Wednesday, March 1, 2017

නෙත් චමත් [වෙනස්ම ආදර කථාවක්] #01



01 පරිච්ඡේදය_________________________________________________


      බොරැල්ලේ මංසන්ධියෙන් දකුණට හැරිලා බෞද්ධාලෝක මාවතට පිවිසුනු සුඛෝපභෝගී ප‍්‍රාඩෝ රථය වේගයෙන් තුම්මුල්ල දෙසට ධාවනය වෙමින් තිබුණා. සැඳෑ අන්ධකාරය කොළඹ නගරය වෙළා ගනිමින් තිබුණත්, අති දීප්ත වූ විදුලි ආලෝක ධාරා දසත පැතිරෙමින් තිබුණේ දහවලටත් වඩා එළියක් පතුරවමින්. රියේ ඉදිරිපස අසුනට හිස තද කරගෙන, චමත් හිටියේ කල්පනාබර ඉරියව්වකින්. කොල්ලා මේ හිටියට ඉන්නේ නොසන්සුන් මනසකින් බව තමයි පෙනෙන්නට තිබුණේ. එ් නොසන්සුන්කම තවත් වැඩි වන්නට වුනේ රථය BMICH එකේ ප‍්‍රධාන දොරටුව ලඟින් ගමන් ගන්නකොටයි...

‘‘ෂිහ්...!’’

බර සුසුමක් සමගින් චමත්ට ඉබේටම හීල්ලූනා. එ් වෙන මොකවත් නිසා නෙවෙයි. BMICH එක ඉස්සරහම ගහලා තිබුණු දැවැන්ත කටවුට් එක දැකපු නිසා. ‘‘සඳකඩ පහනක් - සුනිල් එදිරිසිංහ ඒක පුද්ගල ගී ප‍්‍රසංගය’’ එහි ලොකු අකුරෙන් සටහන් වෙලා තිබුණා. ප‍්‍රාඩෝ එක BMICH එක ඉස්සරහෙන් ඉගිල්ලෙන කොටත් චමත් ගේ හිත තිබ්බේ තවත් සුළු වේලාවකින් ගලා යන්නට නියමිත සුනිල් එදිරිසිංහයන්ගේ ළයාන්විත සුුගායනය ලඟයි...

‘‘ හිඳීවී කොතැනක හෝ..... 
හිමිකාරයා උපන් නුඹේ නමින්.....
වඞීවි කෙදිනක හෝ..... 
එ් එනතුරා... හිත හදාගෙන ඉදින්..... ’’

එ් චමත් ගේ ආසම සිංදු වලින් එකක්...

‘‘අපරාදේ රොෂේන් ෂෝ එක... මේ මඟුලක යන්න දාගත්තනේ බං උඹත් අදම...’’  

චමත් කිව්වේ සංගීත සැන්දෑව මිස් වුනු දුකත්, එ්ක මිස් කරගන්නේ නැතිව බලන්න බැරිවුනු එකට උපන් කළකිරීමත් දෙකම එකට පිට කරනා ගමන්.

‘‘අනේ පලයං චම්මා යන්න... සුනිල්ගේ ඇඬියාව අහගෙන කිර කිර ඉන්නවා වගේද ඩෝ දැන් අපි ගන්න යන ආතල් එක...’’ 

 රොෂේන් කිව්වේ රියදුරු අසුනෙන් නැඹුරු වී චමත්ගේ උරහිසට අතින් පාරකුත් ගහන ගමන්.

චමත් ඉතින් රොෂේන්ට උත්තර බඳින්න ගියේ නම් නෑ. මොකද රොෂේන් කියන්නේ කවුද කියලා චමත් හොඳින්ම දන්න හින්දා. රොෂේන් කියන්නේ ‘සඳකඩ පහනක්’ ළඟ තියන්න පුළුවන් එකෙක් නෙවෙයි. ඌ ඇවිල්ලා රියල් හයි ක්ලාස් නිකමෙක්. පොහොසත් අම්මා තාත්තලාගේ තවත් එක නාස්තිකාර පුත‍්‍රයෙක්...

