්ම
මවුසයත්, මවුස් පෑඩයත් දෙකම එකටම තමයි හිටියේ. ඒත් optical mouse ආවට පස්සේ පෑඩ් එක අත්‍යාවශ්‍ය වුනේ නෑ. ඒ optical
mouse වලට දූවිලි කරදර නැති නිසා. මේවා ඕනෙම සමතල පෘෂ්ඨයක
හොඳට වැඩ කරනවා. ඒ වුනත් මේකත් සමහර වෙලාවට fail වෙන
තැන් තියෙනවා. උදාහරණයකට ගත්තොත් මේවා ෆෝමිකා වගේ හොඳට ඔප දමලා තියෙන පෘෂ්ඨ වල
හරියට දුවන්නේ නෑ. වීදුරු වල නම් කොහොමත් බෑ. තව එකක් ගත්තොත් ඇඳ උඩ දිගාවෙලා ලැප්
එකත් තියාගෙන වැඩ කරද්දී මවුස් එක තියාගන්නේ කොහෙද ? ගොඩක් දෙනා මවුස් එක
තියාගන්නේ ලැප් එකේ කොනකම තමයි. මවුස් එක බෙඩ්ෂීට් එක උඩ දුවන්න තිබ්බා නම් කොච්චර
ලේසිද නේද ?
A4 Tech සමාගමේ
V-Track මවුස් එක ඔය ප්‍රශ්ණ ඔක්කොටොම හොඳ
උත්තරයක්. මේ මවුස් එකට ඕනෙම තැනක දුවන්න පුළුවන්. ඒ ගොල්ලෝ කියන විදියට නම් මේ
මවුස් එකට ඕනෙම දිලිසෙන සුමට පෘෂ්ඨයක වගේම ගොරෝසු, අසම පෘෂ්ඨ වලත් වෙනසක් නැතුව
වැඩ කරන්න පුළුවන්. මාරයි නේද ? ෙබඩ්ෂීට් උඩ විතරක් නෙවේ... කොන්ක්‍රීට් / සිමෙන්ති
/ වීදුරු / ඔබේ ඇඳුම් වගේම ඔබේ ඔළුවේ කෙස් ගස් උඩත් පූර්ණ නිවැරදිතාවයකින් වැඩ
කරන්න මේ මවුසයට පුළුවන්...! ඒ කියන්‍ෙන් නැතුව ඕනෙම තැනක තියාගෙන මේ මවුසයෙන්
වැඩ ගන්න පුළුවන්...!
මේ V-Track මවුස් එක හදලා තියෙන්නේ optical තාක්ෂණයම තවදුරටත් වැඩිදියුණු කරලා. ඒ කියන්නේ
අධි-සංවේදී optical තාක්ෂණයක් භාවිතා කරලා. ඕගොල්ලෝ
දන්නවා ඇති optical මවුස් එකක් වැඩ කරන්නේ ඒක ඇතුලේ
තියෙන image sensor එකකින් ලැබෙන රූප වල වෙනස්කම් වලට
අනුරූපව කියලා. මේ අළුත් මවුස් එකේදී මේ image sensor එකේ ගුණාත්මක භාවය පෙරට වඩා 2.8 ගුණයකින් වැඩි කරලා. මේ
නිසා තමයි කෙස් ගස් උඩත් කෙස් ගහට නිවැරදිව දුවන්න මේකට පුළුවන් වෙලා තියෙන්නේ. ඒ
වගේම තමයි A4 Tech සමාගමේ V-Track මවුස් පෙළ රැහැන් රහිත තාක්ෂණයෙන් වැඩ කරන නිසා කිසිම
කරදරයක් නෑ. ඕනෙ තැනක ගෙනියන්න පුළුවන් - ඕනෙ තැනක තියාගන්න පුළුවන්...
තවත් ඉතින්
දැනගන්න තියෙන්නේ එක දෙයයි... නේද ? ඒ තමයි ගාන... එච්චර ගණන් නෑ. මේ වර්ගයේ G9-500F මාදිලියේ මවුසයක් ඩොලර් 25 කට විතර ගන්න පුළුවනි. මේ
ගොල්ලෝ අගෝස්තුවේදී V-Track මාදිලියේ
මවුස් වර්ග 20 ක් විතර අළුතෙන් ඉදිරිපත් කරන්න තමයි ඉන්නේ. ඒ වගේම සතුටින් කියන්න
ඕනේ... මේ තාක්ෂණය තව තවත් දියුණු කරගෙන මේ වර්ෂය අවසාන වෙනකොට A4 Tech සමාගමේ හැම මවුස් එකකටම මේ අළුත් තාක්ෂණය යොදාගන්නවා
කියලා තමයි ආරංචිය.
එහෙනම්...
කට්ටිය බලන් ඉන්නකෝ... ලබන අවුරුද්ද වෙනකොට මේ ජාතියේ මවුස් එකකින් වැඩ කරන්න
ලැබෙයි...! හරි... ඔන්න ආරංචිය දුන්නා. එනම්... ගිහින් එඥ්ඥන්කෝ...!!!
