Wednesday, February 23, 2011

ක්ෂණිකව පල දුන් සත්ත්ව කරුණාව...


     ඉතින්... හුඟ කාලෙකට පස්සෙ ආයෙත් පෝස්ට් එකක් දාන්නේ.  ලියන්න දේවල් නැතුව නෙවෙයි. වෙලාව අඩු නිසා. මැෂින් එක
on කලෙත් දවස් දෙකකට පස්සේ. ඉතින් දැන් මේ කියන්න යන්නේ තවත් රස කථාවක් ... hot hot කථාවක්... මීට කලින් දාපු ත්‍රිවිලර්  කථාව මතක ඇතිනේ. මේකත් ටිකක් ඒ වගේ...

     එදා දවසම තදට වැඩ. Monitor එක දිහාම බලන් ඉඳලා ඔළුව ගල් වෙලා වගේ. Off වෙනකොටත් ටිකක් late වුනා. ඒ මදිවට එළියට බැස්සම වටේට කළු කරලා... වහින්න වගේ. Byke එකට නැගලා වෙනදට වඩා quick එකේ ආවා. අර ත්‍රීවිලර් එක වගේ නෙවේ. Byke එක කොල්ලට හොඳට හුරුයි. කොච්චර ඇරලා තියලා ආවත් ෆුල් සේෆ්ටියට තමයි මම එන්නේ. ඉතින් මේන් රෝඩ් එකෙන් දාලා අතුරු පාරට දාලා ටිකක් දුර ඇවිත් ආයෙත් දකුණට දැම්මා. ඊට කලින් කන්ද නැගගෙන එද්දි girl කෙනෙක් Scooty එකක ෆුල් ආතල් එකේ හිමිහිට කන්ද නගිනවා. එයාවත් මතක තියාගන්නකෝ. පස්සෙ වුවමනා වෙයි.

     රයිට්... ඉතින් අර කියපු විදියට පන්සල ලඟින් දකුණට දැම්මා. මේක ඉතින් අඩි 10 ක පොඩි පාරක්. ඊට පස්සේ තියෙන්නේ පල්ලමක් එක්ක ඩබල් වංගුවක්. මම ඉතින් හැමදාම කරනවා වගේ සංවර්ධන ගියර් එකෙන් (ඒ කියන්නේ neutral එකේ) පල්ලමේ එනවා. ඔතන තියෙනවා ඩබල් බෙන්ඩ් එකට කලින් පුංචි වංගුවක්. ඒක හැරෙව්වා විතරයි මෙන්න එක පාරටම පාරේ දකුණු කෙලවරේ ඉඳලා ලේනෙක් පැන්නා පාරට... මගේ byke එක ඉස්සරහටම. මූ දැන් යන දානෙක යන්නේ නැතුව පාරේ මැද්දේ දෙපැත්තට වැනෙනවා. කඩෙන් ගේන බඩු ලිස්ට් එක අමතක වෙලා වගේ. ඔළුවේ තියෙන කලබලේට මට බ්‍රේක් කරන්න මතක් වුනෙත් ටිකක් පහුවෙලා. ෆුල් try කරලා වැඩ දාලා බේරුවා. ඒත් අප්පේ... ලේනගේ ඔළුව උඩින් රෝදෙ ගියා කියලා හිතෙන කොටම ඇඟ නිකන් හිරිවැටිලා ගියා...

     මට එවේලෙම byke එකෙන් නැගිට්ටුනා. පස්සත් බැලුනා. ඒත් එක්කම ඔන්න වංගුව ඉස්සරහ... හරි... පුතේ. වේගෙ වැඩියි. වංගුව නවන්න බෑ... නියමයි. බයිසිකලේ කොලුවත් එක්කම වංගුවේ කානුවේ... කොල්ලට නම් ඩැමේජ් නෑ. මොකද බයික් එක ඇල වෙන කොටම කොල්ලා පැන්නා. බයික් එක පාර දිගේ ටිකක් ඇලවෙලා, ඇදිලා ගිහින් කානුවට පැනලා, ගැට්ටේ වැදිලා නතරවුනා. මදැයි කොලා... ලේනෙක් බේරන්න ගිහින්.



