Sunday, November 20, 2011

සියවසකට පෙර පුරාණ ලංකාවේ ප්‍රවාහන ක්‍රම - පැරණි ඡායා රූ...

වුරුදු 100 කට කලින් ලංකාව කොහොම තිබුනද කියලා හිතාගන්න පුළුවන් ද ? ඇත්තෙන්ම අපිට ඒ ඉතිහාසය ගැන ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් ඡායාරූප වලින්. එක රූපයකින් පුළුවන් වචන සිය ගානක අදහසක් ප්‍රකාශ කරන්න. මේ පළවෙන පින්තූර වලින් දැක්වෙන්නේ සියවසකට ඉහතදී ලංකාවේ පැවති විවිධ ප්‍රවාහන විධි ගැනයි. ඇත්තටම මට මේ රූ පෙල හමුවුනේ ඊ-ලිපියකින්. ඒ ගැන මම දිනිඳු සොයුරාට ස්තුතිවන්ත වෙනවා. කියන්න තරම් ලොකු කථාවක් නොවුනත් මේ රූප පෙල ඔයාලටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවා. යමුද එහෙනම් නවසිය ගණන් මුලට...

ජල මාර්ගවල ගමනාගමනය සඳහා භාවිතා කරපු ඔරු සමූහයක් තමයි මේ දැක්වෙන්නේ. ඒවා පොල්අතු වලින් සෙවිලි කරන ලද යාත්‍රාවන් වෙනවා. ඒ වගේම විශාල ගස් කඳන් හාරලා, ඒ කුහර සහිත ලී කොට දෙකක් එකට බැඳලා,  ඒ උඩ ලෑලි තට්ටුවක් දාලා තමා මේවා හදලා තියෙන්නේ.




මැද කොළඹ පිහිටි වික්ටෝරියා උද්‍යානයේ සේවයේ නියුතු රික්ෂෝකරුවන් මේ රූපයෙන් දැක්වෙනවා. මොවුන්ගේ ගාස්තුව තීරණය වුනේ දුර අනුව නොව කාලය මතයි. 1907 දී හොඳම තත්ත්වයේ පළමු පන්තියේ රික්ෂෝවක් කුලියට ගැනීමට නම් විනාඩියකට සතයක ගාස්තුවක් අය කරලා තියෙනවා. ඒ වගේම පැයකට සත පහනක් වෙන්න ඩිස්කවුන්ට් එකකුත් තිබිලා තියෙනවා. ඒවගේම හවස් කාලයේ හයර් කරන රික්ෂෝ හා දෙදෙනෙක් විසින් ඇදගෙන යනු ලබන රික්ෂෝ වල ගාස්තුව වැඩි බවයි සඳහන් වෙන්නේ.




බක්කි කරත්ත පේලියක් ලස්සනට ගමන් කරනවා. මේ රූපයෙන් දැක්වෙන්නේ රේගුව වෙත තේ කොල රැගෙන යන ගොන් කරත්ත පේලියකුයි.




එක්දාස් නවසිය මුල් ගණන්වල රේස් කරත්තයක්...




1905 දී ඇඳි මේ චිත්‍රයෙන් දැක්වෙන්නේ අඟුල නමින් හැඳන්වෙන මසුන් මරන යාත්‍රාවක් හා ධීවර පිරිසක්...




ගොන්නුන් දෙබානක් විසින් ඇදගෙන යනු ලබන බණ්ඩි කරත්තයක් තමයි මේ. දෙමළ බසින් වන්ඩි කියලා තියෙන්නෙත් මේකටලු. මේවා සාමාන්‍යයෙන් භාවිතා වෙලා තියෙන්නේ කෝපි හා සහල් ප්‍රවාහනය සඳහායි. මේ කරත්ත වියාපු පොල්අතු වලින් හොඳින් ආවරණය කරලා තියෙනවා. මේ කරත්ත වල බැඳ ගොනුන් ඒවායේ පැටවූ බරද සමගින් දිනකට සැතපුම් 20 ක් පමණ බර අදින බවයි සඳහන් වෙන්නේ.




1900 ගණන් වල මුල් කාලයේ දී මීගමුව හැමිල්ටන් ඇලේ පාවුනු පද්දා බෝට්ටු...




