Sunday, March 12, 2017

නෙත් චමත් [ආදරයේ කෝඩුකාරයෝ] #06



චමත් වාහනය නැවැත්තුවේ වැල්ලවත්ත හරියෙදි. නිස්කලංක තැනක, පාර අයිනට වෙන්න නවත්තලා චමත් එහෙමම හැරිලා නෙත්මි දිහා බැලූවා. කෙල්ලත් චමත් දිහාව බැලූවේ එ් වෙලාවෙදිමයි. දෙන්නගෙම ඇස් හිනාවුනා. චමත් එ් ලස්සන සුදු මූණ දිහා බලාගෙන ලස්සනට හිනාවුණා. කෙල්ලත් තොල්පට තදකර ගෙනම ලස්සනට හිනාවෙලා චමත් දිහා බලාගෙනම උන්නා.

‘‘ලස්සන ඇස් දෙක ලඟ...
බිඳුවක් නතරවෙන්න අවසර දැයි කියන්න.....’’

චමත්ට මතක් වුනේ කිංස්ලි පීරිස් ගේ සිංදුවක්...


‘‘හ්ම්..... යාන්තන් වැඬේ ගොඩ නේද... දැන් ඉතින් තියෙන්නේ අවසාන අදියර...’’

චමත් කිව්වේ අත් දෙකත් ඔළුවේ බැඳගෙන නිදහස් ඉරියව්වකින් සීට් එකට හේත්තුවෙලා හරිබරි ගැහිලා ඇල වෙන ගමන්.

‘‘තව මොනවා කරන්නද සර්...?’’

නෙත්මි හිටියේ චමත්ගේ ප්ලෑන් එක සාර්ථක වුනු සතුටින්. එ් වුනාට චමත් කියන්නේ තවත් අදියරක් තියෙනවාය කියලයි.

‘‘ඇයි ? ඔයාව පරිස්සමින් ගෙදරට ඇරලන එක...’’

‘‘ම්..මාව මේ ලඟ හෝල්ට් එකකින් දාන්න සර්... මට බස් එකේ යන්න පුළුවන්. මං කොහොමද සර්ට තවත් කරදර කරන්නේ...’’

‘‘කරදර ද ?’’

‘‘ඔව්...! සර් මං හින්දා මේ පාන්දර දෙකටත් තාම ඇහැරගෙන. එ් මදිවට ගෙයක් ගන්න තරම් සල්ලි මං හින්දා වියදම් කරගෙන. එ් එක්ක සර්ට තව මොන මොන ප‍්‍රශ්ණ එයිද දන්නෑ. එ් ඔක්කොමත් තියාගෙන මං කොහොමද සර්ට කියන්නේ ගෙදරට ඇරලවන්න කියලා...’’

‘‘ඔය කියපුවා ඔක්කොම හරි කියමුකෝ... එ් වුනත් ඉතින් තරහා වෙන්න නම් එපා, ඔයා ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මම ඔයාව බස් එකේ නම් යවන්නේ නෑ... මේ පටන් ගත්ත වැඬේ ඉවර කරලම තමා මම ගෙදර යන්නේ...  ඕකේ...?’’

නෙත්මි හිනාවෙලා නිකං හිටියා... ‘මේ පිස්සට ඉතින් කියලා තේරුම් කරන්න බෑනේ...’

‘‘මේ... බබා ඔයා කෝල් කරලා කිව්වේ උදෙන්ම එනවා කියලා නේද ? ඉතින් කොහොමද මේ පාන්දර ගෙදර යන්නේ...?’’

ඇත්ත නේන්නම්... නෙත්මිටත් එ්ක සිහියට ආවේ දැන්...

‘‘අනේ සර්... දැන් මොකද කරන්නේ...?’’

‘‘තව පැය හතරනේ බබා... ඔන්න ඔහේ කයියක් දාගෙන ඉමු... ඔයාට නිදිමත නෑනේ...?’’

නෙත්මි මොකවත් කිව්වේ නෑ.

‘‘සර් පව්.....’’

එ් ටික ඇය කිව්වේ ටිකක් වෙලා ගියාට පස්සේ.

‘‘ඇයි එ්...?’’

‘‘නෑ..... සර් එතකොට උදේ වෙනකල්ම ඇහැරගෙන නේ...’’

‘‘ඉතින්...! එක දවසක් නිදාගන්නැතුව හිටියම පව් සිද්ධ වෙනවද...?’’

කෙල්ල එ්කටත් මුකුත් කියන්න ගියේ නෑ... චමත් එක්ක එකට එක කියාගෙන යන්න ඇය කැමති නෑ... එහෙම කට ගහගෙන ගියත් කොල්ලා එක්ක කථා කරලා බේරෙන්නත් බෑ...

‘‘මම විතරක් නෙමේනේ බබා... ඔයත් පව් නේ... ඔයා ඊයේ පාන්දර ඉන්ටවිව් යන්න ඇහැරුණු ගමන් තාම නිදි නෑනේ...’’

‘‘මට මං වෙනුවෙන් දුක් විඳින්න පුළුවන් සර්... එ්ත්... සර් දුක් විඳින්නේ අඳුනන්නේ වත් නැති කෙල්ලෙක් හින්දා...’’

‘‘මං... මං ඔයාව අඳුනන්නෑ කියලද කිව්වේ...? ආ නංගි... කියන්න... ඔයාට මාව පේන්නෙත් අඳුනන්නැති කෙනෙක් වගේද... ආ...?’’

‘‘අ..නේ... නෑ.. ස-’’

‘‘ඔයා කවුද කියලා මං තේරුම් අරගෙනයි ඉන්නේ... ඔයාව අඳුනගෙනයි ඉන්නේ... එ්කයි මං ඔයා හින්දා කරදර වෙන්නේ. ඔයා මං අඳුනන කෙනෙක් නිසා...’’

‘‘කෙනෙක්ව තේරුම් ගත්තට පස්සෙත් එයා අඳුනන්නෑ කියලද ඔයා කියන්නේ... ම්... සමහරු පැයෙන් දෙකෙන් අඳුනගන්නවා... ඔයයි මමයි වගේ... සමහරු, අවුරුදු ගණන් එකට ඉඳලත් දැකලා නැති උන් වගේ ජීවත් වෙනවා...’’

චමත් කියාගෙන, කියාගෙන ගිහින් ටිකකට නතර වුණා. කෙල්ලගේ මූණ දිහා බලන්න බෑ. එ් මූණේ ලියවිලා තිබුණේ සමාව ඉල්ලන බැල්මක්...

‘‘ඔයා අහිංසක කෙල්ලෙක් හින්දයි මං ඔයාට උදව් කලේ නංගී... ඔයාට හිතෙනව නම්...කොහෙවත් යන කෙල්ලෙක් හින්දා මං සල්ලි විසි කරනවා කියලා-’’

‘‘අනේ නෑ සර්... නෑ...! ප්ලීස් එහෙම කියන්න එපා... මම එහෙම හිතුවේ නෑ...’’

ඔන්න කෙල්ල අඬනවා...