     බයික් එකට මොකද වුනේ කියලා බලන්න කලින් මම පස්ස හැරිලා පාරට පැනලා බැලුවේ ලේනා කෝ කියලා. වෙලාවට ලේන් මයිලක් වත් පාරෙ තිබුනේ නෑ. දැන් ඕක විපරම් කර කර ඉන්නකොට ඔන්න අර girl scooty එකේ එනවා. (අයියෝ සිරිසේන... )

මොකද වුනේ...! තුවාල ද ???

නෑ... නෑ... මේ ‍සතෙක් පැන්නා පාරට. ඒකයි බැලුවේ.

ආ... තුවාල නෑනෙ...?

නෑ... නෑ...

     හෙල්මට් එකේ වයිසර් එකත් දාගෙන ඒ girl ගියා. ලේනා පාරේ නැති බව සැක හැර දැන ගෙන මම හැරුනා බයික් එක දිහාට. ඒක නැගිට්ටලා බැලුවා මොකද සීන් එක කියලා. හෙඩ් ලයිට් එක ලඟ ටිකක් හීරිලා. Side bar එක ටිකක් නැවිලා. අන්තිම අප්සැට් සීන් එක.... ඉස්සරහ දකුණු පැත්තේ සිග්නල් ලයිට් එකත් කර මුලින් කැඩිලා වයර් ටිකෙන් එල්ලි එල්ලි තියෙනවා. මේ කොහෙවත් යන ලේනෙක් බේරෙන්න ගිහින් මට වුන දෙයක්.

     දෙයියනේ කියලා බයික් එක දෙක තුනක් කික් කරද්දි start වුනා. ඒකටත් shock එක වගේ ඇති නොවැ. බ්‍රේක් පැඩල් එකත් ටිකක් බැහැලා. ඉතින් අපේ ලොකු හන්දිය ඇවිත් අපේ ගෙවල් පාරට හරෝගෙන හීං සැරේ මම එනවා. අලි මදිවට හරක් කිව්වලු. වැඩි දුරක් එන්න හම්බ වුනේ නෑ. වෙල මැද්දෙදි වැස්සකුත් කඩන් පාත් වුනා. දෙයියනේ කියලා හොඳට නාගෙන ගෙදර ගියා.

     ඉතින් හොඳයි නේද වැඩේ. සත්ත්ව කරුණාව මෙලොවම පල දුන්න හැටි දැක්කනේ. ගෙදර ඇවිත් නෝනිගෙන් ටිකක් අහගත්තත්, බයික් එක දැක්කම දුක හිතුනත් ලේනා බේරුන එක ගැන හිතලා හිත හදාගත්තා. හපොයි......!!!




18 comments:

  1. hondata kathaawa liyalaa thiyanawa.
    digatama liyanna :-)

    ReplyDelete
  2. @ nikama : ප්‍රතිචාරයට ස්තුතියි. ආයෙත් මේ පැත්තේ ඇවිත් යන්න එන්න. ජය වේවා.

    ReplyDelete
  3. නංගිගෙන් අහගත්තෙ ටිකයිද බන්... අපරාදෙ ගොඩක් අහගන්න තිබ්බෙ........

    ReplyDelete
  4. @ panni : අහගත්ත ටික ඇති මචං... හැමදාම අහනවනේ...

    ReplyDelete
  5. නියමයි නියමයි මචෝ දිගටම ලියපන්

    ReplyDelete
  6. @ lkgossipnews : බොහොම ස්තුතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  7. ඔයින් ගියා හොඳටෝම ඇති නේද, හැබැයි ඉතිං බයික් එකට ඩැමේජ් එකක් උනාමනං හෙනම අප්සැට්. මගෙත් සිග්නල් ලයිට් එකක් නවත්තල තියෙන වෙලාවක මොකෙක්ද හප්පල උදේ වරුවම මොකක්ද වෙලා වගේ උන්නෙ.