මේ තමයි මම ආසම පින්තූරය. අපි අද පෑලියගොඩ මහ පාලමෙන් කැළණි ගඟ එගොඩ වුනාට ඉස්සර ඒ සඳහා භාවිතා වෙලා තියෙන්නේ මේ අපූරු පාලම. මේ තමයි කැළණී නදියෙන් කොළඹට එන සුප්‍රකට පාරු පාලම ! 1880 ගණන් වලදී ග්‍රෑන්ඩ්පාස් අන්තයෙන් පෙනෙන ආකාරය තමයි මේ රූපයෙන් දැක්වෙන්නේ.

පාරු පාලමෙන් කොළඹට... ගැල් පේලිය සැපත් වුනා...




මේකට කියන්නේ තිරික්කලය නේද ?




ඒ කාලේ කන්ටේනර්, ප්‍රයිම් මූවර් තිබුනේ නෑනේ. ඔය ලොකු ලොකු දේවල් ඇදගෙන යන්න වෙලා තියෙන්නේ අලින්ට තමා. මේ රූපයෙන් පෙන්වන්නේ තේ වත්තකට අවශ්‍ය කරන බොයිලේරුවත් ඇදගෙන යන අලි කිහිපදෙනෙක්...




කොළඹ- නුවර තැපැල් කරත්තය, 1860




මාතර දුම්රිය ස්ථානයේ ධාවනය වන වාශ්ප එන්ජිමක් සහිත දුම්රියක්... කාලය 1895...




කොළඹ- නුවර කෝච්චිය පාලමක් උඩින් යන දර්ශණයක්...




කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයේ දිවෙන බඩු කෝච්චියක්. මේක බඩු කෝච්චියකටත් වඩා ඩක්කු කෝච්චියක් වගේ...




ඔහිය කිට්ටුව ඇති දුම්රිය උමගක්...




කොළඹ-නුවර දුම්රිය මාර්ගය...




1880 දී පමණ ගාලු පාරේ දර්ශණයක්... වෙනස හිතා ගන්නවත් ඇහැක් ද ???




හපුතලේ බලා දිවෙන කඳුකර මාර්ගයේ දර්ශණයක්, 1894




ඉස්සෙල්ලත් කිව්වා වලේ අලින්ට මේ කාලේ වැඩ වැඩියි ලු. ප්ලේන් අදින්න වෙලා තියෙන්නෙත් අලින්ට...!!!



----------------------------------------------------------------------------------------

මේ රූ පෙලින් ඔයාලා දෙයක් ගන්න ඇති කියලා හිතෙනවා... අතීතය හරිම චමත්කාරජනකයි නේද ? අවුරුදු 100 කට ලෝකේ කොච්චර වෙනස් වෙලාද ? හිතන්න දේවල් ටිකකුත් ඉතුරු කරලා මං ගිහින් එන්නම්... බෑන්ඩ් කථා හා මුනිදාස කුමාරතුංග ශූරින් පිළිබඳ ලිපි පෙලත් ඉදිරියේදී පළ වේවි... එහෙනම් සමුගන්නම්.... ජයවේවා !!!





33 comments:

  1. මටනම් අතීතේ තරම් ලස්සන වෙන දෙයක් නැහැ මචං...

    ReplyDelete
  2. http://www.imagesofceylon.com/
    http://lankapura.com/photo-gallery/
    http://www.imagesofasia.com/srilanka.php

    ReplyDelete
  3. නියමයි... මාර වටින පින්තූර ටිකක්.... අපිට මේ ගැන කිව්වට ස්තූතියි...

    ReplyDelete
  4. හුඟ දවසකින් මේ පැත්තේ ආවේ. වටින ෆොටෝ ටික. ඔය ෆොටෝවලින් කීපයක් මගේ ලඟත් තියෙනවා.

    ReplyDelete
  5. ෆොටෝ ටිකයි විස්තරෙයි දෙකම වටිනවා...

    ReplyDelete
  6. නියමයි සහෝදරයා...හැමිල්ටන් ඇලේ තිබ්බ බෝට්‍ටුවක් උස්වැටකෙයියාවේ මගේ යාලුවෙක්ගේ ගෙදර ගියාම තියෙන්වා මම දැකලා තියෙනවා.....වටිනා ලිපියක්

    ReplyDelete
  7. නියමයි සහෝ......

