
අවුරුදු කෝටි 450 ක් පමණ වයස්ගත වන අප පෘථිවියේ ජීවය පහළ වූයේ කවරදා දැයි තවමත් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකිව ඇත. එසේ වුවත් මේ මහ පොළොව මත අග්‍ර බුද්ධිය හිමි ජීවියා මනුෂ්‍යයා බවට නම් කිසිදු විවාදයක් නොමැත. සොබාදහම අභිබවා යමින් (පරදවමින් නම් නොවේ...) දියුණූ ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන නූතන මිනිසා සමස්ථ පෘථිවි ගෝලයම තම අණසකට යටත් කොට ගැනුමට තරම් බුද්ධියෙන්, දැනුමෙන් පොහොසත්ව සිටී. අවුරුදු ලක්ෂ 03 ක් පමණ වන මානව පරිනාමීය වංශ කථාවේ වානර බුද්ධියේ සිට අද දක්වා අපේ මනුෂ්‍ය මොළය පරිනාමය වීමට ගතවූ දීර්ඝ කාලය මිනිසා දැනුමෙන් සහ අත්දැකීම් වලින් පොහොසත් කර, පදම් කර ඇත.