Thursday, March 9, 2017

නෙත් චමත් [ගලවා ගැනීමේ මෙහෙයුම] #05




‘‘එ් කියන්නේ චමත් සර් සල්ලි දීලා මාව එලියට ගන්නයි හදන්නේ... මේ ගොල්ලෝ කීයක් ඉල්ලයිද දන්නෑ...’’ නෙත්මි හිතුවා.

‘‘සර්... මොකක්ද සර් කරන්න හදන්නේ...?’’

චමත්ට ‘අයියා’ කියලා කියන්න තරම් ඇඳුනුම් කමක් මේ වෙන කොට නෙත්මිගේ හිතේ තිබුණා වුනත්, කෙල්ල චමත්ට කථා කරද්දී එහෙම කිව්වේ නම් නෑ...



රොෂේන්ගෙන් ආයෙත් කෝල් එක එනකල් කරන්න දේකුත් නෑනේ. ඉතින් චමත් කලේ තමන්ගේ ප්ලෑන් එක මොකක්ද කියලා නෙත්මිට පහදලා දුන්න එක. නෙත්මිටත් මේ ප්ලෑන් එක ගොඩ දාගන්න ප‍්‍රධාන චරිතයක් ඇක්ට් කරන්න වෙනවා. ඉතින් චමත් කලේ නෙත්මිට එ් චරිතය රඟපාන්න  ඕනේ කරන උපදෙස් ටික දීපු එකයි.

හදිසියේම මේ දෙන්නගෙ සතර කන් මන්ත‍්‍රණයට බාධා වුනේ චමත්ගේ ෆෝන් එක සද්ද දාන්න ගත්ත නිසා. චමත් හිතුවා වගේම කෝල් එක රොෂේන්ගෙන්...

‘‘රෝස්... මචං, වැඩේ ඕකේ ද බං...?’’

‘‘අපෝ චම්මා... බොහොම අමාරුවෙන් ‘ටමාරා’ ට කියලා වැඬේ සෙට්ල් කර ගත්තේ... බොරු සීයක් විතර කියන්න වුනා එ්කට. මේ... මචං... හැබැයි උඹේ බිල් එක නම් ජම්බෝ සයිස් ආ...’’

‘‘එ්ක නම් අවුලක් නෑ බං. මට කීය ගියත් කමක් නෑ මේ කෙල්ලව එළියට -’’

චමත්ට එකපාරටම  කියවෙන්න ගියේ කෙල්ලව ගෙදර යවා ගන්න තියෙනවා නම් කියලයි. හොඳ වෙලාවට ඊට කලින් රොෂේන් මැදින් පැන්නා. 

‘‘උඹ ලඟ කාඩ් එක තියෙනවා නේද ?’’

රොෂේන් ඇහුවේ චමත් කියාගෙන ගිය එක ඉවර කරන්නත් කලින්... 

‘‘ඔව් මචං... රෝස් මේ... නිකමට වගේ කියපන්කෝ මෙයාගේ වැලියු එක කීයක් වගේද කියලා...’’

‘‘හ්ම්... ටූ පොයින්ට් ෆයිව් මිලියන්...!’’

‘‘ටූ පොයින්ට් ෆයිව්...??? ගේ‍්‍රට්...!’’

චමත්ට එ් ගාණත් ප‍්‍රශ්ණයක් නෙවෙයි. මාසෙකට ලක්ෂ පනහක ආදායමක් තියෙන කම්පැනි එකක අයිතිකාරයා වුණු චමත්ට මාස භාගෙක ආදායම අඩුවුනු කියලා පාඩුවක් නම් වෙන්නේ නෑ. එ්ත් ප‍්‍රශ්නෙකට තියෙන්නේ මේ ගෙවන්න යන්නේ තමන්ගේ මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි. 

 ‘එහෙනම් ටමාරා උඹ හොඳ කැපිල්ලක් කපා ගන්නයි යන්නේ... හොඳයි, බලමුකෝ මෙතනින් එළියට ගියාම...!’ 

චමත් හිතන්නට වුනේ තරමක කෝපයෙන්.

‘ටූ පො..යි..න්..ට්.. ෆයි..ව්...!!! දෙයියනේ, ලක්ෂ දෙකහමාරක් ද ?’

නෙත්මි හිතුවේ එ් ගාණ කියලා. ඇයි ඉතින් එයාට ‘මිලියන්’ කෑල්ල ඇහුණේ නෑනේ...