    ReplyDelete
  8. තුවාලයක් වෙන්නෙ නැතුව ඔයින් ගියා මදෑ. සත්ව කරුණාව හිටපු ගමන් අකරුණාවක් වෙනවා

    ReplyDelete
  9. oya watune sathwakarunawata nemei,wena kello diha balanna giya ekata,nonige pathiwathe bale wennathi :D

    pasan

    ReplyDelete
  10. @ nawammawatha :
    reply කරන්න ටිකක් පමා වුනා. සමාවෙන්න ඕනෙ. ඇත්තටම නවම් සහෝ තාමත් බයික් එක ගැන නම් දුකයි. මොනවා කරන්නද ඉතින්. ජීවිතේ වැඩිහරියක් තියෙන්නේ අහිමිවීම් තමයි !!! ප්‍රතිචාරයට ස්තුතියි...

    @ පිණිබිඳු :
    සහතික ඇත්ත. කරුණාව වුනත් ඕනෑවට වැඩි වුනාම කණපිට පෙරලෙනවා. සීනී කොච්චර පැණි රස වුනත් වැඩිය කෑවම තිත්තලු !!! ස්තුතියි ප්‍රතිචාරයට...

    @ ano (Pahan) :
    අනේ බං... නොදන්න උලව් වලට කට නොදා ඉදින් පවුල් අවුල් කරන්නැතිව !!!

    ReplyDelete
  11. කමක් නෑ කොහොමහරි ලේනා බේරුනානෙ...

    ReplyDelete
  12. @ හරී :
    අඩෝ... එතකොට මගේ බයික් එක !!!

    ReplyDelete
  13. මචං, මම උඹට full credit එක දෙනවා උඹ bike එක second (Gear එක නෙමේ) කරලා ලේනව බේර ගත්ත එකට. උඹට තේරෙනවා නේද පොඩි සතෙක්ගෙ වුණත් ජීවිතේ ගොඩක් වටිනවා කියලා. ඒක හින්දා ඔහොමම තව ටිකක් ඉස්සරහට ගිහින් බලපන් ඇත්තටම අපේ සත්ව කරුණාව තියෙන්නෙ අපි කෑමට ගන්නෙ නැති සත්තු ගැන විතරයි නේද? උඹට මං කියන දේ තේරෙනවනේ....? එහෙනම් මේකට Reply එකක් දාපං

    ReplyDelete
  14. @ Dini :
    මම හරක් මස් නම් කොහොමවත් කන්නෙ නෑ. ඒක නිසා උඹ බේරුණා කියලා හිතාගනින්.
    මේ පැත්තේ ආවාට තැන්කූ හොඳේ...

    ReplyDelete
  15. හි හි....මගේ තුන්වෙනි අනතුර ඔය වගේ එකක්...ඒකත් ලියන්නම් කෝ.....

    ReplyDelete
  16. මට උනේ ලොකු කෙස් එකක් අය්යේ අය්යට සත්තු බෙරගන්න ගිහින්,... එත් මම අනේ පාරේ යනකොට ඇස් පෙන්නේ නැති (පේනවා හොදට) බුවෙක් පාර හරහා දාලා දත් 2කුත් කඩාගෙන හැම තැනම තුවාල කරගෙන දවස් 3ක් hospital ලගින්නත් උනා.. ඒ අයට පාර ලියලා දිලාලුනේ...

    එත් ඔයාට පිනක් වත් වෙලා තියනවනේ...

    මට අතින් කයිට්.. ඉන්සුවරන්ස් ෆුල් කියලා දැම්මට බාගයයි ගෙව්වේ

    ReplyDelete
  17. pissak oi .. thamusa..

    ReplyDelete
  18. Hitha hondanam waradinne ne kiyanawane. Hemadeyakma Sarthaka wenna kiyala prarthana karanawa. Yana gamana subai. Jaya wewa!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...