Showing posts with label චරිත කථා. Show all posts
Showing posts with label චරිත කථා. Show all posts

Monday, June 23, 2014

- Elon Musk නැමැති නූතන අනාගතවේදියාගේ නවතම පියවර -

ඊලොන් මස්ක් (Elon Musk)යනු කවුරුන් දැයි ඇමෙරිකානු පුරවැසියන් නම් හොඳින් දනිති. ඔහු මහා ව්‍යාපාරිකයෙකි, උපාධිධාරී ඉංජිනේරුවෙකි, නව නිර්මාණකරුවෙකි, අනාගත වේදියෙකි. මේ සියල්ලම එක්ව ගත් කල ඔහු ලෝකයේ වර්තමාන මුහුණත වෙනස් කරන යුග පුරුෂයෙක් ලෙසද සමහරුන් විසින් හඳුන්වන්නට යෙදෙයි. ඒ ඔහු විසින් දියත් කරන්නට යෙදී ඇති විප්ලවකාරී, සුපිරි ව්‍යාපෘති නිසාවෙනි.

Sunday, August 25, 2013

- පරිගණක මවුසයේ නිර්මාතෘ ඩග්ලස් එංගල්බර්ට් ලොවෙන් සමුගනී -

මෙම ලිපිය කියවන ඔබේ අත මේ මොහොතේත් රැඳී ඇත්තේ මීට වසර 40 කට පෙර ඔහු විසින් නිපදවන ලද ඒ අපූරු නිර්මාණය මතයි. ඔබේ අත්ලට යටින් ඇති පරිගණක මවුසයේ නිර්මාතෘවරයා ඔහුයි. ලෝකය වෙනස් කළ තාක්ෂණික සංකල්ප රැසක් ලොවට ඉදිරිපත් කලේ ඔහුයි. ඩග්ලස් එංගල්බර්ට් නම් වූ මේ අසහාය පරිගණක පුරෝගාමියා වසර 88 ක් වූ සිය ජීවන කාලය නිමා කොට පසුගිය ජූලි 02 වැනි දා සදහටම සිය දෑස් පියා ගත් වග පාඨක ඔබට දැන්විය යුතුව තිබේ.

Thursday, November 10, 2011

හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා - මුනිදාස කුමාරතුංග...


මෙලොව උපත ලබන ඕනෑම පුද්ගලයෙක් යම් කාලසීමාවක් ජීවත් වේ. ඉක්බිතිව මියැදේ. මෙසේ උපත ලබන්නා වූ ඇතැම් පුද්ගලයන් මියැදෙන්නේ නැත. ඔවුහු ඒ ජාතිය පවතින තුරා ජීවත් වෙති. ඒ මහා ප්‍රාඥයෝයි. ඔවුහු තමන්ගේ නිර්මාණ නිසාම ජීවත් වෙති...

මේ පාඨ කිහිපය උපුටා ගත්තේ මා ලඟ තිබෙන ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය නම් පුස්තකයේ ආරම්භයේ කුමාරතුංග මුනිදාස නම් විද්වතානන් පිළිබඳ සඳහන් වන සංඥාපනයෙන්. කුමාරතුංග මුනිදාස මහත්මා ගැන කියන්න කලින් මම මේ පොත මට ලැබුණු හැටි කියලා ඉන්නම්...

Friday, June 17, 2011

Intel සමාගමේ වැඩ පාන අසල්වැසි ඉන්දියානුවා - Ajay Bhatt | අජේ බාත්

     අප වර්තමානයේ භාවිතා කරන පරිගණකය, නැතහොත් පරිගණක තාක්ෂණය යනු එක් පුද්ගලයෙක් හෝ එක් සමාගමක් මගින් දියුණු කරන ලද දෙයක් නොවේ. පරිගණකය අද පවතින තත්ත්වයට දියුණු කිරීම සඳහා ශ්‍රමයෙන් මෙන්ම සිය නුවණින් ද බොහෝ දෙනෙක් දායක වී ඇත. පරිගණක තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා සිය දායකත්වය සපයමින් පරිගණක ක්ෂේත්‍රය තුල වැදගත් මෙන්ම විප්ලවීය සොයාගැනීම් කිහිපයකම අයිතිකරු වූ එවැනි සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳවයි මේ සටහන...