ඇලෙක්සැන්ඩ්‍රියා
පුස්තකාලය
ඇලෙක්සැන්ඩ්‍රියාව,
ඊජිප්තුව
ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ඉතා පුරාණ කාලයේ පටන් පැවතෙන
අති විශාල පුස්තකාලයකි. මෙය ලෝක පුදුමයන් අතරින්
එකක් ලෙස පවා ගැනේ. දැනට පවතින පුස්තකාලය මෑතකදී නැවත ගොඩනැගුවක් වන අතර, අතීත ශ්‍රී විභූතිය තවමත්
එහි දැකිය හැකියි. ඩොලර් මිලියන 220 ක් වැයකරමින් ඉදිකරන ලද මෙම දැවැන්ත පුස්තකාලය තනා නිම කරන
ලද්දේ 2002 වසරේදීයි. සංස්කෘතික
මධ්‍යස්ථානයක් ලෙසත් භාවිතායට ගැනෙන මෙහි ග්‍රහලෝකාගාරයක්, පැරණි අත් පිටපත් ප්‍රතිෂ්ඨාපනය
කරන පර්යේෂණාගාරයක්, කළා භවනක් හා සම්මන්ත්‍රණ
ශාලා පහසුකම් මෙන්ම කෞතුකාගාරයක් ද අඩංගු වේ. කුඩා දරුවන්ට, තරුණයින්ට, අන්ධ අයට වෙන වෙනම තැනූ
පුස්තකාල මෙහි ඇත. දැනට මෙහි පොත් ලක්ෂ 05 ක් පමණ තිබේ.
ජෝර්ජ් පීබොඩි
පුස්තකාලය
බැල්ටිමෝර්,
මේරිලන්තය
ජෝන්ස් හොප්කින්ස් සරසවියේ පර්යේෂණ පුස්තකාලය වන මෙය 1878 සිට 1967 දක්වා පීබොඩි නම් ආයතනය
සතු පුද්ගලික පුස්තකාලයක් විය. එයින් පසුව මෙම පුස්තකාලය බැල්ටිමෝර් නගර පාලනය සතු
වූ අතර 1982 දී ජෝන්ස් හොප්කින්ස්
සරසවියට පවරන ලදී. දැන් එම පුස්තකාලයේ සරසවිය සතු පොත්පත් ද ඇතුළුව විශේෂ හා දුර්ලභ
පොත් රාශියක් පවතී. ලොව අග්‍රගණ්‍ය පොත් මාලාවක් වන Don
Quixote හි සංස්කරණ සඳහා මෙම පුස්තකාලය ප්‍රසිද්ධියක් උසුලයි. එසේම
19 වැනි සියවස තරම්
පැරණි පොත්පත් පවා මෙහි අඩංගු වේ. මෙම පුස්තකාලය ‘පුස්තක දෙව් මැදුර’ යන නමින් පවා හැඳින්වෙන්නේ
එහි ඇති ගාම්භීර හා මහේශාඛ්‍ය නිමාව නිසායි. මෙහි මැද කොටස අඩි 61 ක් උස පුළුල් ආලින්දයකින්
සමන්විත වේ. කිරිගරුඬෙන් තැනූ කළු හා සුදු පොළොව පා පහසින් ඔපවත්ව ඇති අතර,
ස්වර්ණ වර්ණයෙන් දිලිසෙන
කුළුණු අතරින් දිස්වෙන බැල්කනි බොහෝ ගණනක් ඇති මේ පුස්තකාලය රජ මැදුරක් මෙන් තේජාන්විත,
පාඨකයන්ගේ නෙත් මෙන්ම සිතත්
පිනවන ස්ථානයකි.
ජේ වෝර්කර් පුද්ගලික
පුස්තකාලය
කනෙක්ටිකට්
ඇමෙරිකානු නව නිපැයුම්කරුවෙක් සහ ව්‍යවසායකයෙක් වූ ජේ වෝර්කර්
විසින් සිය පෞද්ගලික ධනය යොදා තනන ලද පුද්ගලික පුස්තකාලයක් වන මෙය ඉතා සුවිශේෂී එකකි.
