Wednesday, March 15, 2017

නෙත් චමත් [ආපසු නිවසට] #07


 03 පරිච්ඡේදය________________________________

කැඞී බිඳී, අවතැන් වුනු හිත අමාරුවෙන් එකලස් කරගෙන නෙත්මි ගෙට ගොඩවුනේ පොඩි බයකුත් හිතේ තියාගෙන... අම්මලට නම් කිව්වේ ඊයේ යාලූවෙකුගේ ගෙදර නතර වුනා කියලා... එයාලා දන්නව නම් ඊයේ මුළු රෑම හිටියේ කොල්ලෙක් එක්ක කියලා... මොනවායින් මොනවා වෙයිද කියලා කියන්න බෑ...!

‘චමත් අයියා... පව් ! නිදිමතේ ඩ‍්‍රයිව් කරගෙන ගිහින් කරදරයක් වෙයිද දන්නෑ...’

නෙත්මි දොරකඩින් ගෙට එන සද්දෙටයි නෙත්මිගේ අම්මා නිර්මලා හිස ඔසවලා බැලූවේ. අතු ගගා හිටි කොස්සත් පැත්තක දාලා එයා ඉක්මනට දොරකඩට ආවා. 


‘‘දෙයියනේ ලොකූ... අපි ඊයේ ඉඳන් ගිනි පත්තු වෙලා. ඔයත් කරන වැඩ...!’’

‘‘අනේ සොරි අම්මා...’’

‘‘කලින් පණිවිඩයක් වත් දෙන්න එපෑයෑ දරුවෝ...’’

‘‘සොරි අම්මා ඉතින්... පරක්කු වෙයි කියලා හිතුවේ නෑනේ. අතේ සල්ලි තිබුණෙත් නෑ...’’

‘‘අන්න අප්පච්චිගේ ඔළුව කැක්කුමත් වැඩිවෙලා දෝණි ආවේ නෑ කියලා... යන්න ගිහින් බලලා එන්න.’’

‘‘හ්ම්...’’

‘අම්මයි අප්පච්චියි ඊයේ දවසම හිතේ ගින්දරින් ඉන්න ඇත්තේ. හ්ම්ම්... අද මං නාවා නම්...! පව් දෙයියනේ එහෙනම්... චමත් අයියා මාව එළියට ගත්තේ නැත්නම් අම්මලා අද පපුව පැලිලා මැරෙයි...’

නෙත්මි හිතුවේ එහෙමම අප්පච්චිගේ කාමරයට යන ගමන්...

‘‘අප්පච්චී...’’

නෙත්මිගේ කටහඬට අප්පච්චී ඇස් ඇරලා බැලූවා... එක තැනකට කොටු වෙලා අප්පච්චි ගෙවන ජීවිතේ ගැන නෙත්මිටත් දුකයි. අප්පච්චිගේ කෙට්ටු අතපය දිහාත්, මලානික මුහුණ දිහාත් බලලා නෙත්මි ලොකු හුස්මක් ගත්තා...

කෙල්ලව දැක්කට පස්සේ නම් ඉතින් අප්පච්චිගේ ඔළුව කැක්කුම කොහෙන් ගියාද නෑ...

‘‘මොකද පුතේ වුනේ... අපි මෙහේ හොඳටම බයවුණා...’’

‘‘ඊයේ එන්න බැරිවුනා අප්පච්චී...’’

නෙත්මිගේ ඇස්වල කඳුලූ...

‘‘හරි... හරි... එ්කට කමක් නෑ පුතේ... ඔයාට මුකුත් ප‍්‍රශ්ණයක් වුනේ නෑනේ...?’’

‘‘අනේ නෑ අප්පච්චි. ඉස්කෝලේ යාලූවෙකුගේ ගෙදරක නතරවුනේ...’’

‘‘හරි එහෙනම්... ගිහින් ඇඳුම් මාරු කරගන්න...’’

නෙත්මි කාමරයෙන් ගියේ අප්පච්චිගේ කකුලත් අත ගාගෙනමයි. ‘අම්මටයි අප්පච්චිටයි ඇත්තම කියන්න තිබ්බා නම් හොඳයි. එ්ත්, කොල්ලෙක් එක්ක එක කාමරේ හිටියා කිව්වොත් නම් අප්පච්චි මාව ගෙදරිනුත් එලවයි...’



*  *  *  *  *


‘‘ආ... ආවද යන්තං...’’

එ් දෙනෙත්. නෙත්මිගේ චූටි මල්ලි. චූටි කිව්වට කොල්ලා දැන් එකොලහ වසරේ. හැබැයි නෙත්මි ගාණටම උසයි. ඇඟපතෙන් ලොකු වුනාට මොකද, මේකා කරන තරමක් කරන්නේ ළදරු වැඩ තමයි.

‘‘ආවා හලෝ... ආවා... අම්මෝ... ගෙදර ආවම තමයි යාන්තන් ඇඟට පණක් ආවේ...’’

නෙත්මි හිටියේ මූණකට හෝදගෙන, ඇඳුමක් දාගෙන, අම්මගෙන් තේ එකක් බොන්න කුස්සියට යන ගමන්. කෙල්ල මල්ලිගේ කාමරේ ලඟින් යද්දී, එබිලා බලනකොට තමයි දෙනෙත් දැක්කේ අක්කා ඇවිත් කියලා... සෙනසුරාදා නිසා කොල්ලා අද කට කපලා නිදි... 

දෙනෙතුත් එහෙමම නැගිටලා අක්කා එක්ක කුස්සියට ආවා. නිර්මලා හිටියේ උදේට කන්න උයන ගමන්... නෙත්මියි, මල්ලියි ඇවිත් කුස්සියේ ලෑලි බංකුවේ වාඩිවුනේ අම්මගෙන් තේ එක හම්බවෙන කල්. නෙත්මිට වගේම දෙනෙත්ටත් තනියම තේ එකක් හදා ගන්න පුළුවන්. එ් වුනාට මේ දෙන්නටම උදේට නම් අම්මගේ රස තේ එක  ඕනෙමයි. 

‘‘ඈ ලොකූ... ගිය එකක්වත් හරි ගියේ නැද්ද පුතේ...?’’

නිර්මලා නෙත්මිගෙන් ඇහුවේ හාල්මැස්සන් හොද්දේ ලූණු ඇඹුල් බලන ගමන්.

‘‘කොම්පියුටර් ජොබ් එකට නම් තිබුණු කොලිෆිකේෂන්ස් වැඩිත් එක්ක අම්මා... එ්ත් මං ටයිපිං ටෙස්ට් එකෙන් ෆේල්...!’’

‘‘මොනවද හලෝ... ලැජ්ජයිනේ... ඇහුවොත් නම් මහ ලොකු කම්පියුටර් කාරයෝ ! එ් වුනාට ටයිපිං ෆේල්...!’’

දෙනෙත් අක්කට පල් එක දැම්මා...

‘‘චූටි මල්ලී...! එ් මිනිස්සු හොයන්නේ ස්පීඞ් ටයිප් කරන අයව...’’

‘‘ඉතින් ඔයාට ස්පීඞ් එකෙන් ටයිප් කරන්න බැරිවුනාද ?’’

අම්මා ඇහුවේ දෙන්නගෙම අතට තේ දෙක දෙන ගමන්...

‘‘මම හුඟ කාලෙකින් කම්පියුටරයක් ඇල්ලූවෙවත් නෑනේ අම්මා... පුරුදු මදි නිසා හිමින් හිමින් තමයි ටයිප් කලේ...’’

එතනින් එහාට නිර්මලාට අහන්න දෙයක් නෑ... කොම්පියුටරයක් ගන්න කෙල්ල කොච්චර ආසාවෙන්ද හිටියේ... එ් වුනාට කවදාවත් කටක් ඇරලා  ඕනෙයි කියලා නෑ. අර මනුස්සයා අසනීප වුනේ නැත්නම් මොනවා හරි කරලා දෙන්න තිබුණා. කෙල්ල නොකිව්වට නිර්මලා  ඕවා දන්නවා...

‘‘හ්ම්ම්...!’’ 

නිර්මලා සුසුමක් පිටකලේ හිතේ දුකට... ‘අනෙක් ළමයි ඉස්සරහා මගේ කෙල්ල ලැජ්ජ වෙන්නැති...’

දෙනෙත් තේ බොන්නේ ඇස් වහගෙන... හරියට ඇස් ඇරපු නැති පූස් පැටියෙක් වගේ...

‘‘අපිත් කොම්පියුටරයක් ගමුකෝ ලොකූ... සඳුන් අංකල්ලගේ රමේෂ්ටත් ළඟදී අළුතෙන්ම එකක් අරන් දීලා...’’

දෙනෙත් එක පාරටම ඇස් ඇරලා කිව්වා.