    ReplyDelete
  8. වටින පින්තූර ටික අර අලි අදින එව්ව නං දැක්කමයි ........

    ReplyDelete
  9. a kala tbunu nidahas wata pitawa rata diunuwa samagama vinasa wala... sundarai....

    ReplyDelete
  10. හරිම වටිනවා මේක නම්...පාරු පාලමේ පින්තුරයක් අදයි දැක්කේ...

    ඔයා තිරික්කලය නේද? කියලා අහල තියෙන්නේ "බග්ගිය" කට නේද? මම දන්න විදියට අර උඩින් දාපු රේස් කරත්තය ට තමයි තිරික්කලය කියන්නේ...මම වැරදි ඇති සමහර විට..

    ReplyDelete
  11. ඇත්තටම අය්යේ මේ දවස් වල ඔයා ලියන ලිපි ගොඩාක් වටිනවා.. මේ පින්තුර මම කලින් දැකලා තිබුනේ නම් නැ ඇත්තටම කොයිතරම් වෙනස් වෙලාද කියලා හිතාගන්නවත් බැ අය්යේ... ගොඩාක් ස්තුතියි

    ප.ලි : කෝ බැන්ඩ් කථා

    ReplyDelete
  12. ඉස්කොලෙ යන බබාලට සෑහෙන්න වටින වැඩක්.. සුපර්... :D

    ReplyDelete
  13. හැබෑවටම වටිනා ලිපියක්.ඒ කාලේ දැන් කාලෙට වඩා කොච්චර වෙනස්ද?.

    ReplyDelete
  14. niyamai machan.. dan hamilton ela dakkata issara hamilton ela dakke adane.. sirawata danata wada issaranam niyamai...

    ReplyDelete
  15. ඒ කාලෙ හරි ලස්සනයි අප්පා. දැන් කොච්චර අබිලික් වෙලාද...

    ReplyDelete
  16. @ ඔබ නොදු‍ටු ලොවක් :
    බොහොම ස්තුතියි සහෝ...

    @ ලොකු පුතා :
    ඇත්ත මචං, ඒත් මෙහෙමත් දෙයක් තියෙනවා... අතීතෙ දිහා බලලා ඉගෙන ගන්නයි ඕනේ. නැතුව හූල්ල හූල්ල ඉන්න නෙවෙයි. "අතීතය සිහිනයක් පමණයි... සැබෑ සුවයක් නෑ... !!!" හිතලා බැලුවම ඇත්ත තමයි. හීනේ බලන කල් ලස්සනයි. ඇහැරුනාම දුකයි !!! ස්තුතියි ප්‍රතිචාරයට !

    @ For Anos 1-2-3 : thank you all !!! ප්‍රතිචාර වලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම දෙවැනි ඇනෝගේ ලින්ක් ටිකට නම් ගොඩා...ක්ම ස්තුතියි...!

    @ ගෝල්ඩ් ෆිෂ් : බොහොම ස්තුතියි මාළුවෝ ඇවිත් ගියාට !!!

    @ උදාර + තාරක : බොහොම ස්තුතියි ඇවිත් ගියාට...

    @ පිස්සු පූසා : ප්‍රතිචාරයට ගොඩාක් ස්තුතියි සහෝ... අර යාළුවගේ ගෙදර තියෙන බෝට්ටුවේ පින්තූරයක් එවන්න බැරිවෙයි ද ?

    @ Ano 4-5 : බොහොම ස්තුතියි දෙන්නාටම...

    ReplyDelete
  17. @ සමීර : බොහොම ස්තුතියි සහෝ... දීලා කාපු දෙයක් කෙනෙක් රහයි කියනකොටලු වැඩියෙම රස !!!

    @ ඉන්දික : කථාව ඇත්ත සහෝ... ඒත් ඉතින් අපිටත් දියුණුවෙන් ගැලවෙන්න බෑනේ. වෙනස්වීම පොදු දෙයක් ! කොහොම වුනත් ඔය කාලේ අපේ අත්තලා මුත්තලා සෑහෙන්න නිදහසේ ඉන්නැති ! අපිට තමා තරඟෙට දුවන්න වෙලා තියෙන්නේ !!!