‘‘මම සර්ට වැරැද්දක් කිව්වේ නෑ දෙයියනේ... සර් මං වෙනුවෙන් මෙච්චර කරදර වෙනවා දරාගන්න බැරි හින්දයි එහෙම කියවුනේ...!’’

කෙල්ලට ආයෙමත් හයියෙන් ඇඬුණා... ඇස් දෙකෙන් බේරෙන කඳුලූ පිටි අල්ලෙන් පිහිද පිහිද කෙල්ල හූල්ලමින් අඬනවා චමත් බලන් හිටියේ හරි අමාරුවෙන්. ‘මමත් හරකෙක් වගේ තදට කථා කලා... පව් කෙල්ල...’

‘‘සොරි බබා..... අඬන්නෙපා...’’

‘‘කමක් නෑ... මං සර්ගේ හිත රිද්දුව නේ... මට බනින්න... කේන්ති නැති වෙනකල් බනින්න. මං තරහ නෑ...’’

‘‘අනේ බබා... මං කිව්වනේ සොරි කියලා... හරි...මං හයියෙන් කථා කලාට මට සමාවෙන්න... අපි දැන්  ඕක අමතක කරලා දාමු... ම්...’’

එහෙම කිව්ව ගමන් නෙත්මිත් කූල් ඩවුන් වුනා. මූණත් පිහිදගෙන, නහයත් උඩට ඇදලා, ඔක්කොම අමතක කරලා දාලා වගේ කෙල්ල හිනාවෙලා චමත් දිහා බැලූවා... ඉතින්, ඔන්න හිත් අමාරුකම් ඉවරයි...


*  *  *  *  *


එතනින් එහාට ගෙවුනේ ලස්සනම හෝරා කීපයක්... චමත් නෙත්මිවත් අරගෙන ආවේ වැල්ලවත්ත පොදු වෙරළ තීරයට... එතන අයිනක වාහනේ නතර කරලා දෙන්නත් එක්ක ඔහේ කියෝ කියෝ හිටියා.

‘අම්මගෙන්, තාත්තගෙන්, පවුලෙන්, යාලූවන්ගෙන් ඈත් වෙලා චමත් ගත කරන්නේ කොච්චර පාලූ ජීවිතයක් ද ? ඇයි දෙයියනේ මේ වගේ කොල්ලෙක්ට එහෙම වුනේ. මොනව වුනත් කවුරු හරි හොඳට හදලා තියෙනවා... නැත්නම් සල්ලිකාරයෙක් වෙලා මෙහෙම කරයිද ? ලොකු කම්පැනි එකකුත් තියෙනවලූ... එ් වුනාට මේ මහ පාන්දර කෙල්ලෙක්වත් බීච් එකේ තියාගෙන මෙයා පොඩි ලමයෙක් වගේ කයිය ගහනවා... පව්...!’ නෙත්මි එහෙමම හිතුවා.

නෙත්මිගේ ගෙදර විස්තර අහද්දී නම් චමත්ගේ අප්පච්චී ගැන චමත්ටත් දුක හිතුණා. මේ තරම් කරදර අස්සේ වුනත් කෙල්ල මලක් වගේ ඉන්න එක ගැන සතුටු වෙන්න  ඕනේ. නෙත්මි කැම්පස් යන එකත් අතෑරලා දාලා අප්පච්චී වෙනුවෙන් කැපවුනේ. එ්ත් තමන්...! ‘අම්මා තාත්තා ගෙදර ඉන්නවද කියලවත් මම දන්නේ නෑ...’

‘‘නෙත්මී... ඔයා හිතන්නේ ජොබ් එකක් හම්බවුනොත් ඔයාලගේ ප‍්‍රශ්ණ වලින් ගොඩයන්න පුළුවන් වෙයි කියලද ?’’

‘‘ගොඩ යන්නම නෙවෙයි  සර්... අඩුම තරමේ තවත් පතුලට වැටෙන්නැතුව අල්ලගෙන යන්නවත් පුලූවන් වේවි නේ. චූටි මල්ලිත් තව ටිකක් ලොකු වෙනකල් මට පොඩි කට්ටක් කන්න වෙයි... ඊට පස්සේ ඉතින් අපි දෙන්නම ඉන්නවනේ...’’

‘‘හ්ම්... එ් වෙනකොට ඉතින් ඔයා මැරි කරලත් තියෙයි... එතකොට ඒ මහත්තයත් ඉන්නවනේ...’’

‘‘මම තාම එ් ගැන හිතලා නෑ සර්... තව කල් තියෙනවා...’’

‘‘එ් ගැනත් හිතන්න  ඕනෙනේ බබා...’’

‘‘නෑ සර්... මම ආසයි තව ටිකක් ඉගෙන ගන්න... සල්ලි තමයි ප‍්‍රශ්නේ. ජොබ් එකක් කරන කාලෙක මං ඉන්නේ බාහිර උපාධියවත් කරන්න...’’

‘‘නියමයි... හරි... අපි මෙහෙම කරමු. මම ඔයාට ඩිග්රි එක කරන්න උදව් කරන්නම්...  ඕකේ. එතකොට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ජොබ් එකක් හොයාගන්න එක විතරනේ...’’

‘‘අනේ සර්... ඔන්න තරහ වෙන්න නම් එපා... මට වෙන මොනවත්  ඕනේ නෑ... සර් පුළුවන් නම් මට ජොබ් එකක් විතරක් හොයාගන්න උදව් කරන්න...’’

‘‘හරි ඉතින් ළමයෝ... මම ජොබ් එකකුත් දෙන්නම්. ඔයා එ් ගමන්ම ස්ටඞීස් ටික කරගන්න...’’

‘‘හම්බෙන පඩියෙන් ඉගෙනගන්න තරම් ඉතුරුවක් වුනොත් මම අනිවාර්යයෙන්ම ඩිග්රි එක කරනවා සර්...’’

‘‘මේ... පණ්ඩිත ආච්චි...! මං දැන් මෙච්චර වෙලා කිව්ව එක තේරිලා නෑනේ. ඔයා ජොබ් එක කරන්න. මම ඉගෙන ගන්න සල්ලි දෙන්නම්...’’

‘‘අයියෝ සර්... මම කොහොමද එච්චර ගෙවන්නේ... මම දැනටමත් සර්ට ලක්ෂ 25 ක් ණයයි නේ...’’

එ් පාර නම් චමත් රවපු රැවිල්ලට කෙල්ලට උන් හිටි තැනුත් අමතක වුනා.

‘‘ආ..... දැන් එ්ක ගෙවන්නද හදන්නේ...? හරි... මං ඔයාට අවුරුදු 10 කට දාලා දෙන්නම්කෝ... පුලූවන්ද ගෙවන්න... ආ... මාසෙට 20,000 ක් විතර වෙනවා එතකොට... පුළුවන්ද ?’’

‘‘අනේ හරි... සොරි සොරි !!! මම සතයක් වත් ගෙවන්නේ නෑ....’’

‘‘ආන්න එහෙම එන්න...’’

