Thursday, November 17, 2011

ලැප්ටොප් පරිගණකය නිවැරදිව භාවිතා කරමු...


නිවැරදිව ඔබේ ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමෙන් එහි ආයුකාලය වැඩි වන අතරම එය හො කාර්යක්ෂමතාවයකින් යුතුව ධාවනය වේ. එමෙන්ම ලැප්ටොප් පරිගණකය හදිසි අනතුරු වලින් ආරක්ෂා කර ගැනීමටද මේ උපදෙස් වැදගත් වේ. එවැනි අවස්ථාවකදී අළුත්වැඩියා කිරීමකට යෑමට වඩා එයින් ආරක්ෂා වී සිටීම වඩාත් හිතකරයි. මෙහි සහන් උපදෙස් පිළිපැදීමෙන් ඔබේ ලැප්ටොප් පරිගණකයත් අවම නඩත්තුවකින් යුතුව වැඩි කාලයක් භාවිතා කළ හැකි අතරම සැමවිටම වේගවත්ව ක්‍රියාත්මක වේ.


ලැප්ටොප් පරිගණකය ජංගම භාවිතයට නිමවා ඇති නිසා නිවස පුරා ඕනෑම තැනක හිඳ භාවිතා කල හැකියි. මේ නිසා වෙනත් වැඩක යෙදී සිටිමින්ම ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමට බොහෝ දෙනෙක් පෙළඹී සිටී. එහි වැරැද්දක් නොමැති වුවත් මෙවැනි අවස්ථාවලදී ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ලැප්ටොප් පරිගණකය අසල කෑම බීම ගැනීමේදී එය මතට ඉහිරීමට වැඩ ඉඩක් පවතින නිසා ලැප්ටොප් පරිගණකය අසල කෑම බීම ගැනීමෙන් වැළකී සිටිය හැකිනම් වඩාත් සුදුසුයි. බොහෝවිට තේ, කිරි, සිසිල් බීම වැනි දෙයක් පානය කරමින් ලැප්ටොප් පරිගණකයෙන් යමක් කියවීම හෝ නැරඹීම බොහෝ දෙනාගේ විනෝදාංශයකි. නමුත් මෙවැනි අවස්ථාවකදී මේ දියර පරිගණකයේ යතුරු පුවරුව මත ඉහිරිය හැකියි. යම් හෙයකින් මේ ආකාරයෙන් දියරයක් පරිගණකය මත ඉහිරුනහොත් ඒ මගින් පරිගණකයේ අභ්‍යන්තර උපාංග ලූහුවත් (Short Circuit) වීම, දත්ත හානිවීම හෝ උපාංග දැවීයාම වුවත් සිදුවිය හැකියි. ඔබ කොතරම් ප්‍රවේශම් වුවත් හදිසියේම මෙවන් දෙයක් සිදුවීමට වැඩි සම්භාවිතාවයක් පවතින නිසා දියර වර්ග හැකි තරම් පරිගණකයෙන් ඈත්ව තබන්න. එමෙන්ම දියර වර්ගයක් භාවිතා කළ යුතුම නම් හොඳින් ආවරණය කල හැකි භාජනයක් භාවිතා කරන්න. එවිට භාජනය පෙරලීමකින් ඉහිරී නොයන නිසා අවදානමක් පැන නොනගී.