ජේ වෝර්කර් විසින් සිය පුස්තකාලය පිළිබඳව හඳුන්වන ලද්දේ “මිනිස් පරිකල්පනයේ
ඉතිහාසය පිළිබඳව වූ වෝර්කර් පුස්තකාලය” යන නමිනි. මෙහි පොත් 50,000 ක පමණ එකතුවක් දක්නට ලැබේ. ඉතා පැරණි හා දුර්ලභ
පොත් ඇතුළත් වන මෙම පුස්තකාලය ලොව ප්‍රමුඛ පුස්තකාලයක් ලෙසින් හඳුන්වාදිය හැකියි. වරක්
Wired නම් සඟරාව විසින් මෙම පුස්තකාලය හැඳින්වූයේ ලොව
විස්මයජනකම පුස්තකාලය ලෙසයි. මෙය පුද්ගලික දේපලක් නිසා පුස්තකාලයේ පොත් පරිහරණය සඳහා
පොදු ජනතාවට ඉඩ නොලැබුනත්, පුස්තකාලයේ නිමාව
හා පොත් පත් හි දුර්ලභත්වය නිසා විශිෂ්ඨ පුස්තකාලයක් ලෙස පිළිගැනේ.
ශාන්ත ගෝල් ආශ්‍රම
පුස්තකාලය
සෙන්ට් ගැලන්, ස්විට්සර්ලන්තය
මෙය ස්විට්සර්ලන්තයේ ඇති පැරණිතම පුස්තකාලයයි. පොත් 160,000 ක් පමණ අඩංගු වේ. පූජකාරාමයක්
සතු ලොව පැරණිතම පුස්තකාලය වන්නේද මෙයයි. ක්‍රි.ව. අටවැනි ශත වර්ෂය තරම් පැරණි කාලයේ
ලේඛන පිටපත් පවා මෙහි අන්තර්ගත වන බව පැවසේ. 1983 දී මෙම පුස්තකාලය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට
පත් කර ඇත්තේ මෙහි ඇති සුවිශේෂී බව නිසාමයි. පුස්තකාලය සතු පැරණි ලියකියවිලි අන්තර්ජාලය
මගින් පවා කියැවිය හැකි අතර, මෙම පුස්තකාලය
මහජනයා සඳහා විවෘතව පවතින එකක් වීම ද විශේෂයකි. කෙසේ වෙතත් 1900 වසරට වඩා පැරණි පොත්පත්
බැහැර නොදෙන අතර, පුස්තකාලය තුළදී
පමණක් කියවීමට අවසර ලැබේ.
නිව්යෝක් මහජන
පුස්තකාලය
නිව්යෝක් නගරය,
ඇමෙරිකා එක්සත් ජනපදය
ලෝ ප්‍රකට නිව්යෝක් මහජන පුස්තකාලය එහි සැකැස්ම, නිමාව සහ සුවිශාලත්වය නිසාම
දුටුවන් විස්මයට පත් කරවන සුළු පුස්තකාලයකි. උතුරු ඇමරිකාවේ ඇති තෙවැනි විශාලතම පුස්තකාලය
වන මෙය සතුව විවිධ ග්‍රන්ථ අයිතමයන් මිලියන 50 ක් ඇතැයි කියවේ. මෙය පුස්තකාල 87 කින් සමන්විත සංකීර්ණයක්
වන අතර මිලියන 3.5 ක පමණ ජනතාවක්
එය භාවිතා කරයි. අති විශාල ප්‍රධාන කියවීම් ශාලාව හා එහි සිට පොත් කියවන සුවහසක් ජනතාව
දැකීම නෙතට මෙන්ම සිතට ද සොඳුරු දසුනකි. මුද්‍රණ යන්ත්‍රයේ පියා වන ගුටෙන්බර්ග් විසින්
මුද්‍රණය කරන ලද ලොව පළමු මුද්‍රිත බයිබලයක් ද මෙහි ඇති දුර්ලභ පොත් එකතුව අතර වෙයි.
මෙම පුස්තකාලය ලොව පුරා බොහෝ දෙනාගේ ජනාදරයට පත් ව ඇති තවත් හේතුවක් වන්නේ ජනප්‍රිය
හොලිවුඩ් චිත්‍රපට සඳහා මෙය යොදා ගෙන ඇති නිසාවෙනි. “The
Day After Tomorrow”, “Ghostbusters” යනු එවැනි චිත්‍රපට සඳහා උදාහරණයි.
සියැටල් මධ්‍යම
පුස්තකාලය
සියැටල් නගරය,
වොෂිංටන්
2004 වසරේදී මහජනයා සඳහා විවෘත වූ මේ ආශ්චර්යමත්
පුස්තකාලය නූතන ඉදිකිරීම් තාක්ෂණයේ විස්මය විදහා පෙන්වයි. වානේ සැකිල්ල මත වීදුරු වලින්
නිමවුනු මෙම පුස්තකාලය එහි නිමාව නිසාම සුවිශේෂී වෙයි. ඉඩ ඇහිරුණු, අඳුරු ස්ථාන වශයෙන් සාම්ප්‍රදායිකවම
පුස්තකාල සඳහා හිමිව තිබුණු පිළිගැනීම මේ සියැටල් පුස්තකාලය මගින් බිඳ හෙලා තිබේ. මෙය
හොඳින් ඉඩකඩ ඇති ස්ථානයක් වන අතර වීදුරු යොදා තිබීම නිසා එලිමහනේ සිට කියවන්නාක් මෙන්
හැඟීමක් ලැබේ. මිලියන 1.5 ක් පමණ වූ ග්‍රන්ථ
ප්‍රමාණයක් මෙහි ගබඩා කළ හැකි අතර වසරකට මිලියන දෙකක පමණ පිරිසකට මෙම පුස්තකාලය සිය
සේවය සපයයි.