චමත් හිනාවෙලා කිව්ව තාලෙට නෙත්මිටත් හිනා...

‘‘බබා...! විහිළු නෙවෙයි. මං ඔයාට ඇත්තටම ජොබ් එකක් දෙන්නම් මගේ ඔෆීස් එකේ... කැමතිද ?’’

‘‘අනේ සර්... එහෙම වුනොත් එ්ක සර්ට ප‍්‍රශ්ණයක් වෙයිද දන්නෑ...’’

‘‘මගේ කම්පැනි එක ඇතුලේ මට ප‍්‍රශ්ණ දාන්නේ කවුද දරුවෝ...! ඔයා කැමතිද කියන්නකෝ...’’

‘‘ම්ම්...ම්... හරි... කැමතියි. හැබැයි මං සැලරි එකෙන් භාගයයි ගන්නේ...’’

‘‘ඇයි...? අර ණය වාරිකේ ගෙවෙන්නද ?’’

‘‘න්..නෑ... එහෙමමත් නෙවෙයි...’’

‘‘හා..හා... එහෙනම් මම ඔයාට ජොබ් එක දෙන්නම්. හැබැයි...සැලරි සතයක් වත් දෙන්නෑ... පිනට වැඩ. තව..... අතුගාන, තේ හදන, ටොයිලට්ස් හෝදන වැඩ ටිකත්  ඕනෙ නම් දෙන්න පුළුවන්... කැමතිද ? මං එ්කත් අර ණයෙන් අඩු කරන්නම්...’’

‘‘සර්... මං ඇත්තටමයි එහෙම කිව්වේ... සර් මං වෙනුවෙන් කරපු දේවල් වලට මමත් පුලූවන් විදියෙන් උදව්-’’

‘‘නෙත්මී...!!! කනව මගෙන් ටොක්කක් දැන්...!’’

අනේ කෙල්ල ඔළුව පාත්කලේ ටොක්ක කන්න.

චමත් ටොක්කක් ඇන්නේ නෑ. ඒ වෙනුවට නෙත්මිගේ සුදු කණ රතු වෙන්න ඇල්ලූවා...

‘‘ඌයියා...!’’

කෙල්ලට ටිකක් රිදුණා. මූණත් එක්කම රතුවෙලා ගිහින්...

නෙත්මි මූණත් අමුතු කරගෙන ඉන්නවා චමත් බලන් හිටියේ යාන්තමට හිනාවකුත් එක්ක. දැන් ඉතින් ඔය ඉන්නේ තරහ වෙලා... ඔහොමම ෂේප් නොකලොත් අඬන්න ගනියි...

නෙත්මි මුහුද දිහාම බලාගෙන හිටියා මිසක් චමත්ගේ මූණවත් බැලූවේ නෑ. ලෙන්ගතු කථාබහ අතරේ මේ පුංචි නෝක්කාඩුවත් කොච්චර සුන්දරද...

ගෑණු ලමයි තරහා වුනාම එයාලව හුරතල් කරලා යාලූ කරගන්න විදිය කොල්ලා තාම දන්නේ නෑ. ඉතින් මොනවා කරන්නද ? චමත් බලන් හිටියේ නෙත්මිගේ මූඞ් එක ටිකක් හොඳ වෙනකල්...

‘‘මං ෆයිල් එක ටිකක් බලන්නද ?’’

චමත් අතත් දික් කරගෙන අහිංසක තාලෙට එහෙම අහද්දී නෙත්මිටත් ඉන්න බෑ... එ්ත් ඉතින් එක පාර කථා කරන්නත් මොකක්ද වගේ... උකුලේ තිබුණු ෆයිල් එක අරන් නෙත්මි චමත්ට දුන්නා... එ්ත් හ්ම් කියලවත් කිව්වේ නම් නෑ. කෙල්ලගේ මේ හුරතල් වැඩ චමත් බලාගෙන...

‘‘බබා... ඔයා කොහෙද ඊයේ ඉන්ටවිව් ගියා කිව්වේ...?’’

චමත් ඇහුවේ නෙත්මිගේ සහතික පත් අඩංගු ෆයිල් කවරය පෙරලන ගමන්. එ් ඉතින්  ඕනෙ කමකටත් නෙවෙයි. කෙල්ලව කථාවට අල්ලගන්නත් එක්ක.

‘‘ආ...’’

කෙල්ල එ්ත් කථා නෑ. ෆයිල් එකෙන් ලියුම් කවරයක් අරන් චමත්ට දික් කලා විතරයි. එ් ලියුම් කවරෙත්, එ්ක ඇතුලේ තිබුණු කැඳවීමේ ලිපියත් දැකලා චමත් උඩ ගියා...

පණ පලයන් ලබන පෙරේදා...! කෙල්ල ඉන්ටවීව් ගිහින් තියෙන්නේ චමත්ගේ ඔෆීස් එකටමයි...!!!

‘ෂිට්...! ඊයේ බෝඞ් මීටිං එක නිසා මට ඉන්ටවීව් බලන්න බැරිවුනානේ... ඊයේ මම එතන හිටියා නම් අනිවා මේ කෙල්ලව තේ හදන්න හරි ගන්නවාමයි. එහෙම වුනා එයාට මේ වගේ කට්ටක් කන්න වෙන්නේ නෑ...’

‘ප‍්‍රීමියර් ග‍්‍රැෆික්ස්’ කියන්නේ චමත්ගේ ප‍්‍රින්ටින් ආයතනයේම එක් කොටසක්... නෙත්මි ජොබ් එකකට ඇප්ලයි කරලා තිබුනෙත් ඒකටම තමයි.

‘‘නෙත්මී... මං ඔයාට මේ කම්පැනි එකේම ජොබ් එකක් අරන් දෙන්නද ?’’

චමත් ඇහුවේ කෙල්ලව පුදුම කරවන්නත් එක්ක.

‘‘හ්ම්...’’

‘‘මොකද බස්සෙක් වගේ හ්ම් ගාන්නේ...’’

ප‍්‍රතිචාරයක් නැහැ.

‘‘අයියෝ අප්පා... ආ... ආ... මෙන්න කණ. ඇති තරම් මිරිකන්න... ආ...!’’

නෙත්මි මෙහෙම අප්සෙට් ඉන්නවා දකින්න චමත් කැමති නෑ...

චමත් කණ දික් කලාට නෙත්මි කණෙන් ඇල්ලූවේ නම් නෑ... ‘පව්... මේ අහිංසකයගේ හිත රිද්දන්නේ...’ 

ඇත්තටම නෙත්මිට දැන් චමත්ව තමන්ගෙම අයියා කෙනෙක් වගේ. චමත් ගැන දුක හිතුනු හින්දම නෙත්මිගේ අතත් නොදැනීම චමත්ගේ හිස මත රැඳුනා.

‘‘මං තරහ නෑ අයියේ... චුට්ටක් දුක හිතුණා...’’

කෙල්ල එහෙම කිව්වේ හුඟාක් හෙමින්.

‘‘මම රිද්දුවා නේද...?’’

