Tuesday, October 18, 2011

ලංකා වැසියෙක් නම් අනිවාර්යයෙන් කියවන්න... (උපුටා ගැනීමකි)


මේ එක්‌තරා කනගාටුදායක සිද්ධියකි. අපේ රටට වරක්‌ පැමිණි සංචාරකයන් නැවත අපේ රටට පැමිණෙන්නේ නැත. මට හමුවූ ජර්මන්, ස්‌විට්‌සර්ලන්ත හා විශේෂයෙන්ම ඇමරිකානු ජාතිකයන් සෑම කෙනෙක්‌ම කීවේ ශ්‍රී ලංකාවට නැවත නොයන බවයි. අපේ රටේ නොයන කාරණා තුනක්‌ ඔවුන් සඳහන් කරනවා. ඉන් වැඩිම කොටසක්‌ ප්‍රධානම වශයෙන් සඳහන් කරන්නේ අපේ ටේ අමන රියෑදුරන් සම්බන්ධවයි. මේ කණගාටුදායක අසුබ ආරංචිය මට මගේ රට ගැන විශාල දුකක්‌ ඇති කළා. මේ සිදුවීමෙන් පසු මට මගේ මව් බිම වෙනුවෙන් මේ සම්බන්ධව යම්කිසි දෙයක්‌ ඉටු කළ යුතු බව හැඟී ගියා.
මම තීරණයකට එළැඹියා. මා ළඟදී ලංකාවට යනවා නිවාඩුවකට. ඒ ගිය විට මේ සම්බන්ධව සමීක්‍ෂණයක්‌ කළ යුතු බව සමහර සංචාරකයන් සඳහන් කළේ ලංකාවට ගිය විට විවිධ ස්‌ථාන නැරඹීමට යැමට මුලින් අදහස්‌ කර සිටියත් මේ අමන රියෑදුරන් නිසා ඔවුන් විශාල තැති ගැන්මකට පත්වූ හෙයින් සියලුම ගමන් බිමන් අවලංගු කළ බවයි. අපි මුලින් දැන සිටියේ නැහැ ශ්‍රී ලංකාවේ මෙවැනි රියෑදුරන් සිටින බවක්‌. මෙම චෝදනාව අපේ සංචාරක ව්‍යාපාරයට ඉතාම තදබල පහරක්‌. මා ශ්‍රී ලංකාවට ආ පසු කළ සමීක්‍ෂණයේදී මට සිහිපත් වූවා සංචාරකයන් ප්‍රකාශ කළ දේ සම්පූර්ණ ඇත්තක්‌ බව. අපේ රථ වාහන දෙපාර්තමේන්තුවට ක්‍රමවත් රියෑදුරු පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්‌ නොමැති බව, මට එක හෙළාම අවබෝධ වූවා. මට පෙනී ගියේ මෙය විශාල ජාතික අපරාධයක්‌ ලෙසයි. මේ හේතූන් මත අප කොහොමද විනීත රියෑදුරන් බලාපොරොත්තු වෙන්නේ. අසරණ දරුවන්, මිනිසුන් කොපමණ සංඛ්‍යාවක්‌ නිරපරාදේ මිය යනවද? කවුද? මේ අසරණ ජීවිතවලට වග කියන්නේ. ක්‍රමවත් රියෑදුරු පුහුණුවක්‌ නොලැබීම අසරණ දහස්‌ ගණනකගේ ජීවිත විනාශ වීමට හේතුවයි.

