බෑන්ඩ් කථා එක්ක පහුගිය කාලයේදී එකතු වෙලා හිටියා නම්, බෑන්ඩ් ජීවිතේ ගැන පොඩි අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ මගේ බෑන්ඩ් ජීවිතේ ගැන නම් නෙවෙයි. පොදුවේ බෑන්ඩ් සංගීතයත් එක්ක බැඳුණු මූලික ක්‍රියාදාමය ගැන. ඒ කියන්නේ උත්සව අවස්ථාවකට සංගීත කණ්ඩායම වෙන් කරවා ගැනීම, ස්ටේජ් හා විදුලි ආලෝක, ශබ්ද උපකරණ හා සංගීත උපාංග ආදී බෑන්ඩ් එකක් සඳහා අත්‍යාවශ්‍ය අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සිදුවන ආකාරය ගැනයි. මේ සියල්ලම සමග වේදිකාව මත වාදනය කරන සංගීත කණ්ඩායම සතු සංගීත උපාංග හා ශබ්ද උපකරණ ගැන පොඩි හැඳින්වීමක් ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා.
මෙච්චර කල් වේදිකාවට පහල ඉඳන් සංගීත කණ්ඩායමක්
වාදනය කරන හැටි බලන් හිටිය ඔයාලව මං දැන් හදන්නේ ස්ටේජ් එක උඩට අරගෙන යන්නයි...
සම්බන්ධතා (contacts) කියන්නේ ඕනෑම ක්ෂේත්‍රයකට
වැදගත් වන සාධකයක්. සංගීත කණ්ඩායමක පැවැත්ම සඳහා හොඳ සම්බන්ධතා තිබීම අත්‍යාවශ්‍ය
වනවා. වේදිකාව මත හොඳට play කරන බෑන්ඩ් එකකට එක වැඩකින්
තවත් වැඩ දෙක තුනක් ගන්න එක එච්චර අපහසු කරුණක් නොවෙයි. Band Field එකේ නමක් හදා ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒකට එක වගේම උනන්දුවෙන්
අවුරුදු දෙක තුනක් කට්ට කන්න ඕනේ.
ඔය කොහොමින් හරි, බෑන්ඩ් එකකට ප්‍රසංග අවස්ථාවක්
ලැබෙන ක්‍රම දෙක තුනක් තියෙනවා. කලින් කිව්වා වගේ, හොඳට play කරන බෑන්ඩ්
එකකට එක ප්‍රසංගයක වාදනය කරද්දීම තවත් ප්‍රසංගයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම එතැනින්
ගොඩනඟා ගන්න සම්බන්ධතා හරහා (දුරකථන) පසුව අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම
තමයි දන්නා හඳුනන අයගේ උදව්වෙනුත් කවදාවත් නොදන්න කෙනෙකුගේ ප්‍රසංග අවස්ථා සඳහා
සහභාගි වෙන්න ලැබෙනවා. වෙනත් සහෝදර සංගීත කණ්ඩායම් වලට භාරගන්න අපහසු ප්‍රසංග අපිට
ලබාදෙන අවස්ථාවලුත් තියෙනවා. එහෙම වෙලාවට ඒ වැඩේ භාරදීපු සංගීත කණ්ඩායමේ නමින්
අපිට ප්ලේ කරන්න වෙන වෙලාවලුත් තියෙනවා...
හරි, ඔය විදියට ඔයාගේ මොකක් හරි function එකකට
බෑන්ඩ් එක බුක් කලා කියමුකෝ. ඊට පස්සේ ඉතින් තියෙන්නේ සංගීත හා ශබ්ද උපකරණ සපයා
ගැනීම. එතනදී ප්‍රසංගය භාරගන්නා අවස්ථාවේදීම බෑන්ඩ් හා සවුන්ඩ්ස් යන දෙකම එකට බුක්
කරන්න පුළුවන්. නැත්නම් බෑන්ඩ් එක වෙනමත් සවුන්ඩ්ස් වෙනමත් බුක් කරන්න පුළුවන්. මේ
ගැන වැඩිය දැනුමක් නැති කෙනෙක් නම් කරන්නේ බෑන්ඩ් එක බුක් කරලා සවුන්ඩ්ස් ගැනත්
බෑන්ඩ් එකටම භාරදෙන එක. බෑන්ඩ් එක විතරක් බුක් කලොත් බෑන්ඩ් එකේ ගාස්තුව සාමාන්‍යයෙන් 12,000 ක් වගේ වෙනවා. (මම මේ කියන්නේ ප්‍රධාන
පෙලේ සංගීත කණ්ඩායම් ගැන නම් නෙවෙයි.) එතකොට සවුන්ඩ්ස්
එක්ක බෑන්ඩ් එකක ගාස්තුව 18,000 – 25,000 ක් අතර වෙන්න පුළුවන්... මේ ගාණ තීරණය
වෙන්නේ අදාල ස්ථානය සඳහා යොදවන ශබ්ද උපකරණ හා ශබ්ද පද්ධතිය අනුවයි.