‘‘කමක් නෑ... ඔයා මාව සල්ලි දීලම අරගෙන නේ තියෙන්නේ... කැමති දෙයක් කරන්න...’’

නෙත්මි ‘ඔයා’ කියලා කියද්දී චමත්ට දැනුනේ සතුටක්. ‘සර්’ කිය කිය හිටපු කෙල්ල ‘ඔයා’ කියන්නේ කිට්ටුවන්තකම නිසානේ.

‘‘කැමති දෙයක් කරන්න කියල නේ කිව්වේ... නේද ? බහින්න එහෙනම් වාහනෙන්...’’

නෙත්මි කලින් කියපු එකට පොඞ්ඩක් අප්සෙට් ගියත් චමත් එහෙම කිව්වේ තද ගතියකින් නම් නෙවෙයි.

‘කමක් නෑ... මම බැහැලා පයින් යනවා...’ කෙල්ල හිතාගත්තා.

තමන් කිව්ව එකට කෙල්ල ආයෙත් මූණ නරක් කරගන්නවා චමත්ට පෙනුණා. කෙල්ල වාහනෙන් බහිනකොටම චමතුත් බැහැලා නෙත්මි ලඟටම ආවා.

‘‘එන්න...’’

චමත් එහෙමම නෙත්මිගේ පුංචි හීනි දිග අතැඟිලි අතරින් අත දාලා පටලවගෙන කථා කලා. නෙත්මි චමත් දිහා බැලූවේ හිනා වෙන ඇස් වලින්. කෙල්ලගේ චූටි සිනිඳු අත් තලයෙන් එන උණුහුම චමත් විඳගත්තේ නිර්මල ආශාවකින්...


*  *  *  *  *


ඉතින්... දෙන්නත් එක්ක අත් පටලාගෙන ගියේ බීච් එකට... පරිසරයත් මේ දෙන්නට  ඕනෙ විදියටම හැඩ ගැහිලා තිබුණා. අහල පහළ තිබුණු විදුලි පහන් කීපයක ලා එලියත්, අඩ සඳෙන් එන තුනී දිස්නයත් එක්ක එකතුවෙලා, කිරි සුදු පෙණකැටි විසිරෙන මුදු වැලි තලාවේ මුවින් කථා නොකර, හදවතින් කොඳුරමින් මේ දෙන්නා ඔහේ වෙරළ දිගේ ඇවිදන් ගියා...

රැල්ලෙන් රැල්ල පෙරලී ඇවිත් කකුලේ වෙළෙන කොට නම් කෙල්ල චමත්ගේ අත තදකර ගන්නවා එයාට දැනෙනවා. ජීවිතේටම ආදරේ කරලා නැති වුනත්, ගෑනු දරුවෙක්ව ලෙන්ගතුකමින් ඇසුරු කරලා නැති වුනත් හදවතේ ගලන මේ අපූරු රිද්මයත් එක්ක ජීවිතේ කොච්චර සුන්දරද කියලා චමත්ට හිතුණා.

කිලෝමීටරයක් විතරම දෙන්නා ඔහේ ඇවිද්දා... අන්තිමේදී පාලූ, කලූවර පොල්ගස් මණ්ඩියකදී චමත් නැවතුණා. නෙත්මි නතරවුණු තැන ඉඳන් බැලූවේ චමත් දිහාව. එ් ඇස් දිහාව... කලූවරේ වුනත් එ් ඇස් දිලිසෙන හැටි කෙල්ලට පේනවා. එ් ඇස් වලින් කියන කථාව කියවගන්න නෙත්මිට අමාරු නෑ... පොත් කියවන්න කලින් අකුරු කියවන්න  ඕනෙ වුනත්, හිත් කියවන්න නම් අමුතුවෙන් උගන්නන්න දෙයක් නෑ... ඇත්තම කිව්වොත් මේ මොහොතේ නෙත්මිත් උන්නේ සොඳුරුතම සිහිනයක... කොයි වෙලේ ඇහැරෙයිද කියලා ලෝබ හිතෙන ලස්සනම ලස්සන හීනෙක...

‘‘මාත් එක්ක මෙහෙම එන්න බය නැද්ද... ම්...’’

චමත් ඇහුවේ නිදහස් අනෙක් අත හෙමිහිට නෙත්මිගේ උරහිස මතින් තබනා ගමන්.

නෙත්මි ඔළුව දෙපැත්තට වැනුවා විතරයි. එ් කියන්නේ නෑ කියලා.

‘‘එච්චරටම විශ්වාසද ?’’

කෙල්ල ආයෙමත් උත්තර දුන්නේ ඔළුවෙන්. මේ පාර උඩට සහ පහළට...

‘‘මං දැන් ඔයාට කරදර කරන්න යන්නේ... මෙතන පාලූයි... කවුරුවත් අහල පහලක ඇත්තෙත් නෑ... එ්ත් බය නැද්ද...?’’

‘‘ඔයා..ට... එහෙම... කරන්න... බෑ.....!’’

නෙත්මි ලොකු විශ්වාසෙකින් එහෙම කිව්වේ.

‘‘නෑ බබා... මම මේ අහන්නේ හදිසියේ වත් මං අතින් එහෙම වුනොත් ???’’

‘‘මම කිව්වනේ ඉතින්... ඔයාට එහෙම කරන්න බෑ... කොහොමටවත් බෑ...’’

‘‘ෂුවර්...?’’

‘‘සෝ ෂුවර්...!’’  කෙල්ල කිව්වේ බෙල්ලත් ඇල කරලා...

‘‘මාව එච්චරටම විශ්වාසද බබාට...’’

‘‘ඔව්... මටත් වඩා... මගේ පණටත් වඩා විශ්වාසයි... ඔයා එ් විශ්වාසේ කවදාවත් කඩන්නේ නෑ කියලා මට ඊටත් වඩා විශ්වාසයි...!’’

මේ නිකන්ම වචන නෙවෙයි. යුවතියකගේ පතුලෙන්ම එන වචන. මෙච්චර කාලෙකට චමත් කියන අසරණ කොල්ලව කවුරුවත් මෙහෙම විශ්වාස කරලා නෑ... කොල්ලට එ්ක දරාගන්න බෑ... චමත් කලේ එහෙමම පාත් වෙලා නෙත්මිගේ හිස සිිඹින එක. ගැහැණු සිරසකින් දැනෙන එ් පිවිතුරු සුවඳ චමත් විඳගත්තේ පුදුමාකාර ආදරයකින්...

චමත් ඇයි එහෙම කලේ කියලා නෙත්මි ඇහුවේ නෑ. ඇත්තම කිව්වොත් කෙල්ලත් මේ හාදුව බලාපොරොත්තුවෙන් හිටියේ.

නෙත්මිගේ ලාවට වගේ තෙත්වුනු දෑස් දිහා චමත් බැලූවේ පුංචි බයකින්. පණ්ඩිත වැඩ කරන්න ගිහින් කෙල්ල මොනවා හිතුවද දන්නෑ...

‘‘සොරි බබා... ප්ලීස්...! වැරදියට හිතන්න එපා... මෙච්චර කාලෙකට කවුරුවත් මට ඔහොම කියලා නෑ...’’