අපේ රටේ පුවත්පත්වලින් රූපවාහිනියෙන් අහන්න ලැබෙන්නේ ඊයේ සිදුවුණ මාරක රිය අනතුරින් තිදෙනකු මියගොස්‌ දෙදෙනකුට බරපතළ තුවාල සිදුවී ඇත. පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි යන්නයි. මේ අපිට හැමදාම අහන්න ලැබෙන ප්‍රවෘත්තිය. මොකක්‌ද පොලිසිය කළ පරීක්‍ෂණය. කෝ ප්‍රගති වාර්තාවක්‌. මොකක්‌ද යෙදූ පිළියම. හැමදාම අහන බනේම තමයි අපි අදටත් අහන්නේ. පාරට බැහැලා විනාඩි 15 ක්‌ පමණ පාර දිහා බලා සිටින විට පෙනී යනවා අපි කොයි තරම් ලෝකයේ නොදියුණු මිනිසුන් කොටසක්‌ද බව. මම උදාහරණයකට පෙන්වා දෙන්නම් කහ ඉර. පාර මාරුවෙන්න කහ ඉර මත ළමයෙක්‌ වඩාගෙන තවත් දරුවෙක්‌ අතින් අල්ලාගෙන සිටින අසරණ කාන්තාවට වාහන නතර කර ඉඩ සලසා දෙන්න තරම් විනීත රියෑදුරන් මා දුටුවේ 5% පමණ සුළු පිරිසකි. මා අනෙක්‌ පුදුමයට පත්වුණ කාරණාව වූයේ සියලුම වාහන ගියාට පසුවයි මිනිසුන් පාර මාරු වුණේ. තවත් මා දුටු දෙයක්‌ කහ ඉර පනින මිනිසුන් තම අතින් වාහනයට නවතින්න සංඥවක්‌ දෙමින් කහ ඉර මාරුවන අයත් මා දුටුවා. මා ඉහතින් සඳහන් කළ දේ වැරදි නැහැනේ. අපි කොයිතරම් ලෝකයේ නොදියුණු ජාතියක්‌ද. අපේ රටට පැමිණෙන සංචාරකයන් මෙවැනි නූගත් වැඩ දැකීමට කොහෙත්ම කැමැති නැත. මට නම් මෙවැනි දේවල් දැකීමෙන් මගේ රට ගැන විශාල කනගාටුවක්‌ ඇති වුණා. මෙවැනි දේවල් ඇතිවන්න හේතූන් මා සෙව්වා. කනගාටුවෙන් සඳහන් කළ යුතු කාරණාවක්‌ වන්නේ ලියන්න, කියන්න බැරි රියෑදුරන් 12% පමණ අප රටේ සිටිනවා. විශේෂයෙන්ම මේ පිරිස මාර්ග නීති, රීති කිසිවක්‌ දන්නේ නැහැ. උගත් නූගත් මේ දෙපිරිසම කහ ඉර පනින මිනිසුන්ට පවා වාහන නලාව ශබ්ද කරන්න තරම් නොදැනුවත් කමක්‌ තිබෙන්නේ. මෙවැනි හේතූන් මත නිසියාකාර ක්‍රමවේදයකින් තොරව ලබාගත් රියෑදුරු බලපත් හිමියන් සෑම දිනකම අසරණ ජීවිත ගණනාවක්‌ බිලිගන්නවා. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් මොකද කරන්නේ? මෙවැනි නූගත් රියෑදුරන් දැනුවත් කිරීමට රූපවාහිනි වැඩසටහන් ප්‍රචාරය කරවීම ඉතාම වැදගත්. මේ අවස්‌ථාවේ මා වැදගත් දෙයක්‌ සඳහන් කරමි. රටක විනීත රියෑදුරන් ඇති කළ හැකි ක්‍රමයක්‌. ඇමරිකාවේ රියෑදුරු බලපත්‍රයක්‌ ලබාදෙන හැටි මා මේ අවස්‌ථාවේ සඳහන් කරන්නම්. ප්‍රථමයෙන්ම මාර්ග නීති රීති පිළිබඳව ප්‍රශ්න 75 ක්‌ පාඩම් කළ යුතුයි. මෙයින් පසු පරීක්‍ෂණයට ඉදිරිපත් විය යුතුයි. මෙයින් ප්‍රශ්න 20 කට පිළිතුරු සැපයිය යුතුයි. අනිවාර්යෙන්ම ලකුණු 80-100 ක්‌ ලබාගත යුතුයි. මෙම ප්‍රශ්න 75 ට විශේෂයෙන්ම කහඉර එනම් මිනිසුන් පාර මාරුවන ස්‌ථානය පිළිබඳව විශේෂ අවධානයක්‌ ඇති කරලීම සඳහා ප්‍රශ්න 6 ක්‌ ඇතුළත් වී තිබෙනවා. අපේ රටේ සමහර රියෑදුරන් මේ කහ ඉර තිබෙන්නේ මොනවටද කියාවත් දැනුමක්‌ නැත. මෙවැනි හේතූන් මතයි සංචාරකයන් අපිව නොදියුණු ජාතියක්‌ හැටියට හඳුන්වන්නේ. මා නැවතත් මාගේ මුල් ප්‍රශ්න මාලාවට යනවා. ප්‍රශ්නවලට පිළිතුරු සපයා ලකුණු 80-100 අතර ලබාගත් විට ඔහු ඊළඟ පරීක්‍ෂණයට සූදානම් වෙනවා. මෙයින් පසු ඔහු සමත් බවට නිකුත් කරන කාඩ්පත සමග තමන් කැමති රියෑදුරු පාසලකට යා යුතුයි. රියෑදුරු පාසලේදී තමන්ට කැමති පැය 20, 30, 40 හෝ එයට වැඩිය පැය ගණනක්‌ වුවද මුදල් ගෙවා පුහුණුවක්‌ ලබාගත යුතුයි. මේ රියෑදුරු පුහුණුවෙන් පසු රියෑදුරු උපදේශකවරයා තීරණය කරනවා රජයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණය සඳහා ඔහු හෝ ඇය සුදුසුද නැද්ද යන වග. අවසාන වශයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සමීක්‍ෂණයට පෙනී සිටිය යුතුයි. සමීක්‍ෂණ නිලධාරියාගේ අධීක්‍ෂණය යටතේ රථය පැදවිය යුතුයි. එම නිලධාරියාගේ ලැබෙන ලකුණු මතයි රියෑදුරු බලපත්‍රය ලැබෙන්නේ. මේ නිලධාරියා අකටයුතු කම්වල නොයෙදන ඉතාම අවංක මහත්මයෙක්‌. මේ අවසාන පරීක්‍ෂණය අවස්‌ථාවේ අප හට ඔහු සමග කතා කිරීම තහනම්. අනෙක්‌ සඳහන් කළ යුතු දේ තමා පිළිගත් රියෑදුරු පාසලකින් හැර පුද්ගලිකව රිය පැදවීම ඉගෙන ගැනීම ඇමරිකාවේ තහනම් නීතියක්‌. අපේ රටේ මේ තහනම් නීතිය ක්‍රියාත්මක වෙනවා. නීති රීති ගැන හරි අවබෝධයක්‌ නැති රියෑදුරෙක්‌ තව කෙනෙකුට උගන්වන්නේ කොහොමද? පෞද්ගලිකව කෙනෙකුගෙන් රියෑදුරු පුහුණුවක්‌ ලබන තැනැත්තා, අවංක, විනීත, නීතිගරුක රියෑදුරෙකු වන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම මා ශ්‍රී ලංකාව තුළ දුටුවේ නම් ඉතාම අවිනීත මනුස්‌සකම පළාතකවත් නැති දඩබ්බරව මාර්ග නීති රීති කඩ කරමින් පුදුම කලබලකාරී රුපියල් මිලියන ගණනක වෙළෙ¹මකට දුවන නරුමයන් පිරිසකි. මනුස්‌සත්වය මොකක්‌ද කියාවත් ඔවුන් දන්නේ නැහැ. මේ තමයි සංචාරකයන් තැති ගැන්මකට හා කණස්‌සල්ලට පත් වූ සිද්ධිය. ඔවුන් මා වෙත කළ ප්‍රබලම චෝදනාවයි. තවදුරටත් ඔවුන් පැවසුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්‌තානය, හා අප්‍රිකානු රටවල පමණයි මෙවැනි රියෑදුරන් දැකිය හැක්‌කේ.