‘‘මොකද උඹ සයිලන්ස් වුනේ...? ඇයි, ගාණ සැර වැඩිද ?’’

රොෂේන් එහෙම ඇහුවේ චමත්ගෙන් සද්දයක් නැති නිසා. 

‘‘මං උඹට කලින්ම කිව්වනේ කීය ගියත් කමක් නෑ කියලා... ටූ පොයින්ට් ෆයිව් මිලියන් නෙවෙයි ටුවෙන්ටි ෆයිව් මිලියන් කිව්වත් මං මේක කරනවා...’’ 

චමත් කථාකලේ තරමක් තදින්.

‘අනේ දෙයියනේ... ටූ පොයින්ට් ෆයිව් මිලියන් කියන්නේ ලක්ෂ විසි පහක් ! අපේ මුළු පවුලටම අවුරුදු 05 ක් විතර ජීවත් වෙන්න පුළුවන් එ් සල්ලි වලින්...’

නෙත්මිට නම් හිතුනේ එහෙම... කෙල්ල හිටියේ කලබල වෙලා. චමත් තමන් වෙනුවෙන් එ් තරම් වියදමක් කරයි කියලා නෙත්මිට නම් හිතාගන්නවත් බෑ. ‘චමත් සර්ට පිස්සුද මන්දා ?’ 

නෙත්මි එහෙමම හැරුණේ චමත්ට තමන්ගේ විරෝධය ප‍්‍රකාශ කරන්නයි. එ්ත්... එහෙම කරන්න වුනේ නෑ. චමත්ගේ දිග හැරුණු වමත ‘එපා’ යන සංඥාවෙන් ඇය දෙසට යොමුවෙලා තිබුණා...

‘‘හරි හරි චම්මා... උඹ පේ කරන ඔක්කොම වගේ ආපහු හම්බවෙනවා. ඇක්චුවලි උඹට පේ කරන්න වෙන්නේ ලක්ෂ පහයි. ඉතුරු ටූ මිලියන් ඉල්ලන්නේ ඩිපොසිට් එකට. උඹ කෙල්ලව ආයෙත් මෙතනට ගෙනත් බාර දීපු ගමන් උඹට ආයෙත් එ්ක ලැබෙයි...’’

රොෂේන් කියාගෙන ගියේ චමත්ගේ කලබලය ටිකක් අඩු කරන්නයි.

‘එ් ලක්ෂ විස්ස හම්බවෙන්නේ ඉතින් මම ආයෙත් කෙල්ලව එක්ක ආවොත් නේ...!’ චමත් හිතුවේ හිනාවකුත් එක්ක. කමක් නෑ... ලක්ෂ 25 ක් වියදම් වුනත් මොකද... කරන්න යන්නේ හොඳ වැඩක් නේ. 

‘‘ඕකේ... රෝස්... මම එහෙනම් කාඞ් එකෙන් පේ කරන්නම්. මට කීයට විතරද කෙල්ලව ගන්න පුළුවන්...?’’

‘‘උඹ බිල් සෙට්ල් කලොත්, දැන් වුනත් පුළුවන්...’’

රොෂේන් එහෙම කිව්වම චමත්ව ටිකක් හෙල්ලිලා ගියා...

දැන්...!!!

‘‘හරි... මම පැය භාගෙන් රෙඩි වෙන්නම්... එ්ත් මචං, මේ ? දොලහට පේමන්ට්ස් ගන්න කැෂියර් ඇහැරලද ???’’ 

චමත් ඇහුවේ ඔලොක්කුවට වගේ...

‘‘මස්සිනා... මේවා ෆුල් නයිට් සර්විස්... උඹට හදිස්සිම නම් දැන් වුනත් කමක් නෑ, ෆ‍්‍රන්ට් එකට ගිහින් පේ කරලා වරෙන්...’’

‘‘පේ කරන්න නම් පුලූවන්...... එ්ත් යන්නේ කොහොමද බං...?’’

‘‘ඇයි කෙල්ල උඹව බදා ගෙනද ඉන්නේ...’’

‘‘නෑ බොල හරකෝ... දොර ලොක් කරලා...!!!’’

*  *  *  *  *

‘ස්පා’ එකට කවුරු හරි කෙනෙක් හොරෙන් වගේ ඇවිත් බැලූවොත් හිතාවි ‘අපෝ... මේක හරි පාළු ප්ලේස් එකක් නේ...’’ කියලා. එ්ත් ඉතින් බිස්නස් වෙන්නේ වැහිලා තියෙන දොරවල් වලට ඇතුලෙන් තමයි. ඔය පාළු කොරිඩෝ එක දිගේ මේ මහ පාන්දර ඇවිදගෙන එන්නේ මෙතන දෙවැනියා, ෂෙරිල්...!