ඔව්...! චමත් අයිති වෙන්නෙත් එ් පරම්පරාවටම තමයි. එ් සමාජයටම තමයි. චමත් ඉපදුනෙත් රොෂේන් වගේම පොහොසත් පවුලක. කොටින්ම කිව්වොත් මේ දෙන්නම එක පවුලේ නෑදෑයෝ. කුමාර පැලැන්තියේ සිටු කුමාරවරු. එහෙව් සිටු කුමාරයෙක් වුනු චමත්, සුනිල් එදිරිසිංහගේ ෂෝ එකකට යන්න බැරිවුනු එකට දුක් මූඞ් ගහගෙන ඉන්නවා කියන එකත් පුදුමයක් තමයි. කොහොම වුනත්, චමත් කියන්නේ අමුතුම කොල්ලෙක්.

රොෂේන් මේ තමන්වත් එක්කගෙන යන්නේ කොහෙද කියලා නම් චමත්ට නිනව්වක් නෑ. කොහොම වෙතත් ඌ මේ කරන්නේ චමත්ගේ තාත්තගේ කොන්ත‍්‍රාත් එකක් ඉටු කිරීම කියන එක නම් චමත්ට ෂුවර්. මොකද අද දවල් බෝඩ් මීටින් එක ඉවරවෙලා ඔෆීස් එකේ ඉඳලා එන ගමන් වෙච්චි කථා බහෙන් චමත්ට එ්ක හොඳටම තේරුණා...

*  *  *  *  *

‘‘චූටි පුතා... අද හවස වැඩ දාගන්න එපා.  ඕකේ... මතකනේ අද ෂානියා ගේ බර්ත් ඩේ පාටි එක...’’

සූරියබණ්ඩාර කිව්වේ දකුණුපසට හැරෙන ගමන් චමත්ගේ මුහුණත් හොඳින් බලමින්.

‘‘අනේ තාත්තා, පිස්සු නම් කථා කරන්න එපා... අද හවස මං ඉන්ඩෝ ෂෝ එකකට යන්න දාගෙන ඉන්නේ...’’

‘‘මිනිහෝ..... තේරුම් ගන්නවා. මේක තමුසෙට වගේම මටත්, අම්මටත් වැදගත් ඉවෙන්ට් එකක්. ෂානියා දුව මට කෝල් කරලත් මතක් කලා චමත්ව එක්කගෙන එන්න අංකල් කියලා...’’

සූරියබණ්ඩාර මඳක් සන්සුන් වුනා.

‘‘හරි... මොකක්ද දැන් ඔය ෂෝ එක...?’’ 

එවර ඔහු විමසුවේ ප‍්‍රශ්ණාකාරී දෙනෙත් සිය පුතු වෙත පා කරනා ගමන්.

‘‘තාත්තා..... මේ..... සුනිල් එදිරිසි-’’

‘‘වට් නොන්සන්ස්...! තමුසේ බ‍්‍රහ්මචාරී වෙන්නද  ඕයි හදන්නේ ? මෙච්චර එන්ජෝයි කරන්න පුළුවන් පාටි එක අතෑරලා මේ නිදිමත සිංදු අහන්න යන්නද හිතන් ඉන්නේ...?’’

කථාවෙන් හිත රිදුනත් චමත් කට ඇරියේ නෑ. තාත්තාට තේරුම් කරන්නට යෑමෙන් පලක් වෙන්නෑ. වචන ටිකත් අපරාදේ. කියන්නට හිතට ආ දේ උගුරු කුහරයේම හිරකර තබා ගෙන චමත් රියේ වීදුරුවෙන් ඉවත බලා උන්නේ හිස් බැල්මෙන්.

‘‘රොෂේන්... තමුසෙටවත් බැරි වුනානේ මේකව පොඞ්ඩක් හදලා ගන්න. මේකා මෙහෙම සිල් ගත්තා වගේ මුලූ ගැහිලා හැදුනාම මම කොහොමද අපේ සොසයිටි එකට මෙයාව ඉන්ට්‍රොඩියුස් කරන්නේ ? මේ විදියට උපාසක තාලෙට අද කාලේ කොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් ද ? ආ...?’’

මඳක් නිහඬව කල්පනාවේ ගැලූනු සූරියබණ්ඩාර නැවත රොෂේන් දෙසට හැරුණා.

‘‘රොෂේන්... මම තමුසෙට මෙයාව භාර කරනවා...’’ 