රියෑදුරන් කරන අනෙක්‌ වැරදිවලට වඩා මාරාන්තික හා භයානකම වැරැද්ද මෙයයි. මේ අමානුෂික රිය ධාවනය හේතුවෙන් පාර දෙපැත්තේ ජීවත්වන අසරණ දරුවන්, රෝගීන්, මහල්ලන් සහ අසරණ ජනතාව කියා නිම කළ නොහැකි මානසික පීඩනයක්‌ ලබන්නේ මේ දරුණු වාහන නලා ශබ්දය හේතුවෙන්. කවුද මේ ගැන සමීක්‍ෂණයක්‌ කරන්නේ. කාටද මේවා කියන්නේ. මේ ගැන සොයා බලන්න සමීක්‍ෂණයක්‌ කරන්න තරම් අපි දියුණු මදි. ශිෂ්ඨ සම්පන්න බුද්ධිමත් රටවල නලා ශබ්දයක්‌ ඇහෙන්නේවත් නැත. මගේ සමීක්‍ෂණයට අසුවුණේ වැඩිපුරම වාහන නලාව ශබ්ද කරන පුද්ගලයන් වූයේ පෞද්ගලික බස්‌ රථ, ලොරි, ටිපර්, ත්‍රීවීලර් රථ රියෑදුරන්ය. ලෝකයේ දියුණු රටවල නීතියක්‌ තිබෙනවා. සවස 6 න් පසු හදිසියකදීවත් වාහන නලා ශබ්ද කිරීම තහනම්. නමුත් අපේ රටේ එවැනි නීතියක්‌ ක්‍රියාත්මක වන්නේ නැත. අපේ රියෑදුරන් පාන්දර 2-3 ටත් වාහන නලාව ශබ්ද කරනවා. නොදියුණු කමයි මෙයට ප්‍රධාන හේතුව. සියලුම මිනිසුන් නින්දට වැටී තිබෙන්නේ අපේ රියෑදුරන්ට එතරම් දුරට සිතන්න තරම් ශක්‌තියක්‌ නැත. මේ අපේ රටේ තහනම් විය යුතු දේවල්.