බෝල මවුස් වලින් ග්‍රැෆික් ඩිසයින් කරන්න ගියාම මාරම අමාරුයි. කොටින්ම සංසාරේ එපාවෙනවා. ඒ උනාට ඒ කාලෙත් මිනිස්සු වැඩ කලා නේ.
ReplyDeleteඔන්න මම නම් දැන් පාවිච්චි කරන්නේ ලයිට් මවුස් එකක් !!!!
මමත් සෑහෙන්න කාලයක් බෝල මවුස් වලින් තමයි ග්‍රැෆික් වැඩ කලේ. අපට තිබුණ එක බ්‍රෑන්ඩඩ් බෝල මවුසෙක් අපි අවුරුදු 7ක් විතර පාවිච්චි කලා. ඒ කියන්නෙ මගේ සීනියර් අවුරුදු 3යි මම 4යි. ඇත්තටම ඒක සර්කිට් එකටම කෙල වෙලා කැඩුනට පස්සෙ ටිකක් අමාරු වුණා මට ඔප්ටිකල් එකකට මාරු වෙන්න. ආපුදෙන්කො ඔය වර්ෂන් 2 එකාත් කොන්දෙන්ම අල්ලගන්න.
ReplyDelete@ මධුරංග : ඇත්ත සහෝ. තාක්ෂණේ නම් ඉක්මනට වෙනස් වෙනවා තමයි. ඒත් සමහර වෙලාවට අපිට එකපාරට ඒකට අනුගත වෙන්න බැරිවෙන වෙලාවලුත් එනවා. මමත් තාම පාවිච්චි කරන්නේ බෝල මවුසෙක් තමා.
ReplyDelete@ hare :-) :
//බෝල මවුසෙක් අපි අවුරුදු 7ක් විතර පාවිච්චි කලා//
මාරයිනේ... 2001 දී ගත්ත මවුසා මමත් ගිය අවුරුද්ද වෙනකල්ම පාවිච්චි කලා. හැබැයි එක දිගට නෙවේ. අනිවා සහෝ, මේ V2 මවුස් එකෙන් නම් ග්‍රැෆික් වැඩ ලේසි වේවි. ස්තුතියි ප්‍රතිචාරයට...
blah blah
ReplyDeleteගාන කීයක් විතර වේවිද දන්නේ නැහැ නේද? ;)
ReplyDeleteබෝල මවුස් කියන්න එපා කොල්ලනේ මැකැනිකල් මවුස් කියාපල්ලා ..
ReplyDeleteඅපේ කොලුවෙක් ගාව තිබ්බා ගේමිං වලට ගත්ත මූසිකයක් .ස්ස් අප්පා . පස්ට මූසිකය . අල්ලගත්තාම ආයේ අතාරින්න හිතෙන්නෑ . බටන් විමානයයි .
@ නිකමා : ස්තුතියි වචන දෙකක් කොටලා ගියාට...!!!
ReplyDelete@ deeps : ඇයි සහෝදරී, උඩින් කියලා තිබුනේ ඩොලර් 25 ක් වගේ කියලා...! රැපියල් වලින් 2500 - 3000 ක් විතර ඇති.
@ හිස් අහස : හොඳමයි සර්... අපි එමම කියන්නම් !!! ගේම් මූසික කිව්වා නේද ? හෆොයි !!!
නව තාක්ෂනය හඳුන්වාදීම ගැන චතුරංගට බොහොම ස්තුතියි.
ReplyDeleteමෙන්න මේ ලින්ක් එකත් බලන්න. (සමහරවිට දැනටමත් දැකල ඇති.)
http://www.facebook.com/video/video.php?v=452324540960&comments
@ පොත් ගුල්ලා : බොහොම ස්තුතිය ප්‍රතිචාරයට...! sixth sence තාක්ෂණය ගැන තියෙන ඔය වීඩියෝ එක මම දැක්කා සහෝ... බොහොම ස්තුතියි මතක් කලාට. අපි අපේ සඟරාවේ ජුනි කලාපයේ කවරයේ කථාව විදියට කලේ ඔය ගැන තමයි...
ReplyDeleteනියම විස්තර ටික ! මටත් ඕනෙ මෙව්ව එකක්...
ReplyDeleteලබන අවුරුද්ද වෙනකං ඉන්න බැරියෝ...
මමත් බෝල මවුස්වල ඉඳලා ඔප්ටිකල් මවුස් වෙනකං ඇවිත් තියනවා, බලමු හෙට අනිද්දට ඔය කියන මවුස් එකත් අරං බලන්න බැරියැ .......
ReplyDeleteමරු ගැජට් එක ........නියමයි......
ReplyDeleteදැනුවත් කලාට ගොඩක් සතුටුයි.....
ඔකේ වැඩ ටිකත් අපිටත් ලගදීම බලන්න පුළුවන් වෙයිනෙ..
ela
ReplyDelete