Monday, December 19, 2011

- ලෝකේ ලොකුම දේවල් දැකලා තියෙනවා ද ??? -


ලෝකේ ලොකුම පොත
පොතක් කිව්වට මේක නම් මාගලක් තරමට ලොකු පොතක්... මෙතෙක් ලොව ප්‍රකාශයට පත් කළ ලොකුම පොත ලෙස වාර්තා අතරට එක්වන මේ පොතේ කතෘ හා ප්‍රකාශක වන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ Michael Hawley නම් විද්‍යාඥයා. රාත්තල් 133 ක් බරැති මේ පොතේ ප්‍රමාණය අඩි 5 X 7 ක්. එහි පිටු 112 ක් ඇතුලත්. මේ පොත මුද්‍රණය සදහා තීන්ත ගැලූම් ගණනක් වැයවී ඇති අතර රුපියල් ලක්ෂ දෙකකට වැඩි වියදමක් මේ පොත ප්‍රකාශණය කිරීම සඳහා වැයවී තිබේ. භූතානය පිළිබඳ ඡායාරූප ඇතුලත් මේ පොත නම් කර ඇත්තේ “Bhutan: A Visual Odyssey Across the Kingdom”  ලෙසයි.





ලෝකේ ලොකුම මෝටර් සයිකලය


ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පදිංචි ග්‍රෙගරි ඩන්හැම් විසින් මේ දැවැන්ත මෝටර් සයිකලය නිර්මාණය කර තිඛෙනවා. ඒ සඳහා ඔහුට අවුරුදු තුනක් ගතවූ බවයි සඳහන් වන්නේ. අඩි 11 ක් උස, අඩි 20 ක් දිග මේ යෝධ මෝටර් සයිකලය ලීටර් 8.2 ක V8 එන්ජිමකින් බල ගන්වා ඇත. ටයරයක උස මීටර් 1.88 ක් වන අතර මුළු බර රාත්තල් 6500 කි. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂයක් වියදම් වී ඇත. විශේෂත්වය වන්නේ මේ යෝධ මෝටර් සයිකලය ද සාමාන්‍ය ආකාරයෙන්ම ධාවනය කළ හැකි වීමයි.




ලෝකේ ලොකුම වයින් බෝතලය


ලොකුම වයින් බෝතලය ලෙස වාර්තා පොතට ගිය මේ දැවන්ත බෝතලය තුලට සාමාන්‍ය ප්‍රමාණයේ වයින් බෝතල් 650 ක් පමණ වයින් අඩංගු කළ හැකියි. ලීටර 500 ක පමණ ධාරිතාවයකින් යුත් මෙය ඔස්ට්‍රියානු වයින් නිෂ්පාදන සමාගමක නිර්මාණයක්.




ලෝකේ ලොකුම පැන්සල


අපි සාමාන්‍යයෙන් භාවිතා කරන පැන්සලක දිග අඩි භාගයකට වැඩි නොවේ. නමුත් මේ යෝධ පැන්සලයේ දිග අඩි 76 කි. එමෙන්ම එහි බර කිලෝග්‍රෑම් 9750 කට අධිකයි. ඇමරිකාවේ නිව්යෝර්ක් හි පදිංචි Ashrita Furman ඇතුළු අතිදක්ෂ කාර්මිකයන් පිරිසක් අතින් මෙය නිමවී තිබේ.




ලෝකේ ලොකුම හරස්පද ප්‍රහේලිකාව


මේ තියෙන්නේ භෞතික ප්‍රමාණය අනුව ගත්තම ලෝකේ ලොකුම හරස්පද ප්‍රහේලිකාවයි. මේ ප්‍රහේලිකාව පිහිටුවා තියෙන්නේ මීටර් 30 ක් උසැති තට්ටු ගොඩනැඟිල්ලක පැති බිත්තියේ. මුළු බිත්තිය පුරාම පැතිරුනු මේ දැවැන්ත ප්‍රහේලිකාව පිහිටා ඇත්තේ යුක්රේනයේ Lvov නගරයේ. දිවා සමයේ මේ ප්‍රහේලිකාව හිස්ව පවතින අතර රාත්‍රියේදී පිළිතුරු සමග ආලෝකවත් කෙරේ. මේ ප්‍රහේලිකාව පිරවීම සඳහා අදාල වන ප්‍රශ්ණ නගරය පුරා ඇති ප්‍රතිමා, ජලාශ, සිනමා ශාලා ආදී නොයෙකුත් ස්ථාන වල දක්වා ඇති අතර සංචාරකයන් හට නගරය පුරා ඇවිද ප්‍රහේලිකාවේ පද සොයා ගෙන රාත්‍රී භාගයේදී ප්‍රහේලිකා අසලට රැස්ව තම පිලිතුරු පරික්ෂා කර බැලිය හැකියි.