දියුණු රටවල මෙන් මෙම දියුණු තාක්‍ෂණය අප වහා ක්‍රියාත්මක කළ යුතුයි. දියුණු රටවල මෙන් අපේ රටේ පාර මැද කහ ඉරි දෙක නැත. අපේ රටේ සිදුවන අනතුරුවලට ප්‍රධානම හේතුව මෙයයි. මෙම කහ ඉරි දෙක අධිවේගී මාර්ග හැර, අපේ රටේ අනෙක්‌ සෑම මාර්ගයකම තිබිය යුතුයි. සෑම සැතපුම් 5 න් 5 ට ස්‌ථානවල හැටියට වේග සීමා සඳහන් පුවරු සවි කළ යුතුයි. මෙම කහ ඉරි දෙකෙහි ප්‍රධාන හේතුව කිසිම රියෑදුරෙකුට අභිබවා යැම තහනම් (OVER TAKE) යා යුතු ගමන් වේගය සඳහන් වී තිබෙනවා. මේ දියුණු තාක්‍ෂණය පාර බදුගෙන මාර්ග නීති කඩකරන අමන රියෑදුරන්ට වැට බැඳීමක්‌ හා අසරණ ජීවිත බිලි ගැනීම වැළැක්‌වීමට හොඳම පිළියමක්‌.

මෙම නීතිය හදිසි ගිලන් රථ, ගිනි නිවීම් හා හදිසි පොලිස්‌ රථවලට බලපාන්නේ නැත. උදාහරණයකට කොළඹ නුවර මාර්ගය, මෙය අධිවේගී මාර්ගයක්‌ නොවෙයි. අසරණ ජීවිත බිලි ගන්නා ප්‍රධාන මාර්ගයක්‌ය. අනිවාර්යයෙන්ම මෙම මාර්ගය සඳහා මෙම දියුණු තාක්‍ෂණය ඇති කළ යුතුයි. අපිට සංචාරකයන් අවශ්‍යනම් ඒ වාගේම අසරණ ජීවිත බේරා ගැනීමටත්, අසරණයන් රෝගී කරන අමිහිරි නලා ශබ්දයෙන් තොර ශ්‍රී ලංකාවක්‌ දැකීමටත්, ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න දියුණු මිනිසුන් සිටින රටක්‌ වග සංචාරකයන්ගේ මුවින් ඇසීමටත්, මේ දියුණු තාක්‍ෂණික නීතිය වහාම ක්‍රියාත්මක වුවහොත් අපත් ලෝකයේ දියුණු ජාතියක්‌ බවට පත්වනවා. විශේෂයෙන් සඳහන් කළයුතු අනෙක්‌ වැදගත් කාරණය වන්නේ මහා මාර්ග නීති රීති අකුරටම ක්‍රියාත්මක කරවා ගැනීමයි. මෙය පොලිස්‌ දෙපාර්තමේන්තුව සතු ජාතික වගකීමක්‌ සේම ජනතාවගෙන් අවංක ජාතික වගකීමක්‌ බවට පත්විය යුතුයි.

අපේ රථ වාහන පොලිසිය මෙයට වඩා ක්‍රමවත් විය යුතුයි. රථ වාහන පොලිසියේ සේවය පැය 24 පුරාම මහා මාර්ගයට සීමාවිය යුතුයි. අද අපි දකින්නේ උදේට සහ සවසට ප්‍රධාන මංසන්ධිවල වාහන හැසිර වීම හා ඉඳහිට වේග සීමාව නිරීක්‍ෂණ කිරීමත් පමණයි. විශේෂයෙන්ම දිවා රාත්‍රි කාලයේ මුර සේවා මෝටර් සයිකල් ක්‍රමයක්‌ ඇති කළ යුතුයි. අනෙක්‌ විශේෂ කාරණය පොලිස්‌ රථවාහන අංශයට අවංක, විනය ගරුක, ජාතික හැඟීමක්‌ තිබෙන ඉරුදින ආගමික පාසල් සහතිකයක්‌ තිබෙන තරුණ මහත්වරුන් බඳවා ගත්තොත් අප රටේ මහා මාර්ගයේ සිදුවන ජාතික අපරාධ හා නොහික්‌මුණු අමන රියෑදුරන් නැතිකර ගැනීමට විශාල පිටිවහලක්‌ වනු ඇත.