ලංකාවේ ගොඩාක් බෑන්ඩ් වලට තමන්ගේම කියලා
සවුන්ඩ්ස් නෑ. ප්‍රධාන පෙළේ සංගීත කණ්ඩායම් සියල්ලටම පාහේ තමන්ගේම ශබ්ද පද්ධති
තියෙනවා. ෆ්ලෑෂ්බෑක් වගේ සංගීත කණ්ඩායම් සඳහා ඔවුන්ගේම වේදිකා පද්ධති, ආලෝක
පද්ධති, ශබ්ද උපකරණ හා සංගීත උපාංග තියෙනවා. ඒ නැතත් ගොඩක් ප්‍රධාන සංගීත කණ්ඩායම්
සඳහා ඔවුන්ගේම සංගීත හා ශබ්ද උපකරණ හිමියි. සමහර විටෙක මේ ආකාරයට දෙවැනි පෙල සංගීත
කණ්ඩායම් වලටත් ඔවුන්ගේම සංගීත උපාංග ඇති අතර ශබ්ද පද්ධතිය පමණක් (ස්පීකර්, ඈම්ප්
ආදී) වෙනත් තැනකින් ලබාගනී. සමහර සංගීත කණ්ඩායම් සඳහා ඔවුන්ගේම ශබ්ද පද්ධති නොමැති
නමුත් වෙනත් වෘත්තීය ශබ්ද උපකරණ සපයන ආයතනයක් සමග සම්මුතියක එළෙඹීමෙන් නිරතුරුවම
එක් පද්ධතියක් පරිහරණය කිරීමේ අවස්ථාව ලබාගනී.
බෑන්ඩ් හා සවුන්ඩ්ස් ගැන පැහැදිලියි කියලා
හිතෙනවා. ආ... කියන්න අමතක වුනා. අපි වගේ දෙවෙනි පෙළටත් පහලින් ඉන්න පුංචි සංගීත
කණ්ඩායම් බහුතරයකට තමන්ගේම කියලා සවුන්ඩ්ස් නෑ. ඉතින් බෑන්ඩ් වැඩක් ආවම කරන්නේ
වැඩේ තියෙන තැනට ලඟම තැනකින් බලලා සවුන්ඩ්ස් සෙටප් එකක් අපිම බුක් කරන එක. එතකොට
අදාල වැඩේ අහවර වුනාට පස්සේ අපිට ලැබෙන ගාස්තුවෙන් අපි ඒ සවුන්ඩ්ස් වලට අදාල
ගාස්තුව ඒ අයට ගෙවන්න ඕනේ. එක් සංගීත කණ්ඩායමක් බොහෝවිට තමාට හුරුපුරුදු සවුන්ඩ්ස්
සෙටප් දෙකක් හෝ තුනක් පමණක් භාවිතා කරනු දකින්නට පුළුවන්. මේ එකෙන් එකට තියෙන
සංගීත උපාංග වෙනස් නිසා මේ වගේ සංගීත කණ්ඩායම් වලට ගොඩක් අපහසුතාවලට මුහුණ දෙන්නට
වෙනවා. අපිත් මුල් කාලේ ඔය කට්ට කෑවා. අන්තිම කාලේ මං ප්ලේ කරපු බෑන්ඩ් එකට අපේම
කියලා සවුන්ඩ්ස් තිබුණු නිසා ඒ ගැන ප්‍රශ්ණයක් තිබුණේ නෑ. අපි ගොඩක් වෙලාවට ප්ලේ
කලේ අපේ සවුන්ඩ්ස් වලින්මයි. වෙන සවුන්ඩ්ස් සෙටප් එකක ප්ලේ කලොත් අපේ හුරුපුරුදු
සංගීත භාණ්ඩ අරගෙන ගිහින් තමයි ප්ලේ කරන්නේ...
ස්ටේජ් හා ලයිට්ස් නම් බොහෝ දුරට තීරණය වෙන්නේ
අදාල අවස්ථාව සංවිධානය කරන අයගේ කැමැත්ත පරිදි තමයි. ඒවා බෑන්ඩ් එකේ අපිට අදාල
දේවල් නෙවෙයි. ඉතින් මේ විදියට තමයි බෑන්ඩ් හා සවුන්ඩ්ස් කියන මූලික අවශ්‍යතා දෙක
සම්පූර්ණ වෙන්නේ. ඔය ඉතින් තාම දින දීලා, ඇඩ්වාන්ස් ගෙවලා බුක් කලා විතරනේ. දැන්
අපි බලමු වැඩේ තියෙන දවසට ආවම මොකද වෙන්නේ කියලා...