එයා ඇවිත් නතර වුනේ අංක 04 දොර ලඟ. ඊලඟට ඇහුණේ දොර අගුලක් ඇරෙන පුංචි ‘ක්ලික්’ සද්දයක්. ඔය කාමරය ඇතුලේ හිටිය චමතුත්, නෙත්මිත් දෙන්නා එ් හඬ අහගෙන හිටියේ තමන්ගේ සැලසුමේ පියවර එකින් එක ඉදිරියට යන බව කියන සුභ පණිවුඩයක් විදියටයි.

පොඩි නිශ්ශබ්දතාවයක්... ටික වෙලාවයි. ඊළඟට ඇහුණේ දොරට තට්ටු කරන හඬ...

‘‘එක්ස්කියුස් මී...’’ එ් හඬ ආවේ දොරට එපිටින්.

ඉතින් අපේ කොල්ලත්, කෙල්ලත් දෙන්නම එ් වෙනකොට හිටියේ රෙඩි වෙලා. ෂෙරිල්ට ටිකක් වෙලා දොරට තට්ටු කරන්න දීලා (එක පාරම දොර අරින්නත් බෑනේ) නෙත්මි ගිහින් දොර අගුල කැරකුවා... ඔන්න... දොර නම් ඇරුණා...

‘‘මිස්...!!!’’ නෙත්මිගේ මුවින් පිටවුනේ තරමක් පුදුමයකින්. 

ෂෙරිල් කෙල්ල දිහා හොඳට බැලූවා. කාමරේට එව්ව විදියටම කෙල්ල ටවල් එක පිටින් ඉන්නවා. 

‘‘යන්න ඔයාගේ කාමරේට... ගිහින් රෙඩි වෙන්න...’’

‘‘ ඕකේ මිස්...’’

නෙත්මි යන ගමන්ම හැරිලා චමත් දිහා බැලූවේ අමුතුම බැල්මක්... චමත් එ්ක දැක්ක නම් දාහක් දේ හිතාගන්න තිබුණා. එ්ත් ප්ලෑන් එකේ හැටියට චමත් හිටියේ බොරුවට නිදාගෙන... ඉතින් කෙල්ල සුසුමක් හෙලලා යන්න ගියා...

බොහොම අමාරුවෙන් සවස් යාමයේ කාමරයට යවා ගත්ත කෙල්ල එක වරුවෙන් ජොබ් එකට පුරුදු වෙලා තියෙන හැටි දැක්කම ෂෙරිල්ට පුදුම හිතුනේ නම් නෑ. මොකද මේ සංසිද්ධිය මේ කාමර පේළි අතරෙදි ඇය ඉසේ කෙස් ගානට අත්දැකලා තියෙන නිසා...

මිස්ටර් රොෂේන් එක්ක හවස ආපු අළුත් බෝයි කාමරේ ඇඳේ නිදි. ඇඟේ උඩ හරියේ මුකුත් නෑ. ෂර්ට් එක ඇඳුම් රැක් එකේ තියෙනවා ෂෙරිල් යන්තමට වගේ දැක්කා. ‘‘වෙන්න  ඕන හරිය වෙලා ඇති...’’ ෂෙරිල් එහෙම හිතා ගත්තා. එ්ත් ඉතින් ෂෙරිල් කොරිඩෝව දිගේ එන්නත් ගොඩ වෙලාවකට කලින් නෙත්මි බාත්රූම් එකට ගිහින් ෂර්ට් එක ගලවලා - ආපු විදියටම ටවල් එක ඇඳගත්ත බවත්, චමත් එයා ඇඳගෙන හිටපු බොක්සිං බැනියමත් ගලවලා - නෙත්මි ගලවලා දීපු තමන්ගේ ෂර්ට් එකත් එක්කම ඇඳුම් රැක් එකට දාපු බවත් ෂෙරිල් දන්නේ නෑ...

‘‘එක්ස්කියුස් මී... වේට් දෙයා...’’

හදිස්සියේ ඇහුණු එ් හඬට දොරත් වහගෙන යන්න ගිය ෂෙරිල් නැවතුනා.

නිදාගෙන වගේ හිටිය චමත් දැන් හිටියේ ඇඳේ ඉඳගෙන. ෂෙරිල් යාන්තම් වගේ කාමරයට එබුණා.