අප රට තුළ ක්‍රියාත්මක විය යුතු තවත් විශේෂ කරුණු කීපයක්‌ සඳහන් කළ යුතුව ඇත. මා මේ සඳහන් කිරීමට යන කාරණා කීපය මුල්ම වකවානුවේ එනම් සුද්දන්ගේ පාලන කාලය තුළ පැවැති දේවල්, නමුත් අද මේවා අභාවයට ගොස්‌ ඇත. ප්‍රධාන මාර්ගයක්‌ අසල පාසලක්‌ පිහිටා ඇත්නම් එම මාර්ගයේ වේග සීමාව පැ.සැ. 15 ක්‌ විය යුතුයි. පාසලට ප්‍රථම මීටර් 200 හා පාසල පසුවී මිටර් 200 යන තෙක්‌ වාහනයේ වේග සීමාව පැ.සැ. 15 ක්‌ සඳහන් දැන්වීම් පුවරුවක්‌ සමග වාහන නලා ශබ්දය තහනම් දැන්වීම් පුවරුද ඒ සමග විය යුතුය. අප රට තුළ තවත් වාහන නලා ශබ්දය තහනම් විය යුතු ස්‌ථාන හැටියට රෝහල්, උසාවි, පූජනීය ස්‌ථාන හා ප්‍රධාන මංසන්ධි විය යුතුයි. අවසාන වශයෙන් සඳහන් කිරීමට ඇත්තේ තවත් බරපතළ වැරැද්දකි. රාත්‍රි කාලයේදී අපේ රියෑදුරන් කරන තවත් විශාල වරදක්‌ තමා වාහනයේ ප්‍රධාන එළියෙන් (HEAD LIGHT) වාහනය පැදවීම. රාත්‍රි කාලයේ ඇතිවන අනතුරුවලට ප්‍රධානම හේතුවයි. ඇමරිකාවේ ප්‍රාන්ත 52 ම ප්‍රධාන එළියෙන් වාහනය පැදවීම තහනම්. සමහර අවස්‌ථාවල ප්‍රධාන එළිය පාවිච්චි කළ හැක්‌කේ ඉදිරියෙන් වාහනයක්‌ නොඑන වනාන්තර වැනි ප්‍රදේශයකදී පමණි. මෙයට හාත්පසින්ම වෙනස්‌ දේ මා අප රට තුළ දුටුවා. බොරැල්ල වැනි ජනාකීර්ණ මංසන්ධිවලත් ප්‍රධාන එළියෙන් දුවන වාහන විශාල ප්‍රමාණයක්‌ දුටුවා. මා මෙහි සඳහන් කරන මාර්ග නීති රීති ලෝකයේ දියුණු රටවල අකුරටම ක්‍රියාත්මක වන දේවල්. දියුණු රටවල රියෑදුරු බල පත්‍රයට අමතරව කළු තිත් තුනක්‌ තිබෙන කාඩ් පතක්‌ රියෑදුරුට ලැබෙනවා. යම්කිසි වරදක්‌ කළ විට මුදලින් දඩයක්‌ ගසා එක කළු තිතක්‌ අවලංගු කරනවා. මේ ආකාරයට කළු තිත් තුනම අවසන් වූවොත් ඔහුගේ රියෑදුරු බලපත්‍රය වසර 2 කට අවලංගු වෙනවා. මෙම කළු තිත් අවලංගු කරන ප්‍රධාන වැරදි වශයෙන් පාර මාරුවීමට වාහනය නතර නොකොට යැමට උත්සාහ කිරීම, මේ සඳහා ඇමරිකාවේ නිකුත් කරන දඩය රුපියල්වලින් නම් 12,000 ක්‌ හා එක්‌ කළු තිතක්‌ අවලංගු කිරීමයි. කහ ඉරි දෙක ඇති මාර්ගයේ අභිබවා යැම (OVER TAKE) මේ සඳහා ඉහත සඳහන් කළ දඩයමයි. පාසලක්‌ අසල ගමන් වේගය කඩ කිරීම දඩ මුදලකට සීමාවේ. මගේ නිගමනයේ හැටියට මේ නීති රීති අප රටේ වහාම ක්‍රියාත්මක විය යුතුයි. ඒ සමගම මෙයට පෙර රියෑදුරු බලපත්‍රය ලබාගෙන සිටින සියලුම රියෑදුරන් නැවත කැඳවීමක්‌ කර විශේෂ පුහුණුවක්‌ ලබාදිය යුතුයි. සියලුම වාහන හිමියන්ගෙන් පුහුණුවට රු. 100 ක මුදලක්‌ ලබාගෙන ක්‍රමවත් මාර්ග නීති රීති පිළිබඳව දැනුමක්‌ ලබාදිය යුතුයි. මේ ලැබෙන මුදල් මාර්ග නඩත්තුව පිණිස යොදා ගත යුතුයි. අපේ පාලකයන්ට සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට පෙර අප යන මේ වැරදි මාර්ගය හැකි ඉක්‌මනින් නිවැරදි කර ගත යුතුයි. එසේ නොවුණ හොත් කෙන්යාවේ සංචාරක ව්‍යාපාරයට අත්වූ ඉරණම අපටත් අත්වනවා නියතයි. අවසාන වශයෙන් මා සඳහන් කිරීමට පෙළඹෙන්නේ සංචාරකයන් චෝදනා කළ අවසාන කරුණු කීපයයි. ශ්‍රී ලංකාව බොහොම ලස්‌සන රටක්‌. ඒ ලස්‌සන රට උඹල තියාගන්න දන්නේ නැහැ. හරිම අපිරිසිදුයි. හැමතැනම කැළි කසළ, තාප්පවල, කොන්ක්‍රීට්‌ කණුවල හැම තැනම පෝස්‌ටර්. බල්ලෝ, බලල්ලු, හරක්‌ මහ පාරේ නිදැල්ලේ. අපි හිතුවා ඉන්දියාව, පාකිස්‌තානය, බංගලිදේශයට වඩා වෙනසක්‌ දකින්නට ලැබේවි කියා. නමුත් අපිට කිසිම වෙනසක්‌ දකින්නට ලැබුණේ නැත.