සවුන්ඩ්ස් සෙටප් එක බුක් කරනකොටම වැඩේ තියෙන තැන
ලිපිනයත්, යන්න ඕනේ විදියත්, කටු සිතියමකුත් දීලා තමයි බුක් කරන්නේ. ඉතින් වැඩේ
තියෙන දවසට ප්‍රසංගය පටන් ගන්න ඕනේ වෙලාවට පැය තුනක් විතර කලින් සවුන්ඩ්ස් සෙටප්
එක අදාල ස්ථානයට එනවා. සවුන්ඩ්ස් ප්‍රවාහනය කරන වාහනය බොහෝදුරට තීරණය වෙන්නේ යොදනු
ලබන ස්පීකර ප්‍රමාණය මත කිව්වොත් නිවැරදියි. Indoor (ගෘහස්ත) වැඩක් නම්
බොහෝවිට යොදන්නේ ලොකු ස්පීකර දෙකක් පමණයි. ඒ වගේ වැඩකට වුවමනා භාණ්ඩ ටික නම් බට්ටා
ලොරියක වුනත් දාගෙන යන්න පුළුවන්. කොහොම වුනත් ගොඩක් සවුන්ඩ් සෙටප් වලට සවුන්ඩ්ස්
අදින්න වෙන් කරපු, හුඩ් ගහලා හොඳට කවර් කරපු කැන්ටර් ලොරියක් තියෙනවා. ලොකු ලොකු
සෙටප් වලට නම් තියෙන්නේ තඩි කන්ටේනර් පෙට්ටි සයිස් ලොකු වාහන. අපිට තිබුණේ පොඩි
සෙටප් එකක් නිසා අපේ සෙටප් එක නම් ප්‍රවාහනය වුනේ පොඩි බට්ටා ලොරියක තමා...
ඔන්න ඉතින් සෙටප් එක ආවා. එලිමහනේ වැඩක් නම්
ස්ටේජ් එකක් ගහලා තියෙන්නේ. indoor වැඩක් නම් බොහෝවිට අදාල ශාලාවේ බෑන්ඩ් එක
ප්ලේ කරන්න විශේෂ තැනක් වෙන් කරලා තියෙනවා. ඉතින් අපි මුලින්ම කරන්නේ සෙටප් එකේ
බඩු ටික තියන්නේ කොහෙද කියලා බලන එක. එළියේදී නම් කෙලන්ම ස්ටේජ් එකටම වාහනේ
අල්ලලා එහෙම්මම ස්ටේජ් එකට බඩු ටික බානවා. indoor වලිදී
නම් එපා වෙනවා. සමහර වැඩ වලට බඩුත් එක්ක තට්ටු 4-5 නගින්න වෙන වෙලාවලුත් තියෙනවා.
ඇත්තටම සවුන්ඩ්ස් අදිනවා කියන එකත් බුදු කට්ටක් තමා. බේස් බින් එකක් (ලොකු
ස්පීකර්) කිලෝ 100 ක් විතර බරයි. ඈම්ප් රැක් එක, මික්සර් එක වුනත් එහෙමයි. සෑහෙන්න
අමාරුයි උස්සන් යන්න. අපේ සවුන්ඩ්ස් සෙටප් එකේ වැඩවලට සක්‍රීයව සහභාගී වෙලා තියෙන
නිසා ඒ අමාරුව ගැන මම හොඳටම දන්නවා....
සවුන්ඩ්ස් අදින වාහනේට බඩු පැක් කරන පිළිවෙලක්
තියෙනවා. ලෝඩ් කරද්දී මුලින්ම පටවන්නේ ස්පීකර් ටික. එතකොට බඩු බාද්දී අන්තිමට
බාන්නෙත් ඒවා තමා. ඔය වයර් කෝඩ්, පවර් පැක්, පවර් කෝඩ්, මයික්ස්, ගිටාර් පෙඩල්ස්
වගේ පොඩි පොඩි ගැජට් කෑලි ඔක්කොම එක පෙට්ටියකට තමා දාන්නේ. සමහර විට බඩු වැඩි නම්
පෙට්ටි දෙකක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තවත් පෙට්ටියක් දෙකක් තියෙනවා තනිකරම
ස්ටෑන්ඩ් කෑලි වලටම. ගිටාර් ස්ටෑන්ඩ්ස්, මයික් ස්ටෑන්ඩ්ස්, නොටේෂන් ස්ටෑන්ඩ්ස් ආදී
විදියට මේ ඔක්කොම වෙනම අඩුක් කරලා තියෙන්නේ. ඔය පෙට්ටි වලට පස්සේ තියෙන්නේ මික්සර්
පෙට්ටිය. ගිටාර් තුන වෙන වෙනම පෙට්ටි වල. කීබෝඩ්ස් 2 හෝ 3 වෙන වෙනම පෙට්ටි වල. මේ
ඔක්කොම එකතුවෙද්දී ලොකු පොඩි පෙට්ටි 10 කට වඩා තියෙනවා බාන්න. සාමාන්‍යයෙන්
මුලින්ම බාලා ස්ථානගත කරගන්නේ මික්සර් එක හා ඈම්ප් රැක් එක තමා. මොකද ඒක තමා
බෑන්ඩ් වේදිකාවේ මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ මුළු සංගීත පද්ධතියම පාලනය කරන්නේ
එතැනින්. ඊට පස්සේ ස්ටෑන්ඩ් ටික බාලා ඒ ඒ සංගීත භාණ්ඩයට වේදිකාව මත අදාල තැන්වල
සවි කරනවා.
සවුන්ඩ්ස් සෙටප් එකක දෙන්නෙක් හෝ තුන්දෙනෙක්
ඉන්නවා වැඩ කරන්න. දෙන්නෙක් බඩු බාන ගමන් අනෙක් කෙනා ඒ ටික එකලස් කරගන්නවා. බඩු
ටික බාලා ස්ටේජ් එකේ හයි කරන්න පැය භාගයක්, විනාඩි 45 ක් වගේ වේලාවක් යනවා.
