පහුගිය සතියේ මගේ බ්ලොග් ජීවිතයට අවුරුද්දක් ගෙවුනා කියලා
දන්නවානේ... මේ ලිපිය පළ කරන්නේ ඒ වෙනුවෙන්ම නොවුනත් ඊට අදාල කාරණයක් නිසායි. මේ
බ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න නොයෙකුත් විදියේ පරිශීලකයන් හැමෝටම සුවිශේෂී වන,
හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බර
විය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේ
කථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, සද්දෙට වඩා වැඩ පෙන්නපු... බතල
හිටවලා අලත් ගලවපු වැඩකාරයෙක් අපි අතර ඉන්නවා කියලා ඔයාලා දන්නවද ?
Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts
Tuesday, January 31, 2012
- අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩකාරයෝ...!!!] -
පහුගිය සතියේ මගේ බ්ලොග් ජීවිතයට අවුරුද්දක් ගෙවුනා කියලා
දන්නවානේ... මේ ලිපිය පළ කරන්නේ ඒ වෙනුවෙන්ම නොවුනත් ඊට අදාල කාරණයක් නිසායි. මේ
බ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න නොයෙකුත් විදියේ පරිශීලකයන් හැමෝටම සුවිශේෂී වන,
හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බර
විය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේ
කථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, සද්දෙට වඩා වැඩ පෙන්නපු... බතල
හිටවලා අලත් ගලවපු වැඩකාරයෙක් අපි අතර ඉන්නවා කියලා ඔයාලා දන්නවද ?
Labels:
අන්තර්ජාලය,
බ්ලොග්කරණය,
මෘදුකාංග,
සිංහල
Thursday, November 10, 2011
හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා - මුනිදාස කුමාරතුංග...
“මෙලොව උපත ලබන ඕනෑම පුද්ගලයෙක් යම් කාලසීමාවක්
ජීවත් වේ. ඉක්බිතිව මියැදේ. මෙසේ උපත ලබන්නා වූ ඇතැම් පුද්ගලයන් මියැදෙන්නේ නැත. ඔවුහු
ඒ ජාතිය පවතින තුරා ජීවත් වෙති. ඒ මහා ප්‍රාඥයෝයි. ඔවුහු තමන්ගේ නිර්මාණ නිසාම
ජීවත් වෙති...”
මේ පාඨ කිහිපය උපුටා ගත්තේ මා ලඟ තිබෙන “ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය” නම් පුස්තකයේ ආරම්භයේ කුමාරතුංග මුනිදාස නම්
විද්වතානන් පිළිබඳ සඳහන් වන සංඥාපනයෙන්. කුමාරතුංග මුනිදාස මහත්මා ගැන කියන්න
කලින් මම මේ පොත මට ලැබුණු හැටි කියලා ඉන්නම්...
Labels:
ඉතිහාසය,
චරිත කථා,
මුනිදාස කුමාරතුංග,
ශාස්ත්‍රීය,
සිංහල
Sunday, June 12, 2011
සිංහලෙන් සොයන්න... SSE (Sinhala Search Engine)
සිංහලෙන් හොයන්න තරම් දෙයක් අන්තර්ජාලයේ නෑ කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනාත්මකව බලන කොට ලංකාවේ අපේ සිංහල බ්ලොග් අඩවි / වෙබ් අඩවි ප්‍රමාණාත්මකව අඩු වුනත් අපේ සිංහල පරිශීලකයන් ප්‍රමාණයත් එක්ක බලනකොට නම් දැවැන්ත සිංහල අන්තර්ගතයක් දැන් අන්තර්ජාලය තුල විසිරිලා තියෙනවා. මේ දැවැන්ත සිංහල තොරතුරු සම්භාරයෙන් වැඩක් ගන්න නම්, මේ තොරතුරු පිළිවෙලකට තිබුනා නම් හොඳයි නේද කියලා මට හිතුනා. මම මේ ගැන ලියන්න හිතේ තියාගෙන ඉන්දැද්දී තමයි යසන්ත මල්ලියා ලංකාවේ සින්ඩි ගැන post එකක් දාලා තිබුනේ. ඒකට කෙලින්ම සම්බන්ධයක් නැතත්, යම් විදියක සම්බන්ධයක් තියෙයි කියලා හිතෙනව නම් නොබලපු කෙනෙක් ඉන්නව නම ඒ පැත්තේ ගිහින් ඒ ලිපිය බලලා ආවත් කමක් නෑ...
Labels:
අන්තර්ජාලය,
කාලීන,
සංකල්ප,
සිංහල
Monday, January 31, 2011
අපි තවත් බලා හිඳිමුද ?
එක් කෝටි දශ ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකේය ජනගහණයෙන් සිංහල භාෂාව කථා කරන්නේ 2/3 කටත් අඩු පිරිසක් බව ඔබ දන්නවාද ? බිලියන 6.6 කට වැඩි ලෝක ජනගහණයත් සමග සසඳා බැලීමේදී අපටම පමණක් අනන්‍ය වූ මේ සිංහල බස භාවිතා කරන්නේ ලෝක ජනගහණයෙන් සියයට දශම ගණනක් වැනි සුළු ප්‍රතිශතයක් පමණි. සිංහලය නිළ වශයෙන් මෙන්ම සාමාන්‍ය භාවිතාවේදී ද පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකාව තුළ පමණී. අන්තර්ජාලය ගතහොත් සිංහල භාෂාවෙන් සන්නිවේදන කරණය සඳහා තිබුණු මූලිකම බාධකය වූයේ සිංහල භාෂා ක්‍රමය, අක්ෂර විධි හා ෆොන්ට පිළිබඳව පිළිගත් සම්මතයක් නොතිබීමයි.