Tuesday, January 31, 2012

- අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩකාරයෝ...!!!] -


      පහුගිය සතියේ මගේ බ්ලොග් ජීවිතයට අවුරුද්දක් ගෙවුනා කියලා දන්නවානේ... මේ ලිපිය පළ කරන්නේ ඒ වෙනුවෙන්ම නොවුනත් ඊට අදාල කාරණයක් නිසායි. මේ බ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න නොයෙකුත් විදියේ පරිශීලකයන් හැමෝටම සුවිශේෂී වන, හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බර විය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේ කථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, සද්දෙට වඩා වැඩ පෙන්නපු... බතල හිටවලා අලත් ගලවපු වැඩකාරයෙක් අපි අතර ඉන්නවා කියලා ඔයාලා දන්නවද ?

Thursday, January 26, 2012

- ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර් -


      කැමරාවක් කියන්නේ හොඳ ආරක්ෂක උපාංගයක්. විශේෂයෙන්ම යම් තැනක සිදුවන දෙයක් පටිගත කිරීමේ හැකියාව වගේම පරිගණකය වැනි අධි-තාක්ෂණික උපාංගයක් සමග සම්බන්ධ කර නිර්මාණාත්මකව භාවිතා කල හැකි වීමත් කැමරා ආරක්ෂණ පද්ධති බිහිවීමට හොඳ උත්තේජනයක් සපයනවා. ඔබේ පරිගණකයට සම්බන්ධිත වෙබ් කැමරාවක් තිබේ නම් ඔබ දැනටමත් පරිගණක ගත කැමරා අත්දැකීමක් ලබා ඇතුවාට සැකයක් නෑ. මේ කියන්නට යන්නේ ඔබේ වෙබ් කැමරාව ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙන ඔත්තු බැලීමේ උපාංගයක් ලෙස, නොඑසේ නම් ආරක්ෂණ පද්ධතියක් ලෙස පරිගණකය හා වෙබ් කැමරාව යොදාගන්නා ආකාරයක් ගැනයි.

Tuesday, January 24, 2012

- අවුරුද්දක් පුරා චතූගේ කථා අහන බලන හැමෝටමයි... -


     ඉතින් යාළුවනේ...! හිතාගන්න පුළුවන් නේද අද කථාව ? ඔව්, අද මගේ බ්ලොග් එකේ ඇනිවසරි එක... ඒ කියන්නේ ඔයාලා චතූගේ කථා අහන්න අරගෙන අදට අවුරුද්දක් වෙනවා ! ලොකුවට පම්පෝරි ගහන්න තරම් කාරණාවක් නොවුවත්, මගේ බ්ලොග් ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වෙන අද වගේ දවසක පෝස්ට් එකක් නොදා ඉන්නේ කොහොමද ? නේද ? අඛණ්ඩව අවුරුද්දක් පුරා බ්ලොග් එකක් ලියන එකත් ඉතින් හිතන තරම්, පේන තරම් ලේසි දෙයකුත් නෙවෙයි... ඉතින්, මහ ලොකු දෙයක් නොවුනත්, බ්ලොග් ජීවිතයට අවුරුද්දක් පිරෙන මේ වෙලාවේ ඒ සතුට ඔයාලත් එක්ක විඳගන්නයි මේ උත්සාහය...

Sunday, January 15, 2012

- බෑන්ඩ් වේදිකාවේ තිරයෙන් පිටුපස... 01 -


බෑන්ඩ් කථා එක්ක පහුගිය කාලයේදී එකතු වෙලා හිටියා නම්, බෑන්ඩ් ජීවිතේ ගැන පොඩි අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ මගේ බෑන්ඩ් ජීවිතේ ගැන නම් නෙවෙයි. පොදුවේ බෑන්ඩ් සංගීතයත් එක්ක බැඳුණු මූලික ක්‍රියාදාමය ගැන. ඒ කියන්නේ උත්සව අවස්ථාවකට සංගීත කණ්ඩායම වෙන් කරවා ගැනීම, ස්ටේජ් හා විදුලි ආලෝක, ශබ්ද උපකරණ හා සංගීත උපාංග ආදී බෑන්ඩ් එකක් සඳහා අත්‍යාවශ්‍ය අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සිදුවන ආකාරය ගැනයි. මේ සියල්ලම සමග වේදිකාව මත වාදනය කරන සංගීත කණ්ඩායම සතු සංගීත උපාංග හා ශබ්ද උපකරණ ගැන පොඩි හැඳින්වීමක් ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. 