ස්ටෑන්ඩ් සවි කරලා ඉවර වුනාට පස්සේ ඒ ඒ සංගීත භාණ්ඩය ඒ මත තැන්පත් වෙනවා. ගොඩක්ම
වේලාවක් යන්නේ ඩ්‍රම් සෙට් එක සවි කරන්න තමයි. මොකද ඒකේ ස්ටෑන්ඩ් වැඩියි. උපාංග
වැඩියි... සංගීත භාණ්ඩත් සවි කරලා ඉවර වුනාට පස්සේ කරන්නේ පවර් කෝඩ් හා වයර් කෝඩ්
ටික මික්සර් එකේ ඉඳන් අදාල සංගීත භාණ්ඩ වලට ඇදගෙන යන එක. වයර් ටික ඔක්කොම එක්
අන්තයකින් අදාල සංගීත භාණ්ඩ වල Audio Out සොකට්ටුවට සම්බන්ධ වෙනවා. අනෙක් අන්තය
යන්නේ මික්සර් එකට. ශබ්ද පද්ධතිය පාලනය කරන ශබ්ද පරිපාලකවරයා (සවුන්ඩ් බැලැන්සර්)
තමාට පහසු විදියට මේ වයර් සම්බන්ධ කරගන්නවා.
දැන් තියෙන්නේ මුළු පද්ධතියටම විදුලි බලය සැපයීම
තමයි. මෙතනදී ගොඩක් වෙලාවට වෙන්නේ 5A (ඇම්පියර 5) ප්ලග් එකකින් කරන්ට් එක ගන්න එක. indoor වැඩකට
නම් ඒ කරන්ට් එක ඇති. ඒත් ඈම්ප් 3-4 ක් දාලා ලොකු ස්පීකර්ස් දානවා නම් 5A කරන්ට් එක මදි වෙනවා. සමහර විට එතනදී පොඩි ජෙනියකින් (Generator) කරන්ට් එක ගන්නවා. නැත්නම් 15A සොකට් එකකින්
හරි, කෙලින්ම ෆියුස් බෝඩ් එකෙන් හරි සප්ලයි ගන්නවා. Indoor වැඩ වලදී නම් power ගැන ගොඩක් දුරට ප්‍රශ්ණ
අඩුයි. මොකද indoor වලදී සවුන්ඩ්ස් ගොඩක් අරින්නේ නැති නිසා...
ඒ කිව්වේ ලොකු volume එකක් output වෙන්නැති නිසා ලොකු කරන්ට් එකක් වුවමනා නෑ. ඒත් outdoor වැඩකදී නම් power අඩු වුනොත් සවුන්ඩ්ස් volume
කරන්න බැරි වෙනවා. එතනදී ගොඩක් වෙලාවට වෙන්නේ bass සවුන්ඩ්ස් distort වෙන එක. සමහර වැඩ වලට ගියාම ඔය වගේ ප්‍රශ්ණ එනවා. ඉතින්
සෙටප් එකේ සවුන්ඩ්ස් අඩු වුනාම සමහරු ඇවිත් බෑන්ඩ් එකේ කට්ටියගේ ඇඟට ගොඩවෙන්න
හදනවා. බොහොම අමාරුවෙන් පහදලා තමයි ඒ වගේ කේස් විසඳගන්න වෙන්නේ...
කොහොමින් හරි කරන්ට් එක අරගෙන ඒක සෙටප් එකේ මේන්
බෝඩ් එකට දෙනවා. එතනින් තමා ස්ටේජ් එකේ එක එක පැත්තට කරන්ට් එක බෙදලා දෙන්නේ. මේන්
බෝඩ් එකට සම්බන්ධ වෙන එක එක පවර් කෝඩ් හරහා ඒ ඒ සංගීත භාණ්ඩ හා උපාංග වලට විදුලිය
බෙදලා දෙනවා. සමහර උපාංග වගට කෙලින්ම 230V දෙන්න පුළුවන්... සමහර
ඒවලට පවර් පැක් වලින් DC කරන්ට් දෙන්න ඕනේ. ඒ ඒ බනිස් වලට
ඒ ඒ කෙසෙල් ගෙඩි...!
ඔන්න දැන් Power ආවා. ගොඩාක් දුරට මේ
වෙද්දී සවුන්ඩ්ස් සෙටප් එකේ අයගේ වැඩ කටයුතු වලින් බර වැඩ ටික ඉවරයි. එයාලට දැන්
තියෙන්නේ ඈම්ප් රැක් එකේ ඉඳලා Audio Out එක දෙන වයර් ටික
අදින්නයි, ඒකට වුවමනා වෙන ස්පීකර් ටික පිළිවෙලට සුදුසු තැන්වල සකසන එකයි තමා.
මෙතනදී කියන්න ඕනේ, ස්ටේජ් එකේ ඉන්න සංගීත කණ්ඩායමට වෙනම ස්පීකර පද්ධතියකුත්,
පිටත ඉන්නා අයට වෙනම ස්පීකර් පද්ධතියකුත් විදියට තමා Out එක
යන්නේ. මේකට අපි කියන්නේ එළියේ Out එකයි, ඇතුලේ Out
එකයි කියලා. මේ පද්ධති දෙකට වෙන වෙනම ඈම්ප් දෙකකින් තමා Out
එක දෙන්නේ. (තාක්ෂණික කාරණා ඉදිරියට...) බෑන්ඩ් එක ඇවිත් ready
වෙනකල් සවුන්ඩ්ස් සෙටප් එකේ අයට ස්පීකර් ටික Place කරලා, වයර් ටික ඇදගන්න වෙලාව ඇති...
