Tuesday, March 7, 2017

නෙත් චමත් [ගැලවීමේ සැලසුම] #04


02 පරිච්ඡේදය_________________________________________________


චමත් හිටියේ කාමරයේ එහෙට මෙහෙට ඇවිදින ගමන්. කොල්ලා ඉන්නේ බර කල්පනාවක බව නෙත්මිට පේනවා. එයා චමත්ට බාධා කරන්න ගියේ නෑ. චමත්ට එයාගේ පාඩුවේ කල්පනාව දාගෙන ඉන්න දීලා නෙත්මි කල්පනා කලේ දැන් ගෙදර මොනා වෙලා ඇතිද කියලා...

චමත් දහ අතේ කල්පනා කරන්නේ දැන් මේ කෙල්ලට මොකද කරන්නේ කියලා. නෙත්මි පැය ගාණක් දිස්සේ කියපු කථාව ඇහුවම මේ කෙල්ල අහිංසකයි කියලා චමත්ට තිබුණු විශ්වාසය තවත් තහවුරු වුනා. දැන් ඉතින් මේකට මොනා හරි කරන්නම  ඕනේ.

හෙට එලි වෙනකල් ඔය ඇඳට වෙලා නිදාගෙන, උදේම නැගිටලා රොෂේන් එක්ක ගෙදර යන එක තමයි කරන්න තියෙන ලේසිම දේ. එ්ත් චමත්ට එච්චර කුහක වෙන්න බෑ. තමන් මේ අහිංසක කෙල්ලගේ ආත්ම ගෞරවය ආරක්ෂා කළ එක ඇත්ත. එ්ත් ඉතින් කෙල්ල මෙතන ඉන්නවා කියන්නේ හෙට වෙන එකෙක් ඇවිත් එ් ගෞරවය උදුරගන්නවා කියන එකයි. එතකොට තමන් කරපු දෙයින් පලක් නැහැ. නෙත්මිට  ඕනේ අද රෑට විතරක් බේරිලා ඉන්න නෙවෙයි නේ...

‘‘කෙල්ලව කොහොම හරි මෙතනින් එළියට දාන්න  ඕනේ... එ්ත් කොහොමද ? දැන්මම 119 කෝල් කරලා සීන් එක කියලා දාන්න පුලූවන්. එතකොට රොෂේනුයි, මමයි විතරක් නෙවෙයි තාත්තාවත් මේ කේස් එකට පටලැවෙනවා... එ්ක හරියන්නේ නෑ...’’

‘‘හරි... නෙත්මිලගේ ගෙදරට කෝල් කරලා කියනවා පොලිසියේ එන්ටි‍්‍රයක් දාන්න කියලා. එතකොට හැම පැත්තෙන්ම ගොඩ. එ්ත්... එතකොට බලයි නෙත්මි කොහොමද ගෙදරට පණිවිඩේ දුන්නේ කියලා. එ්කෙන් මගේ ෆෝන් නම්බර් එක අහුවෙනවා. එ්කත් හරියන්නේ නෑ...  ෂිට්...! මොකද කරන්නේ...’’

චමත් කොයි පැත්තෙන් කල්පනා කලත් විසඳුමක් නම් ඔලූවට ආවේ නෑ...

‘‘නෙත්මී..... ඔයාලගෙ ගෙදරට කෝල් කරන්න විදියක් තියෙනවද...?’’ චමත් හදිසියේම එහෙම ඇහුවා.

චමත් තමන්ගේ නම දන්නේ කොහොමද කියලා නෙත්මිට හිතා ගන්න බැරිවුණා... එ්ක ගැන හිතන එක පස්සට දාලා එයා කල්පනා කලේ චමත් අහපු එක ගැනයි...

‘‘අපේ ගෙදරට නම් ෆෝන් නෑ සර්... ගෙවල් ලඟ අඳුනන කට්ටියක් ඉන්නවා. එහෙට තමයි පණිවුඩයක් තිබුනොත් කියන්නේ...’’