නිව්ටන් විඡේසිංහ
ඇමරිකාවේ වොෂින්ටන් සිට


මේ ලිපිය Google+ හි පළ කර තිබුනේ Dhammika Rohan සොහොයුරා විසින්. මේක පෝස්ට් එකක් හැටියටම පළ කරන්න හිතුනේ වැඩි දෙනෙක්ට කියවන්න ලැබෙන නිසා... කවුරු වුනත් මේ සටහන තියපු මහත්මා ලංකාව ගැන කැක්කුමකින් වගේම කළකිරීමකින් මේක ලියලා තියෙන්නේ. ඇමරිකාවේ ඉන්න එතුමාට එහෙම නම් උදේ හවා මේවා දකින අපි ඇයි කට පියාගෙන ඉන්නේ... පුළුවන් හැටියට පණිවුඩේ දෙන්න... දන්න කියන අයටත් කියවන්න දෙන්න....





12 comments:

  1. මටත් ලංකාවට එන්න ඕනා වුනා ම මුලින් ම හිතෙන්නෙ පාරේ යන්නෙ කොහොම ද කියන එක තමයි!

    හැමදාම ජීවිතයට පරදුවට තබා ගමන් බිමන් යන අයට එහෙම නැතිව යන විදියක් තියනවා කිව්වත් වෙනස් වෙන්න පුලුවන් බව පිළිගන්නෙ නැහැ.

    ReplyDelete
  2. ඔය ලංකාවේ නීති රීති පිලිපදින්නෙ නැති අය වෙන රටකට ගියාම අකුරටම නීතියට වැඩ කරනවා, අනේ මන්දා වැරැද්ද කොතනද කියලා ........

    එතකොට හදිසි වෙලාවටයි නැති වෙලාවටයි පාරවල් වහගෙන අනිත් වාහන නවත්වගෙන යන අපේ දේශපාලකතුමන්ලා ගැන මොකද කියන්නෙ ......

    ReplyDelete
  3. සම්පූර්න ඇත්ත...හොද රියදුරොත් ඉන්නවා..වැඩියෙන්ම ඉන්නේ අමනයෝ.....

    ReplyDelete
  4. This need to be published in a main news paper. I'm also living in Australia. Here also, the road rules are somewhat similar to USA and very strict.

    ReplyDelete
  5. අපිට ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ වෙන්න බැරි ඇයි?? අපි නීති කඩන්න කැමති නිසා . කහ ඉර පෙනී පෙනී වැටටත් උඩින් පැනලා පාර හරහා යන එක වීර කමක් කියල හිතන නිසා . පාරට තුවක්කු දීල හමුදාව දැම්මොත් නම් ඔන්න රියදුරොත් හැදෙයි . මගියොත් හැදෙයි . නිතිය හරියට ක්‍රියාත්මක කිරීම හැර වෙන විකල්පයක් නැහැ . ඔන්න බලන්න හයි වේ එක හැදුවට ඕකේ එලවන්න ගියහම වෙන වැඩ . කඩාගෙන ඉස්සර කරන්න හදයි . ඉස්සර අපි තනියෙන් පාරවල ගියාට දැන් ළමයෙක් යවන්න බැහැ තනියම .
    මන් දන්නා සුද්දෙක් මගේ වරුනාව අහලම ලංකාවට යන්න තීරණය කළා . ඇවිත් කියපි ලස්සන රට මිනිස්සුත් හොඳයි . ඒත් පාරේ මැරෙන්න වෙයි කියල බය වුනාලු . කැම්පස් යන ළමයින්ට වගේ අර පුහුණුව දුන්නොත් නරකද රියදුරන්ට . අනික් ප්‍රශ්නේ ත්‍රි විල් එක . ඒක ජම්බෝ ජෙට් කියලනේ හිතන් ඉන්නේ . අනේ මන්දා . හොඳ ලිපියක් මල්ලි .