    @ සයුරි :
    අනේ මන්දා සයුරි... මම හරියටම දන්නේ නෑ. සමහර විට ඔයා හරි ඇති. දන්නා කෙනෙක් කියා දුන්නොත් හොඳා...

    පාරු පාළමට තමා මමත් ආසම... ගොඩාක් ස්තුතියි ප්‍රතිචාරයට ! ජයවේවා !!!

    @ දේවා :
    මම දන්නවා පැනපු ගමන් බෑන්ඩ් කථා අහනවා කියලා... ඒකට තාම කරුණු හොයනවා මලේ... ඉන්මනින්ම දානවා...

    ඔයාලගේ ගෙවල් එහෙම ෆොටෝ ගහලා පිකාසා දාලා තියන්න. තව අවුරුදු 100 කින් ඔයාගේ මී මුණුපුරෝ ඒවා බලලා කියාවි “අම්මෝ දේවා සීයලගේ කාලේ හරි වෙනස් නේද ?“ කියලා... ඕවා ඔහොම තමා... වෙනස්වීම අපිට නවත්තන්න බෑනේ මලේ... ස්තුතියි ප්‍රතිචාරයට !

    @ සුපරි මාරියෝ :
    //ඉස්කොලෙ යන බබාලට සෑහෙන්න වටින වැඩක්.//

    ඒක කිව්වේ නෝන්ඩියටද මන්දා... :P හුඟ කාලෙකින් මලයා ! බොහොම ස්තුතියි ඇවිත් ගියාට...!

    @ රන්දික : ස්තුතියි සහෝ ප්‍රතිචාරයට...!

    @ දේශ් : හෙහ් හෙහ්... මම නම් නූතන හැමිල්ටන් ඇල දැකලා නෑ යාළු... කොහොම වුනත් මේ වගේ රූප වල වටිනාකම වැඩිවෙන්නේ පරණ වෙන කොට තමා... ස්තුතියි ප්‍රතිචාරයට !!!

    @ නිසූ :
    හ්ම්... අපිත් තම වයසට ගියාම ඔබ වචන ටිකම තමා කියන්න වෙන්නේ...

    කමෙන්ට් කරපු හැමෝටම : අතීතය සුන්දරයි තමා... මම මේ කියන්නේ පොඩ්ඩක් වෙනස් දෙයක්... ටිකක් හිතලා බලන්නකෝ අද කාලේ ගාලු පාර දිගේ බක්කි කරත්ත වල, තිරික්කල වල නැගලා කොළඹ වැඩට එන අපේ කාලේ උදවිය ගැන !!!

    කාලෙත් එක්ක භාවිතාවන් වෙනස් වෙනවා තමා. සමහර විට කාලෙත් එක්ක අපි ආයෙත් ගොන් කරත්තෙටම යාවි. ඉතිහාසය කියන්නේ චක්‍රයක් ලුනේ !!!

    ප්‍රතිචාර තියපු, බලලා ගියපු හැමෝටම ගොඩාක් ස්තුතියි... ජයවේවා !!!

    ReplyDelete
  18. ගොඩක් වටිනා පින්තූර එකතුවක්...ස්තූතියි.

    ReplyDelete
  19. ඔය ඉතිං ඒ කාලෙ තිබිච්ච සුපර් බඩු තමා, දැං සුපර් කියල හිතාන ඉන්න බඩුත් තව සීයක් ගියාම මේවගේ තියෙයි. :D

    ReplyDelete
  20. @ ලකී :
    ගොඩාක් ස්තුතියි ප්‍රතිචාරයට !!!

    ReplyDelete
  21. palaweni wathawta mehe awe. harima apoorui.