ලෝකේ ලොකුම පාස්කු බිත්තරය 


පාස්කු බිත්තර (Easter egg) ලෙස හැඳින්වෙන්නේ විශේෂ උත්සව අවස්ථා සඳහා නොයෙකුත් හැඩ දමා විවිධ ද්‍රව්‍ය වලින් අලංකාරවත්ව සකසන බිත්තර හැඩැති වස්තුන් වලටයි. මේ බිත්තරය නම් තනා ඇත්තේ චොක්ලට් වලින්. මේ දැවැන්ත චොක්ලට් බිත්තරයට චොක්ලට් තීරු 50,000 කට වඩා භාවිතා කර ඇති අතර ඒ චොක්ලට් තොගයේ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000 කට ආසන්නයි. බෙල්ජියානු චොක්ලට් නිශ්පාදකයෙක් වන Guylian නම් තැනැත්තා විසින් 2005 වසරේදී තනන්නට යෙදුනු මේ බිත්තරය නිර්මාණ ශිල්පීන් 26 දෙනෙකු විසින් පැය 525 ක් තිස්සේ සාදා නිමකර තිබේ. මෙහි උස මීටර 8.32 කි.




ලෝකේ ලොකුම හැම්බර්ගර් එක


බටහිර රටවල ප්‍රධාන ආහාරයක් වන හැම්බර්ගර් නම් ආහාර විශේෂයේ දැවැන්තම නිර්මාණය පෙනිසිල්වේනියාහි අවන්හලක් වන Denny's Beer Barrel Pub හි සූපවේදීන් අතින් නිමැවිනි. කිලෝග්‍රෑම් 56 කට ආසන්න බරකින් යුතු මේ හැම්බර්ගරය සඳහා කිලෝග්‍රෑම් 36 ක හරක්මස් මිශ්‍රණයක්, කිලෝග්‍රෑම් 13.5 ක බනිස් තැටි දෙකක්, තක්කාලි ගෙඩි 12 ක් සමග චීස් පෙති 160 ක් යොදාගෙන තිබේ. අවන්හල තුල මේ දැවැන්ත හැම්බර්ගරය ඇමෙරිකානු ඩොලර් 379 (රුපියල් 41,500/-) කට මිල කර තිබිණි.




ලෝකේ ලොකුම පිහිණුම් තටාකය


අක්කර 20 ක් පුරා වසා පැතිරුණු මේ යෝධ පිහිණුම් තටාකය කිලෝමීටරයකට ආසන්න දිගකින් යුක්තයි. මීටර 35 ක පමණ ගැඹුරකින් යුත් මේ තටාකය ජලය ලීටර් මිලියන 250 ක පමණ ධාරිතාවයකින් යුක්තයි. චිලී රටේ දකුණු වෙරළබඩ පිහිටි මේ තටාකය ඉඳිකිරීම සඳහා වසර පහක් ගතවී ඇති අතර ඒ සඳහා රුපියල්  බිලියන 178 ක පමණ වියදමක් දරා තිබේ. මේ පිහිණුම් තටාකයේ වාර්ෂික නඩත්තු වියදම පමණක් රුපියල් මිලියන 350 කට අධිකවේ.




ලෝකේ ලොකුම පුටුව


ඉතාලියේ පිහිටි පුටු සාදන්නන්ගේ නගරය ලෙස හැඳින්වෙන piazza of Manzano නගරයේ පිහිටි මේ දැවැන්ත පුටුව මේ නගරයේ අනන්‍යතාවය ප්‍රකාශ කරවන්නක්...




ලෝකේ ලොකුම බියර් බහාලූම

මේ දැවැන්ත බියර් කෑනය සැලකෙන්නේ ලෝකයේ විශාලතම බියර් බහාලූම ලෙසයි.






18 comments:

  1. හරි පුදුම ජනකයි...

    ReplyDelete
  2. හරිම වටිනවා...මේ එකක්වත් මම දැනගෙන හිටපු දේවල් නෙවෙයි...

    ReplyDelete
  3. ලෝකේ පොඩිම ඒවගේ එකතුවකුත් පුළුවන් වෙලාවක දාන්න!