ආහාර ගැනීමේදීත් මේ ආකාරයෙන්ම පරිගණකයට අහිතකර තත්ත්වයන් ඇතිවේ. විශේෂයෙන්ම පාන්, බනිස්, කෙටි කෑම ආදී දේ ආහාරයට ගන්නා විට ඒවායේ කුඩා කැබලි යතුරු පුවරුවේ යතුරු අතර තැන්පත් වේ. මේවා නිසා කූඹින් වැනි කුඩා සතුන් පරිගණකය අභ්‍යන්තරයට ඇදී එන අතර උන් යතුරු පුවරුවේ රබර් බොත්තම් කා දැමීමෙන් යතුරු හරිහැටි ක්‍රියාත්මක නොවිය හැකියි. එමෙන්ම බොහෝ විට එවැනි සතුන් පරිගණක අභ්‍යන්තරයට ඇදී ඒම නිසා පරිපථ අතර ලූහුවත් වීම් සිදුවීමටත් වැඩි ඉඩකඩක් පවතී. එසේම මෙවැනි ආහාර කැබලි, තෙල් හා කහට පැල්ලම් ආදිය නිසා ලැප්ටොප් පරිගණකයේ පෙනුම ද අපිරිසුදු ආකාරයක් ගනී. කල්යෑමේදී මේවා ඉවත් කිරීමට අපහසු විය හැකියි. කෑම බීම ගැනීමෙන් පසු අත් හොඳින් පිරිසිදු කර ගත හැකි නම් මේ ආකාරයෙන් අපිරිසුදු පැල්ලම් ඇති වීම වළකී. ඇති මේ නිසා හැකි සෑම විටෙකම ලැප්ටොප් පරිගණකය අසල හි ආහාර පාන ගැනීමෙන් වැළකිය හැකි නම් එය ඔබේ පරිගණකයේ යහ පැවැත්මට හේතුවේ.

මෘදුකාංග ආරක්ෂාව ගැන සැලකීමේදී සැමවිටම ක්‍රියාකාරී, යාවත්කාලීන කළ, හො තත්ත්වයේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිතා කරන්න. හැම විටම එය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ දැයි සැලකිලිමත් වන්න. අහිතකර පරිගණක වැඩසටහන් ඔබේ පරිගණකයට ඇතුළුවීමට ඇති ඉඩ ඇහිරීම මගින් පරිගණකයේ මෘදුකාංග දෝෂ බොහෝමයක් වලක්වා ගත හැකියි. එය ඔබේ පරිගණය වේගවත්ව ක්‍රියාත්මක වීමටද හේතුවෙයි.

ඔබේ ලැප්ටොප් පරිගණයේත් වඩාත් සැලකිල්ලක් දැක්විය යුතු, ආරක්ෂා කරගත යුතු කොටස වන්නේ එහි LCD තිරයයි. තිරය අකුලා වැසීමේදී සැමවිටම තිරය තද නොවන සේ එහි මැදින් අල්ලා සෙමින් අකුලා දමන්න. එක් පැත්තකට බර කරමින් තිරය වැසීමේදී තිරයේ ඒ පැත්තේ ප්ලාස්ටික් සරනේරුව තදවීමෙන් නැවීමට හා පැලීමට භාජනය විය හැකියි. එසේම තිරය වැසීමේදී යතුරු පුවරුව හා තිරය අතර වෙනත් ආගන්තුක ද්‍රව්‍ය (පෑන් / ඉයර්ෆෝන් / පෙන් ඩ්‍රයිව්) නැති බව සැක හැර දැනගන්න. එවැනි වෙනත් කුමන හෝ බාධකයක් යතුරු පුවරුව මත තිබියදී තිරය වැසුවහොත් එමගින් තිරය තෙරපීමකට ලක්වීම නිසා එයට හානිවිය හැකියි. එමෙන්ම එයින් තිරය සීරීමටද ඉඩ තිබේ. තිරය සඳහා තිර ආරක්ෂකයක් යෙදිය හැකි නම් වඩාත් සුදුසුයි. එමගින් තිරය මත දුහුවිලි තැන්පත් වීම අවම වන අතර සීරීම් වලින්ද ආරක්ෂා වේ. කිසිවිටකත් තිරයෙන් අල්ලා ලැප්ටොප් පරිගණකය එසවීමෙන් වලකින්න. ඔබ තිරයෙන් අල්ලා පරිගණකය එසවුවහොත් පරිගණකයේ මුළු බරම තිරය දරා සිටින ප්ලාස්ටික් සරනේරු මතට යෙදීම නිසා ඒවා දුර්වල වීමට හෝ හානි වීමට හැකියි. සැමවිටකම ලැප්ටොප් පරිගණකය යටින් අත තබා ඔසවන්න. ලැප්ටොප් පරිගණකයේ LCD තිරය මත අනවශ්‍ය ලෙස තෙරපුමක් යෙදීමෙන් වලකින්න.

