Saturday, October 15, 2011

ඔබේ පරිගණකයේත් තිබිය යුතු හොඳම ආරක්ෂණ මෘදුකාංග 10 ක්

රිගණකයක් භාවිතා කරන අප සැමගේම ලොකුම හිසරදය නම් පරිගණකයට වින කරන හානිකර පරිගණක වැඩසටහන් වලින් ගැලවීමයි. මේවා malware, viruses, key loggers හා worms ආදී ආකාරවලින් අපේ පරිගණකයට පැමිණේ. දිනෙන් දිනම නවතාවයට ලක්වෙමින් දහස් ගණනින් පරිගණක ලෝකයට එකතුවන මේ තර්ජනයට මුහුණ දීමට නම් අපේ පරිගණකයත් හොම තත්ත්වයේ ආරක්ෂණ මෘදුකාංගයන්ගෙන් සන්නද්ධ කළ යුතු වෙයි.
නමුත් මෙහිදී පැන නගින ප්‍රශ්ණය වන්නේ හො තත්ත්වයේ ආරක්ෂණ මෘදුකාංගයන් මිලක් ගෙවා ලබාගත යුතු වීමයි. නමුත් වාසනාවකට මෙන් දැන් Open Source හා නොමිලේ දෙන (Freeware) මෘදුකාංගයන්ගේ දියුණුව නිසා මුදල් ගෙවා ගන්නා මෘදුකාංගයන්ට නොදෙවෙනි ආකාරයේ සේවාවක් ලබා ගත හැකි නිදහස් මෘදුකාංග ද පවතී. මෙම ලිපියෙන් සලකා බැලෙන්නේ අපගේ පරිගණකය හානිකර වැඩසටහන් වලින් හා දත්ත හානි වලින් ආරක්ෂා කර දෙන, නොමිලයේ සේවාව ලබාදෙන්නා වූ හොම ආරක්ෂණ මෘදුකාංග කීපයක් ගැනයි...


(Blogger හි ප්‍රශ්ණයක් නිසා ඉමේජ වලට link දමන්නට නොහැකි විය. රූප මත click කලාට අදාල වෙබ් පිටු වෙත සම්බන්ධ වන්නට නොහැකියි. කරුණාකර විස්තරයට පහතින් ඇති text link එක භාවිතා කරන්න...)


ප්‍රති වෛරස මෘදුකාංග -

නොමිලේ ලබාදෙන ප්‍රති වෛරස මෘදුකාංගයන් අතර පෙරමුණ ගෙන සිටින්නේ Avira හා Avast යන මෘදුකාංග ද්විත්වයයි. මේ මෘදුකාංග දෙකම ක්‍රියාකාරීත්වය අතින් එක සමාන ලෙස කාර්යක්ෂම වුවත් Avast මෘදුකාංගය හැසිරවීමට වඩාත් පහසු ලෙස නිපදවා තිබේ. විශේෂයෙන්ම නව තාක්ෂණය සමග ඉක්මනින් මුහු විය නොහැකි වයස්ගත පරිශීලකයන් සහා එහි අතුරු මුහුණත හො සහයක් දක්වයි. කෙසේ වුවත් Avira මෘදුකාංගය අඩු RAM මතකයක් සහිත පරිගණකය වුවත් හොඳන් ධාවනය වන අතර Avast මෘදුකාංගය ධාවනය වීමේදී තරමක් බර (heavy) ගතියක් පෙන්වයි. නමුත් Norton, McAfee වැනි මුදල් ගෙවා ලබා ගත යුතු ප්‍රතිවෛරස මෘදුකාංගයන්ට වඩා හොඳින් මේ මෘදුකාංග ක්‍රියාකරයි. පහත ලිපිනයන් මගින් මෙම මෘදුකාංග ද්විත්වයම අන්තර්ජාලය හරහා නොමිලේම බාගත කරගැනීමට හැකියි.


Avast: http://www.avast.com/free-antivirus-download

Avira: http://www.avira.com/en/free-download-avira-antivir-personal


මැල්වෙයා ආරක්ෂණ මෘදුකාංග -

Anti-Malware වර්ගයේ මෘදුකාංගයන්ගෙන් නොමිලේ ලබාදෙන හොම මෘදුකාංගය ලෙස සැලකෙන්නේ Malware bytes’ නම් මෘදුකාංගයයි. සියළුම හානිකර වැඩසටහන් සොයා බලා විනාශ කිරීමට මේ වැඩසටහන සමත් වේ. මෙය වේගවත් හා කාර්යක්ෂම ලෙසින් ධාවනය වන අතරම ඔබගේ පරිගණකය හානිකර වැඩසටහන් මගින් ආක්‍රමණය කර ඇති විටකදී වුවත් ධාවනය කර හැකියි. එහිදී එම හානිකර වැඩසටහන් විනාශ කර දමා පරිගණකය නැවතත් වැඩ කළ හැකි තත්ත්වයට පත් කිරීමට මෙම මෘදුකාංගය සමත්වේ. මෙය පහත ලිපිනයෙන් නොමිලේ බාගත කරගැනීමට හැකියි.