සූරියබණ්ඩාර කිව්වේ චමත් දිහාත් බලන ගමන්. 

‘‘පුළුවන් නම් මේ ගොන් හරකව ඔය ගෑනු ගතියෙන් හදලා ගන්න බලනවා...’’

‘‘ ඕකේ අංකල්... අයි විල් ඩූ ඉට්...’’

රොෂේන් සූරියබණ්ඩාරට පිළිතුරු දුන්නේ ඉදිරි අසුනෙන් පිටුපසට හැරෙමින්. එ් ගමන්ම සිය ඥාතී සහෝදරයාගේ බුම්මා ගත් මූණට එබී පොඩි සරදමක් කරන්නත් රොෂේන් අමතක කලේ නෑ.

‘‘අපරාදේ චම්මා... ෂානියාට කිස් එකක් දෙන්න තියෙන හොඳම ඔපචුනිටි එකක් නේ උඹ ඔය මිස් කර ගන්න හදන්නේ...’’

‘‘අනේ රෝස්, මේ... ඇයි එ්කි ක්ලියෝපැට්රා ද ඔච්චර අගේ කර කර ගිහින් ඉඹින්න. හහ්...! තියෙන වැඩ ඔක්කොම දාලා ගිහින් කිස් කරන්නම බඩුව... එ්කිගේ මූණ කිස් කරපු එවුන් ගාන එ්කිටවත් මතක තියෙනවද දන්නෑ...’’

 චමත් කියවාගෙන ගියේ සීට් එකේ අනෙක් පැත්තේ තාත්තා ඉන්න එකත් අමතක වුනු ගානටයි. තමන් ආස කරන දෙයක් තුට්ටුවට පාච්චල් කර, නොවටිනා සාදයකට - නොකැමති මොහොතකට තමන් ඇදගෙන යන්නට දරන වෑයම හමුවේ චමත් හිටියේ තරමක කෝපයකින්.

‘‘ ඕ...  ඕ... හරි හරි... උඹට ෂානියාව කිස් කරන්න බැරි ඒකිගේ වර්ජිනිටි එකේ ප‍්‍රශ්ණයක් නිසාද එහෙනම් ? රොෂේන්... මෙන්න මෙයාට සෙට් කරපන් එහෙනම් පැකින් නොකඩපු වර්ජින් කෙනෙක් ඇති තරම් ඉඹින්න...’’

සූරියබණ්ඩාර අන්තිම ටික නම් කිව්වේ සමච්චල් ස්වරයෙන්.

‘‘රයිටෝ අංකල්... මං එ් ගැනත් සලකා බලන්නම් කෝ...’’


*  *  *  *  *

අතීතාවර්ජනයෙන් මිදිලා පියවි ලෝකෙට එනකොට රථය කොල්ලූපිටියටත් ඇවිත් ඉවරයි. චමත් වටපිට බැලූවේ රොෂේන් තමාවත් ඇදගෙන යන්නේ කොහාටද කියලා දැන ගන්නයි. රොෂේන්ගෙන් කොච්චර ඇහුවත් තමන් අහපු ප‍්‍රශ්ණ වලට උත්තර නොදුන්න එකට නම් චමත්ට තරහක් නෑ. මොකද රොෂේන් වගේ ගල් ආඳෙක් ගෙන් මේ වගේ අවස්ථාවක දී ලේසියකට වචනයක් ගන්න බැරි බව චමත් දන්නවා.

අම්මගේ අක්කගේ පුතා වුනත් චමත් රොෂේන්ව ආශ‍්‍රය කලේ නියපොත්ත වදින දුරින් වගේ. මොකද... දවස ගානේ රෑට ක්ලබ් ගානේ බඩගාන, මාසේ ගානේ කෙල්ලෝ මාරු කරන, බොරු පඩ ෂෝ වලට මොණර කොල මිටි පිටින් විසි කරන කොළඹ හතේ කුමාර සංස්කෘතිය චමත්ට අරහං නිසා. රොෂේනුත් ඔය සමාජයේම ගෞරවණීය සාමාජිකයෙක්. කොහොම වුනත් යාලූවෙක්ට, නෑදෑයෙක්ට කියලා ආස්සරේ කරන්නවත් චමත් ලඟින් හිටියේ රොෂේන් විතරයි. අනෙක් නෑයෝ, යාලූවෝ ඔක්කොම වගේ චමත්ව කෙයා කරන්නේ නෑ. මොකද එ් හැමෝම හිතන් ඉන්නේ චමත් ‘‘වයර් ෂෝට්’’ කේස් එකක් කියලයි. 