‘‘කැන් අයි සෙට්ල් ද පේමන්ට්ස් ඇන්ඞ් ටේක් අවේ මයි ගර්ල් නව්...?’’

චමත් ඇහුවේ දැන්ම ගාණ ගෙවලා කෙල්ලව ගෙනියන්න පුළුවන්ද කියලයි.

‘‘යස් ඔෆ් කෝස් සර්... එව්රිතිංග් ඊස් සෙට්ල්ඩ් ඈස් මිස්ටර් රොෂේන් සේඩ්...’’

‘‘ ඕකේ... ෆයින්... අයි විල් ගෝ ෆෝ දි පේමන්ට්ස්’’

‘ෂුවර්... එනිතිංග් එල්ස් සර්...?’’

‘‘නෝ තෑන්ක්ස්...’’

‘‘යූ ආර් වෙල්කම් සර්...’’

එහෙම කියලා ෂෙරිල් ආපහු හැරුණා. කාමරයේ දොර ආයෙත් වැහුණා. ෂෙරිල්ගේ පාවහන් වලින් නැගෙන හඬ පාලූ කොරිඩෝවේ රැව් නංවමින් ඈතට ඇදෙන හැටි අහගෙන චමත් කල්පනා කලේ නෙත්මි දැන් මොනවා කරනවා ඇති ද කියලයි. 

‘මට කෙල්ලව ආයෙත් දකින්න නැති වේවිද...’

එ් විනාඩි පහට නෙත්මි නැති පාලූව චමත්ට දැනෙන්න පටන් ගෙන තිබුණා...

‘දැනෙන තරම් ලඟ නැති පාලූව - අනන්තය වගේ.....
තාමත් ඔබෙ හමුවීමත් මට... හී..නය...ක් වගේ.....’

*  *  *  *  *


රොෂේන් එක්ක හවස මේ කාමරේට ආපු විදියටම චමත් ඇඳ පැළඳගෙන ආපහු පිටවුනා. යන්න කලින් කොල්ලා ආයෙත් හැරිලා වටේට බැලූවේ තමන්ගේ ජීවිතයේ අපූරු රාත‍්‍රියක් ගත කරපු බිත්ති හතර දිහා. 
කලින් ආපු මතකෙන් චමත් කොරිඩෝ දිගේ ඉදිරිපස රිෂෙප්ෂන් එක ලඟට ආවා. අර කලින් එනකොට මෙතන හිටිය බටර් කෑල්ල තවමත් රිෂෙප්ෂන් එකේ ඉන්නවා. හැබැයි ඉතින් එනකොට හිටිය විදිය නෙවෙයි දැන්... බෙල්ලත් කඩාගෙන රිෂෙප්ෂන් ටේබල් එක උඩම නිදි...!

චමත් අතින් මේසෙට තට්ටු කරන සද්දෙට එ්කි ගැස්සිලා ඇහැරුණා. ඔය තියෙන්නේ නරලොව හොල්මන්...!!! සිද්ධාර්ථ කුමාරයාටත් ගිහි ගෙය එපාවුනේ නිළියන්ගේ විකාර දැකලලූ...

‘‘ආර් යූ මිස්ටර් සූරියබණ්ඩාර...?’’ රිෂෙප්ෂනිස්ට් එහෙම ඇහුවේ ඇස් දෙකත් පිහිද පිහිද...

‘‘යස් අයි ඈම්..... ම්ම්...ම්...’’

චමත් එතනදි හිරවෙලා කල්පනා කලේ ඊලඟට මොනවද කියන්නේ කියලා. ගැහැණු සම්බන්ධ මේ වගේ ගනුදෙනු කොල්ලට පුරුදු එ්වා නෙවෙයි.

චමත්ව හිරවුණු තැනින් ගලවගත්තේ රිෂෙප්ෂන් ගර්ල්...

‘‘ඕකේ දෙන්... කැන් අයි හෑව් යුවර් බෝඩිං රිසිට් ප්ලීස්... සර්...’’

චමත් පුදුමයෙන් බැලූවේ මොන කෙහෙම්මල් රිසිට් එකක් ගැනද මේ කියන්නේ කියලා... ඇයි ඉතින් රොෂේන් ඒක සාක්කුවට ඔබපු වගක් කොල්ලට මීටර් නෑනේ. අසිහියෙන් වගේ සාක්කු අතගාන කොට ඔන්න චමත්ගේ අතට රිසිට් එක අහුවුනා...