‘‘දැන් එකොලහත් පහුවෙලා...’’  චමත් කිව්වේ ඔරලෝසුව දිහාත් බලමින්...

‘‘කමක් නෑ... කෝල් එකක් දාලා පණිවිඩයක් දෙන්න නංගී... ඔයාලගේ ගෙදරින් බයවෙලා ඇති...’’

චමත් කිව්වේ එයාගේ ජංගම දුරකථනය නෙත්මිට දෙන ගමන්...

‘‘හෝව්... හෝව්... පොඞ්ඩක් ඉන්න... ඔයා කියන්න එපා මෙහෙම මසාජින් සෙන්ටර් එකක හිරවෙලා ඉන්නේ කියලා... ඔයා අම්මලට කියන්න ඉන්ටවීව් ගිහින් රෑ වුනු නිසා යාළුවෙකුගේ ගෙදර නතර වුනා කියලා...  ඕකේ...’’

චමත් එහෙම කිව්වම නෙත්මිට අදහාගන්න බැරිවුනා මොකක්ද මේ කියන්නේ කියලා...

‘‘අනේ සර්... මම කොහොමද බොරු කියන්නේ...? මම කවදාවත් අම්මලට බොරුවක් කරලා නෑ... අනික අම්මලා මම කියන දේ විශ්වාස කලේ නැතිවුනොත්...?’’

නෙත්මි අසරණ විදියට එහෙම කිව්වාම චමත් කලේ ඇවිදින එක පැත්තක දාලා ඇවිත් නෙත්මි ලඟින් ඇඳේ වාඩිවුණු එක. 

‘‘නෙත්මි... නංගී... මේ අහන්න. ඔයා අම්මලට ඇත්ත විස්තර කියලා එ් ගොල්ලෝ කලබල වෙලා පොලිසි යයි. ඊට පස්සේ මට මොකක් වෙයිද කියලා ඔයා හිතුවේ නෑ නේද ?’’

නෙත්මි එ් පාර කල්පනාවට වැටුණා... කිව්වා වගේ එහෙම වෙයිද ?

‘‘මම ගෙදරට ඇත්තම කිව්වොත්... සර්ට එ්ක ප‍්‍රශ්ණයක් වෙයි ද ?’’

නෙත්මි එ්ක අහපු තාලෙට චමත්ට හිතුනේ තමන්ට මොනවා වුනත් කමක් නෑ මේ කෙල්ලව කොහොම හරි මෙතනින් බේරලා අරින්න තියෙනව නම් කියලා... එ්ත් ඉතින් එහෙම කරලා චමත්ට තාත්තාගෙන් නම් බේරුමක් නෑ...

‘නෙත්මි ගෙදරට කෝල් කරලා කියයි එයාව මෙතන බලෙන් තියාගෙන කියලා... එතකොට එයාලගේ ගෙදර අය පොලිසියට යයි. පොලිසියෙන් ඉන්ක්වයරි කරන කොට සාක්කියට යන්න වෙන්නේ මට... නෙත්මි මාව ගලවලා වැඩේ කලත්, ෆෝන් නම්බර් එකෙන් මාව අහුවෙනවා. මගේ රූම් එකේ හිටපු කෙල්ල ගෙදරට කෝල් කරලා මෙතනට පොලිසියෙන් ආවා කියපු ගමන් රෝස් දන්නවා මොකද වුනේ කියලා... ඊට පස්සේ තාත්තට මූණ දෙනවට වඩා හොඳයි බෙල්ල කපලා අතේ තියා ගන්නවා...’

චමත් නොනවත්වාම හිතන්නට වුනේ සිද්ධියේ බරපතලකම.