Sunday, January 8, 2012

- ගෙවී ගිය 2011 වසරේ මගේ මතක සටහන් (Flash-back 2011) -


නව වසර උදාවී සතියකටත් වඩා ගෙවී ඇතත්, 2012 වසරේ මා විසින් පළකරන පළමු සටහන මෙය නිසා, බ්ලොග් රචක / පාඨක ඔබ සැමටම 2012 වසර සුභ නව වසරක් පතන්නට මුලින්ම අවසර...!

ඉටු නොවූ පැතුම් සපිරෙන... 
සිතේ සතුට ඉතිරෙන... 
යහපත් හැඟුම් පීදෙන 
සුභම සුභ නව වසරක් වේවා...!!!

පහුගිය මාසෙ, දෙකේ මගේ බ්ලොග් එකේ කටයුතු බොහෝ දුරට අඩාල වුනා. ඒ ගැන සමාව ඉල්ලන්න කලින් හේතු දක්වන්න අවසර ඕං...

Monday, December 26, 2011

- විනිවිද පෙනෙන අපූරු වීදුරු සත්ත්වයින් -


වෙනිසියුලාවට ආවේනික මේ පාරදෘෂ්‍ය ගෙඹි විශේෂය ස්වභාවධර්මයේ විස්මිත නිර්මාණයක්. වීදුරු ගෙම්බා (Galss Frog) ලෙස හැඳින්වෙන මේ උභයජීවියා සෙන්ට්‍රොලිනීඩේ කුලයට අයත් වෙනවා. සාමාන්‍යයෙන් මේ වීදුරු ගෙම්බන්ගේ ස්වභාවික වර්ණය ලෙමන් පැහැ වූවත්, සමහර ගෙම්බන්ගේ උදර චර්මය පාරදෘෂ්‍ය ආකාරයෙන් පිහිටනවා. මේ නිසා ගෙම්බාගේ ශරීරය තුල පිහිටි හෘදය, අක්මාව හා ආහාර මාර්ගය වැනි අවයව සම තුලින් පැහැදිලිව දර්ශණය කළ හැකියි.

Monday, December 19, 2011

- ලෝකේ ලොකුම දේවල් දැකලා තියෙනවා ද ??? -


ලෝකේ ලොකුම පොත
පොතක් කිව්වට මේක නම් මාගලක් තරමට ලොකු පොතක්... මෙතෙක් ලොව ප්‍රකාශයට පත් කළ ලොකුම පොත ලෙස වාර්තා අතරට එක්වන මේ පොතේ කතෘ හා ප්‍රකාශක වන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ Michael Hawley නම් විද්‍යාඥයා. රාත්තල් 133 ක් බරැති මේ පොතේ ප්‍රමාණය අඩි 5 X 7 ක්. එහි පිටු 112 ක් ඇතුලත්. මේ පොත මුද්‍රණය සදහා තීන්ත ගැලූම් ගණනක් වැයවී ඇති අතර රුපියල් ලක්ෂ දෙකකට වැඩි වියදමක් මේ පොත ප්‍රකාශණය කිරීම සඳහා වැයවී තිබේ. භූතානය පිළිබඳ ඡායාරූප ඇතුලත් මේ පොත නම් කර ඇත්තේ “Bhutan: A Visual Odyssey Across the Kingdom”  ලෙසයි.

Thursday, December 8, 2011

ලංකාවේ ලස්සන බලන්න එන්න...

        ඉතින්...! කෝමැයි ? හුඟ දොහකින් මේ ලිපියක් ලියන්නේ. ඇත්තටම කිව්වොත් සති දෙකකට පස්සේ... සමාවෙන්න ඕනේ නිහඬතාවයට. කොහොම වුනත් ඉක්මනින්ම පුරුදු ලිපි හා එක් වන තුරු පොඩි අතුරුපසක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකත් ඊයකින් ගලවපු එකක්. මේවගේ ඊ එවන මගේ යාළු කියල තියෙන්නේ මීට පස්සේ නම දාන්න එපා කියලා. ඕං හිතාගන්නලා මේකත් එයාම එවාපු ඊයකත් කියලා...