    ReplyDelete
  6. මම පාරෙ යනකොටවත් හරියට යන්න බලන්න ඔනෙ ගොඩක් ස්තුති යාලුවා මතක් කරාට මෙ ගෙන

    ReplyDelete
  7. @ අරුණී අක්කා :
    ස්තුතියි අක්කේ ප්‍රතිචාරයට... මේ පැත්තේ ඇවිත් ප්‍රතිචාරයක් තියපු පළමු වතාව...!

    අනේ මන්දා... ලිපියේ තියෙන විදියට මුළු ලංකාවටම පිටරටින් ගෙන්නලා හරි, නැත්නම් හමුදාව දාලා බලෙන් හරි ආපහු රියදුරු පුහුණුව දෙන්න වෙනවා... මේ අය වැරැද්දක් කලාට ඊට පස්සේ ඒක තේරුම් කරන්නත් බෑනේ... වැරැද්ද පෙන්නලා දෙන අපියි වැරදි වෙන්නේ... ඕකට මගේ යාළුවෙක් කිව්වා මරු කථාවක්. මම පොලිසියේ නම් මාර්ග නීති කඩන ඔක්කාටොම වැරදි කරපු තරනම වෙඩි තියනවා කිව්වා... ඒකෙන්ම හිතාගන්න පුළූවන් ලංකාවේ ඩ්‍රයිවින් වල තත්ත්වේ...!!!

    @ කල්හාර :
    ඔතනදී වෙන්නේ සහෝ... වැරැද්ද වුනත් නිතර කරනකොට පොදු වෙනවනේ... වැරදි කරන තැනක වැරැද්දක් ආයේ ආයේ කරන එක සාමාන්‍ය දෙයක්... ඒත් වෙන රටකදී නීතිය තදින් ක්‍රියාත්මක වෙන වැරදි අඩු තැනකදී සුළු වැරැද්දත් කැපිලා පේනවා. ඉතින් වැරදි කරන්න බයයි. ලංකාවේ වෙලා තියෙන්නේ වැරැද්ද සාමාන්‍යකරණය වෙලා. එක බයික් කාරයෙක්ට තදියම් වෙලා බස් එකක් අස්සේ දැම්මොත් ඊට පස්සෙන් එන බයික් එකත් ඒ වැරැද්දම කරනවා. අරූ ගියානම් මමත් යනවා... ඔන්න හැටි...!!!

    පාරවල් හදන්නෙත් දේශපාලුතුමන්ලා...! ඒවට කොන්ත්‍රාත් ගැබෙන්නෙත් ඒ උතුමන්ට... ඒවට සල්ලි පාස් වෙන්නෙත් ඒ උතුමන්ලගේ සාක්කු වලට. ඉතින් ඒ වගේ උත්තමයන් පාරේ යනකොට මහජනයා බිම දිගාවෙලා වැඳ වැටෙන්න එපායෑ හරිනම්...! ඒ ගැන ඔයිට වඩා ඕනේ නෑනේ...!!!

    @ ඔබ නොදුටුට ලොවක් :
    ඔව් සහෝ... අමනයෝ රැලක් මැද හොඳ රියදුරෙක්ට සාධාරණයක් වෙන්නේ නෑ. එයාටත් වෙන්නේ අර අමනකමේම ගොදුරක් වෙන්න. ඉවසන්න පුළුවන් කෙනෙක් නම් අමනකම් ඉවසගෙන නීතිගරුකව ඉඳියි. ඒත් ගොඩ දෙනා හොඳ අය කරන්නේ තමන්ට අමනකම් කරපු රියදුරෙක්ට පාඩම් උගන්නන්න තමනුත් අමනයෙක් වෙන එක... අන්තිමට ඔක්කොම අමනයෝ....! ස්තුතියි ප්‍රතිචාරයක් තිබ්බට !

    @ Ano :
    100% true Bro. the problem here in sri lanka is, rules are not regulate correctly, therefore people aren't affraid to break rules as they wish ! you know, sri lanka's low executions are too poor comparing to other contries such as Europe, USA and your Aus...

    Thank for Comment....!!!

    @ බින්දි අක්කා :
    අක්කා කියල තියෙන දේවල් ඔක්කොම සහතික ඇත්ත. ලංකාවේ මාර්ග නීතිය නෙවෙයි හැම නීතියම වල් වැදිලා. ඉතින් පාර විතරක් නීතිගරුක වෙන්නේ නෑ නොවැ. මමත් හරි කැමතියි හමුදාවෙන් දාලා හරි පාරේ විනය හදනව නම්. ඒත් මෙහේ ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියෝ එතකොට කෑ ගහයි, අපිට නිදහසේ පාරේ යන්න තියෙන අයිතියත් නැතිකැලා කියලා... ලංකාවේ පාරවලුත් මිලිටරිකරණය වෙලා කියලා... අඳෝමැයි...