ස්පයිවෙයා ආරක්ෂණ මෘදුකාංග -

අන්තර්ජාලය ඔස්සේ පැමිණෙන තවත් අනතුරක් වන්නේ වෙනත් පුද්ගලයන් විසින් අපේ පරිගණක ක්‍රියාකාරකම් නිරීක්ෂණයට යොදාගන්නා ඔත්තු බලන (Spyware) මෘදුකාංගයි. අපේ අනුදැනීමක් නොමැතිව පරිගණකයේ පැලපදියම් වන මේවා අපටත් හොරෙන් අපේ තොරතුරු වෙනත් පාර්ශවයකට යොමුකිරීම සිදුකරයි. මේ නිසා බොහෝ අවස්ථාවලදී අන්තර්ජාල සම්බන්ධතාවය මන්දගාමී වීම හා පරිගණකය අකාර්යක්ෂම වීමේ ලක්ෂණ දැකිය හැකියි. මේ සියළුම ආකාරයේ ස්පයිවෙයා මෘදුකාංගයන් ඉවත් කර ගත හැකි නොමිලේම ලබාදෙන වටිනා මෘදුකාංගයක් වන Spybot මෘදුකාංගය මේ ලිපිනයෙන් ලබාගත හැකියි.



ෆයර්වෝල් (Firewall) මෘදුකාංග -

නොමිලේ ලබාදෙන ෆයර්වෝල් මෘදුකාංගයන්ගෙන් හොම මෘදුකාංගයක් ලෙස Comodo Internet Security  යන මෘදුකාංගය හඳුන්වා දිය හැකියි. මේ මෘදුකාංගය ප්‍රතිවෛරස මෘදුකාංගයක් හා ෆයර්වෝල් මෘදුකාංගයක් යන කොටස් දෙකකින් සමන්විතයි. අවශ්‍ය නම් ෆයර්වෝලය පමණක් භාවිතා කරන්නටද මෙහිදි අවස්ථාව ලබාදී තිබේ.



බැකප් මෘදුකාංග  -

වෛරස ප්‍රහාරයක් නිසා ඔබේ පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පවා අකර්මණ්‍යව ගොස් පරිගණකය Boot කරගැනීමට වත් නොහැකි වී සිටින අවස්ථාවක ඔබගේ පිහිටට එන, නොමිලේ දෙන විශිෂ්ඨ මෘදුකාංගයක් නම් Comodo Time Machine මෘදුකාංගයයි. මෙවැනි අවස්ථාවකදී අපගේ සිහියට එන්නේ අපගේ වැදගත් දත්ත නැවත ලබාගන්නේ කෙසේද යන ගැටළුවයි. මෙහිදී Comodo Time Machine මෘදුකාංගය වින්ඩෝස් හි ඇති system restore මෙන් ක්‍රියාත්මක වෙයි. මෙම මෘදුකාංගයේ ඇති විශේෂතම ලක්ෂණය වන්නේ එයට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය Boot නොවුනත් තනිවම හෝ ධාවනය වී අදාල බැකප් කිරීම සිදු කිරීමට ඇති හැකියාවයි.



දත්ත නැවත ලබාගැනීමේ (data recovery) මෘදුකාංග -

වැරදීමකින් මකා දමන ලද වටිනා දත්ත ගොනුවක් නැවතත් ලබා ගැනීමේදී අපට මෙවැනි මෘදුකාංග අවශ්‍ය වේ. මේ කාණ්ඩයේ ඒ සහා ඇති නොමිලේ ලබාදෙන හොම මෘදුකාංගයක් ලෙස Recuva මෘදුකාංගය හඳුන්වා දිය හැකියි. භාවිතයට පහසු , මිත්‍රශීලි අතුරු මුහුණතකින් යුත් මේ මෘදුකාංගය මගින් MP3 ප්ලේයර් වල හා මෙමරි කාඩ්වල ඇති මැකීගිය දත්තයන් ද නැවත ලබාගත හැකියි.