    ReplyDelete
  4. නියමයි. ඊළඟට ලෝකේ පොඩිම සෙට් එකකුත් දාන්න

    ReplyDelete
  5. මරු විස්තරේ මචො..අර බයිසිකලේ හැඩල් එක අල්ලන්නේ..කෙකි දෙකකින් වෙන්ඩැ...හික්

    ReplyDelete
  6. හොදයි නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා.මේ වගේ ලිපි එකතුවක් මගේ ලගත් තිබුනා ඒත් දැන් ඒක නෑ.ගොඩක් හොදයි.ඔබට තෙරැවන් සරණයි.!!!!

    ReplyDelete
  7. නියමයි.....අර පුටුවේ උස....මගේ අම්මෝ...හැබැයි මෙතන තියෙන දේවලින් එකක් නම් වැරදියි මම හිතන්නේ.... ලෝකෙ තියෙන ලොකුම පිහිනුත් තටාකය තියෙන්නෙ හම්බන්තොට කියලනෙ රනිල් කියන්නෙ...ඒක ඇත්ත නේද ? හි හී හී.....

    ReplyDelete
  8. උඹත් හොයා ගන්න දේවල් .......
    ලොකුම බෝතලේ නං මරු ජීවිත කාලෙම ගැහුවෑකි ......

    ReplyDelete
  9. අර ලෝකෙ ලොකුම පු‍ටුවෙ වාඩිවෙන්නෙ කොහොමද? ඉනිමගක් තියෙනවද ?

    ReplyDelete
  10. අර පුටුව ඇර අනික්වනං අදයි දැක්කෙ.

    ReplyDelete
  11. අම්මෝ සමහර පින්තුර දැක්කම බයත් හිතෙනවා. ශෝක්

    ReplyDelete
  12. ලොකු දෙයක් මේ ලොකු ඒවා ටික ගැන දැනුවත් කර එක.....

    ReplyDelete
  13. මට නම් ආසම හිතුනෙ අර ප්‍රහේලිකාවට...
    මේ එකක්වත් කලින් දැනගෙන හිටිය දේවල් නෙවේ... ඒ හින්දා බොහොම ස්තුතියි....

    ReplyDelete
  14. @ සෙන්නා / සයුරි / ලොකු පුතා / ඔබ නොදුටු ලොවක් / ඉන්දික:

    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට !!! වෙන වෙනම පිළිතුරු නොදුන්නාට සමාවෙන්න...

    @ හසිත / නෙළුම් :
    පොඩි එව්වත් දාන්න ඉන්නේ... :D

    @ raj :
    අනේ මන්දා ඒක නම්, පදින්න පුළුවන් කියලා විතරයි ඕං තිබුනේ... පිදින විදිය වැදගත් නෑ නොවැ... :P

    @ පුඤ්ඤරතන හිමි:
    බොහොම පිං හාමුදුරුවනේ...!

    @ දිල් : මං ඒත් බැලුවා වැරදියි කිව්වම දිල් කොහොමද හරියටම දන්නේ කියලා... :P

    @ කල් :
    යකෝ, මෙච්චර රූප තිබ්බා උඹටත් පෙනුනේ බෝතලේ විතරයි නේද ?

    @ සම්මානි :
    පළවෙනි පාර නේද ? හ්ම්... ඕකේ වාඩිවෙන්න නෙවෙයි මං හිතේ තියෙන්නේ, පුටු තනන්නන්ගේ නගරය සංකේතවත් කරන්න. සහෝදරීට වුවමනාම නම් ඉනිමගක් හරි තියලා නගින්න බැරියෑ... හික් !!!

    @ වර්ණා :බය වෙන්නේ මක්කටැයි ? ස්තුතියි ඇවිත් ගියාට !

    @ මියුරු අක්කා :
    මමත් ආස ඒකටම තමා, ස්තුතියි ප්‍රතිචාරයට අක්කේ !!!

    ReplyDelete
  15. මචෝ, ඔය කියන ලොකුම වයින් බෝතලයයි, බියර් බහාලුමයි හොයාගන්න බැරිද දන්නෑ නේද? හැබැයි බියර් බහාලුම විතරක් තිබ්බට මදි. ඇතුලෙත් බඩු තියෙන්න ඕනේ........

    ReplyDelete
  16. මේක තමා මගේ පලවෙනි කමෙන්ට් එක මේ බ්ලොග් ස්පොට් එකේ.අදමයි ආවේ.ඉතින් කමෙන්ට් එකක් දාලම යන්න හිතුනා.GOOD LUCK!!!!!!!!!!...........

    ReplyDelete
  17. ලොකුම පොත අනුන්ට පොත් පෙරලන අයවත් දැකලා නැතුව ඇති. කියවගෙන යද්දී කමෙන්ට් නොදා යන්න හිතෙන්නෙම නෑ

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...