‘‘ඔයා විභාගේ ගොඩ දාගන්නකෝ... රිසල්ට් හොඳ වුනොත් ඔයාට මගේ ගානේ කම්පියුටර් එකක් අරන් දෙන්නම්...!’’

‘‘එළ එළ...! අන්න රියල් අක්කලා...’’

කොල්ලා කිව්වේ නෙත්මිගේ කම්මුලක් ඉඹින ගමන්...

‘‘යනවා යන්න... කෙළ ගාන්නේ නැතුව...! කට හෝදලවත් නෑ තාම...’’

නෙත්මි සැරවුනේ බොරුවට.

දෙනෙත් කුස්සියෙන් දිව්වේ ළිඳ ලඟට. කොල්ලට ඇඳෙන් බැස්ස ගමන් ප්ලේන්ටියක්  ඕනේ... ඊට පස්සේ තමා මූණ හෝදන්නේ... එහෙම තමයි දෙනෙත්ට පුරුදු වෙලා තියෙන්නේ.

‘‘ජොබ් එකක් කොහොම හරි හොයා ගන්න වෙනවා අම්මා...’’

නෙත්මි කිව්වේ මල්ලි යන දිහාව බලාගෙන.

‘‘අනේ මන්දා... අප්පච්චි ඊයේ මටත් කෑ ගැහුවා... ජොබ් එකකට කියලා ගෙදරින් ගිය පළවෙනි දවසෙම ඔහොම නම් පස්සට තව කොහොම වේවිද කියලා ඇහුවේ...’’

‘‘මොනවා හරි කරන්නත්  ඕනෙනේ අම්මා. චූටි මල්ලිව ගොඩ දාගන්නත්  ඕනෙ. මට බැරිවුනු එකේ එ්කටවත් කැම්පස් යන්න හදල දෙන්න  ඕනේ...’’

නෙත්මි කියන්නේ කුස්සියේ දොරින් ඈත බලාගෙන...

කෙල්ල එහෙම කිව්වම නිර්මලාගේ පපුව ආයෙත් පත්තු වුණා. කෙල්ල හිටියේ කැම්පස් යන්න ඇඟිලි ගැන ගැන කියලා මේ අම්මා දන්නවා...

‘‘ඉතින් පුතේ ඔය පස්සේ ගියයි කිව්ව ජොබ් දෙකවත් හරි ගියේ නැද්ද ?’’

දැන් ඉතින් බොරු මැවිය යුතුය...

‘‘එව්වා නම් කොම්පියුටර් ෆීල්ඞ් එකේ එ්වා නෙවෙයි අම්මා... එකක් නම් ඔය බියුටි සැලෝන් එකක...’’

‘‘ඔයා ඉතින් එව්වා කරල තියෙනවායෑ...’’

‘‘නෑ අම්මා, හෙල්පර්ස්ලා ඉල්ලලා තිබුණේ. අනික ටේ‍්‍රනිං එකකුත් දෙනවා කියලා තිබුණා...’’

‘‘ඉතින්...’’

‘‘මාව සිලෙක්ට් නම් වුණා...’’

‘‘ඉතින්... ඔයා බෑ කිව්වද ?’’

‘‘මං ආවා අම්මා... එතන යන වැඩ පිළිවෙල මට එච්චර ඇල්ලූවේ නෑ...’’

‘‘ඔය නොදන්න තැන්වල ජොබ් වලට යන්න එහෙම එපා... සැලෝන් කියාගෙන මොනවා කරනවද කියලා කවුද දන්නේ...’’

‘‘හැම එකක්ම එහෙම නෑ අම්මා... එ්ත් කොළඹ නම් ෂුවර්ම නෑ...’’

‘‘දැන් ඉතින් මොනවා කරන්නද... හිමිහිට හොඳ එකක් හොයාගමු...’’

‘‘ඔව්... ඉරිදා පත්තරේ ගන්නත්  ඕනේ බලන්න...’’



*  *  *  *  *


කෙල්ල උන්නේ පුදුමාකාර නිදිමතකින්... ඇයි ඊයේ මුළු රෑම නිදි නෑනේ... පිස්සු කොල්ලෙක් එක්ක කියෝ කියෝ හිටියා... චමත්ව මතක් වෙද්දී නෙත්මිගේ හිත අමුතු වෙලා යනවා. ‘කෝල් එකක් දෙන්නත්  ඕනේ...’ 

ගෙදර ආවට පස්සේ, අම්මලත් එක්ක කථා කලාට පස්සේ ඔළුවේ තිබුණු බර නිදහස් වුනු නිසා දැන් නිදිමත දෝරේ ගලනවා වගේ... එ්ත් ඉතින් ගෙදර ආපු ගමන්ම ඇඳ බදා ගත්තොත් අම්මා බලයි මොකද කියලා...

ඉතින් කෙල්ල නිදි මරගාතෙම කාමරෙත් අස් කරලා, රෙදි ටිකත් හෝදලා දාලා, නෑවා... නෑවට පස්සේ නම් කිරි අප්පේ...! ඇස් දෙක ඇරගෙන නම් ඉන්නවා බොරු...

නිර්මලා සාලෙට එද්දි නෙත්මි පත්තරෙත් අතේ තියාගෙනම නිදි...

‘‘ලොකූ... මොකද දරුවෝ මේ... ඊයේ නිදා ගත්තේ නැද්ද...?’’

‘‘ආ... අ..අම්මා... නෑ... මේ.....’’

‘‘නිදිමත නම් යන්න ගිහින් කාමරෙන් නිදියගන්න...’’

‘‘ඊයේ තැන වෙනස් වුනු නිසා නින්ද ගියේ නෑ අම්මා...’’

කෙල්ල හීනියට බොරුවක් කිව්වා.

‘‘නින්ද ගිහින් නෑ කියල නම් පේනවා... මං දන්නවා මොකද කියලා හේතුව...’’

අම්මා හිනාවෙලා වගේ එහෙම කියනකොට නෙත්මිව සීතල වෙලා ගියා... ‘අම්මා ඔක්කොම දැනගෙනද !!!’

‘‘මො..මොකක්ද අම්මා...?’’

‘‘ඊයේ තුරුළු කරගෙන නිදාගන්න කෙනෙක් අහුවුනේ නෑ නේද...?’’

නෙත්මියි, අම්මයි නිදාගත්තේ එක ඇඳේ. තුරුළු වෙන්නැතුව කෙල්ලට නින්ද යන්නැති බව නිර්මලා හොඳටම දන්නවා...

අම්මා ඔහොම කියද්දි තමයි නෙත්මිගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ... 

‘තුරුළු කරන් නිදාගන්න නම් හොඳ කෙනෙක් ඊයේ හම්බවුනා... එ්ත් ඉතින් නිදාගන්න වුනේ නෑනේ...’

කෙල්ල මේවා හිතන්නේ ලාවට හිනාවකුත් දාගෙන.

අම්මා හිතුවේ කෙල්ලට අර කලින් කියපු එකට ලැජ්ජ හිතිලා හිනා ගියා කියලා...

‘‘යන්න... යන්න... නිදාගන්න... මං දවාලට කන්න ඇහැරවන්නම්...’’

නෙත්මි වැනි වැනි ගිහින්, යාන්තමට කාමරේ හොයාගෙන ඇඳට ගොඩවුනා. ඇඳට වැටෙනවා විතරයි මතක... හුරු පුරුදු කොට්ටෙට ඔළුව ඔබාගත්ත ගමන් කෙල්ලට සනීපෙට නින්ද ගියා...



*  *  *  *  *


පානදුර ඉඳන් කොළඹට එනකල්ම චමත්ගේ හිත තිබුණේ නෙත්මි ගාව... සිහියක් නැතිව ඩ‍්‍රයිව් කරලා තව පොඞ්ඩෙන් දෙතුන් පාරක්ම ඇන ගන්නවා. 

‘නෙතූට ගෙදරින් අවුලක් වුනාද දන්නෑ...’ චමත් හිතුවේ දුකින්... 

‘කෝල් එකක් වත් දෙන්න විදියක් නෑනේ. හ්ම්...! ලඟ ගෙදරක් තියෙනවා කිව්වට මං නම්බර් එක්ක වත් ඉල්ල ගත්තේ නෑ. කමක් නෑ... කෙල්ලට මාව මතක් වෙනව නම් අනිවා මට කෝල් කරයි. මං දීපු කාඩ් එක මිසිං කර ගත්තද දන්නෑ...’