    ලංකාවේ මිනිස්සු හිතන්නේ තමන් ගැනම විතරයි. හරිම ආත්මාර්ථකාමීයි. වාහනේ පාරට දාගත්තම පාර එයාලගේ. අනික් වාහක ගැන කිසිම තැකීමක් නෑ. සමහරු පාර මැදමයි යන්නේ. ඉස්සර කරන්න හෝන් කලත් ඉඩ දෙන්නෑ. ඒ වෙලාවට නම් බැහැලා ගහන්න හිතෙනවා අප්පා...! මේ තියෙන තත්ත්වේ නිසා මාර්ග නීති අකුරට පිළිපදින රියදුරෝත් අනතුරට පත්වෙනවා. ඇයි ඉතින් අපි හරියට ගියාට වැඩක් නෑ කොහෙවත් යන එකෙක් ඇවිත් හප්පනවා නම්...! සමහර වෙලවෙට වැරැද්ද යන්නෙත් නිවැරදි පුද්ගලයාගේ පිටින්... ඔන්න නීතිය...!

    මට හිතෙන්නේ පාරේ විනය හදන එකෙන් විතරක් පුළුවන් ලංකාවම හදන්න. එහෙම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් (නම් !!!) ලංකාවත් ආශ්චර්යයක් වේවි. අඩුගානේ අපේ ළමයින්ට හරි නිදහසේ පාරේ බැහැලා යන්න පුළුවන් වේවි...!!!

    හැමදාම වගේ ඇවිත් ප්‍රතිචාරයක් තියලා යනවට ස්තුතියි අක්කේ...!!!

    ReplyDelete
  8. පොලීසියට අවංකවම උවමනාවක් තියනනවනම් අවුරුදු කීපයක් ඇතුලත ඔය ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒත් මම හිතන්නෙ නෑ ඒ අයවත් හරියට මාර්ග නීති දන්නව, පිලිපදිනව කියල. අද උදේ එනකොට පොලිස්කාරයෙක් බො‍රැල්ලෙ ප්‍රිසන් හෙඩ්ක්වාටර්ස් එක ඉස්සරහ තියන පේව්මන්ට් එකේ බයිසිකලෙන් ගියේ.

    ReplyDelete
  9. @චතූ,
    ඒ උනාට උන්ව පාර්ලිමේන්තුවට යැව්වෙ අපිනෙ බං .....
    බලපං අපිට නැති උන්ට තියන සැප ......

    මාත් ඡන්දේ ඉල්ලනවා ......

    ReplyDelete
  10. It's very great post. Thanks dear...

    Sanjeewi

    ReplyDelete
  11. මචං,
    මේකට අපේ Driving Ethics වල බලපෑමත් තියෙනවා නේද.

    මේක උඹ දාල තිබුනේ Bindi අක්කට පිළිතුරක් විදිහට

    Coppied>
    ලංකාවේ මිනිස්සු හිතන්නේ තමන් ගැනම විතරයි. හරිම ආත්මාර්ථකාමීයි. වාහනේ පාරට දාගත්තම පාර එයාලගේ. අනික් වාහක ගැන කිසිම තැකීමක් නෑ. සමහරු පාර මැදමයි යන්නේ. ඉස්සර කරන්න හෝන් කලත් ඉඩ දෙන්නෑ. ඒ වෙලාවට නම් බැහැලා ගහන්න හිතෙනවා අප්පා...!
    .............................................

    ඒ කියන්නේ ඉස්සර කරන්නනම් හොර්න් එකක් ගහන්න ඕනේ කියල අපේ ඔලුවේ වැඩ කරනවා.
    ඉතිං මේ වගේ ඉස්සර කරන්න ඕනෙකම තියෙන කී දෙන්නම් හොර්න් ගහයිද....
    ඉතිං සද්දේ තමා

    මමනම් දැකල තියෙන අසංවරම ඩ්‍රයිවර්ලා ඉන්නේ සව්දියේ...
    පැයට කිලෝමීටර 150 ක 160 ක වේගෙන් යනවා ඉස්සරහ වාහනේට අඩි දෙක තුනක පරතරයක් තියාගෙන
    සමහර වෙලාවට වාහන 5, 10 එකට හැප්පෙනවා මේ වැඩ නිසා
    අපේ රටේ මීට වඩා තරමක හොඳ විනයක් තියෙනවා කියල මට හිතෙනවා මේවා දැක්කහම.

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...