ඔන්න මේ වෙද්දී බොහෝ දුරට සංගීත කණ්ඩායම මෙතනට
ඇවිත්. තම තමන්ගේ සංගීත භාණ්ඩය ළඟට වෙලා ඒවාට අත හුරු කරගන්න එකත්, තමන්ට කැමති
විදියට Tones (නාද රටා)
වෙනස් කරගන්නා එකත් තමා සංගීත කණ්ඩායමේ අය කරන්නේ. ඒ අය ඒ වැඩේ කරන ගමන් අපේ
බැලැන්සර් කරන්නේ ඒ ඒ සංගීත භාණ්ඩයෙන් මික්සර් එක වෙත පැමිණෙන ශබ්ද සංඥා පරීක්ෂා
කිරීම හා ඒවා නිසි ලෙස සැකසීමයි. විනාඩි 10-15 ක් මෙහෙම ගියාට පස්සේ තමයි සවුන්ඩ්
බැලන්ස් එකක් බලන්නේ. ඒ කියන්නේ සංගීත අනුවාදනයක් සහිත ගීතයක් වාදනය කරන එක. එතනදී
එක් එක් සංගීත භාණ්ඩයේ ශබ්දය නිසි පරිදි මිශ්‍ර කිරීම (Mixing) සිදුකරන අතර, ස්පීකර් පද්ධති එකින් එක පරීක්ෂා කිරීම ද සිදුවෙනවා.
මුලින්ම Out එක දෙන්නේ ඇතුළත ස්පීකර් පද්ධතියටයි. එහි
ශබ්ද පාලනය සිදු කල පසු පිටත ස්පීකර් පද්ධතියටත් ශබ්දය මුදා හැරීම සිදු කරනවා. අදාල
ශබ්ද පද්ධතිය සංගීත කණ්ඩායම සතු එකක් නම් මෙම ශබ්ද පාලන කටයුතු ඉතා පහසුවෙන් හා
ඉක්මනින් සිදුවෙන අතර, බෑන්ඩ් එක හා සෙටප් එක වෙන වෙනම පැමිණියේ නම් සමහර විටකදී
ගීත 2-3 ක් ද, විනාඩි 20-30 ක පමණ කාලයක් ද ගතවන්නට පුළුවන්...
ඔය විදියට සවුන්ඩ් බැලන්ස් බලලා ඉවරවෙලා කරන්නේ පොඩි
රෙස්ට් එකක් ගන්න එක. ඒ අදාළ වෙලාව එනකල් තමා... ඉතින් වෙඩින් එකක් නම් කපල් එක
එනතුරු, වෙනත් උත්සව අවස්ථාවක් නම් කට්ටිය ටිකක් එක්රැස් වන තුරු බෑන්ඩ් එකත්,
සෙටප් එකත් පොඩි විවේකයක් ගන්නවා. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට පේන්න සංගීත කණ්ඩායම
වාදනය කරන්නේ. ඔයාලගේ කන් වලට ශබ්දය එන්න කොච්චර දුරක් ගතවෙලා තියෙනවද කියලා දැන්
තේරෙනවා නේද ?
හොඳයි යාළුවනේ... මීට වඩා තාක්ෂණික විස්තරයක්
එක්ක බෑන්ඩ් වේදිකාවේ තිරය පිටුපස දෙවන කොටසින් හමුවෙමු... ප්‍රශ්ණයක් තිබුනොත්
කමෙන්ට් එකක් විදියට දාන්න... පුළුවන් විදියට පිළිතුරක් දෙන්නම්... එහෙනම්
ඉක්මනින් යලිත් හමුවෙමු... ජයවේවා...
ඇත්තටම මේ පෝස්ට් එක නම් ගොඩක් වෙලා අරන් කියවන්න ඹනා පොස්ට් එකක්
ReplyDeleteගොඩක් දේවල් තියනවා ඉගන ගන්න
ආයේ එන්නම වෙනවා
එහෙනම් ආයේ ඇවිත් බලමුකෝ... ඉගෙන ගන්න තරම් නම් දෙයක් නෑ... ඒත් දැනගන්න නම් දේවල් තියෙයි... ස්තුතියි මලේ...!!!
Deleteම්ම්ම්ම්ම්ම්ම්ම්....එළ..එළ..
ReplyDeleteඅද නම් තියෙන්නෙ සංගීත කණ්ඩායම් පාඩමක්...
ReplyDeleteපස්ට
ReplyDelete@ තරූ : තැන්කූ තැන්කූ !!!
ReplyDelete@ දිල් : ඇයි ? අල්ලන්නේ නැද්ද වැඩේ ??? පාඩමක් නම් නෙවෙයි... ටිකක් බෝරිං තමා නේ ?
@ රෙෂාන් :
අදමයි දැක්කේ ඕං ! ස්තුතියි කිව්වා !!!