චමත් නම් හිටියේ නෙත්මි ගැන දැනටමත් තීරණයක් අරගෙන. ජීවිතේට ලං කර ගන්න  ඕනේ එ් වගේ කෙනෙක් තමයි. මෙච්චර කාලයක් උපන්නට වැනෙන්නා වාගේ ගෙවුණු ජීවිතේ පැය 12 ක් ඇතුළත කණපිට පෙරලූවේ නෙතූ... ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඇති කෙරෙව්වේ එ් ලස්සන ඇස්. ඉතින් කොහොම හරි ගේමක් ගහලා තමන්ගේ පණ තමන්ගේම කරගන්න ජීවිතේ ලොකුම මිෂන් එකත් ගොඩ දාගන්නවා කියලා චමත් මේ වෙනකොටත් හිතාගෙන ඉවරයි...

නෙත්මිව තමන්ට හොඳටම ගැලපෙන බව චමත්ට ෂුවර්ම ෂුවර්... නැත්නම් ඉතින් හම්බවෙලා පැය දොලහකින් ආදරේ හිතේවියෑ... එක රැයකින් තමන් ආදරවන්තයෙක් වුනු හැටි චමත්ටවත් අදහාගන්න බෑ...

චමත් ඉස්සරහා දැන් ප‍්‍රශ්ණ දෙකක් තියෙනවා. එකක් තමයි නෙත්මිත් තමන්ට ආදරය කරයිද කියන එක. ඔය දෙගිඩියාව ඉතින් තමන්ගේ ආදරවන්තියගේ කටින්ම ‘ආදරෙයි’ කියලා අහගන්න කල් හැම ආදරවන්තයෙක්ගේම හිතේ ඇතිවෙන දෙයක්. 

‘සහෝදරයෙක්, යාලූවෙක් විදියට එයා මං ගැන හිතන් ඉන්නවද කියලා කවුද දන්නේ...!  ඕනෙ නැති අනංමනං එයාගේ ඔළුවට දාලා අන්තිමේදී මේ තියෙන හොඳ හිතත් නැතිවෙයිද මන්දා...’ 

කොහොම වුනත් කමක් නෑ නෙත්මිගේ කටින්ම එ් ගැන පිටවෙන කල් සද්දයක් නැතිව ඉන්න චමත් හිතාගත්තා...

නෙත්මිගේ කැමැත්ත කොහොම වුනත්, එ් ගැන පොසිටිව් පැත්තට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. එ්ත් අනෙක් ප‍්‍රශ්ණය නම් විසඳන්න පුළුවන් එකක් නෙවෙයි. එ්, චමත්ගේ තාත්තා...!

‘නෙත්මි මට කැමතියි කියමුකෝ... ඒත් අපේ එෆෙයාර් එකට තාත්තා කැමති වෙයිද ? මම නෙතූව මැරි කරනවා නම් අනිවා එ්ක කරන්න වෙන්නේ ගෙදරින් සපෝට් එකක් නැතිව. කමක් නෑ. කරන්නම දෙයක් නැති වුනොත් කවුරු නැතිවුනත් කමක් නෑ මම නෙතූව මගේ ලඟට ගන්නවා. ගෙදරින් යන්න වෙයි... සතයක් වත් දෙන්නැති වෙයි... එ්ත් මොකද. මට මගේම කියලා බිස්නස් එකක් තියෙන්නේ. මටයි, මගේ කෙල්ලටයි එ් ඇති...’

චමත් ඉතින් ඔහොම හිත හිත ආවත් එ් ප‍්‍රශ්ණේ ඊට වඩා බරපතලයි. සූරියබණ්ඩාර කියන්නේ ‘ ඕනෙ එකක් කරගනින්’ කියලා අත ඇරලා දාන ජාතියේ පුද්ගලයෙක් නෙවෙයි කියලා චමත් හොඳින්ම දන්නවා. ‘සූරිය’ සමූහ ව්‍යාපාර වලට තර්ජනයක්, බාධාවක් වුනු බොහෝ ප‍්‍රශ්ණ සූරියබණ්ඩාර ඉතා පහසුවෙන් විසඳා ගත්තා. හොඳින් වගේම නරකිනුත් එ්ක කරගන්න ක‍්‍රම සහ විධි එයා ගාව තියෙනවා. නෙත්මි හා තමා සම්බන්ධයෙන් වුනත් තාත්තා බකන්නිලාගෙන නිකන් ඉඳී කියලා හිතන්න අමාරු බව චමත් දන්නවා... 

අනික තව පැත්තකින් මේ කථාවට ෂානියාත් සම්බන්ධයි. ෂානියාගේයි, චමත්ගෙයි වෙඩින් එක ගැන දෙපැත්තෙන් කථා වෙන්නේ දැන් අවුරුදු දෙක තුනක ඉඳන්. තාත්තා තමන්ව කොහොම හරි ෂානියාගේ ඇඟේ එල්ලන බව චමත් දන්නවා.

‘සමහර විටෙක මේක නිසා නෙත්මිට ප‍්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්න වෙයිද කියන්නත් බෑ. පුළුවන් තරම් කාලයක් නෙත්මි ගැන හංඟගෙන ඉන්න  ඕනෙ. විප්ලව, අරගල කරන්න ගියොත් වැඬේ අල වෙනවා. මොළෙන් ගේමක් ගහන එක තමයි කරන්න තියෙන හොඳම දේ. මොනවා කරන්නත් තාත්තව ෂේප් එකේ තියාගෙන ඉන්න  ඕනේ... ඉස්සර වගේ නෙවෙයි, දැන් මට දෙයක් තියෙනවා පරිස්සම් කරගන්න...’ චමත් රිය පැදෙව්වේ ඔය වගේ නොනවතින සිතුවිලි කල්පනා වැලක් මැදයි.

හදිසියේම චමත්ගේ කල්පනාව බිඳුනේ දුරකථනය නාද වෙන හඬට. චමත් ඩෑෂ් බෝඞ් එක උඩ තිබුණු දුරකථනයට එබුනේ කවුද කථා කරන්නේ බලන්න. 

රොෂේන්...!!!

මේ කථාවේ තවත් පැත්තක් තියෙනවා කියලා චමත්ට මතක් වුනේ රොෂේන්ගේ නම දුරකථන තිරය මත සටහන් වෙලා තියෙනවා දකිද්දියි.

‘මළ මඟුලයි...! රෝස් ට වෙහිකල් එක දෙන්නත්  ඕනේ නේද ? දැන් මොකද මං ඌට කියන්නේ...’ 

චමත් හිතන්නට වුනේ වාහනය පාරේ අයිනකට කරලා නවත්වන ගමන්. දැන් ඉතින් රෝස්ට කියන්නත් මොකක් හරි බොරුවක් අටෝගන්න වෙනවා. 

 ඕන කිලෝ එකක් දෙකයි පණහයි කියලා හිතාගෙන චමත් රොෂේන් ගේ කෝල් එකට ආන්සර් කලා.

‘‘හෙලෝ රෝස්... ගුඩ් මෝනිං මචං...’’

‘‘මෝනිං තමයි, බකමූණා...! කොහෙද හරකෝ තෝ ඉන්නේ...?’’

රොෂේන් උදේ පාන්දර සත්තු වත්තම ඇහැරවලා වගේ...

‘‘මචං මං මේ රත්මලාන හරියේ... ඈම් අයි ලේට්...?’’

‘‘ලේට් ද කියලත් අහන හැටි... යකෝ දැන් වෙලාව කීයද දන්නවද ? අටටත් කිට්ටු වෙලා... උඹ වෙහිකල් එක එවනවා කිව්ව නිසා මම ගෙදරට කෝල් කළෙත් නෑ... මොකක්ද බං කරන්නේ...’’

‘‘රෝස්... මචං පොඩි සීන් එකක් වුනා බං... මම උඹට ඇවිල්ලම කියන්නම්...’’

‘‘මොකද වුනේ... ආ...???’’

‘‘හරි... හරි... මම ඇවිත් කියන්නම් බං... මචං මේ... මට ඔතනට නම් එන්න බෑ... උඹ හෙමින් සැරේ ගෝල් රෝඩ් එකට වරෙන්. මම උඹව එතනින් පික් කරන්නම්...’’

‘‘ ඕකේ... වරෙන්කෝ එහෙනම්...’’

දැන් ඉතින් රඟපාන්නට සූදානමින් සිටිය යුතුය. රොෂේන් චමත්ගේ තිර නාටකයට අහුවුනොත් නම් ගොඩය. නැතිනම් වෙන්නේ අද උදේම පැකට් පිටින් රට පපඩම් කන්නටය...



*  *  *  *  *


චමත් පුළුවන් ඉක්මනින් කොල්ලූපිටියට ආවා. අද සති අන්තයේ සෙනසුරාදාවක් නිසා එ් තරම් තදබදයක් නෑ. කොහොම වුනත් කොල්ලූපිටියෙන් රොෂේන්ව ගන්න කොට අටත් පහුවෙලා විනාඩි ගාණක් ගිහින්...