චමත් හැඬුම්බර ස්වරයෙන් එහෙම කියන කොට කෙල්ලගේ පපුවම උණුවෙලා ගියා... ඒත් එයා කට ඇරියේ නම් නෑ. මොකද කථා කලොත් ඇඬෙනවා කියලා නෙත්මිත් දන්නවා.

නිමේෂයක් එහෙමම ගතවෙලා ගියා...

‘‘නෙතූ... අපි යමුද බබා...’’

ඒ ආදරණීය ආමන්ත‍්‍රණයට නෙත්මි ගැස්සිලා ගියා. සත්තයි එයාගේ ඇස් දෙකට කඳුලූ පිරුණා. හිත පතුලේ ගොඩ ගැහිලා එලියට එන්නට තනන හැම දේම සුසුමකින් සැහැල්ලූ කරලා නෙත්මි චමත්ගේ අතින් අල්ල ගත්තේ ආපහු යන්න...

යමින් ගමන් වුනත් දෙන්නගේ කථාවක් නෑ. දෙන්නගෙම හිත කලබලයි. මේ වෙද්දී වරුවක් එකටම ඉඳලා  ඕනෙ දෙයක් කියන්න පුළුවන් තරමට දෙන්නට දෙන්නා කිට්ටුයි. ඒත්... මේ මොහොත වෙනස්ම දෙයක්. දෙන්නම කලින් මෙහෙම අත්දැකීමක් විඳලා නෑ...

‘ආ..දරයේ... කෝඩුකාරයෝ.....’ නන්දා මාලිනියත් එහෙම කිව්වලූනේ...!

චමත් යන්නේ ලොකු කල්පනාවකින් මුහුණ බර කරගෙන. සැකයක් නෑ, දැන් මේ හිත තීරණයක් අරන් ඉවරයි. හදවතේ හැම බිත්තියකින්ම හඬ ගගා කියන්නේ ‘අල්ලගනින් ! අතාරින්න නම් එපා’ කියලා. එ්ත් චමත් හදිස්සි වෙන්නත් බයයි. ‘මගේ පණටත් වඩා විශ්වාසයි... ඔයා එ් විශ්වාසේ කවදාවත් කඩන්නේ නෑ කියලා මට ඊටත් වඩා විශ්වාසයි...!’ නෙත්මි එහෙම කියනවා ඇහෙනවා ඇහෙනවා වගේ.  ඕනේ මඟුලක් දෙකයි පණහයි කියලා හිතේ තියෙන ඔක්කොම මේ දැන් කෙල්ලගේ ලස්සන ඇස් දෙක ඉස්සරහ කියලා දාන්න පුළුවන්... එ්ත් චමත්ට බයයි. එහෙම කිව්වත් නෙත්මි මුකුත් කියන එකකුත් නෑ. එ්ත්, කවුද දන්නේ. එහෙම නොවුනොත් ! දෙයියනේ, මේ මල මෙලහකටත් කවුරු හරි නෙලා ගෙනද දන්නෑ... එහෙම වුනොත්...! එහෙම වෙන්නත් බෑ හැබැයි... එහෙනම් මාත් එක්ක මෙච්චර නිදහසේ ඉඳියිද...  හ්ම්...ම්...

දෙන්නා හිටියේ වාහනේ ලඟටම වගේ කිට්ටු කරලා. චමත්ගේ කල්පනා සාගරේ කැළඹුණේ එක පාරටම නෙත්මි යටි ගිරියෙන් කෑ ගහන සද්දෙට...

‘‘ඇයි බබා, ඇයි...? මොකද වුනේ...???’’

‘‘මොකෙක්ද කකුල කෑවා අයියේ...!’’

කෙල්ල හොඳටෝම බයවෙලා...

නෙත්මි බයවුනු පාරටම චමත්ගේ අතත් බදාගෙන හිටියේ. චමත් හෙමිහිට ඒ අත මුදාගෙන පහත් වෙලා බැලූවේ කෙල්ලගේ කකුල දිහා... ගැහැණු ලමෙක්ගේ යටි පතුලෙත් රස විඳින්න තරම් දෙයක් තියෙනවා නේද කියලා චමත් හිතන්න වුනේ ජංගම දුරකථනයේ ආලෝකයෙන් හොඳින් බලනා ගමන්... එ්ත් මොකෙක් වත් කාපු බවක් නම් පේන්න නෑ.

‘‘ඔයාට හොඳටම ෂුවර් ද කෑවා කියලා...’’

‘‘දන්නෑ... මොකෙක් හරි කකුල දිගේ ගියා...’’

කෙල්ල හිමිහිට මුමුණන හඬ චමත්ට හිසට උඩින් ඇහුණා.

‘‘එහෙනම් පුංචි කකුළුවෙක් දුවන්නැති...’’

චමත් කිව්වේ කකුළු ගුලක් වෙත ආලෝකය යොමු කරනා ගමන්...

‘‘හ්ම්...’’

වාහනේ ලඟට ඇවිල්ලත් නෙත්මිත්, චමතුත් වාහනේට නැග්ගේ නෑ. වාහනේටම හේත්තු වෙලා මුහුද දිහා බලන් හිටියා... මේ වෙන කොට හතර වටින් එළිය වැටෙන වෙලාව... පෙරළි පෙරළී වෙරළට එන සුදු රැුළි, රන්වන් වැලි තලාව මතින් කිරිසුදු පෙණ කැටි මවමින් විසිරෙන ලස්සන දෙන්නත් එක්ක ඔහේ බලාගෙන හිටියා...

තමන්ට නෙත්මිත් එක්ක රැඳෙන්න තියෙන්නේ තව පුංචි වෙලාවයි කියලා චමත් දන්නවා... අපරාදේ, අද ඉර පායන්නැතුව රෑවෙලාම තියෙනවා නම්... එ්ත් ඉතින් හිතෙන හිතෙන හැම දේම එ් විදියටම වෙන්නේ නෑනේ, නේද... දවස් භාගෙකට පස්සේ නෙතූගෙන් වෙන්වෙන්න වෙනවා. දැන් පහමාරටත් කිට්ටුයි. තව ටිකකින් ඉර පායයි. අලූත් දවසක් උදාවෙයි. හැබැයි චමත්ට නම් අද ඉඳලා උදාවෙන හැම දවසක්ම අලූත් බලාපොරොත්තු පිරුණු නැවුම් දවසක් වේවි. මෙතෙක් දවසක් හිතේ නොතිබුණු අලූත්ම අලූත් චමත්කාරයක් එක්ක එ් බලාපොරොත්තුත් සමගින් ජීවත් වෙන්න චමත්ට හරි ආසාවක් ආවා...