ස්තූතියි.. අළුත් දෙයක් ඉඟන ගත්තා.. හැමදාම බෑන්ඩ් ගහනවා දැක්කට.. ගහන්නේ කොහොමද කියලා දන්නේ නෑනේ..
ReplyDeleteඑළ එළ විස්තරේ...මගෙත් පොඩි කාලේ ඉදලා සෙට් එකක් ඉන්නවා ඔය බෑන්ඩ් ගහන..උන්ටම කියලා සවුන්ඩ් සිස්ටම් එකකුත් තියෙනවා ඒකත් හයර් කරනවා...එකෙක් ඉන්නවා සවුන්ඩ් බැලන්සර් මට මතක විදියට 3020 වගේ අර තඩි බෆල් එකට හේත්තුවෙලා මූ නිදියනවලුනේ...හෙන ගහන්න වගේ සද්දේ තිබුනට ඌට ඒකට හුරු වෙලා....
ReplyDeletebrilliant article !!! Keep up the good work !!!
ReplyDeleteඔයිට වඩා සැහෙන්න වෙනස් නේ ගණන් නම් බෑන්ඩ් වල චතු! ලක්ශෙකට පොඩ්ඩක් අඩුයි!හැබැයි පාඩුත් නැහැ ඒ ගානට ගත්තත්... මොකද කොලිටි එකට වැඩේ කරනවා!
ReplyDeleteමම දැක්ක මගේ හිතවතකෙගුගේ වෙඩින් එකේදී ප්ලේ කල බෑන්ඩ් එකක්, වැඩි හරියක්ම බයිලා ගැහුවේ!ගායකයෝ කීප දෙනෙක් හිටිය එත් කිසිම වැඩක් නැ! ඒ මදිවට නෑදෑයෝ කීප දෙනෙකුත් සින්දු කිවුවා නේ හෙහෙ විකාරයි! තව බෑන්ඩ් එකක් මම දැක්කා, හමුදාවේ කට්ටියක් කරන! එකේ හිටිය කකුල් දෙකම නැති ගායකයෙක්! එයාට කටහඩවල් තියෙන්න ඇති 30 කට වඩා, කොටින්නම ගැණු අයගේ කටහඩවල් වලිනුත් සින්දු කිවුවනේ! ලස්සනයි! එත් ඒ අවස්ථාවට කිසි ගැලපීමක් නැහැ කියල මට හිතුනා!
මම ගොඩක් බෑන්ඩ් දැකලා නැහැ! වැඩිම උනොත් 15 ක් වගේ දැකලා ඇති! ඒ අතරින් ගණන් වැඩිම අයගෙ වැඩ නම්, හරිම කොලිටි! මම හිතන්නේ ලොකු ගානක් ගියත්, හොද කොලිටි බෑන්ඩ් එකකින් නීට් එකට වැඩේ කෙරෙනවා!
හ්ම්ම්ම්.. වෙනමම පැත්තක්..
ReplyDeleteමේ වගේ දෙයක් ලියපු එක හොඳයි...
ReplyDeleteහොඳ පෝස්ට් එකක්. මමත් සංගීත නිර්මාණ කරනවා. හැබැයි ඔය දාලා තියෙන ඔක්කොම භාණ්ඩ වෙනුවට මට තියෙන්නේ එකයි :( ඒ ඕගන් එක. තව දෙයක් කියන්න තියෙනවා. තරහවෙයිද දන්නේ නෑ. මගේ පොඩි අකමැත්තක් තියෙනවා ඔය බෑන්ඩ් වලින් කරන 6/8 බීට් එකේ අළුත් සින්දු වලට (පරණ ඒවා නෙමෙයි) විශේෂයෙන් සනෆ්ලවර් වගේ අය. මට ඕන තව දෙයක් අහන්නත් තියෙනවා. ඔය විදියට කරන එකකදී වයලින් වගේ භාණ්ඩයක් සම්බන්ධ කරන්නේ කොහොමද?
ReplyDeleteබිම්සර -> for a violin or any other acoustic instrument we use a contact mic or a condenser mic. mostly the contact mic will be attached to the bridge of the violin(which can be purchased by a local music store). For a violin that's the ideal system. When using a condenser microphone we have to be very careful as it has a greater gain than a dynamic microphone, which can lead to a feedback or the "hoooooooo" sound :D
ReplyDelete@ Senna :
ReplyDeleteදෙයක් දැන ගත්තා නම් ඒකම මට සතුටක් සහෝ... බෑන්ඩ් එකක් ස්ටේජ් එකේ දැක්කට එතැනින් එහා මොන වගේද කියලා කියන්නයි මට ඕනේ කලේ... ස්තුතියි ප්‍රතිචාරයට...!!!