‘‘ඔව්... ඔයා ගෙදරට ඇත්ත කිව්වොත් මට ප‍්‍රශ්ණයක් තමයි නංගී... ප‍්‍රශ්ණේ මොකක්ද කියලා මම ඔයාට කියන්නම් ඔයා ගෙදරට කෝල් කලාට පස්සේ...  ඕකේ... ඔයාට මාව විශ්වාස නම් විතරක් මම කිව්ව විදියට යාළුවෙක්ගේ ගෙදර ඉන්නේ කියලා කියන්න...’’

‘මේ කොල්ලව අමාරුවේ දාලා මම මෙතනින් බේරිලා ගිහින් හරියනවද ? නෑ... එහෙම කරන එක පව්...’ 

අන්තිමේදී චමත් ගේ ප්ලෑන් එකට වැඬේ කරන්න නෙත්මි හිත හදා ගත්තා...

තුසිතා අක්කලාගේ ගෙදර ලෑන්ඞ්ෆෝන් නම්බර් එක නෙත්මිට කටපාඩම්... චමත්ගේ දුරකථනයේ අදාල අංකය සටහන් කල ඇය ඇමතුම සම්බන්ධ වන හඬ අසමින් දුරකථනය සවනට ලං කර ගත්තා. කෙල්ලට නිදහසේ කථා කරගන්න ඇරලා චමත් බාත්රූම් එක පැත්තට ගියේ ‘පොඩි’ මෙව්වා එකකට...

*  *  *  *  *

නෙත්මි කෝල් කරලා ඉවර වෙනකල් චමත් බලා හිටියේ මොකද වුනේ කියලා දැනගන්න. එ්  පැත්ත  ඕකේ නම් ඊලඟට කරන්න  ඕනේ දේ චමත් මේ වෙනකොටත් හිතාගෙන ඉවරයි.

නෙත්මි ඇමතුම හමාර කරලා දුරකථනය ආයෙත් චමත්ගේ අතට දුන්නා... ඇගේ මුහුණේ සටහන් වුණේ සැනසිලි දායක හැඟීමක්... 

‘‘මොකද වුනේ බබා... අම්මලා  ඕකේ නේද ?’’

‘‘එ්ක නම් හරි සර්... මම අම්මටම විස්තරේ කිව්වා. තුසිතා අක්කා ගිහින් අම්මව එක්කරගෙනම ඇවිත්...’’

‘‘අම්මලා හොඳටම බයවෙලා සර්... මම කිව්වා කෝල් එකක් දෙන්නවත් අතේ සල්ලි තිබුණේ නෑ කියලා. අම්මා ඇහුවා ඇයි ? වෙලා හරි ගෙදර ආවේ නැත්තේ කියලා... මම කිව්වා උදේ ඉන්ටවීව් එක ඉවරවෙලා තව වේකන්සීස් දෙකක් බලන්න ගියා... එ්ක නිසා රෑ වුනා කියලා...’’

‘‘ඉතින්...’’

‘‘ඉතින් අම්මා ඇහුවා රෑ වෙලා හරි ගෙදර එන්න එපෑයෑ කියලා... අඳුනන යාලූවෙකුගේ ගෙදර නතර වුනා - හෙට උදෙන්ම එන්නම් කියලා යන්තම් ෂේප් කරගත්තා...’’

‘‘හරි... එහෙනම්... වැඬේ ගොඩ... කාටවත් කිසිම අවුලක් නැතිව අපි ඉතුරු ටිකත් ප්ලෑන් කරමුද එහෙනම්...?’’

චමත් ඇහුවේ තම සැලැස්මේ පළමු පියවර සාර්ථකව අවසන් කිරීමේ සතුටින් යුතුවයි...

‘‘සර්...!’’ 

චමත් ඇස් උස්සලා බැලූවේ නෙත්මි එ්ක කියපු අමුතු ස්වරයට... කෙල්ලගේ මූණ දිහා බලපුවාම එතන ප‍්‍රශ්ණ පත්තරයක්ම තියෙනවා චමත් දැක්කා...