බොස්ටන් මහජන පුස්තකාලය
ඇමෙරිකා එක්සත්
ජනපදය
මෙම පුස්තකාලය 1848 දී විවෘත කෙරිණි. දැනට මෙහි විවිධ අයිතමයන්
මිලියන 22 ක් පමණ ඇති බව
කියැවේ. මේ දැවැන්ත අගය නිසාම මෙය එක්සත් ජනපදයේ ඇති දෙවැනි විශාලතම පුස්තකාලය ලෙස
හැඳින්වේ. 1895 දී ඉදිකරන ලද
මැක්කිම් ගොඩනැගිල්ල දර්ශණීය බිතු සිතුවම් හා බිත්ති කැටයම් වලින් අලංකෘත වේ. එසේම
එහි ඇති බේට්ස් ශාලාව එහි කෝෂමය ආකාරයේ වක්‍රාකාර උස් සිවිලිම නිසා විශේෂත්වයක් ගනී.
මධ්‍ය කාලීන යුගයේ ලියවිලි, ආදීතම මුද්‍රණ
පිටපත්, ශේක්ස්පියර් ගේ
මුල් කෘතීන් හා තවත් දුර්ලභ කෘතීන් රාශියකින් මේ පුස්තකාලය සමන්විත වේ.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ
ප්‍රධාන කියැවීම් ශාලාව
ලන්ඩනය,
එංගලන්තය
ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ පිහිටි මෙය අති
දැවැන්ත කියවීම් ශාලාවකි. මෙහි වහලය ගෝලාකාර ආකාරයෙන් තනා ඇත. අතීතයේදී මෙම පුස්තකාල
ශාලාවට පිවිසිය හැකි වූයේ ලියාපදිංචි වූ පාඨකයන්ට පමණි. මේ කියවීම් ශාලාවේ සේවය ලබාගත්
කීර්තිමත් පුද්ගලයන් අතර කාල් මාක්ස්, ඔස්කාර් වයිල්ඩ්, මහත්මා ගාන්ධි, රයියාඩ් කිප්ලිං, මාක් ට්වේන්, ලෙනින් හා H.G. වේල්ස් යන අය කැපී පෙනෙයි. වර්ෂ 2000 දී මෙහි අඩංගු පොත්පත්
බොහෝමයක් නව බ්‍රිතාන්‍ය පුස්තකාලයට යැවුණු අතර වර්තමානයේ මෙහි අඩංගු වන්නේ බ්‍රිතාන්‍ය
කෞතුකාගාරයට අදාලව ඇති ඉතිහාස ලේඛණ සහ එබඳු වෙනත් ලිපිලේඛණයි.
බොඩ්ලියන් පුස්තකාලය
ඔක්ස්ෆර්ඩ්,
මහා බ්‍රිතාන්‍යය
ලෝ ප්‍රකට ඔක්ස්ෆර්ඩ් සරසවියේ පුස්තකාලය වන මෙය 1602 තරම් ඈත කාලයේදී පිහිටුවන
ලද පුරාණතම පුස්තකාලයකි. මෙය යුරෝපයේ පැරණිම පුස්තකාලයකි. මිලියන 11 කට අධික පොත්පත් හා ලිපිලේඛණ
මෙහි අඩංගු බව සඳහන් වේ. ඒ අතර ‘මැග්නා කාර්ටා’ හි පිටපත් හතරක් හා ගුටෙන්බර්ග්
බයිබලයක්ද , ශේක්ස්පියර් ගේ
First Folio මුල්කෘතීන් ද අඩංගු වේ. ලොව මුල්ම කවාකාර පුස්තකාල
ගොඩනැඟිලි අතර මෙය ද ඇති අතර මෙම පුස්තකාල ගොඩනැඟිල්ල “Young
Sherlock Holmes”, “The Saint”, “The Red Violin” සහ “The Golden Compass” ආදී සිනමා පට රාශියකට පසුබිම්
වී තිබේ.