 

තවත් සැලකිලිමත් විය යුතු අංගයක් වන්නේ ලැප්ටොප් පරිගණකයේ පවර් කෝඩ් එකයි (විදුලි රැහැන).  කිසිවිටකත් එහි වයරයෙන් අල්ලා ඇදීමෙන් වළකින්න. සැමවිටම පවර් කෝඩ් එකේ කෙළවර ඇති ප්ලග් එකෙන් අල්ලා වයරය ගලවා ඉවත් කළ යුතුයි. එසේ නොවුනහොත් වයරය ඇදීම නිසා මැදින් කැඩී යා හැකියි. එසේම පවර් සොකට් එකද හානියට පත්වීමට ඉඩ තිබේ. පවර් ඇඩැප්ටරය ස්ථීර ලෙස බිත්ති සොකට්ටුවට සවීවී තිබිය යුතුයි. එසේ නොවුනහොත් එහි තුඩු ඇද වීම නිසා හෝ අක්‍රමවත් සම්බන්ධක අග්‍ර නිසා පවර් ඇඩැප්ටරයට හානි සිදුවීමට ඉඩ තිබේ. පවර් ඇඩැප්ටරයෙන් එන වයරය සෑම විටම නොසෙල්වෙන සේ ලැප්ටොප් පරිගණකයට සවි කරන්න. එවිට හදිසියේම පා පැකිලීමෙන් හෝ වෙනත් එවැනි හේතුවක් නිසා පවර් කෝඩ් එක ඇදීයෑම වැලකේ. එමෙන්ම පවර් කෝඩ් එක මෙන්ම පරිගණකය සහා භාවිතා කරන වෙනත් සියළුම කේබල් පොළොව මතින් යැවීමෙන් වළකින්න. ඔබ පරිගණකය ඉදිරියේ වාඩි වී සිටීමට භාවිතා කරන පුටුවට කේබල් හසුවී හානිවීමට ඉඩ ඇති නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. බාහිර උපාංග හා කේබල් ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කරන විට සෑම විටම එය නිවැරදි සොකට් එක දැයි විමසා බලන්න. බොහෝ විට පරිගණකයේ පිටත වැස්ම මත කුඩා රූපයක් ලෙස අදාල සොකට්ටුව කුමක් දැයි පෙන්වා තිබේ. වැරදි සොකට්ටුවකට උපාංග සම්බන්ධ කිරීමෙන් (උදා: නෙට්වර්ක් කේබලය වෙනුවට ෆෝන් වයරය) උපාංගය මෙන්ම සොකට්ටුවද දැවී යා හැකියි. එසේම ලැප්ටොප් පරිගණකයේ  මව් පුවරුව දැවී යෑමේ අවදානමක් ද පවතී.

CD ධාවක වැනි ගලවා ඉවත්කර නැවත සවිකල හැකි Removable Drives භාවිතයේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. මේවා නොසැලකිලිමත් ලෙස භාවිතා කිරීමෙන් විවිධ හානි සිදුවීමට ඉඩ තිබේ. විශේෂයෙන්ම පරිගණකයෙන් ගලවා ඉවත් කල පසු මෙම ධාවක නිසිලෙස අසුරා තැබිය යුතුයි. භාවිතා නොකරන සෑම විටෙකම මේවා නිසි ලෙස ගබඩා කර තබන්න. මෙම ධාවක පරිගණකයට ඇතුළු කිරීමේදී නිවැරදි ලෙසට ඇතුළු කරන්න. උඩ යට මාරු කර වැරදි ආකාරයට බලෙන් ඇතුලත් කරන්නට යෑමෙන් ධාවකයට මෙන්ම පරිගණකයටද හානි සිදුවිය හැකියි. එමෙන්ම CD / DVD ධාවකයන්ට තැටි ඇතුළු කිරීමේදී ඒවායේ ලේබල නිසි ලෙස ඇලවී ඇත්දැයි බලන්න. ගැලැවුනු ලේබල ධාවක තුළ සිරවීම නිසා ක්‍රියාවිරහිත විය හැකියි.

