Wednesday, October 26, 2011

USB LCD මොනිටරයක් සමග තවත් අළුත් ගැජට් ටිකක් බලමුද ?

න්න අද ටිකක් වෙනස් වැඩක් කරන්න හිතුවා... මේ ලිපියෙන් කියන්නේ පරිගණක හා වැඩ කරද්දී අපිට විශේෂයෙන් උවමනා වෙන පොඩි පොඩි ගැජට් කීපයක් ගැනයි. මේවා පොඩි උනාට හරිම ප්‍රයෝජනවත් ! ඉතින්, පුළුවන් හැටියට විස්තරයක් දාලා තියෙනවා. වැඩිදුර විස්තර ඕනෙ නම් ලින්ක් එකත් තියෙනවා. ඉමේජ් එක උඩ ක්ලික් කරන්නකෝ. කියවලා බලමුකෝ එහෙනම්...


මුලින්ම කියන්න යන්නේ පරිගණකයත් එක්ක නිතරම වැඩ කරන අයට ගොඩාක් ප්‍රයෝජනවත් උපාංගයක් ගැන. ඔබත් නිතරම අන්තර්ජාලයේ වැඩකරනවා නම්, එහෙමත් නැත්නම් ග්‍රැෆික් නිර්මාණ හෝ වීඩියෝ සංස්කරණය කරනවා නම්... මේ වගේ වැඩ දෙක තුනක් එකට කරන අවස්ථාවලදී පරිගණක තිරයේ ඉඩ මදි වීමේ ප්‍රශ්ණයට මුහුණදීලා ඇති. මේ වගේ අවස්ථාවලදී අමතර තිරයක් එක්ක dual Screen විදියට වැඩ කරන්න තියෙනවා නම් ඒක ලොකු පහසුවක්. ඒත් පරිගණකයකට අමතර තිරයක් සම්බන්ධ කිරීම වියදම් අධික වගේම ටිකක් කරදරකාරී කටයුත්තක්. මොකද ඒකට හරියන විදියට VGA කාඩ් එකක් ගන්න ඕනේ. නැත්නම් වෙනම VGA කාඩ් එකක් ගහන්න වෙනවා. ඉතින් මේ වගේ ගැටළු වලින් තොරව බොහොම පහසුවෙන් අමතර තිරයක් එක් කරගන්න දැන්  Mimo Mini USB Monitor  නිසා අවස්ථාව ලැබිලා.

මේ පුංචි USB මොනිටරය අල් 7 ක විශාලත්වයෙන් යුතු හුරුබුහුටි තිරයක්. මෙහි තිර විභේදනය (resolution) පික්සල 800 X 480 ක් වෙනවා. වෙනත් කිසිදු අමතර උපාංගයක් මේ සහා අවශ්‍ය වෙන්නේ නෑ. මේ හුරුබුහුටි LCD තිරය USB කේබලය මගින් පරිගණකයට සම්බන්ධ කල සැනින් ඔබට වැඩ කරන්න පුළුවන්. මේ තිරය තුළම අඩංගු කර ඇති වීඩියෝ කාඩ්පත නිසා මෙහි රූප ඉහළ ගුණාත්මක තත්ත්වයකින් තියෙනවා. ඒ වගේම මේ තිරය කුඩා නිසා ඔබට ඔබගේ ලැප්ටොප් පරිගණකය සමග වුවත් මෙය ඕනෑම තැනක රැගෙන යා හැකියි. හුරුබුහුටි නිමාව හා භාවිතයේ පහසුව නිසා මේ USB Mini මොනිටරය ඔබේ පරිගණකයටත් නැතුවම බැරි උපාංගයක් වේවි. මෙහි සාමාන්‍ය ආකාරයේ තිරය ඩොලර් 150 කටත්, ස්පර්ශ සංවේදී තිරය ඩොලර් 230 කටත් මිල කර තිඛෙනවා.


____________________________________________________________
Cool... it has switchesදැන් මේ කියන්නේ තවත් USB ආධාරක උපාංගයක්. අපේ පරිගණක සතු USB Port ප්‍රමාණය සීමිතයි. පැරණි පරිගණක වල නම් ඇත්තේ USB Port දෙකක් පමණයි. USB Port සීමිත ප්‍රමාණයක් ඇති පරිගණක වලදී USB උපාංග වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කිරීමට භාවිතා වන්නේ USB Hub නමින් හඳුන්වන බහු සම්බන්ධකයක්. පොදු භාවිතයේ ඇති USB Hub වලට එකවර උපාංග හතරක් සවිකල හැකියි (4 port USB Hub). මේ හඳුන්වාදෙන USB Hub එකට එකවර උපාංග 7 ක් සම්බන්ධ කළ හැකියි. ඒ වගේම තමයි ඒ එක් එක් උපාංගය සහා ඇති සම්බන්ධතාවය මෙහි ඇති ස්විච මගින් අවශ්‍ය වෙලාවක On - Off කරන්නත් පුළුවන්. මේ නිසා උපාංගය කේබලයෙන් විසන්ධි කල යුතු නෑ. අදාල ස්විචයෙන් සම්බන්ධතාවය පාලනය කරන්න පුළුවන්. එමෙන්ම මේ USB Hub එක ඉහළ නිමාවකින් යුක්තයි. මේ වටිනා උපාංගය ඩොලර් 20 පමණ මුදලකට ලබාගන්න පුළුවන්.