එතැන වැඩ ඉවර කරගෙන, ගෙවන්න තියෙන ගානත් ක්‍රෙඩිට් කාඞ් එකෙන් ගෙවලා චමත් කෙළවරේ තිබුණු සෝෆා එක දිහාට ඇදුනේ බිල් එක දිහා බලමින්... අරවටයි, මෙව්වටයි, එක එක ජාති වලටත් එක්ක ලක්ෂ 25 ට ටිකක් වැඩි බිල් එකක් එ්කේ සටහන් වෙලා තිබුණා.

වෙලාව පාන්දර එක හමාරයි. නෙත්මි කාමරයෙන් ගිහින් දැන් පැය භාගෙකටත් කිට්ටුයි. ‘කෙල්ල තාමත් නැත්තේ මොකද ?’ චමත් හිතමින් උන්නේ නොසන්සුන් සිතින්... සල්ලිත් නැතුව, කෙල්ලත් නැතිව ගෙදර යන්න වෙයි ද මන්දා...!

කොරිඩෝවෙන් සද්දයක් ආවා... රුවක් ඇඳෙනවා - කවුදෝ එනවා... නෙත්මිව දකින්න පෙරුම් පුරන චමත්ගේ ඇස් වලට අහුවුනේ රොෂේන්ගේ රුව...

‘‘උඹ මෙච්චර කුලප්පු වෙයි කියලා දන්නවා නම් මම උඹව මෙතන්ට එක්ක එන්නෙත් නෑ...’’

රොෂේන් ආවෙම චමත්ට පල් එක දාගෙන.

‘‘හරි... හරී... මට කී එක දීපන්... මම උඹට උදෙන්ම වෙහිකල් එකක් එවන්නම්...’’

රොෂේන් සාක්කුව ඇදලා ප‍්‍රාඩෝ එකේ යතුර චමත්ට දුන්නා. කී එක ගන්න අත දික් කලත්, එ්ක අතට ගන්න තරම් චමත්ට සිහියක් තිබුණේ නෑ. අත දික් කරගෙන මේකා මොන පිස්සුවක් නටනවද බලන්න චමත්ගේ මූණ දිහාවේ බලපු රොෂේන්ට පෙනුනේ කොල්ලා ඇසිපිය නොහෙලා තමන්ගේ උරහිසටත් උඩින් ඈත දිහා බලන් ඉන්නා හැටියි.

නෙත්මිව ඇස් දෙකට වැටුණු ගමන් චමත්ව හෙල්ලිලා ගියා... හරියට භූමිකම්පාවක් ආවා වගේ... ඇයි දෙයියනේ ජීවිතේ පුරාම හීන මව මවා හිටපු ‘ඞී‍්‍රම් ගර්ල්’ ඇස් ඉස්සරහම පේන්න ගත්තම ෂොක් වෙන්නැතුව තියේවියෑ...!

චමත් කෙල්ල එක්ක පැය හතරක් පහක් හිටියා තමා... එහෙම ඉදිද්දී  ඕක එච්චර කොල්ලට වැදුනේ නෑ. මොකද, එ් හිටියේ හරි නෙත්මි නොවන නිසා... ඔන්න.. දැන් කෙල්ල තමන්ගේ හරි ස්වරූපයෙන් චමත් ඉස්සරහම ඉන්නවා.

ඔව්... ඇස්වහක් කටහවක් නෑ... කෙල්ල පුදුම තරම් ලස්සනයි. කෙල්ලෙක්ව එ් තරම් පිරිසිදු විදියට, පිවිතුරු විදියට චමත් කවදාවත් දැකලා නෑ. හරියට උදේ පාන්දර පින්න වැටුණු ලස්සන, සුවඳ ගැටපිච්ච මලක් දිහා බලන් ඉන්නවා වගේ චමත් නෙත්මි දිහා බලාගෙන උන්නේ. ‘මොනවද මට මේ හිතෙන්නේ...’