    ReplyDelete
  22. ඔයාගෙ ලිපිය ගොඩාක් රස වින්දා මල්ලි. ඒ පින්තූර ටික හරිම වටිනවා. මගෙ අම්මේ ගාලු පාරෙ හැටි. දැන් ඒ හරිය සමහරවිට මුහුදට හේදිලා ගිහින් ඇති. අර පළවෙනි පින්තූරෙ මං හිතන්නෙ වරාය ඇතුලෙ එකක්ද කොහෙද. මං එහෙම කිව්වෙ අර පසුබිමේ පේන ඒවා වරායෙ අදටත් දකින්න තියෙන වෙයාහවුසස් වගේ හින්දයි. මට අර රික්ෂෝ දකිනකොට නම් හරි දුකයි. මිනිහෙක් හරකෙක් වගේ තව මිනිහෙක්ව ඇදගෙන යන එක මට කවදාවත් බලන් ඉන්න පුළුවන් උනේ නෑ. පුංචි කාලෙ රික්ෂෝවක යන්න චාන්ස් එකක් ඇවිල්ලත් මං ගියේ නෑ අර මනුස්සයා පව් කියල හිතුනු නිසා.

    ReplyDelete
  23. @ නවම් :
    ඔය කියලා තියෙන්නේ නියමෙටම...! ස්තුතියි ප්‍රතිචාරයට සහෝ...!

    @ අනුෂ්ක :
    ඔයාව සාදරයෙන් පිළිගන්නවා සහෝ...!!! ගොඩාක් ස්තුතියි ඇවිත් සහයෝගයක් දුන්නාට... ජය !!!!

    @ සංගීත අක්කා :
    මමත් ඇත්තටම අක්කේ ඔයාගේ කමෙන්ට් එක රස වින්දා ! පළවෙනි ඡායාරූපය මම පස්සේ එකතු කලේ... මුලින්ම නොදා හිටියත් මගේ සම්ප්‍රදාය බිඳෙන නිසා රූපයක් හොයලා දැම්මා. ඕක මට හිතෙන හැටියට කොළඹ වරාය වෙන්න පුළුවන්. කොළඹ රේගුව කියලයි හැඳින්වීම තියෙන්නේ. අනිවා, ඔය තියෙන ගාලු පාර නම් දැන් වෙරලෙනුත් එහා ඇත්තේ.

    ම්ම්... මම නම් රික්ෂෝ හැබහින් දැකලා නෑ. ඒ නිසා යන්න ලැබිලත් නෑ. රික්ෂෝ රස්සාව දුක හිතෙන දෙයක් තමා අක්කේ. හැබැයි අද කරන කැත වැඩ වල හැටියට බැලුවම ඒ රස්සාවත්, නාටාමි වගේ රැකියාත් කොච්චර නම්බුකාර ද ? ඒ මිනිස්සු තමන්ගේ ඇඟේ හයියෙන් හම්බ කරනවා. කොහොම වුනත් ඔයා රික්ෂෝ ගැන කියපු නිසා මමත් ඒ ගැන අළුතෙන් හිතන්න පෙළඹුනා... ස්තුතියි අක්කේ අදහස් වලට... ජයවේවා...!!!

    ප/ලි : අක්කද, නංගිද කියලා නම් දන්නේ නෑ... මට මල්ලි කී නිසා මාත් අක්කේ කියලම කිව්වා ඕං !!!

    ReplyDelete
  24. ශා මරුම මාරු පොස්ට් 1ක......
    නියම ෆොටෝ ටික,ඒ වගේම විස්තරෙත් නියමයි.....
    ඉස්කෝල ගුරුවරුන්ට අපේ පොඩි මල්ලිලා ,නංගිලට අතිතෙ ප්‍රවාහන ක්‍රම තිබුනෙ කොහොමද කියල පැහැදිලි කරලා දෙන්න නියම මුලාශය.....
    ජයම වේවා!!!!!!එල වැඩක්.....

    ReplyDelete
  25. ගොඩක් වටින පෝස්ටි එකක්. බොහොම ස්තුතියි. ජයෙන් ජය!

    ReplyDelete
  26. පට්ට ෆොටෝ ටික . තෑන්ක් යු මචන්

    ReplyDelete
  27. oya cars history ekata awith na saho ekath thibunanam patta

    ReplyDelete
  28. oya cars history ekata awith na saho ekath thibunanam patta

    ReplyDelete
  29. parani pravahana krama pictures ona wela mekata awe. grade 5 daruwekuta oyata godak pin

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...