*  *  *  *  *


චමත් ආයෙමත් ප‍්‍රාඩෝ රථය පාරට දැම්මේ හරියටම උදෑසන හයට විතර. පානදුරට තියෙන්නේ මෙතන ඉඳන් පැය භාගෙක ගමනක්. ‘නෙත්මිව ගෙදරට දාන්නැතුව අපේ ගෙදර එක්කන් යන්න තියෙනව නම්...’ චමත් හිතුවේ ආසාවෙන්. එ්ත් ඉතින් තාත්තගෙන් නම් එ් වගේ හිතුවිල්ලකටවත් ඉඩ නෑ කියලා චමත් දන්නවා...

‘‘නෙත්...! මේ... අපි මෙහෙම්මම කොහෙට හරි අල්ලලා උදේට කාලම යං නේද ?’’

‘නංගී ලූ, බබා ලූ, නෙතූ ලූ... දැන් ‘නෙත්’ කියනවා... මේ නම් පිස්සු කොල්ලෙක්...!’

‘‘කමු... හැබැයි දත් මැදලත් නෑ... මූණ හෝදලත් නෑ...’’

නෙත්මි කිව්වේ විහිළුවට වුනත් ඇත්ත.

‘‘හරි දරුවෝ... ඔයාට කොහොමටත් දැන් වොෂ්රූම් එකකට යන්න වුවමනාව ඇතිනේ... නේද ? එහෙමම ඔයාට වොෂ් එකක් දාගන්නත් පුළුවන්...’’

ඇත්තටම කෙල්ලට වොෂ්රූම් එකක අවශ්‍යතාවය දැනිලා තිබුණේ. චමත්ට ඒ ගැන ඉඟියක් වත් නොකර එ් ගැන තේරුම් ගත්ත එක ගැන නෙත්මිට පුදුමයි. එ් වගේ අනෙකා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එක්ක ලඟ ඉන්න එකත් වාසනාවක්...!

‘‘හලෝ... මැඩම්... කමුද...?’’

‘‘ඔයාට බඩගිනිද...?’’

‘‘එ්කනේ දෙයියනේ කමුද ඇහුවේ... ඔයා හිතුවද මං කන්නේ ඔළුව කැක්කුමට කියලා...’’

‘‘බඩගිනි විතරමද...’’

නෙත්මි ඇහුවේ චමත්ගේ කථාවට හිනාවෙන ගමන්.

‘‘ම්... නෑ... බඩගින්නයි, තව ඔයාගේ වැඬේ කරගන්නයි... ආ... දත් මදින්නත්  ඕනේ කිව්වනේ... තව-’’

‘‘තව මොනවද අයියේ...’’

‘‘මට ඔයා එක්ක තව පැය භාගයක් විතර ඉන්න පුළුවන් නේ...’’

චමත් එ්ක කියපු විදියට නෙත්මිගේ පපුව හෙල්ලිලා ගියා.

‘‘අනේ නෙත්... කමුද කියන්නකෝ...’’

‘‘කමු... කමු...’’

චමත් හිටියේ මොරටුව නගරය පහුකරනා ගමන්... එහෙමම ඔහු හැරෙව්වේ පරණ පානදුර පාරට...

‘‘මේ පාරේ තියෙනවා හොඳ ප්ලේස් එකක්... අපි එතෙනට යං...’’

චමත් නෙත්මිව එක්කන් ගියේ බොල්ගොඩ ගඟ අසබඩ ලස්සන තැනක තිබුණු පුංචි අවන්හලකට... එ්ක චමත්ගේ යාලූවෙක්ට අයිති එකක්. චමත් නිතරම එන, ආසම තැනක්... ගඟ පැත්තට වෙන්නට ඉදි කල ආපන ශාලාව සම්පූර්ණයෙන්ම වගේ විවෘතයි. තැන දැක්ක ගමන්ම නෙත්මිගේ හිත පිරුණා...

‘‘හලෝ මචං චම්මා... වරෙන් වරෙන්...’’

සුදේශ් තමන්ගේ පැරණි පාසැල් යාලූවාව පිළිගත්තේ ඉස්කෝලේ කාලෙ වගේම ලෙන්ගතුකමින්...

‘‘කොහොමද බං සුද්දා...’’

‘‘ෆයින් මචං... මේ... උඹ නොකියාම මැරි කලාද...?’’

සුදේශ් අන්තිම ටික ඇහුවේ හෙමින් සැරේ චමත්ගේ කනට කිට්ටු කරලා.

‘‘නෑ බං... මේ මගේ කසින් සිස්ටර් කෙනෙක්...’’

චමත් කිව්වේ නෙත්මි දිහාත් බලන ගමන්...

‘‘නංගි... මේ මගේ ඉස්කෝලේ ෆ්‍රෙන්ඩෙක්, සුදේශ්. මචං... මේ නෙත්මි...!

චමත් දෙන්නට දෙන්නා හඳුන්වලා දුන්නා.

නෙත්මිට වොෂ්රූම් එකක් ඇරේන්ජ් කරලා දීලා චමත් සුදේශ් එක්ක කථාවක් දාගෙන හිටියා...

‘‘උඹ මට අර කෙල්ල ඉස්සරහ ටොම් පචයක් නේද කෙලියේ...’’

සුදේශ් අහන්නේ කටත් අමුතු කරගෙන.

‘‘ඇයි බං එහෙම ඇහුවේ... මං බොරු නෙවෙයි කිව්වේ...’’

‘‘එ් උඹේ කසින් සිස්ටර් කෙනෙක් ද නැද්ද කියලා නම් මම දන්නේ නෑ... හැබැයි මට පේන්නේ-’’

‘‘මොනවද පේන්නේ...?’’

‘‘එ්කි උඹේ වයිෆ් වගේනේ බං ඉන්නේ...’’

‘‘ඇයි එයාගේ කොහෙවත් බෝඞ් එකක් ගහලා තිබුණද මම චමත්ගේ වයිෆ් කියලා...?’’

‘‘හරි හරි.... ඔහොම යන්කො මල්ලී... අපිටත් ආරංචි වෙයිනේ...’’

‘‘එහෙම දෙයක් නෑ සුද්දා...’’

‘‘නෑ කියමුකෝ... හැබැයි ඇති කරගත්තොත් නම් වැරැද්දකුත් නෑ...’’

චමත් එ්කට නම් සද්ද නැතුව හිනා වුනා විතරයි.

‘‘දෙන්නා මාර මැචිං...’’

සුදේශ් කිව්වේ චමත්ගේ පෙම් පාට හිනාව දිහා බලාගෙන...

කෙල්ල ආපු නිසා යාලූවෝ දෙන්නගේ කයිය නැවතුනා. සුදේශ් ගියේ බ්‍රෙක්ෆස්ට් ලෑස්ති කරන්න.

‘‘වැඩ ටික ඔක්කොම කරගත්තද ?’’

චමත් ඇහුවේ නෙත්මිගෙන්...

‘‘හ්ම්... හරි...’’

‘‘ඔන්න ඔයා ආස නිසා මම ඉඳියාප්ප  ඕඩර් කලා... අවුලක් නෑනේ...’’

‘‘ඔයාටනේ බඩගිනියි කිව්වේ...’’

කෙල්ල කිව්වේ ලාවට හිනාවෙලා...