____________________________________________________________

ඔන්න අන්තිම එක. මේකත් මරු ගැජට් එක... පරිගණකය භාවිතා කරන ඔබට මතක තබා ගැනීමට අසීරුම දෙය තමයි මුරපද, නැත්නම් passwords කියන්නේ. ඔබ භාවිතා කරන සෑම වෙබ් සේවාවකටම මේ ආකාරයෙන් passwords ලබාදිය යුතුයි. ඒ සඳහා එකම මුරපදය භාවිතා කරන්නන් ද සිටියත් එය ඉතාමත් අනාරක්ෂිතයි. වින්ඩෝස් පද්ධතියේ passwords එක, ඊ-මේල් ගිණුමේ passwords එක හා ඔබ භාවිතා කරන අනෙකුත් සේවාවන්හි passwords සියල්ල මතක තබා ගැනීමට අපේ මොළයට සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. ඉතින් මේ වගේ passwords මතක තියා ගන්න මහන්සි වෙන්නේ නැතුව ඇඟිලි තුඩින් මේ ඔක්කොම අගුලූ අරින්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.

මේ උපාංගයෙන් කරන්නේ ඔබටම අනන්‍ය වූ ඔබේ ඇඟලි සලකුණ passwords එකක් ලෙස භාවිතා කිරීමට ඉඩ සලසා දීමයි. මේ ඇඟිලි සලකුණු කියවනය USB හරහා පරිගණකයට සම්බන්ධ වෙනවා. ඔබේ අන්තර්ජාල සේවාවට පිවිසීමට ඔබ කළ යුත්තේ මේ උපාංගය මත ඇඟිල්ල තැබීම පමණයි. මේ නිසා passwords මතක තබා ගැනීමේ කරදරයෙන් ඔබ නිදහස් වන අතරම ඔබේ පෞද්ගලික දත්ත වලට හොඳ ආරක්ෂාවක්ද සැපයෙනවා. ඒ ඔබේ ඇඟිලි සලකුණ භාවිතා කල හැක්කේ ඔබට පමණක්ම වන නිසාවෙන්. ඔබ කල යුත්තේ ඇඟිල්ල ප්‍රවේශම් කර ගැනීම පමණයි. භාවිතයේ පහසුව නිසා වුවමනා තැනකට රැගෙන යන්නත් පුළුවන්. මේ ඇඟිලි සලකුණු කියවනයේ මිල ඩොලර් 50 ක් පමවෙනවා.



ඉඩක් ලැබුණු වෙලාවට තවත් මේ වගේ අළුත් අළුත් මැක්සා ගැජට් ටිකක් අරගෙන එන්නම්... එහෙනම් කියවලා බලලා නොදන්න අයටත් කියන්නකෝ. ගන්න බැරිවුනත් දැනගෙන ඉන්න එකත් වටිනවානේ... අපි ගියා ඔන්න... ජයවේවා !!!





17 comments:

  1. මරු ගජට් කෑලි ටික. මම් සමහර ඒවා ගැන ඇහුවෙත් අදමයි.

    ReplyDelete
  2. USB Hub 1ට 7ක්ම එක පාර ගැහුවහම බර ස්ලෝ වෙනවා ඇති නේද???

    මගෙ ලැපෙත් ඔය ඇඟිලි කියවනයක් තියෙනවා. ඒත් දැන් ඒක අලුත් බ්‍රවුසර් වලට සපෝර්ට් කරන්නේ නෑ. වින්ඩෝස් ලොග් වෙන්න විතරයි පුලුවන්..

    ReplyDelete
  3. පලවෙනි ගැජට් එක එල්සීඩී තිරේ නම් නියමයි ..