නිල් දිග සායට සුදු අත් දිග බ්ලවුස් එකක් ඇඳලා - මේ පාන්දරම නාගෙන, සුවඳ ගහන දිග කොණ්ඬේ මැදින් බෙදලා ගොතාගෙන - බටර් පාට හෑන්ඩ් බෑග් එකත් කරේ එල්ලන්, අත් දෙකෙන්ම ෆයිල් එකත් පපුවට තුරුළු කරන් නෙත්මි කොරිඩෝ එක දිගේ රිෂෙප්ෂන් එක දිහාවට එන හැටි චමත් ආසාවෙන් බලා හිටියේ වෙනම ලෝකෙක ඉඳන්... නෙත්මි තියන අඩියක් අඩියක් ගානේ හිත පතුලෙන් මොන මොනවද වෙනවා වගේ.
කොල්ලෙක් හැන්ඞ්සම් වුනාම එ් කොල්ලගෙන් එන්නේ අමුතුම පර්සනලිටි එකක්... එ් වගේම තමයි කෙල්ලෙක්ගේ ලස්සනටත් - එ් කියන්නේ මුහුණ, ඇඟපත විතරක් නෙවේ - අමුතුම පෞරුෂයක් මැවෙනවා. චමත් විතරක් නෙවෙයි, කුණු රහටම ඇබ්බැහි වුනු රොෂේන් පවා නෙත්මිගේ එ් සොඳුරු ලලනා පෞරුෂය හමුවේ හෙල්ලූම් කාලා ගියා. 

ඉතින්...!!!

නෙත්මි හෙමින් සැරේ බිම බලාගෙන ඇවිත් චමත්ගේ දකුණු අත ගාවින්ම වගේ නතර වුණා. ‘දෙයියනේ, මේ කෙල්ල හැමදාම මෙහෙම දකුණු පැත්තෙන් නතර වුනා නම්...’ 

‘‘හරිද...?’’

‘‘ඔව් සර්...’’

‘‘හරි මචං, අපි යන්නං එනම්...’’ චමත් කිවේවේ රොෂේන්ට.

‘‘ ඕකේ මස්සිනා... හෑව් ෆන්...’’

චමත් අත දික්කරලා නෙත්මිගේ අතින් අල්ලා ගත්තා. කෙල්ලගේ අත හිරි වැටිලා ගියා වගේ. නිදහස් අතින් ඉදිරිපස දොරත් විවර කරගෙනම චමත් ‘ස්පා’ එකෙන් එළියට බැස්සා... 

‘කෙල්ලන්ගේ අත් මෙච්චරම සිනිඳු ඇයි...’

*  *  *  *  *

එළියට බැහැපු ගමන්ම නෙත්මිට දැනුනේ ඔළුව උඩ තිබුණු ලොකු බරක් උස්සලා පැත්තකින් තිබ්බා වගේ... නිදහස..... එ්ක කොච්චර සුන්දර වචනයක් ද ? ඇද ගෙන වැටුණු අඳුරු ඉරණමෙන් ගොඩ එන්න ලැබුණු එක කොච්චර වාසනාවක් ද ? 

‘ඔක්කොම කලේ මේ කොල්ලා තමයි... අතිනුත් අල්ලගෙන, මූණ දිහා බලාගෙන හිනාවෙනවා... හරියට අවුරුදු ගාණක් දන්නවා වගේ...’

ඇත්තටම චමත් නෙත්මි දිහා බැලූවේ අහිංසක ආඩම්බරයකින්... කෙල්ලෙක් ඉස්සරහා වීරයෙක් වෙන්න හැම කොල්ලම ආසයි... එ්ත් ඉතින් සමහරු වීරයෝ වෙන්නේ චමත් වගේ රියල් වැඩ කරලා නම් නෙවෙයි... 

නෙත්මිගේ ඇස්වල කඳුලූ... එ් සතුටට කියලා චමත් දන්නවා... ‘ඔයාට කොච්චර සතුටුද කියලා මම දන්නවා බබා... ඔයාගේ අතින් අල්ලන්, ඔයාව එළියට අරන් යන මට කොච්චර සතුටුද කියලා ඔයා දන්නවා නම්...’

චමත් වාහනේ ලඟට එනකල්ම කෙල්ලගේ අතින් නම් අතෑරියේ නෑ. නෙත්මිටත් එ් අත මුදාගන්න  ඕනෙ කමක් තිබුණෙත් නෑ, ලෝබකමක් මිසක්... එහෙම අතින් අල්ලන් එක්ක යන්නේ පරිස්සම් කරන්න තරම් වටින නිසානේ... බය නිසානේ... එහෙම හිතෙන්නේ ලෙන්ගතුම කෙනෙක්ට විතරමයි. නෙත්මි ඇත්තටම හිටියේ චමත්ගේ මේ උතුරායන දයාබරකම ගැන පුදුම ඇවිලීමකින්... කෙල්ලත් ආස තමන්ව මේ විදියට පණ වගේ බලාගන්න කොල්ලෙක්ට...

