Friday, February 4, 2011

බර කරත්තයෙන් පුෂ් බයිසිකලයට.... From GPRS to HSDPA

ජයවේවා... සහෝදර වරුනි, ඔන්න මමත් සයිබර් අවකාශයට permanent වෙන්න යන්නේ. සතුටුයි නේද ? මට නම් සෑහෙන්න සතුටුයි. අගේ නොකර කාරණය කියන්නම් කො. මම අළුතින් HSDPA dongle එකක් ගත්තා. ඉතින් මම දැන් නිදහස් පුරවැසියෙක්....
කාලයක් තිස්සේ හීන දැක දැක හිටියේ මේකට. කොහොම හරි අන්තිමට ගොඩ. ඉස්සර, ඉන්ටර්නෙට් එකට අළුත් දවස්වල, මම මේ field එක ගැන study කලා. තනියම... ඉන්ටර්නෙට් කැ‍ෙෆ් වලට දාස් ගණන් පුදන්න ඇති. ඒ දවස් වල පැය 3-4 ක් එක දිගට café එකේ. කරන වැඩකුත් නෑ. ඔහේ කැරකි කැරකි ඉන්නවා. ඊට පස්සේ job කරන්න ගත්තම හිතුවා office එකක, වැඩ කරන තැනක internet connection එකක් තියෙයි කියලා. මගේ කරුමෙට දැන් වැඩ කරන තැන විතරයි internet තිබුනේ. ඉතින් කාලයක් තිබුණා මගේ Gmail එකේ ලියුං ගොඩ ගැහුණා. දැන් නම් account එක full active. 


කොහොම වුනත් මම දැනට කරන job එක නිසා තමයි මම නිතරම අන්තර්ජාලයේ සැරි සරන්න වුනේ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට මම සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා. මගේ අන්තර්ජාල ගමන් බිමන් වැඩිවුනා. මේකට ඇබ්බැහි වෙලාද මන්දා ගෙදරදි net නැතුව බැරි වෙලාවට මම nokia phone එකෙන් GPRS connect කරගෙන net යනවා. දන්නවනෙ ඉතින් speed එක. 10 kbps තමයි. බර කරත්තෙන් ගමන. ඉතින් ඔය වැඩේ මාස තුන හතරක්ම කරලා එපා වෙලා අන්තිමේදී මම තීරණය කලා මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පැත්තට යන්න. අපේ වන්නියට ADSL එන්න තව කල්පයක් යාවි. ඉතින් මම Mobitel dongle එකක් ගත්තා. දැන් නම් ඉතින් speed හොඳයි. බර කරත්තෙන් පුෂ් බයිසිකලේට මාරු වුනා වගේ. වැඩේ ඉතින් මගේ machine එකත් එක්ක දුවන්න ඩොංගල් එක කැමති නෑ. මොකද මම තාම පාවිච්චි කරන්නේ PIII 800 MHz මැෂින් එකක්. බලමුකො ඉදිරියට අපි ඒ ප්‍රශ්නෙත් විසඳගමු.

ඉතින්, සහෝදරවරුනි... ඉදිරියට සැමවිටම මම ඔබ සමගයි. ජයවේවා...





8 comments:

  1. අනේ පච ගහන්නෙ නැතුව ඉන්න. මොකද පිලියන්දලට ADSL නැත්තෙ?

    ReplyDelete
  2. @ස්වප්නා

    සහෝදරී අපි ඉන්නේ පිළියන්දලින් කිලෝමීටර් 10 ක් විතර ඈත. SLT එක කියන තරම් coverage නෑ. ඩොංගල් වුනත් එහෙම තමයි. මට නම් තාම අවුලක් නෑ. කොහොම වුනත් ප්‍රතිචාරෙට ස්තුතියි සහෝදරී. keep up your good works. ජයවේවා...

    ReplyDelete
  3. මමත් මේ ලඟදි ගත්තෙ... අමාරැවෙන් තමයි 3ජී හොයාගත්තෙ.. මේ ලින්ක් එකෙ තියෙන්නෙ ඒ කතන්දරේ... දිගටම ලියන්න..

    ReplyDelete
  4. කමෝන්...... ! දැං ඉතිං පැල් බැඳන් බ්ලොග් කොටන්න බැරිය නේද?

    ReplyDelete
  5. @nawammawatha

    ඇත්තටම නවම් සහෝ... කොටාගෙන කොටාගෙන යන්න තමයි හිතන් හිටියේ... ඒත් ඉතින් වැඩේ හිතූ තරම් ගොඩ ගියේ නෑ. මේ ටිකේ වැඩ ටිකක් අධිකයි සහෝ. අළුත් පෝස්ට් එකක් දාන්න බැරිවුනා. අළුත් වැඩ ටිකක් ඉස්සරහට එනවා. බලාගෙන ඉන්නකෝ... සහයෝගයට පිං...

    ReplyDelete
  6. නදී නංගියාFebruary 9, 2011 at 10:00 PM

    ජය වේවා චතු අයියා !

    ReplyDelete
  7. ම්හ්...ජයවේවා කිව්ව....දිගටම ලියන්න...!!!

    ReplyDelete
  8. @ චතූ :
    බොහොම ස්තුතියි... ජයවේවා !!!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...