බොල්ගොඩ ගඟ අයිනේ උදෑසන සිසිල් සුලං විඳිමින් දෙන්නත් එක්ක හරිම සැහැල්ලූවෙන් කෑම ගත්තා. නෙත්මි නම් මේ වගේ අත්දැකීමක් විඳින්නේ පළමු පාරටයි. චමත් මේ වගේ බ්‍රෙක්ෆස්ට්, ලන්ච්, ඩිනර් වලට හිසේ කෙස් ගානට ඉඳලා ඇති. එ්ත් කවදාවත් මේ තරම් සතුටින් කෑම ටිකක් කෑවේ නෑ. දෙන්නම කෑම මේසෙන් නැගිට්ටේ කුස වගේම හිතත් පුරෝගෙන...




*  *  *  *  *


පානදුර - හිරණ පාරේ ඇදුණු රථය හිරණ පන්සල ලඟින් වමට හැරවුණා. ඒ පාරේ ටික දුරක් ගිහින් හමුවෙන බෑවුම වගේ හරියේ වෙල් යායකට කිට්ටුව තමයි නෙත්මිලගේ පුංචි ගෙදර තිබුණේ.

ප‍්‍රාඩෝ රථය නතර වුණා. චමත් එතැනම නතර කලේ මෙතැන දෙපැත්තේම උසට තාප්ප ගහලා තිබුණු නිසායි. කෙල්ලට කාටවත් පේන්නැතුව බැහැගත්තැහැකි.

දෙන්නම හිටියේ ගොලූවෙලා... පැය දොලහක හිතවත්කමකින් පස්සේ වෙන්වෙන්න වෙද්දී මේ තරම් අමාරු වෙයි කියලා දෙන්නම දැනන් හිටියේ නෑ. නෙත්මි නම් හිටියේ කියාගන්න බැරිවුණු දහසක් දේ හිතේ හිරකර ගෙන. චමත් හිටියේ පුදුම තරමේ දුකකින්... චමත්ගේ පපුවම හිරකරලා දාලා වගේ... ආසම කරන සෙල්ලම් බඩුවක් හොරු අරන් ගිය පුංචි දරුවෙක් වගේ චමත් මලානික බැල්මෙන් ඔහේ බලාගෙන හිටියා.

‘‘සර්... මම යන්නම්... හ්... කරපු හැම දේකටම ගොඩා...ක් පිං...’’

නෙත්මි කිව්වේ උණු කඳුලූ වැල් මැදින්. එක පාරටම කෙල්ල එහෙමම දෙකට නැමිලා වාහනේ ඇතුලේදීම චමත්ට වැන්දා...

චමත් හිටියේ කර කියාගන්න දෙයක් නැතුව. එයාගේ මූණ හරියට යුද්ධ කාලේ කොටි ගහලා පාලූ කරපු ගමක් වගේ... කියන්න ගියොත් මොනවා කියවෙයිද දන්නෑ. අන්තිම මොහොතෙදී පර්ස් එක ඇදලා අරන් තමන්ගේ බිස්නස් කාඞ් එක නෙත්මිට දෙන්න චමත්ට යාන්තම් මතක් වුනා.

‘‘කෝල් කරන්න... මං බලන් ඉන්නවා...’’

‘‘ම්...’’

‘දෙයියනේ මං දාලා යන්නේ කොහොමද ?’ කෙල්ල හිතුවේ පපුව පලාගෙන එන තරමේ දුකකින්...

‘‘යන්න බබා... කවුරු හරි එන්න කලින් යන්න... බුදු සරණයි...’’

චමත් කිව්වේ නෙත්මිගේ ඔළුවත් අත ගාලා.

‘‘බුදු සරණයි අයියේ...!’’

නෙත්මි හිමිහිට ඇවිදගෙන ඈතට ඇවිදගෙන යන හැටි සීට් එකට ඔළුවත් තද කරගෙන චමත් බලන් හිටියේ දෑස් අග මතුවුනු කඳුලූත් සමගින්. ඒ තරම් දරුණු දුකක් කොල්ලා කවදාවත් විඳලා නෑ. ප‍්‍රිය විප‍්‍රයෝගයේ කටුක දුක චමත් ඇස් පනාපිටම අත් විඳිමින් උන්නා.

අඩි 50 ක් විතර දුර ඇවිද ගිහින් නෙත්මි ආපහු හැරිලා බැලූවා. එ් ඇස් වලත් කඳුලූ...! එ්ත් එච්චර දුරක ඉඳන් චමත්ට එ්වා පේන්නේ නෑ. කෙල්ල ටික වෙලාවක් මේ පැත්ත බලන් ඉඳලා එහෙමම හැරිලා එතනින් ඇතුළට ගියා... චමත්ගේ පපුවම හිස් කරගෙන ලොකු හුස්මක් පිටවුනේ එ්ත් එක්කමයි...

‘‘මිෂන් අකම්ප්ලිෂ්ඞ්...!!!’’

චමත් හෙමින් නමුත් තදින් එහෙම කියලා වැරෙන් සුක්කානමට මිට මොළවලා ගැහුවා... හරියටම මිෂන් ඉම්පොසිබල් චිත‍්‍රපටයේ ටොම් කෲස් කරනවා වගේ... එ් පිටකලේ නෙත්මිගේ වියෝගයේ දුක නෙවෙයි. සාර්ථක මෙහෙයුමක අවසානය...! පැය 12 ක ගලවාගැනීමේ මෙහෙයුමක් සාර්ථකව අවසාන කරලා චමත් ආපහු හැරුණේ ගෙදර යන්න...

‘අහිංසක කෙල්ලෙක්ගේ ගෞරවයත් බේරලා - එ් වෙනුවෙන් වියදම් කරලා - පැය දොලහක්ම එ් කෙල්ලව පරිස්සම් කරලා - ගෙදරටම ගෙනත් දැම්මා ඔන්න. මමත් කරන්නේ මාරම ගති වැඩ තමා...’

චමත් ආපහු ගෙදරට යන ගමන පුරාම කල්පනා කර කර ගියේ අර කලින් කියපු ලැයිස්තුවට ‘එ් කෙල්ලට ආදරේ කරා’ කියලත් දාන්න බැරිවේවිද කියලයි...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~~ ~ ~ ~ ~ ~ ~ ~
                     | පැරණි කොටස් වලට මෙතනින් යන්න... |                





13 comments:

  1. මොකෙක්ද කකුල කෑවා කිව්වම මම හිතුවෙම ඇත්තටම සතෙක් කාලා දැන් ඉතින් චමත්ට හොස්පිටලුත් ගෙනියන්න තමයි වෙන්නේ කියලා. ඇත්තටම මොකෝ එතන උනේ?

    ReplyDelete
    Replies
    1. අයියෝ සයුරි ! කෙල්ලෙක් වෙලත් ඒක තේරෙන්නෑ නේ ! ගෑනු ලමයි බොරුවටත් කෑ ගහනවා නේ... කෑවා කිව්වට කාලා නෑ, කකුල උඩින් ගිහින් විතරයි. බීච් එකේ ඉන්නේ අර කක්කුට්ටෙක් !!!