@ ඔබ නොදුටු ලොවක් :
දැන් කාලේ ගොඩක් බෑන්ඩ් වලට තමන්ගේම සවුන්ඩ්ස් සෙටප් එකක් තියෙනවා සහෝ... ඉස්සර වගේ කට්ට කන්න දෙයක් නෑ දැන් අයට...! ඔය කිව්වා වගේ සවුන්ඩ්ස් සෙටප් වල වැඩ කරන උන් වගේම බෑන්ඩ් ප්ලේ කරන ගොඩක් දෙනෙක්ට කන පැලෙන සද්දේ සාමාන්‍ය දෙයක්. කම්මලේ බල්ලට බෝම්බ ගැහුවත් ගාණක් නෑලුනේ. ගොඩක් බැලැන්සර්ලා වොට් 1000 ස්පීකර් වලටත් කන තියලා සවුන්ඩ්ස් චෙක් කරනවා මම දැකලා තියෙනවා. ඒක ඒ අයට සාමන්‍ය දෙයක් වෙලා. ස්තුතියි ප්‍රතිචාරයට...!!!
@ Ano :
Thanks a lot Bro. anyway, it's lot better that if you mention your name. thanks again for visiting here and leave a comment for me. !!! keep in touch !!!
@ නෙලුම් :
මම ඔය ගණන් දාලා තියෙන්නේ නෙලුම් අපි වගේ පොඩි බෑන්ඩ් වල අවම ගාස්තුව. මම ඒක පෝස්ට් එකේ දැම්මා. ඔයා ඔය කියන්නේ සන්ෆ්ලවර්ස්, ෆ්ලෑෂ්බෑක් වගේ ලොකු බෑන්ඩ් වල ගණන්... ඒ ගොල්ලෝ නම් ලක්ෂ ගණන් තමා. ඒ ගාණ තීරණය වෙන්නේ ඒ අයගේ reputation එක, Brand name එක හා එක්ස්පීරියන්ස් එක මත. ඒ අය නම හදාගෙන ඉවරයි. ඒ නම නිසා එයාලා හොඳට මාකට් වෙනවා...
ඔයා අන්තිමට කිව්ව එක හරි. පොඩි බෑන්ඩ් ගොඩක් ඒවා ප්ලේ කරනකොට අන්තිම හරිය විකාරයක් තමා... පුද්ගලිකව ප්ලේයර් කෙනෙක් හැටියට මමත් ඒ ගැන කළකිරිලා හිටියා. ඒත් ඕක නතර වෙන්නෙත් නෑ...
හොඳ බෑන්ඩ් එකක ගාණ සැරයි... සද්දේ හොඳයි... වැඩේ නීට්... අවුරුදු 20 ක් විතර ස්ටේජ් ප්ලේ කරන කොට ඒ කොලිටිය ආවේ නැත්නම් තමයි පුදුමේ... ගොඩාක් පොඩි බෑන්ඩ් වලට නැත්තේ ඒ එක්ස්පීරියන්ස් එක තමා. මේ ෆීල්ඩ් එකට ඕනේම දේ තමා ටැලන්ට් එක, උනන්දුව සහ එක්ස්පීරියන්ස් එක...!!!
ස්තුතියි ප්‍රතිචාරයට !!!
@ පැණි දොඩම් :
ඔව් පැණි, මේක වැඩිය කාටවත් නෝට් වෙන්නැති කථාන්දරයක් නිසා තමයි පළ කරන්න හිතුවේ... ස්තුතියි ආවාට !!!
@ මාළු අයියා :
ඈ බං මාළු අයියේ, හොඳයි කිව්වේ මොකද කියලත් කිව්ව නං නේද හොඳ ? උඹ හොඳයි කීවට මට ෂුවර් නෑ වගේ... :P තැන්කූ මේ පැත්තේ ආවට හොඳේ !!!
@ බිම්සර :
ඔයාටත් ගොඩක් ස්තුතියි සහෝ ප්‍රතිචාරයට... ඔයාට උත්තරේ පසන් සහෝ දීලා තියෙන්නේ... පැහැදිලි නැත්නම් අහන්න...
ඔයා කියපු ජාතියේ 6/8 වලට නම් මගේත් කැමැත්තක් නැතිබව කියන්න ඕනේ. ඒත් ඔක අපේ අනන්‍ය 6/8 එකක්නේ. ඒක නිසා අපේ වැඩ වලට ඒකත් ක්‍රියේටිව් විදියට පාවිච්චි කරන්න ඕනේ. ඔයා ඩිජිටල් සංගීතය කරනවා නම් දන්නවා ඇතිනේ 6/8 එකක් හදාගන්න තියෙන අමාරුව. ට්‍රයි කරන්න ඕනේ ඒ වගේ වැඩ වලට...! හඳුනාගන්න ලැබීම සතුටක්... ජයවේවා !!!
@ පසන් :
ස්තුතියි මචං ප්‍රතිචාරයට...! දෙන්න ඕනේ හොඳම උත්තරේ පැහැදිලිවම දුන්නට... තැන්කූ වේවා !!!
මම කිවුවේ චාන්දනී බණ්ඩාර ගේ සමන් ගේ බෑන්ඩ් වල ගණන් ගැනයි චතු! ඇත්ත ටැලන්ටඩ් නම් ටික කාලයකින්ම ගොඩ වෙන්න පුළුවන් නේ ඕනේ දෙකින්! දැන් Dj තියෙන නිසා, තරගේ වැඩියි පොඩි බෑන්ඩ් වලට තවත් :)
ReplyDeleteඅපොයි ....බැන්ඩ් කොරන්ඩ ගිහින් කාපු කටු ගැන නම් කියලා වැඩක් නැත..හැබැ පට්ට ආතල්ය...