වාහනය ලඟට තියෙන අඩි විස්ස තිහ එනකල් දෙන්නගෙන් කවුරුවත් කථා කලේ නෑ. ඇයි ඉතින් දෙන්නටම හිතන්නත් දේවල් කොච්චරක් ද ?

ප‍්‍රාඩෝ රථය ලඟට පැමිණි චමත් ඉස්සරහ දොරත් ඇරලා බැලූවේ නෙත්මි දිහාව.

‘‘නගින්න බබා... අපි යං...’’

චමත් කිව්වේ නෙත්මිගේ අත මුදාගෙන එහෙමම හිමින් කෙල්ලගේ ඔළුවත් අත ගාන ගමන්...

නෙත්මිත් මුකුත් ඇහුවේ නෑ... එක පාරින්ම වාහනයට ගොඩවුනා. මොනවා කියලා අහන්නද ? අහනවා නම් අහන්න  ඕනේ ‘කොහෙද සර් යන්නේ’ කියලා... එ්ත් මොකටද... දැන් ඉතින් චමත් තමන්ව කොහේ එක්කන් ගියත් කෙල්ලට කමක් නෑ. 

ඇත්තෙන්ම නෙත්මි හිටියේ මේ කොල්ලට කොහොම ස්තුති කරලා, පිං දීලා ඉවර කරන්නද කියලා හිතා ගන්න බැරුව... සත්තු වත්තේ සිංහ කූඩුවට වැටිලත්, පණපිටින් ආපහු ගොඩ එන්න ලැබුණම මොන වගේද ? අන්න එහෙම තමයි නෙත්මිටත් දැනුනේ. 

කෙල්ලට ඔහේ පාඩුවේ ඉන්න දීලා චමත් හිමිහිට වාහනේ හරවගෙන පානදුර පැත්තට යන්න ඩුප්ලිකේෂන් පාර පැත්තට දාගත්තා. ඇයි ඉතින්, මේ හරියේ වන්වේ නේ... මේ හිමිදිරි පාන්දර පාළු වී ගිය පාර දිගේ චමත් වාහනේ අරගෙන ගියේ හරිම හිමිහිට... නිදහසේ. දැන් ඊළඟට මොනවද කරන්නේ කියලා ටිකක් කල්පනා කරන්නත්  ඕනේ. එ් වගේම දැන් ඉතින් හිතන්න තව තව දේවලූත් තියෙනවනේ... මොනවද ? ඇයි ඔය වම් පැත්තේ සීට් එකේ ඉන්න අමුතු ජීවියා...!

මුළු වාහනේ පුරාම පිරිලා තිබුණේ අමුතුම සුවඳක්... එ් වෙන මොකවත් නෙවෙයි නෙත්මි ලඟින් එන ජීවන සුවඳ කියලා චමත් දන්නවා. කොල්ලා උන්නේ හදවත විනිවිද යන එ් මුදු සුවඳෙන් මන්මත් වෙලා. ‘ෂැම්පු ගාලා නාපු ගමන් හැම කෙල්ලම මෙහෙම සුවඳ වෙනවද ?’ චමත් ඉතින්  ඕවා දන්නේ නෑනේ.

මල් සුවඳ විඳ විඳ, මල් පෙති වල හැඩ බල බල විතරක් ඉන්න එක බඹරෙක්ට කොච්චර වදයක් ද ? එක මලක් නිසා චමත් හිටියෙත් සෑහෙන්න නොසන්සුන් වෙලා. පපුව අමුතු විදියට ගැහෙනවා චමත්ට දැනෙනවා. එ් දැන් ටිකකට කලින් ඉවර කරපු ගලවා ගැනීමේ මෙහෙයුම හින්දා කියලයි චමත් හිතුවේ. එ්ත් නෑ... මේ වගේ අමුතු හැඟීමක් මීට කලින් කවදාවත් දැනිලා නෑ. 

චමත් දැන් යන්නේ අමුතුම පාරක... නෑ නෑ... ගාලූපාර ගැන නෙවෙයි මේ කියන්නේ. චමත්ගේ හිත ගැන...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~



                     | පැරණි කොටස් වලට මෙතනින් යන්න... |                





19 comments:

  1. Replies
    1. ඔක්කොමත් හරි..... පින්තුරේ ඉන්න 'සිම්බු' දැක්කම 'ටින් ටොන්' වෙලා යනවනේ.... මම ආසම නළුවෙක්.

      ;-)

      Delete
    2. ඔය ඉන්න දෙන්නා තමා මම දැකලා තියෙන රොමැන්ටික්ම කපල් එක... සිම්බු නම් කෙසේ වෙතත්, ට්‍රිෂා කියන්නේ අවුරුදු 10 විතර ඉඳන් මගේ favourite !