‘‘මොකද වුනේ...? දැන්වත් කියපන්...’’

රොෂේන් ඇහුවේ වාහනයට නැගලා දොර වහගන්නවත් කලින්.

‘‘මචං... අර.... ’’

‘‘කෙඳිරි ගාන්නැතුව කියපන් චම්මා...’’

‘‘අර කෙල්ල පැන්නා බං...’’

‘‘ව්..වා...ට්...!!!’’

රොෂේන් කෑගැහුවේ අදහාගන්න බැරිකමට...

‘‘ඔව් බං... ස්පා ගර්ල් මිසිං...’’

‘‘දැන් මොකද කරන්නේ... ෂිට්...! උඹ මොකක්ද බං කලේ එ්කි පැනලා යනකල්...?’’

‘‘ඊයේ අපි හිටියේ කලූතර රිසෝට් එකක මචං... පාන්දර මං වොෂ්රූම් ගිහින් එනකොට එ්කි නෑ...’’

‘‘උඹ බැලූවේ නැද්ද හොයලා...’’

‘‘බැලූවා බං... රිසෝට් එක ඇතුලෙත් බලලා මම එළියට ඇවිත් බස් හෝල්ට් වලයි, ත‍්‍රීවිලර් පාක් වලයි, ටේ‍්‍රන් ස්ටේෂන් එකෙයි හැම තැනම බැලූවා... පරක්කු වුනෙත් එ්කයි බං...’’

‘‘ඉතින්... හින්ට් එකක් වත් නෑ...?’’

‘‘නෑ...!’’

‘‘හ්ම්... වෙන මුකුත් මිසිං වෙලාද චම්මා...?’’

‘‘ඔව්... මගේ පර්ස් එකේ තිබ්බ ටෙන් ටවුසන්ඞ් මිසිං...’’

‘‘බිච්... !’’ 

රොෂේන් දත්මිටි කාගෙන එහෙම කිව්වේ ආපු කේන්තියටමයි...

රොෂේන් ‘බැල්ලි’ කියලා බනින කොට චමත්ට පොඩි තරහවකුත් ආවා. කියන්නේ බොරුව වුනත් මූ බනින්නේ නෙත්මිටනේ...! එ්ත් අනෙක් පැත්තෙන් චමත්ට සතුටු වෙන්න පුළුවන්. මොකද දැන් මාළුවා ගානට ඇම කාලා ඉන්නේ...

‘‘රෝස්... මචං මං දැන් මොකද කරන්නේ... ‘ස්පා’ එකට ගියා කියලා වැඩක් වෙයි ද ?’’

‘‘වැඩක් නෑ බං... කොහොමටත් කෙල්ලව එතනට රිටන් කරන්නැතුව උඹේ ඩිපොසිට් මනි ගන්න වෙන්නේ නෑ. දැන් ඉතින් ගිය දේ ගියා කියලා හිත හදාගනින්...’’

‘‘මචං... මේක ස්පා එකයි, ඔය කෙල්ලයි දෙකම ප්ලෑන් කරලා ගහපු ගේම් එකක්ද දන්නෑ. කෙල්ල මිසිං කිව්වම නිකම්ම ඩිපොසිට් එක උන්ට යනවා. පස්සේ අර කෙල්ලත් ෂේප් එකේ ආපහු වැඩට එයි. සමහර විට එ්කිටත් හොඳ කමිෂන් එකක් වදිනවා ඇති...’’

චමත් එහෙම කියාගෙන යනකොට රොෂේන් පුදුමයෙන් චමත් දිහා බලාගෙන හිටියා...

‘‘අඩෝ...! එහෙම වෙන්නත් බැරි නෑ බං... එහෙනම් බලාගෙන ගියාම ටමාරත් මට ගේම දීලා...’’

‘හරි... එ් බෝම්බෙත් පත්තු වුණා...’ චමත් හිතින් සිනාසුණා.

‘‘මොකද බං කරන්නේ...???’’

‘‘මොනව කරන්නද චම්මා... යමං දැන් ඉතින් ගෙදර. ලක්ෂ විසිපහක් කැසිනෝ දැම්මා කියලා හිතාගනින්...’’

‘‘සල්ලි ගැන නෙවෙයි බං මට දුක... මම ගොනා වුනු එක ගැන...’’

චමත් කිව්වේ සෑහෙන දුකකින්... චමත්ගේ ගරු රඟපෑමට රොෂේන්ටත් දැන් ෆුල් අප්සෙට්...

‘‘ටේක් ඉට් ඊසි බං...  ඕක දන්නේ අපි දෙන්නා විතරනේ... ඔය ගිය එක වගේ නෙවෙයි, මම උඹට සුපිරිම භාණ්ඩයක් සෙට් කරලා දෙන්නම්කෝ...’’

‘‘හ්ම්...’’

වැඬේ ගොඩ...! චමත්ගේ පැත්තෙන් නම් කිසිම කචල් එකක් නැතිව ගේම ක්ලෝස්... නෙත්මිගේ පැත්තේ මොනවා වුනාද දන්නෑ. නිදිමත මැද්දේ වුනත් චමත්ට ගෙදරට එනකල්ම හිතුනේ නෙත්මි ගැනමයි....

‘කවදාද ආයේ එන්නේ... හමුවෙන්න මා ඉතින්...’



*  *  *  *  *


දවස් දෙකක් ඔහේ ගෙවිලා ගියා... එ් දවස් දෙකට දහස් වරක් චමත්ට නෙත්මිව මතක් වුනා... සෙනසුරාදා උදේ පානදුර ගිහින් ආපු වෙලේ ඉඳන් කොල්ලා බලන් ඉන්නේ නෙත්මිගෙන් කෝල් එකක් එ්වි කියලා. 

‘කොහෙද ඉතින්... කෙල්ලට මාව අමතක වෙලා ඇති...’ චමත්ට එහෙමත් නොහිතුනා නෙවෙයි. ‘තව දවසක් දෙකක් බලලා පානදුර පැත්තේ ගිහින් වටයක් දාලා එනවා...’

සඳුදා උදෙන්ම චමත් ලෑස්ති වුනේ ඔෆිස් යන්න... වෙනදට නම්  ඕකට වෙලාවක් කියලා නෑ. කීයට හරි ලෑස්ති වෙන වෙලාවට ඔෆිස් යනවා. එ්ත් දැන් එහෙම කරලා හරියන්නෑ... අද තාම වෙලාව අට වෙලාවත් නෑ. හැබැයි කොල්ලා රෙඩි වෙලත් ඉවරයි...

පහුවුනු දවස් දෙක තුනට චමත් තරමක් වෙනස් වෙලා - එහෙමත් නැත්නම් වෙනස් වීගෙන යනවා කියලා කියන්න පුළුවන් ලකුණු පේන්න තිබුණා. ඇත්තටම චමත්ටත්  ඕනේ කලේ ‘මං දැන් වෙනස්...’ කියලා පෙන්නන්න. විශේෂයෙන්ම තාත්තට... තමන්ට හුරු පුරුදු නිස්කලංක ජීවිතේ විඳින්න ගියොත් තාත්තා තමන්ගේ බැමි තවත් තද කරනවා කියලා චමත් දන්නවා. ඉතින්, දැන් හැම වෙලාවකම වගේ ‘සෝෂල්’ වෙන්න චමත් ෆුල් ට‍්‍රයි එකක් දෙනවා...

‘අදවත් මේ කෙල්ල කථා කරයිද...’ 

චමත් එහෙම හිතමින් තමයි කාර්යාල කාමරයට ඇතුළුවුණේ. මතක ඇති කාලෙකින් මෙච්චර උදෙන් ආවමයි. චමත්ට වගේම ස්ටාෆ් එකේ කට්ටියටත් චමත්ගේ මේ ‘කලින් ගමන’ අමුත්තක් වුනේ එ්කයි...

ඔෆීස් ආපු ගමන්ම චමත් කලේ සිකුරාදා තිබුණු ඉන්ටවිව් එකේ විස්තර හොයලා බලන එක...

‘‘ගුඩ් මෝනින් පියුමී...’’ චමත් අභ්‍යන්තර දුරකථනයෙන් කථා කලේ කාර්යාල සහායිකාවට...

‘‘ගුඩ් මෝනින් සර්...’’

‘‘පියුමි... ෆ‍්‍රයිඩේ ඉන්ටවිව් එකට මොකද වුනේ...?’’

‘‘ඒක මිස්ටර් රණවීර කන්ඩක්ට් කලා සර්... අපි එ් ඇප්ලිකන්ට්ලා ගෙන් පස් දෙනෙක් සිලෙක්ට් කර ගත්තා. සර්ගේ ඇපෲවල් එක හම්බවුනාම එ් අයට අපොයින්ට්මන්ට් දෙන්න පුලූවන්...’’