කාළගුණ තත්ත්වයන් සැලකීමේදී අවට උෂ්ණත්වය ක්ෂණයකින් අධික ලෙස අඩු-වැඩි වීම ලැප්ටොප් පරිගණකයට හානිකර විය හැකියි. ඩෙස්ක්ටොප් පරිගණකයකට වඩා ලැප්ටොප් පරිගණකයක අභ්‍යන්තර උපාංග කුඩා ඉඩක් තුල ලං ලංව අසුරා ඇති බැවින් අභ්‍යන්තර උෂ්ණත්වය තරමක් වැඩි අගයක පවතී. එමෙන්ම අධික සීතලක සිට එක්වරම ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන තාප වෙනස නිසා හාඩ් ඩිස්ක් වැනි ධාවක වලට හානි විය හැකියි. එමෙන්ම කාර් එකක් වැනි වැසුණු රථයක් තුළ ලැප්ටොප් පරිගණකය තබා යෑමෙන් අධික උෂ්ණත්වයට එය ලක් වෙන්නා සේම සොර සතුරන්ට ද අත වැනීමක්ද වෙයි. සැම විටකම සමතලා මතුපිටක් මත ලැප්ටොප් පරිගණකය තබා භාවිතා කරන්න. මෙය හො වායු හුවමාරුවකට හේතුවේ. එමෙන්ම හැකි සෑම විටෙකම ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක තත්ත්වයේ පවතින විට හො වායු සංසරණයක් ඇති තැනක එය භාවිතා කරන්න. නැතහොත් ලැප්ටොප් පරිගණකයේ අභ්‍යන්තර උෂ්ණත්වය සීඝ්‍ර ලෙස ඉහළ යා හැකියි.

ලැප්ටොප් පරිගණකයේ සිසිලන පංකා පිහිටා ඇත්තේ පරිගණකයේ යට පැත්තේයි. අවට පරිසරයෙන් එකතුවන දූවිලි අංශු මෙම ෆෑන් පෙති හා ලැප්ටොප් පරිගණකයේ යට පැත්තේ දැල් කවුළු අහුරමින් තැන්පත් වේ. මේ නිසා වසරකට වරක් වත් ලැප්ටොප් පරිගණකයේ බාහිර ආවරණය ගලවා මේ දූවිලි පිරිසුදු කළ යුතුයි. මේ ලෙස පිරිසිදු නොකළහොත් දූවිලි එක්රැස් වීම නිසා ලැප්ටොප් පරිගණකයේ සිසිලන ක්‍රියාවලිය නිසිලෙස ක්‍රියාත්මක නොවන අතර එය අභ්‍යන්තර උපාංග වලට හානිකර ලෙස බලපෑ හැකියි. පරිගණකයේ සිසිලන පංකා ඇති ප්‍රදේශය පිරිසුදු කිරීම සහා භාවිතයෙන් ඉවත් කල දත් බුරුසුවක් භාවිතා කළ හැකියි.

ලැප්ටොප් පරිගණකය මත පොත්පත් වැනි බරැති දේ තබන්න එපා. මේ නිසා LCD තිරය යතුරු පුවරුවට තද වීම නිසා එයට හානිවිය හැකියි.

සෑම විටෙම ලැප්ටොප් පරිගණකය සඳහා ආවරණ බෑගයක් භාවිතා කරන්න. මෙමගින් සීරීම්, තෙරපීම් මෙන්ම අනපේක්ෂිත වැටීම් වලින්ද ලැප්ටොප් පරිගණකයට ආරක්ෂාවක් සැපයේ. බොහෝවිට ලැප්ටොප් පරිගණකයට හානි සිදු වන්නේ එය බිම ඇද වැටීම නිසායි. බෑගය මගින් ඒ සහා ද ආවරණයක් සැලසෙන නිසා හානිය අවම වේ.
 
බොහෝ විට ඔබත් නිදන කාමරයේ ඇ මත සැහැල්ලූවෙන් දිගාවී ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමට හුරුවී ඇති. මෙය කෙතරම් සුව පහසු වුවත් මේ ආකාරයට නිරන්තරවම භාවිතා කිරීමෙන් එය පරිගණකයට හානිකර තත්ත්වයක් කරා යා හැකියි. ඇ මතුපිට ඇතිරිල්ලේ රැඳී ඇති කුඩා දුහුවිලි අංශු හා වෙනත් කුඩා දේවල් පරිගණකයේ යටි පැත්තේ තැන්පත් වීමෙන් වායු කවුළු අවහිර විය හැකියි.

