Tuesday, April 3, 2012

- පුෂ් බයිසිකලෙන් මෝටර් සයිකලේට... from HSDPA to Unlimited Broadband –

රියටම අවුරුද්දයි මාස 2කට කලින් මම HSDPA ඩොංගල් එකක් ගත්ත කථාව ඔයාලට කිව්වා මතක ඇති නේද ? මේක නම් ඊටත් වඩා සතුටු ආරංචියක්... අන්තර්ජාලෙට එන්න විදියක් නැතිව ඉන්දැද්දී තමයි යාන්තම් ඩොංගලයක් සෙට් කරගත්තේ. ඒ වුනත් ඉතින් Package එකක් නම් ගත්තේ නෑ. Daily delight 100MB ඇක්ටිව් කරගෙන තමා මෙච්චර කල් ඕක රන් කලේ. GPRS එක්ක බලද්දී HSDPA ලොකු හයියක් වුනත්, ඕන ඕන හැටියට ජාලේ සරන්න නිදහසක් නම් තිබුනේ නෑ. අපේ පැත්තට SLT ADSL කනෙක්ෂන් ඇත්තෙත් නෑ. ඉතින් නිදහසේ ජාලේ සරන්න විදියක් හොය හොයා ඉන්දැද්දී තමා මේ Unlimited Broadband වැඩේ අහුවුනේ...



Freelancing කරන්න ලොකුවට උනන්දුවක් තිබුණා. ඕකට ඉතින් හැමවේලෙම වගේ ජාලගත වෙලා ඉන්න ඕනේ. ඉතින් ඩොංගලෙන් ඔය වැඩේ කරන්න බැරි නිසා Unlimited කනෙක්ෂන් එකක් ගන්න වුවමනාව තිබ්බා. ඒත් ඉතින් දැන් SLT එකෙත් අන්ලිමිටඩ් නෑ නොවැ. වටේ පිටේ පොඩ්ඩක් ආරංචි කරලා බලද්දී තමා Lankabell Broadband ගැන දැනගන්න ලැබුනේ.  දෙතුන් පාරක් කෝල් කරලා විස්තර අහගත්තත් මහ ලොකු දෙයක් දැනගන්න වුනේ නෑ. පස්සේ ලංකාබෙල් එකෙන්ම මට කෝල් කරලා විස්තර ඇහුවා. අපි ඉන්න තැන කිව්වම කිව්වේ ඒ හරියට Signal මදි වෙයි කියලා... :(

ඊටත් දවස් දෙක තුනකට පස්සේ ආයෙත් කෝල් එකක් ආවා. Application එකක් භාර දෙන්න, Signal බලලා Install කරන්න එන්නම් කිව්වා. ඉතින් මමත් Application එක එක්ක Electricity Bill එකේ කොපි එකකුත්, ID කොපි එකකුත් එක්ක  ගිහින් දුන්නා. සතියකින් විතර Installation වලට එන්නම් කීවාට ආවේ නම් නෑ. මමත් වැඩේ ටිකක් අතෑරලා හිටියේ.  ඒ අස්සේ Freelancer එකේ වැඩක් ගන්න මාර ගේමක් දුන්නා. ඒකත් අල !!! ඕවා මේවා නිසා Unlimited Broadband උන අඩුවෙලා තිබුනේ. ඒත් ඉතින් හදිසියේම ඊයේ ලංකාබෙල් එකෙන් කෝල් කරලා ගෙදරට යන විදිය අහනවා. මොනවා කරන්නද ඉතින්, මම ගෙදර නැහැයි කියලා එන්න එපා කියන්නෑ ?

කොහොම හරි ඒ Crew එකට Route එක කියලා දීලා, නෝනිටත් අවශ්‍ය උපදෙස් ටික දීලා මම ඔෆීසියට වෙලා ෆෝන් එක අතේ අරන් හිටියා. 12 - 01 ට විතර කට්ටිය ඇවිත් බලලා... වෙලාවට වගේ signal OK !!! එක Tower එකකින් 5KM තමා signal වදින්නේ. අපිට කැස්බෑවෙනුත්, මත්තේගොඩිනුත් දෙකෙන්ම signal HAVE !!!  වහලේ ෂීට් එකකුත් හිල් කොරලා, බිත්තියත් ඩිංගක් කඩලා උන්දැලා හයි කොරලා ගිහින් තිබුණා. :)  කොහොම වුනත් ඊයේ දවසේ නම් connection එක ඇක්ටිව් වෙලා තිබුනේ නෑ. අද උදෙත් ඉතින් Office hours එනකල් ඉන්න එපෑ system update වෙන්න. ඉතින් ඔෆීසියට යන්න කලිනුත් කනෙක්ෂන් ඇක්ටිව් වෙලා තිබුනේ නෑ.