‘‘හොඳයි... පියුමි... මිස්ටර් රණවීරට පොඩ්ඩක් එන්න කියන්න... එ් ගමන් ඔයත් එන්න. මතක ඇතුව ඉන්ටවිව් කෝල් කරපු හැමෝගේම ඩීටේල් ෆයිල්ස් අරගෙන එන්න...’’

‘‘ ඕකේ සර්...’’

තවත් මොහොතකින් පියුමි සමග රණවීර චමත්ගේ කාර්යාල කාමරයට ඇතුළු වුණා.

‘‘මිස්ටර් සූරියබණ්ඩාර මට කථා කලාද...?’’

රණවීර ඇතුළුවුණේ එහෙම අහන ගමන්... මැදිවිය පසු කරමින් වුන් ඔහු ප‍්‍රියමනාප පුද්ගලයෙක්. චමත්ගේ වගේම චමත්ගේ තාත්තා තිලකවර්ධන සූරියබණ්ඩාරගේත් හිතවතෙක්... මේ ව්‍යාපාර වල පැරණිතම හවුල්කරුවෙක්... චමත් නැති වෙලාවට සූරිය පබ්ලිකේෂන්ස් පාලනය වුනෙත් එයා අතින් තමයි...

‘‘වාඩිවෙන්න මිස්ටර් රණවීර... පියුමි, ඔය ෆයිල්ස් වලින් අපි සිලෙක්ට් කරගත්ත අයයි, නැති අයයි වෙන් කරලා ෆයිල් ටික තියලා ඔයා යන්න...’’

පියුමි එ් වැඬේ කරන කල් චමත් ආයෙමත් කම්පියුටර් එක දිහාට හැරුණා. නැවතත් කථාව පටන් ගත්තේ පියුමි ගියාට පස්සෙයි.

‘‘පුතා ඇයි මට එන්න කිව්වේ...?’’

‘‘රණවීර අංකල්... ඔයානේ එදා ඉන්ටවිව් හැන්ඞ්ල් කලේ... මොකද එතන තත්ත්වේ...?’’

‘‘ඒක නම් ප‍්‍රශ්ණයක් වුනේ නෑ පුතා... අපි එදා පස් දෙනෙක් සිලෙක්ට් කර ගත්තා. මේ තියෙන්නේ ෆයිල්ස්... මේ ටිකට අපෲවල් දාන්න  ඕන...’’

චමත් එ් ලිපිගොනු පරීක්ෂා කලේ උඩින් පල්ලෙන් වගේ. රණවීර අංකල් අතින් කෙරුණු වැඩක ආයෙත් හොයන්නට දෙයක් නැති බව චමත් හොඳින්ම දන්න දෙයක්. අවුරුදු හතරකට කලින් මේ ව්‍යාපාරය ආරම්භ කරද්දී චමත් තාත්තගෙන් ඉල්ල ගත්තේ එකම කෙනායි. එ් තමයි රණවීර අංකල්... සූරිය පබ්ලිකේෂන්ස් ටික කාලෙකින්ම තැනකට ආවේ චමත්ගේ උනන්දුව හා කැපවීම වගේම රණවීරගේ අත්දැකීම් වලත් උදව්වෙන්. කවදාවත් චමත් රණවීර අංකල්ට සේවකයෙක්ට වගේ සැලකුවේ නෑ... රණවීර අංකල් චමත්ට නම් තමන්ගේ මාමා කෙනෙක් වගේම තමයි.

‘‘එ් වේකන්සීස් ටික අංකල් බලපු විදියටම ෆිල් කරලා දාන්න. මට අංකල් එක්ක තව වැදගත් දෙයක් කථා කරන්න තියෙනවා...’’

‘‘මොකක්ද පුතා... කියන්න...’’

‘‘මට අංකල්ගෙන් උදව්වක්  ඕනේ...’’

‘‘මං ඉතින් මෙච්චර කල් පුතාට උදව් කරන එක තමයි කලේ... ඉස්සරහටත් එහෙමම තමයි... අද ඇයි මේ අමුතුවෙන් උදව්වක් ඉල්ලන්නේ...’’

චමත් මොහොතකට නිසල වුනේ කියන්නට  ඕනේ දේ සිතේ ගොනු කර ගන්නටයි.

‘‘අංකල්... මේකයි කාරණේ. මම දන්න ළමයෙක් ඉන්නවා. එයාට මං අපේ කම්පැනි එකේ ජොබ් එකක් දෙන්නයි හදන්නේ. අංකල්ට පුළුවන්ද එයාව ඔයාගේ ඇසිස්ටන්ට් වගේ ටේ‍්‍රන් කරවන්න...?’’

‘‘පුතා...එයාට දෙන්න බලාපොරොත්තු වෙන පෝස්ට් එක මොකක්ද ?’’

‘‘ඔපරේෂන්ස් මැනේජර් වගේ පෝස්ට් එකක් තමයි... එ්ත් එකපාරට එච්චර රෙස්පොන්සිබිලිටි එකක් දෙන්න බෑ. මම එයාව ගන්නේ විශ්වාසවන්ත හින්දා... මෙතන හැම වැඩක්ම වගේ හැන්ඞ්ල් කරන්න පුලූවන් වෙනකල් අංකල් එයාව ටේ‍්‍රන් කරවන්න  ඕනේ...’’

‘‘ ඕකේ... නෝ ප්‍රොබ්ලම්... මම එ් වැඬේ භාර ගන්නම්... හැබැයි පුතා ඔය එන කෙනා හරියට වැඩ කරන කෙනෙක් නම් විතරයි...’’

‘‘ෂුවර්... එයා වැඩ ටික අල්ලගනියි අංකල්... පව්... දුප්පත් ළමයෙක්. ජොබ් එකක් හොයනවා... මෙතන දෙන්න තරම් වැඩකුත් නෑ. ඒත් අංකල්ට පස්සේ කෙනෙක් දැන්මම හදලා තියන එක හොඳයි නේ... වෙන තැනකට දාන්න බෑ. මොකද මට අංකල් තමයි විශ්වාස... මම අංකල්ටම මේක බාර දෙන්නේ ඒකයි...’’

‘‘හරි හරි පුතා... මට තේරෙනවා කාරණේ... දැන් ඔය එනවයි කියන කෙනා ගෑණු දරුවෙක් නේද ?’’

‘‘අංකල් කොහොමද දන්නේ...!’’

‘‘අපෙත් මේ කෙස් සුදු වුනේ අව්වටම නෙවෙයි පුතා... හහ්..හා...’’

රණවීර හඬ නගා හිනාවෙන දිහාව චමත් බලා හිටියේ කට කොනකට ආපු හිනාවත් එක්ක.

‘‘හ්ම්... හරි... ගෑණු ළමයෙක් තමා. තව එකක් තියෙනවා අංකල් කියන්න. ඔයා මෙතන ස්ටාෆ් එකට අඟවන්න  ඕනේ එ් එන ළමයා ඔයාගේ කසින් කෙනෙක් කියලා... හරි...’’

‘‘හරි පුතා... හරි... ඔයාට  ඕනේ විදියටම වැඬේ වුනා කියලා හිතා ගන්නකෝ... දැන් කවදද ඔය ළමයා එන්නේ ?’’

‘‘මම එ් වැඬේ ඇරේන්ජ් කරලා අංකල්ට හරියටම කියන්නම්...’’

‘‘ ඕකේ... එහෙනම් මම යන්නම්... ‘පෙරේරා ඇන් සන්ස්’ එකේ බ්‍රෝචර්ස් වගයක් ඩිලිවරි කරන්නත් තියෙනවා...’’

රණවීර අංකල් ගියා. චමත් කල්පනා කරන්නට වුනේ දැන් කොහොමද නෙත්මිට පණිවිඩයක් දෙන්නේ කියලයි...

‘හරි... කෙල්ලගේ CV එකේ ඇති කන්ටැක් නම්බර් එකක්...!’

චමත් ඉක්මනට නෙත්මිගේ ෆයිල් එක පෙරලාගෙන ගියේ අංකය දැනගන්න...



*  *  *  *  *


ටික වෙලාවකින් තුසිතා අක්කලගේ ගෙදර ලෑන්ඞ්ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. ෆෝන් එක ගත්තේ තුසිතා අක්කගේ හස්බන්ඞ්, ජයන්ත...

‘‘හෙලෝ... ගුඞ් මෝනින්... සූරිය පබ්ලිකේෂන්ස් ලිමිටඞ් වලින් රසාංජන කථා කරන්නේ... මට මිස් නෙත්මි නිමායා නාගොඩවිතානට කථා කරන්න පුළුවන් ද...?’’