ReplyDeleteපැය බාගයක් විතර ගියා කියවන්න.. :))
ReplyDeleteහොද ලිපියක්, දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අයියේ,,
සංගීත කණ්ඩායමක් ආරම්බ කරන එකත ලේසි වැඩක නෙමෙයි නේද එහෙනම්
ReplyDeleteහප්පේ... අපි නොදන්න බෑන්ඩ්, මෙච්චර කෙරුවාවක් තියෙනව කියල ඇත්තටම දන්නෑ අප්පා...!!! දැන් තමයි දැනගත්තෙ, පට්ට පෝස්ට් එක ඈ... එළ කිරි, දිගටම ලියන්න.. ජය ශ්‍රී..!!!
ReplyDelete@ නෙලුම් :
ReplyDeleteමම ඔය ගණන් කිව්වේ මම ප්ලේ කරපු කාලේ, ඒ කියන්නේ අවුරුදු 2-3 කට උඩදී. දැන් නම් දෙවෙනි පෙළ බෑන්ඩ් වලටත් 100,000 ක් විතර ගෙවනවා...
අනිවා, DJ නිසා බෑන්ඩ් වලට කෙලවෙලා... පොඩි බෑන්ඩ් එකක් උඩට එන්නැති එක හේතුවක් ඒක... ස්තුතියි නෙළුම් ප්‍රතිචාරයට !!!
@ රාජ් : ආහ්... එහෙනම් රාජ් සහෝත් බෑන්ඩ් කාරයෙක් ද ? බෑන්ඩ් කටු ගැන ඉස්සරහට කියන්නම්, ආතල් කියන්නේ... බේරෙනවා !!! ස්තුතියි ප්‍රතිචාරයට !!!
@ වර්ණා : පැය භාගයක් ගියාද ? කමක් නෑ, අමාරුවෙන් හරි කියවලා දන්නැති එකක් දැනගත්තනේ... නේද ?
බෑන්ඩ් එකක් නෙවෙයි වර්ණා, දෙතුන් දෙනෙක් එකතුවෙලා කරන මොන වැඩක් වුනත් කරන්න කොච්චර අමාරුද ? 7-8 ක් එකතුකරගෙන, ප්‍රැක්ටිස් කරලා, කට්ට කාගෙන, නිදි මරාගෙන බෑන්ඩ් කරනවා කියන්නේ ආසාවට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි...
මහන්සි වුනොත් ප්‍රතිඵල තියෙනවා. ඒක ඉතින් බෑන්ඩ් ෆීල්ඩ් එකට නෙවෙයි, කොහෙටත් පොදුයි නේ... ස්තුතියි ප්‍රතිචාරයට !!!
@ මණ්ඩි : හ්ම්... බෑන්ඩ් එකක සින්දු අහලා ආතල් එකේ නටනවා වගේ නෙවේ. බෑන්ඩ් එකක් ස්ටේජ් එකකට නගින්න කන කට්ට !!! දන්නැති දෙයක් දැන ගත්තා නම් සතුටුයි සහෝ... බොහොම ස්තුතියි... ජයවේවා !!!
අම්මෝ...කවුද හිතන්නේ මෙච්චර කට්ටක් කන්න ඕන කියලා, අපි ඉතින් සින්දු අහලා ඒවට කමෙන්ට් කරලා යනවා විතරයිනේ. දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා. ස්තූතියි සහෝ... නියමෙට ලියලා තියෙනවා!
ReplyDelete@Chathuranga
ReplyDeleteඔව් ඔව්. මම දන්නවා 6/8 එකක් හදාගන්න තියෙන අමාරුව. 6/8 එක ලස්සනට එනවා සාමාන්‍ය ක්‍රමය වෙනුවට ක්ලැප් එකක් එක්ක ගත්තම. හික් හික්... දවසක් ඕක කරලා බැලුවා. කොහොමත් 6/8 වල මම කැමති නැත්තේ රිදම් ගිටාර් ගහන විදියටයි, අර කීබෝඩ් එකෙන් දෙන මෙලඩි එකටයි. (ඒ උනාට ඉතින් මගේ instrument වලින් එකක් තමයි ඕගන් එක)
බොහොම ස්තුතියි චතුරංග..කවදාවත් අහලා නැති විස්තර ටිකක් කියල දුන්නට..ඒකත් පුදුම කට්ටක් නේ බලාගෙන යනකොට..ඒත් හරිම ආස හිතෙනවා..
ReplyDeleteනියම ලිපිය මමත් නොදන්න ගොඩක් දේවල් දැන ගත්ත....
ReplyDeleteබෑන්ඩ් එකක් play කරල මිනිස්සුන්ට විනෝදයක් දුන්නට ඒ වෙනුවෙන් උන් විදින්නේ මාර දුකක්නෙ...කටු තමයි මොන වැඩේ කරන්ඩ ගියත්.....
හැබැයි වැඩේ ලස්සනට ඉවරයක් කරගන්න ලැබුනොත්...
හිතට දැනෙන සතුට නම් නිමක් නෑ....
පල්ලෙහා ඉඳං බැලුවට එතනින් එහා වෙනදවල් දැනගෙන හිටියේ නැහැ නේ..
ReplyDelete