‘‘චම්මා... මෙන්න පොට් එක. බැහැපන් ඉතින්...’’

රොෂේන් වීදුරුවට එපිටින් ඇවිත් කිව්වා.

‘‘බැහැපන් බං මූණ දිහා බලන් ඉන්නැතුව... මේ මේ... ඔය උඹේ පුස් මූණ නම් ගලෝලා තියලම බැහැපන්,  ඕකේ...’’

- ඇක්වටික් ස්පා -  රත්තරන් පාට ඉංග‍්‍රීසි අකුරු වලින් තිබුණු නාම පුවරුව දිහා චමත් බලා හිටියේ තරමක පුදුමයකින්. රොෂේන් කොල්ලූපිටිය ස්ටේෂන් එකට කිට්ටු තැනකින් මුහුද පැත්තට හැරෙව්වා කියලා මතක තිබුණත්, මේ ඉන්නේ කොහෙද, මොන ඉසව්වකද කියලා නම් චමත්ට හරි වැටහීමක් නෑ. එ් කොහොම වුනත්, මේ මොන වගේ තැනක්ද කියන ප‍්‍රශ්ණයත් ඔලූවේ තියාගෙන චමත් දොර ඇරගෙන ප‍්‍රාඩෝ එකෙන් බැස්සා.

‘‘රෝස්... මචං මේ ක්ලබ් එකක් ද බං...’’

‘‘අඩෝ ගොන්ස්... යකෝ පේන්නැද්ද උඹට ? මේ ස්පා... ස්පා... නොදකින් විතරක් බලං ඉන්න හැටි... තේරුණේ නෑ නේ ? මැටි හරකා... මේක මසාජින් සෙන්ටර් එකක් බං. ස..ම්..බා..හ..න.. මධ්‍යස්ථානයක්... යූ අන්ඩස්ටෑන්ඞ් ???’’

බුබුලූ දාන බෙලි කටු කිව්වලූ...! එතකොට සුදු පුතේ සුනිල්ගේ ෂෝ එකත් මිස් කරගෙන ඇවිත් අද නයිට ගහන්න වෙන්නේ මසාජින් සෙන්ටර් එකක ද ? මීට වඩා හොඳයි ෂානියාගේ බර්ත් ඬේ පාටි එකට ගියා නම්... චමත්ට හිතුනු දේ කිව්වේ නෑ. හිතුනා විතරයි...

‘‘චම්මා... මම මේ කියන දේ අහගනින්...’’

රොෂේන් ඒ පාර කියන්න ගත්තේ චමත් ගේ මූණේ තිබුණු අමුතු පාට දිහාත් බලන ගමන්.

‘‘දැන් මෙතනින් එන්ටර් වුනාට පස්සේ කිසිම දේකට උඹ ඉන්වෝල් වෙන්න එපා...  ඕකේ ? ඔබතුමා මෙතන ක්වෙස්චන් පේපර් දිග ඇරගෙන චා මැක්ස් වුනොත් ඉතින් රිටන් එකට බාල්දි වැටෙන්නෙත් උඹටම තමයි...’’

රොෂේන්ගේ  හ‍ඬේ තිබුණේ තරමක තරවටුවක් බව අඳුනගන්න චමත්ට නම් අමාරු වුනේ නෑ.

‘‘උඹ ෂේප් එකේ ඉඳපන්... නැත්නම් උඹලගේ තාත්තා උඹව සෝෂල් කරන්න කියලා තව මොනවා කරයිද දන්නෑ. මම මේ උඹේ බ‍්‍රදර් කෙනෙක් කියලා හිතාගෙන කියන්නේ...  ඕකේ. පස්සේ ඔන්න වැඬේ කක්කා කරගෙන මට නම් කියන්න එන්න එපා මම වෝන් කලේ වත් නෑ කියලා... හරී...’’