‘‘අනේ සොරි... මේ වෙලාවේ නම් ෆෝන් එක දෙන්න විදියක් නෑනෙ. එයා ඉන්නේ එහා පැත්තේ ගෙදර... මුකුත් පණිවුඩයක් තියෙනවද සර්...?’’

‘‘ම්ම්... එහෙමද ? කමක් නෑ... එයා අපේ කම්පැනි එකේ පෝස්ට් එකකට ඇප්ලයි කරලා තිබුණා. එ් ගැන කථා කරන්නයි කෝල් කලේ... එයාට කියන්න පුළුවන්ද අද දවස ඇතුළත අපේ ඔෆිස් නම්බර් එකකට කෝල් කරන්න කියලා...’’

‘‘හොඳයි සර්... මම කියන්නම්. සර් නොම්මරේ කියන්න මම ලියා ගන්නම්...’’

‘‘අවශ්‍ය නෑ... මිස් නාගොඩවිතාන ලඟ නම්බර් එක ඇති. එහෙනම් එයාට මෙසේජ් එක දෙන්න... තැන්ක් යූ...’’

ඇමතුම අවසන් වුනා. ජයන්තගෙන් පණිවුඬේ අහගෙන තුසිතා අක්කා කලබලේ එහා වත්තට දිව්වේ නෙත්මිට උණුවෙන්ම නිව්ස් එක දෙන්න...

‘‘නෙත්මී... නංගියේ..... නංගියේ.....’’

තුසිතක්කා උදෙන්ම කෑගහගෙන දුවන්නේ ගෙදර මුකුත් කරදරයක් ද මන්දා... නෙත්මියි අම්මයි කුස්සියේ දොරෙන් එළියට බැහැලා බැලූවේ තුසිතාගේ කලබලේ මොකද බලන්න. 

‘‘මොකෝ බං තුසිතා... වත්තට නයෙක් වත් පැන්නද ???’’

නිර්මලා එහෙම අහනකොටත් තුසිතක්කා දුවගෙන එනවා...

‘නෑ නෑ අක්කේ... හම්මෝ.... නංගියේ... අන්න උඹේ ජොබ් එක හරිය කිව්වා...හ්හා... හ්හා...’’

‘‘ජොබ් එකක්...! අනේ කොහෙන්ද අක්කේ කෝල් කලේ...?’’

‘‘මොකක්ද බං මේ කොළඹ කොම්පැනියක් කිව්වා... නම... නම මේ... මේ... සූරියා ද මොකක්ද එකක්...’’

‘‘දෙයියනේ සූරිය පබ්ලිකේෂන්ස් ද...???’’

නෙත්මි එහෙම ඇහුවේ හයියෙන් ගැහෙන පපුවට අතකුත් තියාගෙන. ‘අහන්න දෙයක් නෑ එහෙනම්... චමත් අයියම තමයි කෝල් කරන්නැත්තේ...’

‘‘ඔව් ඔව්... අන්න එ්ක තමයි...’’

‘‘ලොකූ එහෙට ඇප්ලිකේෂන් දැම්මද...?’’  අම්මා ඇහුවේ සතුටින්...

‘‘ඔව් අම්මා... අනේ අක්කේ... ඒක හරියි කිව්වද...?’’

‘‘ජොබ් එක ගැන කථා කරන්න කිව්වා... අදම කෝල් එකක් දෙන්නයි කිව්වා... රසාංජන කියලා මහත්තයෙක් තමා කෝල් කරලා තියෙන්නේ...’’

‘‘අනේ පුතේ... ජොබ් එක හරි ගිහිල්ලද දන්නෑ... බලපන් ගිහින් කෝල් එකක් දාලා...’’

‘රසාංජන... එ් කියන්නේ අර පිස්සු කොල්ලා තමයි. කලොත් කරන්නේ මගේ පපුව රත් කරන වැඩමයි. දැන් මේ මොකාටද දන්නෑ එන්න හදන්නේ...’ 

නෙත්මි චමත් ගැන හිතන්නේ හිනාවකුත් මූණේ තියාගෙන. අම්මා හිතන්නේ කෙල්ල හිනාවෙන්නේ මේ ආරංචියට කියලා...

‘‘හිනාවෙන්න පුළුවන් දරුවෝ... යන්න ඉක්මනට හන්දියට ගිහින් කෝල් කරලා එන්න දැන්මම...’’

‘‘අනේ නංගියේ... අද අයියා ගෙදර... නැත්නම් හන්දි දුවන වෙලේ අපේ එකෙන්ම කෝල් එකක් දෙන්න තිබ්බා...’’

‘‘අනේ කමක් නෑ තුසිතක්කේ... හදිස්සියකට පණිවිඩයක් දෙන්නවත් අක්කලගේ ෆෝන් එක තියෙන එකම කොච්චර දෙයක් ද...’’ 

නෙත්මි එහෙම කියලා හැරුණේ අම්මා දිහාට

‘‘අම්මේ... දෙන්නකෝ එහෙනම් රුපියල් පනහක් විතර... මම ඉක්මනට හන්දියට දුවලා එන්නම්...’’



*  *  *  *  *


දවල් වෙලාව නිසා පන්සල් හන්දියේ කොමියුනිකේෂන් එකේ කවුරුවත් හිටියේ නෑ. නෙත්මි හන්දියට එනකල්ම උඩ පැන්න නැති ටික විතරයි. එ් තරම් සතුටුයි... කමියුනිකේෂන් එකෙත් කවුරුත් නැති නිසා කෙල්ලට තවත් හැපි... ‘දැන් ඉතින් චමත් අයියා එක්ක නිදහසේ කයියක් දැම්මහැකි...’

නෙත්මි පුංචි පර්ස් එක ඇරලා එ්කේ දාගෙන ආපු චමත් ගේ කාඞ් එක අතට ගත්තා. හෑන්ඞ්ෆෝන් නම්බර් එකට ගන්නැතුව නෙත්මි ඔෆීස් නම්බර් එකකටම ගත්තේ චමත් එහෙම කියපු නිසයි. 

‘අයියගේ ෆෝන් එකටම ගත්තොත් මං පැනලා දෙනවා කියලා හිතයි...’ ඇමතුම සම්බන්ධ වෙනකල් නෙත්මි එහෙම හිතුවා.  

‘‘සූරිය පබ්ලිකේෂන්ස්...’’

හිටිහැටියේ... කඩිමුඩියේ එහා පැත්තෙන් ටෙලිෆෝන් ඔපරේටර්ගේ මැෂින් වොයිස් එක ඇහුණා...

‘‘ගුඞ් මෝනින්... කුඞ් අයි ස්පීක් ටු මිස්ටර් චමත් සූරියබණ්ඩාර ප්ලීස්...’’

නෙත්මි සරබර ගාලා ඇහුවේ පැහැදිලි සිංහලෙන් - නෑ... නෑ... ඉංග‍්‍රීසියෙන්...!

‘‘ෂුවර්... මේ අයි නෝ යුවර් නේම් ප්ලීස්...’’

‘‘අයෑම් නිමායා...’’

‘‘ ඕකේ මිස් නිමායා... හෝල්ඞ් දි ලයින් ප්ලීස්...’’

ලස්සන සංගීත නාදයක් ඇහෙන්නට වුනා... ‘කෝල් එක චමත් අයියට දාන්නැති...’

‘‘සර් මිස් නිමායා කියලා කෙනෙක් ලයින් එකේ ඉන්නවා දාන්නද...?’’

ටෙලිෆෝන් ඔපරේටර් එ් කියපු නම ඇහෙද්දිම වගේ චමත්ට හිනා... ‘කෙල්ලත් එහෙනම් ගානට ගේම දෙනවා... නිමායා... හොඳයි... හොඳයි...’

‘‘හොඳයි... රසිකා... මෙතන ෆෝන් එකට දාන්න...’’

චමත් එහෙම කියලා ඇමතුම සම්බන්ධ වෙනකල් හිටියා. ‘යාන්තන් ඇති කෙල්ල කෝල් කළා...’ චමත් හිතුවේ සතුටින්... ඉස්කෝලේ කොල්ලෙක් වගේ තමන් බොළඳ වෙලාද කියලත් චමත්ට හිතෙනවා... 

නෙත්මිගේ කටහඬ ඇහෙනකල්, හයියෙන් ගැහෙන පපුවත් එක්ක චමත් නොඉවසිල්ලෙන් බලා හිටියා...

‘‘හෙලෝ..... චමත් සර් නේද...?’’

නෙත්මිගේ ස්වීට් වොයිස් එක...! එ් වචන ටික ඇහෙන කොටම චමත්ගේ දවස් දෙක තුනක අවුල් තැවුල් ඔක්කොම හෝදගෙන ගියා...