‘දැන් ඉතින් සීන් එක ඔක්කොම මෙයාට කියන්න වෙනවා. නැත්නම් මාව සැක කලොත් එහෙම මේ කෙල්ල මාත් එක්ක මෙතනින් යන්න එන එකකුත් නැතිවෙයි...’

 චමත් හිතුවේ පොඩි බයකුත් හිතේ තියාගෙන.

‘‘හරි, මම ඔයාට ඔක්කොම කියන්නම්...’’

*  *  *  *  *

තමන්ගේ කථාවේ චමත්ගේ කොටස ඇහුවට පස්සේ නෙත්මිට එ්ක එකපාරටම විශ්වාස කරන්නත් අමාරු වුනා. එ්ත් ඉතින් මේ කාමරේට ඇවිත් දැන් පැය හතර පහක් ගිහිල්ලත් චමත් තමන්ව නිය පිටින්වත් අල්ලලා නෑ කියලා හිතුනාම නෙත්මිට මේ කොල්ලව විශ්වාස කරන්නම වෙනවා... 

‘‘ඔයාට දැන් තේරුණාද මම මේ සීන් එකට ගෑවුනොත් මට වෙන දේ...?’’

චමත් ඇහුවේ අද උදෑසන සිට සිදුවූ සියල්ල නෙත්මිට කිව්වට පස්සේ...

‘ඔව් සර්... අනේ සොරි... මම කලින් මෙහෙම දෙයක් හිතුවේ නෑ...’’

‘‘හරි... එ්කට කමක් නෑ... මට කියන්නකෝ දැන් ඔයාට මෙතනින් එලියට යන්න  ඕනෙද කියලා...’’

චමත් එහෙම ඇහුවේ කෙල්ලගේ තීරණය ෂුවර් එකටම දැනගන්න. තමන් කරන්න යන වැඩේ තිතටම ප්ලෑන් කරලා කරන්න  ඕනෙ එකක්... ‘‘දශමයක් වැරදුනොත් කෙල්ලත් සුං... මාත් සුං...’’

‘‘මාව මෙතනින් එළියට ගන්න පුළුවන් නම් සර්ට එ් පිනම ඇති දුකක් නැතිව ජීවත් වෙන්න... එ්ත්... කොහොමද මං පැනගන්නේ...? සර්ත් මං වගේම හිරවෙලා නේ ඉන්නේ.....’’

චමත් කෙල්ලගේ කථාවට පුදුම වුනේ නෑ... ‘අහිංසක කමට හිටියට මෝඩියෙක් නම් නෙවෙයි...’

‘‘ඔව් බබා... මමත් ඔයා වගේම වලේ වැටිලා තමා ඉන්නේ... එ්ත් අපි එ් වල කටින්ම ගොඩ යමු...  ඕකේ.....’’

චමත් අවංකවම තමන්ට උදව් කරනවා කියලා නෙත්මි දන්නවා. එ්ත් ඇයට හිතාගන්න බැරිවුනේ එ් කොහොමද කියලයි.

‘‘සර් මට තව එක දෙයක් කිව්වේ නෑ...’’

‘‘ඔව්, මං දන්නවා... ඔය අහන්න යන්නේ මං ඔයාගේ නම දැනගත්ත හැටි නේ...?’’

චමත් එහෙම අහන කොට නෙත්මි පුදුම වෙලා බලන් හිටියේ චමත්ට හිත් කියවන්නත් පුලූවන්ද කියලා.

 ‘‘මේ තියෙන්නේ...’’

චමත් පෙන්නුවේ පුංචි කොල කෑල්ලක්... එ්ක අතට ගත්තම නෙත්මිට ඔක්කොම තේරුණා.