තව ටිකකින් මොනවා වෙන්න යනවද කියලා චමත්ට හිතා ගන්න බැරුවයි හිටියේ. මොකද මේ විදියේ එක්ස්පීරියන්ස් එකක් නම් කොල්ලට ජීවිතේටම ලැබිලා නෑ. ඉතින් ඔය රොෂේන් කියපු ටික කනට දාගන්න ගමන්, දෙන්නා එක්ක ඇතුළුවීමේ දොරටුවෙන් ගොඩනැගිල්ලට පිවිසෙන කල්ම චමත් හිටියේ මොකවත් හිතාගන්න බැරිවයි.

‘‘ගුඞ් ඊවිනිං මිස්ටර් රොෂේන්... කම්... කම්...’’

රිසෙප්ෂන් එකේ හිටපු බටර් කෑල්ලක් වගේ ලස්සන කෙල්ලෙක් රොෂේන්ට කථා කළා. අපරාදේ කියන්න බෑ කෙල්ල නම් නයිටක් ගහලා බලන් ඉන්න හිතෙන තරමට සුන්දරයි... හැඩකාරයි... එ්ත් ඉතින් මෙතනට ආවේ රිෂෙප්ෂන් එකක කෙල්ලෙක් දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව පවත්වන්න නෙවෙයිනේ...

‘‘හායි ස්වීටී... කැන් අයි සී යුවර් මිස්ට‍්‍රස් ප්ලීස්...’’

රොෂේන් ඇහුවේ මෙතන පාලිකාව ගැන. එ් කියන්නේ මේකට මේ පොට් එක පුරුදු එකක් පාටයි. ඒ ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ ඉතින්. මොකද මූ කෙල්ලෙක් කියලා කිව්වොත් සෝමාලියානු මුහුදු මංකොල්ලකාරයින්ගේ නැවකට වුනත් ගොඩවෙයි කැත නැතිව. චමත්ට රොෂේන් ගැන හිතුනේ එ් විදියට.

රොෂේන් රිසෙප්ෂන් එක ලඟට ගිහින් ටික වෙලාවකට පස්සේ සුදු, ටිකක් මහත, මැදි වයසේ වුනත් කෙල්ලෙක් වගේ පේන ලේඩි කෙනෙක් රිසෙප්ෂන් එකට එනවා චමත් දැක්කා. ඇවිත් රොෂේන් එක්ක බරටම දෙයක් කථාබහ කරනවා චමත් බලාගෙන. වරක් දෙවරක් එ් දෙන්නගේ බැල්ම මේ පැත්තට පාවෙලා එනකොට ඔය කියන්නේ තමා සම්බන්ධ දෙයක්ය කියලා හිතාගන්න ඔහුට අමාරු වුනේ නෑ.

දැන් ඉතින් මොක වුනත් මේකෙන් ගැලවීමක් නෑ. අද මෙතනින් පැන ගත්තොත් රෝස් ගිහින් තාත්තට කියයි. ඊට පස්සේ තාත්තා තව මොන මොන ගේම් සෙට් කරයිද කියලා දෙයියෝ තමා දන්නේ... ඊට වඩා හොඳයි රොෂේන් කියන විදියකට ෂේප් එකේ ඉන්න එක. 

‘‘කෙල්ලෙක් ටිකක් ඇඟ අතගෑවා කියලා මොනවා වෙන්නද...?’’ චමත් තමාවම සනසා ගත්තේ එහෙම හිතාගෙන. 

මොක වුනත් රොෂේන් මේ අටවන ගේමට  ඕකේ වෙලා ෂේප් එකේ බබා පාට් එකක් ඇක්ට් කරන එක ඇඟට ගුණයි. මොකද තාත්තා වගේ නෙවෙයි. මූව අවුස්ස ගත්තොත් නගර සභාවේ කුණු ලොරිය පරාදයි. හැබැයි, මෝරා කරගෙන තියා ගත්තොත් කතා බහ කරලා ඞීල් එකකට එන්න පුලූවන්. මොනවා වුනත් ඌත් කොල්ලෙක් නේ. කරන්නම දෙයක් නැති වුනොත් රොෂේන්ට වාතයක්, ඇණයක් වෙලා හරි මේ කුණු කොන්ත‍්‍රාත් එකෙන් ගැලවෙන්න චමත් හිතාගත්තා.