‘‘හෙලෝ... මිස් නිමායා... ඉතින්...!’’

‘‘ම්ම්... මේ රසාංජන කියන එක්කෙනා නේද ?’’

දෙන්නටම හිනා ගියේ එකටමයි...

‘‘අනේ අයියේ... වැඩි වෙලා කථා කරන්න තරම් සල්ලි නෑ... ඉතින් මොකද වුනේ කියන්නකෝ...’’

‘‘ම්... මෙහේ නම් කිසිම අවුලක් නෑ බබා... ඔයාට මොකද වුනේ...?’’

‘‘මටත් අවුලක් වුනේ නම් නෑ අයියේ... අම්මයි, අප්පච්චියි පොඞ්ඩක් බැන්නා කියන්නැතුව ? නෑවිත් හිටියයි කියලා... මම යාන්තම් ෂේප් කරගත්තා...’’

‘‘හ්ම්...  මම මෙහේ බලන් ඉන්නවා බබා ඔයා කෝල් කරන කල්... මොකක් හරි ප‍්‍රශ්ණයක් වුනාද කියලවත් මට දැනගන්න විදියක් නෑනේ...’’

‘‘අනේ අයියේ ඉතින් කෝල් කරන්න අපිට ෆෝන් නෑනේ... මං මේ පන්සල ගාව කොමියුනිකේෂන් එකට ඇවිත් කථා කරන්නේ...’’

‘පව්... කෙල්ල අව්වෙම පයින් එන්නැති හන්දියට...’ චමත්ට දුකයි...

‘‘කමක් නෑ බබා... නෑ... මට හිතුනා අමතක වෙලාද දන්නෑ කියලා...’’

‘‘එහෙම හිතන්න එපා අයියේ... මම කොහොමද ඔයාව අමතක කරන්නේ...! අනේ හිත රිදුන නම් සොරි...’’

‘‘හරි... හරි... ළමයෝ... මං විහිළුවටනේ කිව්වේ... මේ... නෙත්... ඔයාට සල්ලි කීයක් තියෙනවද කෝල් එකට...?’’

‘‘පනහයි ගෙනාවේ... දැනටම විස්සක් ඉවරයි...’’

නෙත්මි කිව්වේ දුරකථන කුටියේ තිබුණු තිරය දිහා බලන ගමන්... 

‘‘මදැයි ඉතින් ඉඳලා ඉඳලා කථා කලා... හරි... කමක් නෑ... මම ඉක්මනට කියන්නම්... බබා, ඔයාට ආපහු අපේ ඔෆීස් එකට එන්න වෙනවා. පුලූවන් නේද ? මතකනේ, අර එදා ඉන්ටවීව් ආපු තැනටමයි...’’

‘‘එන්නම් අයියේ... කවදටද ?’’

‘‘හෙට වුනත් කමක් නෑ... ඔව්... හෙට උදේ නවය වෙනකොට ඔෆීස් එකට එන්න. ඇවිත් කියන්න මිස්ටර් රණවීරව මීට් වෙන්න  ඕනේ කියලා...  ඕකේ...? මම එතන ඔක්කොම ඇරේන්ජ් කරලා තියන්නම්...’’

‘‘ඒත් අයියේ -’’

‘‘බය වෙන්න දෙයක් නෑ නෙතූ... ඔයා හෙට අනිවාර්යයෙන් එන්න  ඕනේ... හරිද...’’

‘‘ම්... හරි... එන්නම්කෝ... අනේ අයියේ, තව විනාඩියක් වගේ තියෙන්නේ...’’ 

කෙල්ලගේ වොයිස් එක ඇඬෙන්න වගේ...

‘‘හරි හරි...  නෙත්, ඔයාට ගෙවල් ලඟට යන්න කොච්චර වෙලාවක් යනවද බබා...?’’

‘‘විනාඩි දහයක් වගේ අයියේ... ඇයි ?’’

‘‘හරි... මං ආපහු ඔයාලගේ ගෙවල් ලඟ අක්කලගේ නම්බර් එකට ගන්නම්... ඔයා කෙලින්ම ගෙදර යන්නැතුව එහෙට ගිහිල්ලා යන්න. අනිවා එහෙ ඉන්න හොඳේ... මම පැය කාලෙන් ගන්නවා...’’

‘‘හරි අයියේ... කියන්න, කොහොමද තුසිතා අක්කලගෙ නම්බර් එක හොයා ගත්තේ කියලා...?’’

‘‘සිම්පල්නේ... ඔයා මෙහෙට දීලා තිබුණු සී වී එකෙන්...’’

‘‘ම්... හොරා... ඉතින්, ඔයා හොඳින් නේද ?’’

‘‘වෙනදටත් වඩා හොඳින් බබා... මේ... මතක ඇතුව අම්මලට කියන්න අපේ ඔෆීස් එකේ ජොබ් එකක් හම්බවුනා කියලා හරිද... ආ... තව මේ... අමතක නොකර සාරියක් ඇඳගෙන එන්න  ඕනේ...’’

‘‘අනේ අයියේ... සා...රී.....!’’

‘‘ඔව් ඔව්... සා...රී..... තමයි. ඔසරි නෙවෙයි...’’

‘‘හරි හරි... මම මොකක් හරි කරන්නම්කෝ... ඔන්න තව ටිකකින් මං කට් කරනවා... ගන්නවා නේද ?’’

‘‘ඔව් බබා... මං ගන්නම්... ඔයා එහෙනම් පරිස්සමෙන් යන්න...’’

‘‘ගන්නවා නේද අයියේ.....’’

‘‘ගන්නවා කෙල්ලේ ගන්නවා...  ඕක තියපන් දැන්... නැත්නම් සල්ලි මදි වෙලා ණය වෙන්නත් වෙයි...’’

‘‘හොඳමයි සර්... ඔන්න තිබ්බා... බුදු සරණයි...’’

කෙල්ල දඩබඩ ගාලා කලබලෙන් එ් ටික කියලා එක පාරටම තිබ්බා. හොඳ වෙලාවට රුපියල් හතලිස් නවයකින් බේරිලා...

චමත්ට මුකුත් කියාගන්නවත් වෙලාවක් වුනේ නෑ. කෝල් එක කට් වුනා... ‘කමක් නෑ... නෙතූ යනකල් ඉඳලා පැය කාලකින් විතර ගන්නවා...’

අතේ තව කීයක් හරි තිබුණා නම් ටිකක් වැඩිපුර කථා කරන්න තිබුණා... නෙත්මි කෝල් එකට සල්ලි ගෙවලා එළියට බැස්සේ ටිකක් අප්සෙට් එකෙන්... කෙල්ල පුළුවන් ඉක්මනින් ගෙදර ආවේ චමත්ගේ කෝල් එක මිස් වෙයි කියලා... 

‘චමත් අයියා කිව්වේ ගෙදර යන්නෙපා, තුසිතක්කලගේ ගෙදර ඉන්න කියලනේ... දැන් මෙහෙමම යන ගමන් එහෙට යනවා... ගිහින් ජොබ් එකේ වැඬේ හරි කියලා ටිකක් වෙලා එහෙට වෙලා කයියක් දාගෙන ඉන්නවා... එතකොට චමත් අයියා කථා කලාම මට ගත්තෑකි...’

චමත් හිටියේ මේ විනාඩි දහය ගෙවෙන්නේ කොයි වෙලාවෙද කිය කිය හිතමින් ඔරලෝසුවෙමයි. තත්පර කට්ට වටේට දුවනකොට චමත්ගේ හිතත් එ් පස්සේ දුවන්න ගත්තා... 

‘දැන් නෙතූ හෙට ඔෆීස් ඒවි... එතකොට හෙට ඉඳන් එයත් මෙහේ...! එයාට කියන්න  ඕනේ හෙට වැඩට ඉන්න බලාගෙනම ලෑස්තිවෙලා එන්න කියලා. කෙල්ලට මේ හදිස්සියේ  ඕන කරන දේවල් ලෑස්ති කරගන්න පුළුවන් වේවිද මන්දා... බලමුකෝ අහලා...’

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~~ ~ ~ ~ ~ ~ ~ ~

                     | පැරණි කොටස් වලට මෙතනින් යන්න... |                

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~~ ~ ~ ~ ~ ~ ~ ~

පසු සටහන:

කලින් කොටස් හැම එකක්ම දවස් දෙකෙන් දෙකට දැම්මත්, මේ කොටස දාන්න ටිකක් කල් ගියා. ඇත්තටම කිව්වොත් තාක්ෂණික දෝශයක් නිසා තමයි එහෙම වුනේ. windows වල අවුලක් ගිහින් web access නැතිවෙලා තිබුනා. යාන්තම් ඒක ගොඩදාගෙන තමයි මේ ආයෙත් ආවේ...