‘‘මං දැක්කා  ඕක බිමට වැටෙනවා... කාමරේට එනකොටත් බිම කිසි දෙයක් තිබුණේ නෑ කියලා මට ෂුවර්... ඉතින් මම හිතුවා අනිවාර්යයෙන්ම මේ ස්ටිකර් එක ඔයා එක්ක කාමරේට ආපු එකක් කියලා...’’

නෙත්මිගේ අතේ තිබුණේ NETHMI කියලා ඉංග‍්‍රීසියෙන් ලියපු ප‍්‍රයිස් ටැග් එකක් වගේ ස්ටිකර් එකක්...

‘‘ඕක ඔයාගේ ටවල් එකේ අලවලා තියෙන්න ඇත්තේ...’’

චමත් කිව්වේ පුදුමයෙන් වගේ ස්ටිකර් කෑල්ල දිහා බලා ඉන්න නෙත්මිට. 

ටවල් එකේ එහෙම ස්ටිකර් එකක් අලවලා තිබුණද කියලා කෙල්ල නම් දන්නෙවත් නෑ. කොහොම වුනත් චමත් ඔක්කොම බලාගෙන හිටියා වගේ කියද්දී නෙත්මිටත් හිතුනේ එ්ක එහෙම වෙන්න ඇති කියලායි.

‘මේ කොල්ලා නම් මාර මීටරයක් තමයි...’ නෙත්මි එහෙම හිතුවේ තොල්පට තද කරගෙන හිනාවෙන ගමන්.

නෙත්මි අමුතු විදියට හිනාවෙනවා දැක්කම චමත්ට පොඩි ලැජ්ජාවකුත් හිතට ආවා... ෂර්ලොක් හෝම්ස් තියරි දාල වැඩ පෙන්නන්න ගියාට කවුද දන්නේ කෙල්ලගේ නම නෙත්මි නෙවෙයිද කියලා...! එහෙම වුනොත් නම් ඉතින් නෝන්ඩි හතයි.

‘‘ඇයි බබා හිනා වෙන්නේ...? මම වැරදිද ? ඔයාගේ නම නෙත්මි නෙවෙයි ද ???’’

‘නෑ... නෑ... හරි... මම නෙත්මි තමයි... නම දැනගත්ත විදිය ඇහුවාමයි හිනාගියේ...’’

නෙත්මි කිව්වේ අර හිනාවම තියාගෙන.

‘‘ඉතින් අපි මෙච්චර කථා කලා... ඔෆීෂියලි ඉන්ට්‍රොඩියුස් කර ගත්තෙවත් නෑනේ...’’ 

චමත් කිව්වේ නෙත්මිගේ හිනාවටම එකතු වෙමින්.

‘‘මම චමත්... චමත් රසාංජන සූරියබණ්ඩාර. වයස... විසි හතයි... ‘සූරිය’ පබ්ලිකේෂන් ලිමිඩට් වල මැනේජින් ඩිරෙක්ටර්...’’

චමත් අතත් දික් කරගෙන කෙල්ලගේ මූණ දිහා බලන් හිටියේ එ් පැත්තෙන් ප‍්‍රතිචාර එනකල්...

‘‘මම නෙත්මි නිමායා නාගොඩවිතාන... වයස විසි තුනයි...’’

කෙල්ල එහෙම කිව්වට චමත්ගේ අත අල්ලගෙන හෑන්ඞ්ෂේක් කලේ නම් නෑ... චමත් තමන් දික් කරගෙන හිටපු තමන්ගේම දකුණු අත දිහා බලලා - ඔළුවත් හොල්ලලා - තමන්ටම හිනාවුනා...

*  *  *  *  *

මධ්‍යම රාත‍්‍රියත් පහුවෙලා විනාඩි ගාණක් ගිහින්... ෆෝන් එක ආයෙමත් චමත්ගේ කනේ. මේ පාර කාටද ? නෙත්මි හිතනවා. ඇමතුම නාද වෙන හඬ දුරකථනයෙන් අහන ගමන් චමත් කාමරේ වටේම කැරකෙනවා...