ඩිෆ්‍රැග් මෘදුකාංග -

පරිගණක පද්ධතියක් මන්දගාමී වීම සහා ගොනු Defrag වීම බොහෝ බලපායි. මෙම වර්ගයේ මෘදුකාංග ගැන කථා කිරීමේදී නිතැතින්ම සිහියට නැගෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග ලැඛෙන Disk Difragmenter මෘදුකාංගයයි. බොහෝ අවශ්‍යතා සහා එය හොටම සෑහෙන නමුත් එහි ඇති මන්දගාමී ස්වභාවය තරමක අවාසියකි. නමුත් Smart Defrag මෘදුකාංගය මගින් මේ කාර්යය වඩාත් වේගවත්ව සිදු කරගත හැකි අතර එය පසුබිමේ ධාවනය වෙමින් සේවාව සපයයි. Smart Defrag මෘදුකාංගය මෙම සබැඳියෙන් ලබා ගත හැකියි.



නොමිලේ ලබා දෙන මේ මෘදුකාංගයන්ගේ සේවය ලබා ගෙන ඔබත් ඔබේ පරිගණකය හානිකර පරිගණක වැඩසටහන් වලින් ආරක්ෂා කර ගන්න. එය ඔබේ පරිගණකයේ සෞඛ්‍යයට මෙන්ම ඔබගේ මානසික සෞඛ්‍යයට ද එකසේ හිතකර වනු ඇති. කුමක් නිසාද කිවහොත් ලෙඩ නැති පරිගණකයක් සමග සිත සතුටින් වැඩ කළ හැකි නිසායි...







9 comments:

  1. අවිරා වලින් වයිරස ඇල්ලීම අන්තිමයි , අවාසට් නරකම නැ , කොහොම උනත් මේවායේ ඉන්ටෙර්නෙට් සෙකුරිටි නැති නිසා ,,මේවාත් එක්ක වින්ඩොස් ෆයර් වෝල් එකවත් ඇක්විව් වෙලා තියෙන්නෙ ඕනි . කොමඩො හොඳයි , හොඳ වැඩි නිසා පණිවිඩ එනව හැමවෙලාවකම , ඔරිජිනල් වින්ඩොස් දාල උන්ගෙම ඇන්ටි වයිරසය දැම්මාමත් සැහෙන්න හොඳයි

    ReplyDelete
  2. @ බුවා :
    කියපු ටික ඔක්කොම ඇත්ත බුවා... සල්ලි දීලා හොඳ ඒවා ගන්න බැරි නිසාත්, crack කරගෙන හොරෙන් වැඩ ගන්න එක නීතිවිරෝධී නිසාත්, නිදහස් මෘදුකාංග දැන් ලෝකයේ ප්‍රවණතාවය නිසාත් තමයි මේ ලිස්ට් එක දැම්මේ... MSE හොඳයි... ඒත් ඉතින් genuine Windows තියෙන්න එපෑයෑ...

    අදහස් වලට ස්තුතියි බුවා... ජයවේවා...!!!

    ReplyDelete
  3. හප්පටෝ......මේක කියවද්දිනෙ මතක් උනේ...මගෙ කොම්පීතරෙත් වයිරස් ගාඩ් එක තව සති දෙකකින් ඉවරයි....හැක්....තවත් ගානකට තට්ටු වෙනවනෙ...හික්ස්.....

    ReplyDelete
  4. මේක බුක් මාර්ක් කරල තියාගන්න වටිනවා...
    සියලු දේ එකම වහලක් යටින්.. :D

    ReplyDelete
  5. @ දිල් :
    සල්ලි තියේ නම් ඉතින් මගෙ මොකෝ... අරන් දාගන්න එකයි ඇත්තේ. අපිට නම් සල්ලි නැති නිසා free Antivirus තමා... සල්ලි වලට දෙන kaspersky වලට වඩා මට නම් avast / avira හොඳා. Kas නම් මෙලෝ රහක් නෑ නොවැ... microsoft security essentials අප්ඩේට් කරන්න පුළුවන් ලු...! පුලුවන් නම් ඒකත් සුපිරි ...!

    @ තාරක :
    හෙ හේ... ස්තුතියි සහෝ... ප්‍රයෝජනයක් වුනා නම් සතුටක්... ජයවේවා...!

    ReplyDelete
  6. Comodo Internet Security
    Complete protection against viruses and Internet attacks for Windows computers
    නොමිළේ දෙන av වලින් මම හිතන්නේ මේක ගොඩක් හොදය්....වැදගත්ම දේ internet security මෙව්වා එකත් නොමිලේම ලබාදිම....game mode එක on කරට පස්සේ කරදර නැ.

    ReplyDelete
  7. http://www.comodo.com/home/internet-security/free-internet-security.php

    ReplyDelete
  8. @ lahirupro :
    බොහොම ස්තුතියි සහෝ දැනුවත් කලාට...!

    ReplyDelete
  9. hm mm ow yaluwa mn dan comodo internet securty 1machine 1ta dala update karana gaman inne balamuko e virus 1awath hodaida kiyala

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...