Monday, November 21, 2011

Outdoor Trailer එකක් සහිත ලංකාවේ පළමු වේදිකා නාට්‍යය - දොලහක් 12


මේ මාතෘකාව දැක්ක ගමන් වෙනසක් දැනුන ද ? නැත්නම් ආයෙත් හොඳට කියවලා බලන්න... ඔව් ! සාමාන්‍යයෙන් පෙරදැකුමක් (Trailer) සකසන්නේ අදාල නිර්මාණයේ අන්තර්ගතය කැටිකොට දැක්වෙන පරිදි, ප්‍රේක්ෂකයාට ඒ පිළිබඳව දළ චිත්‍රයක් ලබා ගත හැකි වන පරිද්දෙන්... නමුත් මම මේ කියන්නට යන Trailer එක නම් වෙනස් අත්දැකීමක්. වේදිකා නාට්‍යයක පෙරදැකුමක් වේදිකාවෙන් පිටත සිට දැක්වෙන ලංකාවේ පළමු වේදිකා නාට්‍යය මේ තමා...


ලංකාවේ අපිට නම් වේදිකා නාට්‍යයකට Trailer එකක් නිකුත් කිරීම තවමත් තරමක අළුත් අත්දැකීමක්...! කොහොම වුනත් අන්තර්ජාල තාක්ෂණයේ උදව්වත් අරගෙන අපේ වේදිකා නාට්‍ය කලාව අළුත් මානයකට යන එක ගැන නම් සතුටුයි. මේ වටිනා කලා මාධ්‍යය සජීවීව පවත්වා ගන්නට සිය නිර්මාණ දායකත්වය දෙන සම්පත් දායකයන් අතරින් කැපී පෙනෙන නාමයක් ලෙස අතුල පතිරණ හඳුන්වා දෙන්න පුළුවන්. රංගන ශිල්පියෙක් ලෙස ටෙලි නාට්‍ය බොහෝමයකට දායක වූ ඔහු හොඳ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්...! ජනප්‍රිය වගේම කුසලතා පූර්ණ රංග ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් නිමවුනු දොලහක් 12 නමින් හඳුන්වන නවතම වේදිකා නාට්‍යය සඳහා තමයි ඉහත කියූ පෙරදැකුම (Trailer) සකස් කර තිබෙන්නේ. තරමක් වෙනස් කථා තේමාවක් සහිත, ප්‍රේක්ෂක කුතුහලය කුළු ගන්වන සුළු අපූර්ව වේදිකා නාට්‍ය නිර්මාණයක් ලෙසින් මේ ප්‍රයත්නය හඳුන්වා දෙන්න පුළුවන්.




ඉතින් ඔබත් වේදිකා නාට්‍යවලට කැමැත්තක් දක්වන්නේ නම් මේ ඔබට ලැබෙන හොඳ අවස්ථාවක් බව කියන්න ඕනේ. හොඳම රංගන ශිල්පීන් සමූහයක් එක්ක, අපූර්වතම කථා තේමාවක් ඔස්සේ දිගහැරෙන, විශිෂ්ඨ නිර්මාණ අත්දැකීමක් සමගින් එකතු වෙන්න ඔබත් කැමතියි නම් දෙසැම්බර් 1 සහ 2 යන දින වල කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ඒ සඳහා අවස්ථාව උදා වෙනවා.





මේ සටහන තබන්නේ අන්තර්ජාලයේ දී ඇසගැටුනු මේ අපූරු රූප පෙලහර නිසාමයි... ඉතින් ඔයාලත් වේදිකා නාට්‍ය වලට ආසාවක්, කැමැත්තක් තියේ නම් සජීවීව ඒ අත්දැකීම ලබාගන්න පුළුවන්... මේවට වැඩි කැමැත්තක් නැත්නම්, කැමැත්තක් තිබුණත් කාලයක් නැත්නම්... වුවමනා කෙනෙක්ට ඇස ගැටෙන්නට මේ ලිපිය බෙදාහදා ගන්නවා නම් ඒකත් ලොකු උදව්වක්... දේශීය නාට්‍ය කලාව සඳහා අපේ දායකත්වය, අපගේ යුතුකම වෙනුවෙන් ඒ සුළු දෙයින් හෝ ඔබ හැමටම සම්මාදම් වෙන්න පුළුවන් නම් මේ ශිල්පීන්ට ඔවුන්ගේ මහන්සිය වෙනුවෙන් ලැබෙන හොඳම ඇගයීම එය වේවි...!!!

කියවා බෙදාගන්න... keep sharing…







9 comments:

  1. බොහොම ස්තුතී දැනුවත් කලාට..මම හරිම කැමති ඉසවුවක් වෙදිකාව...

    ReplyDelete
  2. @ රාජ් :
    බොහොම ස්තුතියි රාජ්...! පුළුවන් හැමෝම එක්ක මේක බෙදාගමු...

    ReplyDelete
  3. බොහෝම ස්තුතියි චතූ දැනුවත් කිරීමට...වෙන්න මහත්තයට බටර් අහුරක් විසික් කරන්න ඕනෙ.... :)

    ReplyDelete
  4. ස්තුතියි චතු...outdoor trailers ගැන මම කලින් අහල තිබුනේ නෑ...ඒක නම් හරි අපූරු සංකල්පයක් වගේ...

    ReplyDelete
  5. අළුත් දෙයක්... මෙහේ ඉඳන් ඉතින් බලන්න විදියක් නෑනෙ.... :(

    ReplyDelete
  6. movie eka balapu one kenekta therenawa meke e wishishta nirmanayata karana nigrahayak kiyala.ayi apita aluth deyak karanna bari?

    ReplyDelete
  7. @ All :
    ප්‍රතිචාරයක් තියපු, ඇවිත් බලලා ගිය හැමෝටම ස්තුතියි !!!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...