‘හ්..හෙලෝ... චම්මා... මොකද බං වද දෙන්නේ ? උඹට නින්ද යන්නැද්ද යකෝ...’’

හරි... ඔය ඇහෙන්නේ රොෂේන්ගේ අඬවැඩියාව...!

‘‘සොරි බං රෝස්...! උඹ නිදාගෙනද හිටියේ...?’’

‘උඹ හිතුවද මටත් තොට වගේ මෝල් කියලා රෑ එළි වෙනකල් ඇහැරගෙන ****$@#$*& ???’’

රොෂේන් එ් පාර නම් බැන්නේ සුද්ධ සිංහලෙන්...

‘‘කූල් ඩවුන් බං... මම ලොකු වුවමනාවකට ගත්තේ... අහපන්කෝ.’’

‘‘හරි... හරි... කියපන් මොකක්ද අවුල ? උඹට එවපු කෑල්ල අනෙක් පැත්ත හැරිලා නිදි ද ?’’

‘‘පනින්නැතුව හිටපන්කෝ... මේ.... මෙහෙ ඉන්න ‘අයිටම්’ අවුට් ගෙනියන්න බැරිද රෝස් ???’’

ඔන්න කොල්ලා මාතෘකාවට ආවා.

‘‘ඇයි ? උඹට ඔය අයිටම් එක බොක්කටම වැදුනද ?’’

රොෂේන්ගේ අවලං හිනාව චමත්ට දුරකථනයෙන් ඇහුණා.

‘‘අනේ බං රෝස්... මේ... අහන එකට උත්තරයක් දීපන්කෝ බං.....’’

‘‘මෙහෙ අයිටම් පිට ගෙනියන්න පුළුවන්... හැබැයි ගැරන්ටි එක හොඳ වෙන්න  ඕනේ... මෙම්බර්ෂිප් එක ලෝන්ග්ටර්ම් වෙන්න  ඕනේ... තව... හාෆ් මිලියන් වගේ වියදම් කරන්නත් වෙයි...’’

‘‘ඉතින් එහෙනම් හරිනේ මචං. ඔය ඔක්කොම  ඕකේ නේ... උඹ මාව රෙකමන්ඩ් කරපන්. පේමන්ට්ස් වල කේස් එකක් නෑ කියලා උඹ දන්නවනේ...’’

‘‘චම්මා... උඹට දීලා තියෙන්නේ අළුත්ම බඩුවක්... උඹ ඒක දන්නවද ?’’

‘‘ඔව්... ඉතින්...’’

‘‘හරි... ඉතින් මචං  ඕකේ ගාණ නම් කොහොමටත් සැරවෙයි. අනෙක් කාරණේ තමයි උඹයි, උඹේ ඔය අයිටම් එකයි දෙකම ෆ්‍රෙෂ් නිසා අවුට් ගෙනියන්න දෙයිද කියලා ප‍්‍රශ්ණයක් තියෙනවා...’’

‘‘එ්ක තමයි මම මේ උඹට කෝල් කරලා කියන්නේ හරකෝ... උඹ මෙතන මැනේජ්මන්ට් එක අඳුනනවනේ... ටෝකක් දාලා මට මේ වැඬේ සෙට්ල් කරලා දීපන් රෝස්... මට මේක දවස් තුනකට  ඕනේ...’’ 

චමත් එ් අන්තිම ටික නම් කිව්වේ නෙත්මි දිහා බලාගෙන සමාව ඉල්ලන විදියේ ඉඟියක් හා බැල්මක් පානා ගමන්...

‘‘ ඕකේ විල් සී... චම්මා... උඹට මේක දැන්මම  ඕනේද ?’’

‘‘ඔව්... ඔව්... දැන්මම... ජස්ට් නව්...! උඹ අර ලේඩිත් එක්ක ඩිස්කස් කරලා, වැඬේ සෙට්ල් කරගෙන මට දැන්මම කියපන්...  ඕකේ ???’’