මේ කරුණු පිළිපැදීමෙන් ඔබේ ලැප්ටොප් පරිගණකයත් හොඳ තත්ත්වයකින් තබා ගන්නට හැකි වේවි...





38 comments:

  1. වටින විස්තර ටිකක්...මගේ යාළුවෙක් ඉන්නව මිනිහා UPS එකක් ගහලා තමයි ලැපා පාවිච්චි කරන්නේ...වැඩි ආරක්ශාවට.....

    ReplyDelete
    Replies
    1. lol.. ai uge lap eke batteryak nadda..? pissek..

      Delete
  2. ස්තුතියි වටිනා සිහි කැඳවීමක්.

    ReplyDelete
  3. ලැපක් ආදරෙන් පාවිච්චි කරන කෙනෙකුට ඉතා වටිනා විස්තර ටිකක් :)

    ReplyDelete
  4. මම ගොඩාක් ආදරේ කරන මට ගොඩාක් වටින ලැප් තුමා පරිස්සම් කරගන්න ගොඩාක් වටින උපදෙස් ටිකක් අය්යේ.... සමහර වැරදි නොකලාට තවත් සමහර වැරදිත් මගෙන් වෙනවද කියලා හිතුනා... ගොඩාක් ස්තුතියි අය්යේ...

    ReplyDelete
  5. සුපිරි මචන්..දිගටම ලියන්න.......

    ReplyDelete
  6. හිතුමතේ තාම ඉතින් ලැප්ටොප් අසිරිය විදින්නේ හිතින්.. ගත්තු දවසක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුනා.. චතුරංග අයියට ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  7. හොඳ ලිපියක් චතූ ස්තුතී දැනුවත් කිරීමට

    ReplyDelete
  8. තාම ලැපක් ගත්තේ නෑ. ගත්තට පස්සෙ නම් බලා ගන්නවා ඇහැක්වගේ. එහෙම කරන්න ඔය අදහස් ටික ගොඩක් වැදගත් වෙයි.

    ReplyDelete
  9. මේක කියෙවුවම තමයි කරන සුළු සුළු වැරදි කොයි තරම් බරපතල ද කියල තේරුනේ... හ්ම්... ගොඩාස් ස්තූතියි .

    ReplyDelete
  10. මගෙ ලැප් එකට මේ ලඟදි අවුරුද්දක් පිරුනා... ඒදා ඉඳන්ම වගේ ලැප් එකේ ෆැන් එක හැම තිස්සෙම උපරිම ස්පීඩ් එකෙන් වැඩ.. රෑට තමයි එපාම වෙන්නේ.
    හාර්ඩ් ඩිස්ක් එකේ පිරිලා තියෙන ප්‍රමාණෙන් ඒකට බලපෑමක් එනවද??
    හාර්ඩ් එකනම් ෆුල්ම ෆුල්...

    ReplyDelete
  11. @ ඔබ නොදුටු ලොවක් :
    ලැප්ටොප් එකට UPS ඇයි ? හදිසියේ කරන්ට් ගියොත් ලැප් එකේ බැට්රියෙන් දුවන්න පුළුවන්නේ. ඔයාගේ යාළුවගේ ලැප් එකේ බැට්රිය අප්සෙට් ඇති ! කොහොම වුනත් UPS දාන එක හොඳයි voltage Issues වලට නම්...! අර කිව්වා වගේ වැඩි ආරක්ෂාවට... බොහොම ස්තුතියි සහෝ !

    @ තිස්ස දොඩන්ගොඩ :
    බොහොම ස්තුතියි අයියේ ප්‍රතිචාරයට...

    @ ලොකු පුතා + Ano + රාජ් :
    බොහොම ස්තුතියි ඔක්කොටොම... !

    @ දේවා :
    ලැප් එකාට නෙවෙයි. තමන්ගේ හැම දේටම ආදරය කරන්න ඕනේ නොවැ. මලයා නොදන්න දෙයක් දැනගත්තා නම් මගේ සතුට ඒක තමා. ස්තුතියි මලේ ප්‍රතිචාරයට !!!