'නෙත් චමත්' කථාව ගැන කියනවා නම්... මේ ගැන උනන්දුවෙන් අදහස් ප්‍රකාශ කරන හැමදෙනාටම ගොඩාක් ස්තුතියි... ඒ වගේම අදහසක් නොකීවත්, බලලා ගිය හැමෝටමත්, මුහුණුපොතේ විමසීම් කරන හැමෝටමත් ස්තුතියි... 

අද (15) තවත් විශේෂ දවසක්...! අද මගෙයි නෝනිගෙයි love Anniversary එක... අදට අවුරුදු අටක් !!! ඉතින් අද මේ විශේෂ දවසේ නෙත් චමත් 07 වැනි කොටස මං නෝනිගේ නමට පිළිගන්වනවා...

ඉතින්... තාවකාලික විරාමයක්... ඊලඟ කොටස එනතුරු...

ජයවේවා !!! 




17 comments:

  1. හැපි ලව් ඇනිවසරි !

    "නෙත්මිව තමන්ට හොඳටම ගැලපෙන බව චමත්ට ෂුවර්ම ෂුවර්..." හෙහ් හෙහ්...ආලය අන්ධයි කියලා කියපු එකාව හම්බුනොත් අම්මපා ඔබනවා කටේ රුපියලක්...

    මම රට වැඩ කරණ කාලේ දවසක් වෙන රටක එකෙක් ෆෝන් එකෙන් මගෙන් ඇහුවා මොකක්ද නම කියල.. මම කිව්වා "අයැම් සෙන්නා" කියලා.. එතකොට ඌ මෙහෙම කියනවා..

    "ඕකේ මිස්ටර් අයැම් සෙන්නා, නව් ද ප්‍රොබ්ලම් ඉස් බ්ලා බ්ලා බ්ලා......"

    කතාව ටිකක් බොළද වේගන යනවා කිව්වොත් උඹ අධර්යය වෙයි ද ? ළඟ නමනවා වැඩියි වගේ...

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් වලට ස්තුතියි සහෝ !!!

      //"නෙත්මිව තමන්ට හොඳටම ගැලපෙන බව චමත්ට ෂුවර්ම ෂුවර්..." හෙහ් හෙහ්...ආලය අන්ධයි කියලා කියපු එකාව හම්බුනොත් අම්මපා ඔබනවා කටේ රුපියලක්...//

      ඇයි බං ? ඒ කියාපු එකා වැරදි ද ? ඉතින් උෟ ඇත්තනේ කියලා තියෙන්නේ... උඹට ඌව හම්බවුනොත් කියපන් මමත් රුපියලක් දෙන්නම් කටේ ඔබන්න...:P

      මොකක්ද බං අයෑම් සෙන්නා කථාව. ඒක කොහොමද මෙතනට ආවේ කියලා මං මේ කල්පනා කරන්නේ. කොහොම වුනත් පේලි දෙක වුවත් ඒ මිනි ස්ටෝරියත් මරු !!!

      //කතාව ටිකක් බොළද වේගන යනවා කිව්වොත් උඹ අධර්යය වෙයි ද ? ළඟ නමනවා වැඩියි වගේ...//

      හත්ඉලව්වේ මම අධෛර්යය වෙලා කොහොමද ? උඹලට කථාව ෆීල් වෙන්නේ නැත්නම් මම මේක ලියලා මොකටද ? ඒක නිසා හිතේ තියෙන දැවෙන ප්‍රශ්ණ කමෙන්ටුවකට කොටලා යන එක සෑහෙන්න වටිනවා... ලඟ නවනවා වැඩියි කිව්වේ නෙත්මියි චමතුයි සෙට් වුන කාලය ගැන වෙන්නැති. මගේ කථාව තියෙන්නේ තව ඉස්සරහටයි. ඒ ටික කියන්න මට මේ ටික ලඟ නවන්න වුනා... මක්කැයි කොරන්නේ...

      උඹේ අවංක වචන දහයට මෙන්න මගෙන් මල් !!! ජයම වේවා...

      ප/ලි - කථාව ඉස්සරහට යන විදියට උඹ මේ කමෙන්ට් එක ඉල්ලා අස් කරගත්තොත් නම් මං දිනුම්... :D

      Delete
    2. "ඇයි බං ? ඒ කියාපු එකා වැරදි ද ? "

      අපෝ නෑ.. ඌ වැරදි නෑ. හරිම හරි.. ඒකනේ කටේ රුපියලක් ඔබන්න යන්නේ.. බලපන් මිනිස්සු කොච්චර ඉක්මනට අනිත් අය හොඳයි නරකයි කියලා නිගමන වලට එළබෙනවද කියලා.. චමත්ට නෙත්මි හම්බෙලා පැය විසි හතරක් යන්න කලින් එච්චර ශුවර් වෙලා තියෙන්නේ ඒකනෙ..

      "මොකක්ද බං අයෑම් සෙන්නා කථාව. "

      ‘‘අයෑම් නිමායා...’’

      "කථාව ඉස්සරහට යන විදියට උඹ මේ කමෙන්ට් එක ඉල්ලා අස් කරගත්තොත් නම් මං දිනුම්... "

      එහෙම ඉල්ලා අස්කරගන්න ලැබුනොත් ඒක ලොකු සතුටක්...

      Delete
  2. දැන්, කෙල්ල පැනලා ගියා කියලා ආපහු වැඩට ගත්තොත් අර හෝහපු‍ටුවට මාට්‍ටු වෙනව නේ...

    ReplyDelete
    Replies
    1. ඌට කොහෙන්ද බං එච්චර සිහියක්...

      Delete
    2. මටත් හිතුනේ ඕකමයි.. මම හිතන්නේ ඔතන තමයි චමත්ගේ වීක් පොයින්ට් එක වෙන්නෙත්

      Delete
  3. Happy anniversary to you! I would like to hear 25th and 50th. (Silver & Gold)

    ReplyDelete
    Replies
    1. You are welcome. I am very happy to see lovely families in real life.

      Delete
  4. Replies
    1. anyway.. why don't you schedule the post to get it 'auto-published' in a daily basis?

      Delete
    2. සුභ පැතුමට බොහොම ස්තුතියි ලිඛිතා...!!!

      Delete
  5. Happy anniversary.... good luck.. kathawath hodai mchn..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇනෝ... ආයෙත් ආවොත් නම කියලා යන්න...

      Delete
  6. සේරටම කලින් කියන්න එකක් තියනවා. මතකද මම කිව්වා 4ත් ඇනිවසරියට තුන් වෙනියෙක් ගේන්න කාලේ හරි කියලා ?

    ඒ කියන්නේ දැන් ඒ වගේ දෙගුණයක්. දැන් එහෙනම් හතර වෙනියා ගේන්න කාලේ හරි. :)
    Just a soft reminder :)

    ReplyDelete
    Replies
    1. දැන් කතාව ගැන
      මටත් අර කියපු ෆාස්ට් ෆෝවඩ් ගතිය දැනුනා. බලමුකෝ ඉස්සරහට. ඔය කෝල් එක දවස් කීපෙකින් වගේ දුන්නනම් ඒ ගතිය ටිකක් අඩු වෙන්න ඉඩ තිබුනා.

      Delete
    2. හයියෝ සයුරි !!! මේ පාර නම් ගිය පාර වගේ පොරොන්දු වෙන්න බෑ, හරිය... හතර වෙනියා ගැන පස්සේ බලමු !!!

      //මටත් අර කියපු ෆාස්ට් ෆෝවඩ් ගතිය දැනුනා. //
      ඇත්ත මං පිළිගන්නවා ලඟ නැව්වා වැඩියි කියලා... ඒත් මේ නවල් එකේ ස්ටෝරිය වෙන්නේ කොල්ලා කෙල්ලව යාලු කරගන්න එක නෙවෙයි. ස්ටෝරිය තියෙන්නේ ඊට පස්සෙයි... ඒ ටික කියන්නයි මේ ලඟ නවලා පොට පාදගෙන එන්නේ... කථාව රසයට ඒක බාධාවක් නම් අන්තිමටම ආයෙත් මේ ටික එඩිට් කරන්න වෙනවා... බලමුකෝ...

      //ඔය කෝල් එක දවස් කීපෙකින් වගේ දුන්නනම් ඒ ගතිය ටිකක් අඩු වෙන්න ඉඩ තිබුනා.//
      ඉතින් චමත් කෝල් කලේ දවස් දෙකක්ම ඉවසලා ඉඳලා තමා...

      බොහොම ස්තුතියි සයුරි ප්‍රතිචාර වලට... කථාව එක්ක ඉන්නවට, අඩුපාඩු පෙන්වා දෙනවාට ගොඩාක් ස්තුතියි... ජය !!!

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...