‘‘මොකක්ද බං උඹට ඔච්චර තියෙන කුලප්පුව...?’’

‘‘යකෝ...! මට දැන් තව ටිකකින් නින්ද යයි. උදේ නැගිටලා බලනකොට මේ ගර්ල් මිසිං වෙලා තියෙයි. තව කවුරු හරි බුක් කරන්න කලින් මට මේ ඩීල් එක සෙට්ල් කරලා දීපන්කෝ බං...’’

‘‘ ඕකේ...  ඕකේ... උඹේ ඇඬිල්ල නවත්තපන්... අයි විල් කෝල් හර් අබවුට් දිස් මැටර් ඇන්ඩ් කෝල් යූ බැක්...’’

‘‘තෑන්ක්ස් මචං... අයි විල් වේටින්ග් ෆෝ යුවර් කෝල්...’’

චමත් එහෙම කියලා ඇමතුම හමාර කලේ දෙවන පියවරත් සාර්ථක වේවි කියන විශ්වාසය සමගින්...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~


                     | පැරණි කොටස් වලට මෙතනින් යන්න... |                





12 comments:

  1. හම්මට සිරි ... එහෙම ද ගේම ගහන්ඩ යන්නේ.. කොල්ලට සල්ලි තියන නිසා කමක් නෑ..

    අතනට "කුහක" කියන වචනේ ගැලපෙනවද ? කුහක කියන්නේ වාසියක් වෙනුවෙන් සත්‍ය වසන් කිරීමක් වගේ එකක් නේද ? එහෙම නැත්නම් හිතට දැනෙන අවංක හැඟීමක් වෙනුවට ඊට වඩා පහත්/අඩු දෙයක් ප්‍රකාශ කිරීමක් වගේ එකක්..

    ReplyDelete
    Replies
    1. ඇයි බං ? ගැලපෙන්නේ නෑ වගේද ‍???

      කුහක කිව්වේ මුල හරියේදී තිබුණු එක නේද ? අනේ මන්දා බං ! විකල්පයක් යෝජනා කරමුද බලන්න...

      කථාව එක්ක ඉන්නවට තුති සහෝ... ජය !!

      Delete
    2. ආත්මාර්තකාමී !

      Delete
  2. Ithuru tikath dapan ikmanata...... Supiri Kathawa!!!

    ReplyDelete
    Replies
    1. Thanks machan... Next epsode will be published on tomorrow (09th).

      Delete
  3. Replies
    1. මම හිතන්නේ ඉංග්‍රීසියෙන් ලියන්න තිබ්බ වචනෙට ? දාපු තැන්වලදී ඔබට එය දමන්න අමතක වෙලා වගේ.
      eg: Late

      Delete
    2. නෑ සහෝදරී. එ් '?' සළකුණ එන්නේ UCSC යුනිකේත පරිවර්තකයේ අවුලක් නිසා... ඒකේ 'රෑ' කියන අකුරට තමයි ඔහොම එන්නේ. ස්තුතියි පෙන්වා දුන්නට. මට ඒක හදන්න මිස් වෙලා... නිවැරදි කලා... ජය !!!

      Delete
  4. Replies
    1. සෑහෙන්න දිගයි... දැනට Printed size පිටු 250 ක් විතර ටයිප් සෙට් කරලා තියෙන්නේ... කථාව ඉවරවෙන කොට ඒ වගේ දෙගුණයක් වෙයි...!

      කොටසකට මදි වගේද ? මං තව වැඩිපුර දාන්න කියලා කල්පනා කලේ... වැඩිපුර නොදැම්මේ බෝරිං වෙයි කියලයි...!!!

      Delete
    2. mata nm madi wage bn. Episode wadi wenakota boring wenawa wage mata nam, wadipura damma kyla boring wenne na bn, kiyawana eka kohomath kiyawanawa.

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...