    ReplyDelete
  4. මං කවදා හරි අනුමාන කලා ඉක්මණටම යූ එස් බී වලින් වැඩ කරන මොනිටරයක් ඉන්මණටම එන්න ඕනි කියලා! මොකද යූ එස් බී පෝට් එක නිසා කම්පීටරේ මාර විදියට දියුණු උනා! ඒ නිසාම මං හිතුවා යූ එස් බී මොනිටර් වැඩි දුර නෑ කියලා! අන්තිමට ඒක ඇත්තක් උනා! හම්! මේක නියමයි!

    ReplyDelete
  5. පට්ට ගැජට් ටිකක්නෙ බං .........
    ඕවා නිකං ගන්න තැනක් නැද්ද .......

    ReplyDelete
  6. එල එල මේ සේරම පට්ට... ඔය යු එස බී ගැජට් එක නම් ලංකාවේ තියෙනවා මචන්..

    ජය.

    ReplyDelete
  7. @ මධූ :
    එළ එළ... දැනුවත් වුනා නම් ඒකත් ලොකු දෙයක් සහෝ... නැත්නම් අපිට මේවා මැජික් වේවි !!! ස්තුතියි ප්‍රතිචාරයට !

    @ තාරක :
    USB Port ඕනේ එකකට එකපාර ඩිවයිස් 2-3 කට වඩා සම්බන්ධ කලාම ස්ලෝ වෙනවා. ඒකට හේතුව USB බස් එක උපාංග ඔක්කොටම ෂෙයා වෙන නිසා. මවුස් කීබෝඩ් වගේ ලොකු ඩේටා ප්‍රමාණයක් හුවමාරු වෙන්නැති උපාංග නම් 5-6 ක් ගහලා තිබ්බත් අවුලක් නෑ.

    ඔයාගේ ඇඟිලි සලකුණු කියවනය ගැන නම් මට මුකුත් කියන්න බෑ. මොකද මට ඒවා එක්ක අත්දැකීම් නෑ... ස්තුතියි ප්‍රතිචාරයට !!!

    @ සඳරූ :
    USB මොනිටරේ මරු තමා... ආසයි නේ !!!

    @ ඔබ නොදු‍ටු ලොවක් :
    ඔයාටත් ස්තුතියි ප්‍රතිචාරයට...!

    @ මාධව :
    ඔව් සහෝ... USB නිසා ලෝකේ වෙනස් වුනා කියපු එක හරි... මේ මොනිටරේ රුපියල් 3000 ට වත් තිබුණා නම් නියමයි. එහෙනම් මේක ගොඩක් ප්‍රයෝජනවත් උපාංගයක් වේවි. කොහොමත් ඉස්සරහට එන පරිගණක තිර මේ විදියට ඒවිද දන්නෑ... ප්‍රතිචාරයට බොහොම ස්තුතිය මාධව සහෝ !!!

    @ Ano : බොහොම ස්තුතියි යාළුවා !

    @ කල්හාර :
    නිකන් ගන්න ඉතින්... මම කියන්නෑ උඹට...!

    @ ගයාන් :
    ස්තුතියි සහෝ... ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද කියලා ලින්ක් එකක් හරි ස්ථානයක් හරි දැම්ම නම් වටිනවා... ස්තුතියි දැනුවත් කලාට.

    @ සිංහළ PC Magazine :
    ස්තුතියි මේ පැත්තේ ඇවිත් ප්‍රතිචාරයක් තියලා ගියාට !

    ReplyDelete
  8. මට මේ පොස්ට් එකෙන් ගොඩාක්ම හිතට ඇල්ලුවේ නම් පාස්වඩ් මතක තියාගන්න එක තමයි... මොකද ඕක මට සමහර වෙලාවට මාර විදිහට වටිනවා..

    ස්තුතියි දැනුවත් කිරිමට..

    ඒක නෙමේ මේවා දාලා බැන්ඩ් කතා ලේට් වෙලා බැරියෝ

    ReplyDelete
  9. hey machn ara umba anthimatama kiyapau gadjet eka ganne place ekak Lankave nadde bnz......

    ReplyDelete
  10. මචං....චතුවෝ, පාර....පාර මචෝ..! ඒකනෙවෙයි, ඔය අළුත් gadgets ලංකාවේ ගන්න pot1කකුත් දාපංකෝ...!

    ReplyDelete
  11. Great Article Macho..!!
    I am so much into this field And I learned a lot from this post.
    Thank you For the generous posting.

    From
    steve gadget reviews

    ReplyDelete
  12. Woah! I'm really enjoying the template/theme of this blog. It's simple, yet effective.
    A lot of times it's challenging to get that "perfect balance" between user friendliness and visual appearance. I must say you have done a amazing job with this. Also, the blog loads extremely fast for me on Opera. Excellent Blog!

    Feel free to surf to my page ... http://saffronextractreview123.weebly.com/

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...