      පැහැදිලි නෑ වගේද සයුරි ??? කොහොම වුනත් ප්‍රතිචාරයට ස්තුතියි... මේ වගේ සජීවී ප්‍රතිචාර තමයි ගොඩාක් වටින්නේ අපේ අඩුපාඩු හදාගන්න... ජය !!!

      Delete
  2. මහ රෑක, වැල්ලවත්තේ වෙරලක, කෙල්ලෙක් එක්ක තනියම ! රීටා ජෝන්ස් ගැන දන්නවද ?

    කෙල්ල චමත්ගෙ කම්පැනි එකටම ඉන්ටර්වීව් ගිය එක ටිකක් විතර අවුල්.. එහෙම හැම පැත්තෙන්ම සම්බන්ද කළාම මෝඩ ටයිප් වෙනවා වගේ..ඔය දෙකයි පනහේ ටෙලි වලත් එහෙම වෙනවා බොහෝ වෙලාවට..

    ReplyDelete
    Replies
    1. //මහ රෑක, වැල්ලවත්තේ වෙරලක, කෙල්ලෙක් එක්ක තනියම !//
      මහ රෑ නෙවෙයි බං ! මහ පාන්දර !!! ෆැන්ටසි ගතියක් තියෙනවා තමයි ! නැතුව ඉතින් නවල් එකක්, ෆිල්ම් එකක් ඩිවලොප් කරන්න බෑනේ බං ! අමු යථාර්ථයම ලියන්න ගියොත් නවල් එකක ගතියක් නෑනේ නේද ?

      කෙල්ල චමත්ගේ කොම්පැනියටම යවන්න වෙනවා කථාවේ හැටියට... උඹ කියන කථාව මම පිළිගන්නවා සෙන්නා සහෝ. ඒත් මට වෙන විකල්පයක් නෑ කථාව යන විදියට.... මොකද මම මේක දැන් ලියලා ටයිප් සෙට් කරලත් ඉවරයි..!!!

      කථාව ඉදිරියට යන විදියට ඔයාගේ් චෝදනාව සාධාරණ ද කියලා බලන්නකෝ...! සමහර විට මම වැරදිත් ඇති...

      මේ වගේ වෙනම perspective කමෙන්ට් වලට මං හරි කැමතියි... මොකද මට නොපෙනෙන පැත්තක් උඹට පේන නිසා... තැන්කූ වේවා සෙන්නා සහෝ !!!

      Delete
    2. නෑ නෑ වෙනස් කරන්න කිව්වා නෙමේ..මට හිකුන දේ කිව්වේ මට හිතෙන දේ හරි දේම නෙමේනෙ. අනික මම මේ කියන්නේ කතාවෙන් කෑල්ලක් දැනගෙනනෙ..උඹ කිව්වා වගේ කතාව කොහොම සැලසුම් කරලද කියලා මම දන්නෙත් නෑනෙ.. කිසි වෙනසක් අවශ්‍ය නෑ ඔහොම යමු..

      Delete
  3. අම්මේ.....
    දැන් තමයි හුස්ම ටික පහලට දැම්මේ. මේ ජාතියේ කොල්ලෙක්ට පලවෙනි වතාවට ඔතරම් හරියක් කරගන්න පුළුවන් වෙච්ච එක පොඩ්ඩක් විතර අවුල් වගේ. ( මම එහෙම කෙනෙක් ගැන දන්නා නිසා..) පොඩිවත් අවුලක් ගිහිල්ලා නැහැනේ!

    කමක් නැහැ.. ඉදිරියට කියවන්න බලාගෙන ඉන්නේ. කොටස් ගොඩක් එකට දාපු එක හොඳයි.
    (ඔය ටයිප් සෙටින් කරගත්ත රහස මටත් කියන්නකෝ...)

    ඔක්කොමත් හරි.. සිම්බු ! අම්මොහ් ;-)

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ කැරිස්මා එක නිසා සිම්බු ගැන ලියපු එකක්. ඇඩ් එකක් දැම්මට සමාවෙන්න.

      Delete
    2. //දැන් තමයි හුස්ම ටික පහලට දැම්මේ//
      නවකථා කියවීමෙන් සිදුවන අතුරු ආබාධ පිළිබඳව අප වග කියනු නොලැබේ... :P

      චමත් මුකුත්ම බැරි ජාතියේ කොල්ලෙක් නෙවෙයි. ධනපති ක්‍රමයේ නිසරු බව දැනගෙන පොලොවේ පය ගහලා ජීවත් වෙන එකෙක්.

      //(ඔය ටයිප් සෙටින් කරගත්ත රහස මටත් කියන්නකෝ...)//
      වෙන කොහොමද ඉතින් මේ ටිකිරි ඇඟිලි පොඩි ටිකෙන් තමයි සහෝදරී... හැබැයි කෙහෙල් කොටුවේ චූටි මහත්තයා නොහොත් බුද්ධියා නම් සෑහෙන කාලෙකට උඩදී කියවන කොට ලියවෙන සොෆ්ට්වෙයාර් එකක් දීලා තිබුණා... :D

      සිම්බු පිස්සුව නම් හොඳ එකක් නෙවෙයි හැබැයි !!! බලාගෙන !

      බොහොම ස්තුතියි ලිඛිතා මේ කථාව එක්ක එකතුවෙලා ඉන්නවට... ජයවේවා...!!!

      ප/ලි : ඇඩ් එක සඳහා අදාල මුදල නීති මාර්ගයෙන් අය කරගන්නා බව කරුණාවෙන් සලකන්න...:P

      Delete
    3. එහෙම එකක් තිබ්බ? අනේ මම කියෝන වේගෙට ලියන්න ගිහින් ඕක ට්‍රැෆික් රාලහාමි කෙනෙක්ට අහුවෙයිද? හා ඉතින් කියන්නකෝ කොහෙන්ද ගන්නේ කියල?

      සිම්බු පිස්සුව හොඳ වෙන්නේ නැත, මුහුදේ රළ වගේ.. අඩු වෙනවා.... වැඩි වෙනවා... උත්සන්න වෙනවා... සුනාමි වෙනවා..... !

      නීති මාර්ගයෙන් අය කරගන්නවා නම් අනේ වාසනාවන්. මගේ නැහැනේ පොතේවත් නීතියක් නැතුව වැඩක් කරලා. නීතියෙන් ගෙවයි, රටේ නීතියෙන් බැරිනම් අන්තර්ජාතික නීතියෙන්!

      Delete
  4. Replies
    1. නෙත් චමත් අළුත් චැප්ටර් එක තව සුළු මොහොතකින් පබ්ලිෂ් කරන බව කරුණාවෙන් සලකන්න.

      Delete
    2. මේ චතූ කියන මහත්තයා ඉන්නේ දිව්‍යලෝකේද හැබෑට? ඔය කියන 'සුළු මොහොත' ට මිනිස් කාලයෙන් නම් දැනට පැය හතරකට ළඟයි.

      Delete
    3. මේ දැන් පළ කළා උත්තමාවියනි...!!!

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...