කොංග්‍රස් පුස්තකාලය
වොෂිංටනය
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික පුස්තකාලය වන මෙය ලෝකයේ ලොකුම
පුස්තකාලය ලෙසද පිලිගැනේ. එය අති විශාල ගොඩනැඟිලි තුනකින් සමන්විත වේ. මෙය මහජනයාට
විවෘත නමුත්, කොංග්‍රස් මන්ත්‍රීවරු
හා වෙනත් උසස් රාජ්‍ය නිළධාරින්ට පමණක් පොත් පරිහරණය කිරීමේ අවස්ථාව හිමිව තිබේ. මෙය
ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙකුත් සියළුම පුස්තකාලයන්හි ප්‍රධාන කාර්යාලය ලෙසින් ක්‍රියාකරයි.
මෙහි විවිධ ග්‍රන්ථයන් මිලියන 32 ක්, විවිධ ලේඛණයන් මිලියන 61 ක් සමගින් ඇමෙරිකානු නිදහස් ප්‍රකාශණයේ පිටපතක් ද ඇති අතර
ලොව ඇති හොඳම තත්ත්වයේ ගුටෙන්බර්ග් බයිබල හතරෙන් එකක් ද මෙහි ඇත. පසුගිය සියවස තුනට
අයත්වන විවිධ පුවත්පත් මිලියනයක් පමණ ද, සංගීත ප්‍රස්ථාරයන් මිලියන 06 ක් පමණ ද, විවිධ ඡායාරූප හා මුද්‍රණයන්
මිලියන 14 ක් පමණ ද මෙම
පුස්තකාලයේ අඩංගු වන අතර ලොව ඇති හොඳම එකතුවක් ලෙසින් මෙය දැක්විය හැකියි...
හුඟක් වටින විස්තරයක්.. ස්තූතියි බෙදා ගත්තට..
ReplyDeleteස්තුතියි දිනේෂ්... ජය !!!
Deleteහොද ලිපියක්.. මේවා කවද හරි පුරාවස්තු බවට පත් වෙයි. ඊ බුක්, වගේ ඒව ඉස්සරහට එද්දි පොතට තියෙන තැන ඒවට ලැබිලා මේව සිහිවටන වෙයි.
ReplyDeleteජය !
සෑම්, මම හිතන විදියට මුද්‍රිත පොතට තියෙන තැන කවදාවත් නැති වෙන එකක් නෑ... අනාගතයේදීත් පුරාණ ලෝකයේ දැනුම බෙදාගත් මාධ්‍යය විදියට මේ තීන්තෙන් ඉරිකෑලි ඇඳපු කොළකෑලි ගෞරවයට පත් වේවි... මේ පුස්තකාල අනාගතයේදී ඩිජිටල්කරණය වෙන එක අනිවාර්යයි. ඒ වෙද්දී ඊබුක් මුල්තැන අරගෙන මේ මුල් පොත් වටිනා පුරාවස්තු වගේ වේවි...
Deleteස්තුතියි මචං ප්‍රතිචාරයට, ජය !!!
ඉතාම සරලව සහ පැහැදිලිව ලියා තිබෙන නිසා කියවීම පහසුයි. ඇතුලත් කර ඇති පින්තූර ගුණාත්මක බවෙන් ඉහළයි.
ReplyDeleteමතක හැටියට මගේ බ්ලොග් එකේ මේ ඔබේ පළමු කොමෙන්ටුව... අගය කිරීමට ගොඩාක් ස්තුතියි... ආයත් එන්න. ජයවේවා !!!
Deleteස්විස්ටර්ලන්තය නෙවෙයි ස්විට්සර්ලන්තය
ReplyDeleteස්තුතියි ඇනෝ !!!
Deleteනිකන් බලල එන්න තිබ්බත් සනීපයි නේ ..මාර ලස්සනයි.
ReplyDeleteහරි අපූරු පුස්තකාල. ලංකාවෙ මෙවැනි දියුනු නැතිවුණත්, කොළඹ කෞතුකාගරය, පුස්තකාල ප්‍රලේඛණ සේවා මණ්ඩලය, පේරාදෙණි සරසවි පුස්තකාලය, සහ කොළඹ මහජන පුස්තකාලය මේ රටේ හදවත් වගේ.
ReplyDeleteහැමෝම තමතමන්ගෙ නිවසේ පුස්තකාලයක් හදාගන්න හැකිනම් අගෙයි.
උගත් මිනිසෙක් යනු ඇවිදින පුස්තකාලයත් වැනිය. දැනුම සඳහා පළ කර ඇති මෙම ලිපි පෙළ වෙනුවෙන් ඔබ කර ඇති කැප කිරීමට ස්තූතියි. කියවන්න කියවන්න තවත් කියවන්නම ආස හිතෙන ශෛලයක් යොදාගෙන තිබීම විශේෂත්වයකි.
ReplyDelete