    @ හිතුමතේ + බට්ටි :
    මමත් එහෙමම තමා... ඔය නගාලා දෙන්නා වගේම මමත් තාම මගේ මේස කොම්පීතරෙන් තමා වැඩ ! කොහොම වුනත් ගත්ත කාලෙක පරිස්සම් කොරගන්නලා. ස්තුතියි දෙන්නටම !!!

    ReplyDelete
  12. ගොඩක් වටින ලිපියක් !!
    අපි කරන සමහර වැරදි මේ ලිපිය නිසා අදුන ගත්තා

    ReplyDelete
  13. @ සොසි :
    ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට...! දෙයක් අරන් ගිය එකට ඊටත් වඩා සන්තෝෂයි !!!

    @ තාරක :
    හ්ම්... ෆෑන් එක ෆුල් ස්පීඩ් වැඩ කියන්නේ ප්‍රොසෙසරයත් 100% කිට්ටු වෙන්න වැඩ ඇති. ඒ නිසාම ලැප් එක හොඳට රත් වෙනවත් ඇති !!!

    හාඩ් එකෙන් 20% ක් වත් free තියෙන්න ඕනේ. නැත්නම් OS එක ස්ලෝ වෙනවා... පුළුවන් නම් ගිගාපයිට් දෙක තුනක් වත් ක්ලීන් කරන්න. defrag එකක් දෙන්න. ස්තුතියි ඇවිත් ගියාට සහෝ !!!

    @ මාධව :
    ස්තුතියි සහෝ ප්‍රතිචාරයට !

    @ මධූ :
    ස්තුතියි !!! දෙයක් දෙන්න ලැබුනා නම් ඒක තමයි මගේ සතුට !

    ReplyDelete
  14. නෑ නෑ ඌට පිස්සු..උගේ බැට්‍රීඑක හොදට වැඩ....හික් හික් .....

    ReplyDelete
  15. OS එකේනම් එච්චර ස්ලෝ ගතියක් තේරෙන්නේ නෑ..
    දැනුත් CPU average usage එක 5%-10%යි(Core i7). සිංගල් කෝර් එකකත් උපරිම 20% වලට වඩා යන්නේ නෑ....
    ඒත් ෆෑන් එක හුරේ කියල වැඩ. :(

    ReplyDelete
  16. @ ඔබ නොදු‍ටු ලොවක් :
    :P අපොයි!!!

    @ තාරක :
    අනේ මන්දා ???

    ReplyDelete
  17. ඊයෙ දවසට 3න් පාරක් විතර මැෂින් එක hibernate වුනා. ඉඳල ඉඳල බැරිම තැන
    ලැප මස් කලා...

    fan එක ලඟ දූවිලි සෑහෙන්න තිබුනා. දැන් නම් එච්චරම අවුලක් නැතුව වැඩ

    ReplyDelete
  18. me sait aka denagatte ada

    ReplyDelete
  19. ඔයාගේ blog එක බැලුවා යමක් ගත්තා මම මෙම blog සදහා අදුනිකයෙක් තවම මම මෙම blog දේවල් දන්නේ නෑ පිටුවක් සරසා ගන්නා ආකාරය තවම හරියට යමක් ලීවේ නෑ කවි ටිකක හා පොඩි ලිපියක් පමණක් දැම්මේ ඔයාගේ blog එනේ මම ඉගෙන ගත්තා ඔයාට ස්තුතිය

    ReplyDelete
  20. Godaaak watina lipiyak. Godaaak sthuthi. Thawath liyanna. Obata jaya.
    Sanjeewi.

    ReplyDelete
  21. Sinhalen liyanne kohomada kiyala liyannako.

    Thanks.

    ReplyDelete
  22. සිංහලෙන් ලියාගන්න නොදැනයි හිටියේ. ඔන්න ඒකත් හොයාගත්තා. ඉතින්.....
    සතුටුයි ඔයාගේ බ්ලොග් ගැන. ගොඩක් වැදගත්, වටින දේවල් තියෙනවනෙ කියවන්න. ජීවිත කතාව වුනත් වටිනව. ඒකෙනුත් ඉගෙනගන්න දේවල් තියෙනවනෙ. දිගටම ලියන්න. ඔබට ජය!