‘‘චම්මා... වරෙන් යං...’’ 

රොෂේන් කිව්වේ චමත් ඉඳගෙන හිටිය සෝෆා එක ලඟටම ඇවිත්. චමතුත් නැගිටලා ප‍්‍රශ්ණයක් නැතිව, සද්ද වහලා උගේ පස්සෙන් ඇදුනා. එක පැත්තකින් ඊලඟට මොකද වෙන්නේ කියන ත‍්‍රිල් එක තිබ්බා වුනත්, අනෙක් පැත්තෙන් චමත්ගේ හිත අනතුරක සේයා ගැන ඉඟි කලා. 

රිසෙප්ෂන් එක පහු කරන් කොල්ලෝ දෙන්නා ඇවිදගෙන ආවේ තරමක් පුලූල් කොරිඩෝවකට. ඒ කෙටි කොරිඩෝව කෙළවර වුනේ T හැඩයට සම්බන්ධ වුනු තවත් හරස් කොරිඩෝවකටයි. එ් කොරිඩෝවේ එක් පැත්තක දිගටම දොරවල් තිබුණා. එක් එක් දොරක නොම්මරයකුත් සටහන් වෙලා තිබුණා. එ් වගේම සමහර දොරවල "Not Available" කියලත්, තව සමහර එ්වගේ "Available" කියලත් LED බෝඩ් ගහලා තිබුණු හැටි චමත්ට දකින්නට ලැබුණා.

‘‘මසාජ් කරන්නේ කාමරේ වහගෙනද බං...?’’

චමත් එහෙම ඇහුවේ නිකමට වගේ...

‘‘හ්ම්... හ්ම්..... යමන්කෝ ඔතනින් ඇතුලට... උඹට හම්බවෙයි හොඳ මසාජ් එකක්...’’

රොෂේන් එහෙම කිව්වේ මූණේ පොඩි හිනාවකුත් ඇඳගෙන, තමන්ගේ ඥාති සහෝදරයව එක් කාමරයක දොර විවර කර ඇතුලට තල්ලූ කරනා ගමන්. රිෂෙප්ෂන් එකෙන් දුන්නු රිසිට් එකත් එහෙමම චමත්ගේ සාක්කුවකට එබුවා...

‘‘මූ අදත් මේක ඇතුලේ සිල් රැක්කොත් ඉතින් අංකල්ට කියන්න වෙන්නේ මුගේ අවයවයක අඩුපාඩුවක් කියලා තමයි...’’ රොෂේන් හිතාගත්තා. 

තම මාමා වූ සූරියබණ්ඩාරගේ ඉල්ලීම ඔහු මේ ලෙසින් ඉටුකලේ නොඉඳුල් ගැහැණු ළමයෙක් සමගින් චමත්ව කාමරයක තනි කරමින්...





7 comments:

  1. ආදර කතාවක් නේද? නියමයි ඔහොම යං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි... තාමත් චතූගේ කථා කියවනවා නේද ? ගොඩාක් සන්තෝෂයි ආපහු දකින්න ලැබීම. ඉදිරි කොටස් එක්කත් එකතුවෙලා ඉමු. ජය !!!

      Delete
  2. සූජීවයට බඩේ පාර වදියි වගේ....ලෙසටම ඇත.

    ReplyDelete
    Replies
    1. සුජීවට බඩේ පාර ගහන්න මං කවුද බං !!! හැබෑටම මේක සුජීවගේ ශෛලියට ද තියෙන්නේ ? ස්තුතියි ප්‍රතිචාරයට සෙන්නා. ඉදිරි කොටස් වලදීත් ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි. ජය !!!

      Delete
    2. සුජීවයා මොන අලගුඩුවෙක් ද බන්.. මට පේන්න බෑ ඕකව... උඹ එහෙම ගන්නෑ ඕකගෙ ශෛලිය විතරක්..!

      Delete
    3. මටත් ඔහොම හිතුනා..

      Delete
  3. කතාව කියවන්න පටන් ගත්තා අයියේ.. ලස්සන කතාවක් වගේ... ඉතුරු ටිකත් කියවලා බලන්නම්..

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...