      ප/ලි : නෝනි දැක්කොත් කන්නට වෙන්නේ නැව් ගුටි !!!

      ප/ප/ලි : දැන් අපි ගැන කවුරුත් කථා කරන්නැද්ද ??? (නෙත් චමත්)

      Delete
    3. මේ ලංකාවේ කපල් එකක් ද ? කොල්ලනම් ටිකක් සරදියෙල් වගේ...

      Delete
    4. @ සෙන්නා :

      //මේ ලංකාවේ කපල් එකක් ද ?//
      ඉල්ලෛ... මේ කොලිවුඩ් (south indian) ඩබලක්.

      //කොල්ලනම් ටිකක් සරදියෙල් වගේ...//
      හෑ... !!! බොලා සරදියෙල් දැකලා තියෙනවා වගේ !

      Delete
    5. සරදියෙල් = රොෂාන් රවින්ද්‍ර

      Delete
    6. ටින් ටොන් කියන්නේ හදවත ගැහෙන සද්දෙ අනේ. Crush එකක් මගේ.
      අර කිව්වෙ අනිත් එක්කෙනා, රොෂාන්!!! එකම කැරිස්මා එකක්! !!

      Delete
    7. මොකක්ද බොල කැරිස්මා කිව්වේ? පොඩ්ඩක් පැහැදිලි කරානම් කුණුහරුපයක් කියලා හිතාගන්න කලින්!

      Delete
    8. cha·ris·ma
      kəˈrizmə/
      noun
      1.
      compelling attractiveness or charm that can inspire devotion in others.
      "she enchanted guests with her charisma"
      synonyms: charm, presence, personality, force of personality, strength of character; More
      2.
      a divinely conferred power or talent.

      Delete
    9. 'ආසක්ත බව' ? ඔන්න ඔය වගේ වචනයක්. මට හරියටම වචනේ දන්නේ නැහැ

      Delete
    10. සිම්බු ගිය දුරක් අම්මපා !!!

      Delete
    11. සිම්බුට එහෙම මොකක් වත් කියනවා නෙවෙයි ඔන්න!

      Delete
  2. ඔක්කොම කොටස් ටික කියවගෙන එන ගමන් මේ. චමත් මාර වැඩ කාරයෙක් නේ.

    ReplyDelete
    Replies
    1. කියවගෙන එමුකෝ බලන්න ඒ නම්...

      //චමත් මාර වැඩ කාරයෙක් නේ.//
      ඇයි ? එහෙමත් වෙන්න බැරිද ? වැඩේ හොඳ නෑ / වෙන්න බෑ වගේද ???

      Delete
  3. වැඩේ හිතපු තරම් අමාරු වුනේ නෑ නේද ? එක අතකින් සල්ලි තියනවනම් මොනාද අමාරු..

    කොල්ලට හුරු නැති වුනාට ලියන එකාටනම් බොහොම හුරු පාටයි... හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔය ලිව්වට ඕවා ඔහොම ලේසියට කරන්න පුලුවන්ද බැරිද කියලා කවුද දන්නේ බන්ස් !!!

      හැබෑව, සල්ලි තියේනම් ගොඩාක් වැඩ ලේසියි... හැබැයි සල්ලි කියන්නේ හැමදේම නොවෙයි කියලා කථාවත් එක්ක කියවෙනවා...

      //කොල්ලට හුරු නැති වුනාට ලියන එකාටනම් බොහොම හුරු පාටයි... හෙහ් හෙහ්..//
      ඊඊඊ...ඊ...ඊ !!! ඕකනේ යකූ කරන්න බැරි !!! ලියන හැම එකම එක්ස්පීරියන්ස් වෙන්න ඕනෙම නෑ බං... ලියන කථාව ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් නම් කථාව රියල් තමා !!!

      තැන්කූ වේවා සෙන්නා සහෝ... උඹ ප්‍රමාද නිසා කථාව එපා වෙලාද කියලා මම හිත හිතා හිටියේ. ජය !!!

      Delete
    2. උදේ ෆෝන් එකෙන් කියෙව්වේ.. කමෙන්ට් කරන්න යනකොට හෙළකුරාට මොනාද වෙලා...දැන් වැඩටත් ගිහින් ඇවිත් තමා ආයෙත් ගොඩ වුනේ... ඒකයි පරක්කු..

      තාම එපා වෙලා නෑ...

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...