    ReplyDelete
  23. @ Ano : Thanks

    @ Sanji : Oyatath godaaak isthuthiy comment kalata. Blog liyanna patan gannawanam help 1k demman. uwamana nam mail ekak danna. Jaya !!!

    p.s. - Sinhala aul. ekai me !

    ReplyDelete
  24. ඉතාමත් වටින ලිපියක් මම ලැප්ටොප් එකක ආරක්ෂාට හැන නොදැන සිටි බොහෝ දේ මේ ලිපියෙන් දැනගත්තා බොහොම ස්තුතියි සහෝදරයා
    කසුන්

    ReplyDelete
  25. බොහොම ස්තුතියි අයියා අපිව දැනුවත් කළාට :)

    ReplyDelete
  26. ඉතාමත් වටින ලිපියක්.බොහොම ස්තුතියි අපිව දැනුවත් කළාට

    ReplyDelete
  27. බොහෝම වටින ලිපියක් ඒක නෙමෙයි මගේ ලැප් එකේ ස්ක්‍රීන් එකේ පැල්ලම් පැල්ලම් ඇතිවෙලා තියෙනවා මට බයයි ඒක පිහදාන්න ඒ වගේම ස්පීකරේ තියෙන හරියේ හිඩැස් අතර දූවිලි තැන්පත් වෙලා තියෙනවා මේවා පිහදාලා අලුත් ලැප් එකක් වගේ තියාගන්න මොනවත් උපක්‍රම එහෙම නැද්ද....මගේ ලැප් එක acer-5742

    ReplyDelete
  28. nitarama power sambanda karala thiyena eka lap ekata hodada narakada?

    ReplyDelete
  29. තුසිත සම්පත්February 19, 2012 at 7:42 AM

    ගොඩක් වටිනා උපදෙස් ටිකක්...

    ReplyDelete
  30. තෑන්ක්ස්, සහෝ...!
    ගොඩාක් ගනන් ගන්නෙ නැතුව කරන තකතීරැ වැඩ, ගැන නියමෙට අවබෝධ උනා....! ඒත් මගේ ලැප මම දැන් අරගෙන අවුරැදු 6ක් විතර වෙනවා.., ඒකේ මම කවදාවත් fans නම් සුද්ධ කරල නැහැ.....! ඒත් තාම යකා වගේ වැඩ.! ඒක asus හින්දද දන්නැහැ...!

    ReplyDelete
  31. ඇත්ත කතාව මේවයෙන් අපි කාලා හම්බ කරගත්තට හොයන්නේ නෑනෙ. ගොඩක් වටිනවා ලිපිය.

    ReplyDelete
  32. Thank you .... Good inform.....

    But . I found a same post as your post....
    https://computerwedakarayo.blogspot.com/2015/10/how-to-use-a-laptop-correctly.html?showComment=1445220052049&m=1#c7645346102615999642

    ReplyDelete
  33. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  34. ඔබට ගොඩාක් ස්තූතියි! හැකිනම්, battrey එක පාවිච්චිය සිදු කළ යුත්තේ කෙසේද කියාත් පහැදිලි කරන්න.. මම lap එක use කරද්දි. Lap එකේ charge එක 100% තිබ්බත් charge එකට ගහලාමයි use කරන්නෙ. ඒක අවුලක් වෙනවාද? අයෙකු පැවසුවා, තිරයේ දිස් වන battrey law අගය (%) එන තෙක් පාවිච්චි කර charger එකට යෙදූ විට,නැවත අඩු අගයක ඉදන් (%) charge වෙද්දි Battrey එක ඉල්ලන power ගාන වැඩි ඒ නිසා මෙහි ඇතුලත තිබෙන පුංචි chemicals පිච්චෙන්න පුළුවන් නිසා battery එක ඉක්මනින්ම dead වෙන්න බලනවා කියලා. මේ ගැන දැනුවත් කිරීමක් බලාපොරොත්තු වෙමි. Reply තීරුවේ හෝ දැනුවත් කිරීමක් සිදු කරන්න. ස්තූතියි

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...