ඕං ඉතින් අද උදේ ඔෆීසියට ගිය ගමන්ම වගේ ලංකාබෙල් එකෙන් කෝල් කලා. 9 ට විතර කනෙක්ෂන් ඇක්ටිව් කලා කිව්වා. මමත් නෝනිට කථා කරලා කිව්වා. ඔන්න ඉතින් එයත් කිව්වා ජාල සම්බන්ධය හරිය කියලා...!!! Broadband කනෙක්ෂන් එක 512 Kbps. (ඒ කියන්නේ තත්පරයට කිලෝබයිට් 64 ක් !!! ) WiMax තාක්ෂණයට වැඩ ! දත්ත සීමාවක් නෑ... ඇති තරම් Download !!! මාසෙටම වැට් එක්කම 2450/- ක් වගේ වෙන්නේ. තාම බිල් ආවේ නැති නිසා ඩොටටම කියන්න බෑ ඉතින්...!!!

දැන් ඉතින් line එක always on !!! Speed එක SLT කනෙක්ෂන් එක වගේම තමා. වැඩිදුර විස්තර කියන්න වෙන්නේ ඉතින් මාසයක් විතර අත්හදා බලලා තමා. දැනට නම් හොඳා !!!


හ්ම් ! ඉතින් !!! එහෙනම් දැන් මමත් අන්තර්ජාලේ සීමා රහිතව සරන්නෙක් !!! වැඩි විස්තර වලට මෙන්න සබැඳියක්... අළුත් විස්තරත් අරන්, අළුත් අවුරුද්දේ, අළුත් වෙලා හම්බවෙමු... එහෙනම්, ජයවේවා !!!





18 comments:

  1. කොච්චර දෙයක්ද සහෝ මෙහෙම දැනුවත් කරපු එක. නොදන්න අනිත් අයටත් බලන්න පුළුවන්නෙ එතකොට. අපිට SLT එක තිබුනත්, උන්දැලත් ඔය කියන තරම් වැඩ නැහැ. වෙලාවකට ස්කයිප් එකත් Cut වෙනවා එපා වෙන්ඩ, ආයෙ කනෙක්ට් වෙන්න මාරම ගේමක් දෙන්ඩ ඕනා.. සහෝ දැන් ඕක ගත්තු හින්දා, ඕක ටිකක් පාවිච්චිකරලා අපිටත් ගුණ දොස් කිව්ව නම් සළකලා බලන්ඩවත් පුළුවන් SLT කාරයගෙ අම්මව මතක් කර කර ඉන්නැතුව. :-)

    ඒක නෙමේ අර Freelancing කිව්වෙ මොකක්ද ? මම ඕක හුඟක් තැන්වලදී අහලා තියනවා, කවදාවත් මොකක්ද කියලවත් තේරුනේ නැහැ.

    ReplyDelete
  2. හැබැයි මචං SLT Speed.

    ReplyDelete
  3. me speed eka hodatama madine. slt 8mbps package eke 7.5k withara uparima enawa.

    ReplyDelete
  4. @ සෙන්නා :
    TRC එකට අනුව නම් ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සපයන්නන්ගෙන් ස්ථාවරම සේවාවක් ලබාදෙන්නේ ලංකාබෙල් ! ලංකාබෙල් කනෙක්ෂන් එකේ Drop-off නෑ කියලයි කියන්නේ. පාවිච්චි කරලම තමයි හොඳ කියන්න වෙන්නේ...

    SLT ලයින් එකනම් වෙලාවකට පට්ටම slow ! අනේ මන්දා ලංකාවේ Broadband නම් !

    සහෝ, Freelancer කියන්නේ අන්තර්ජාල අඩවියක් හරහා වෙනත් පාර්ශවයට අපේ සේවය ලබාදෙන සේවාවක්. ඔය ගැන සිංහලෙන් පලවුනු ලිපි දෙක තුනක්ම තිබ්බා මතකයි. පුළුවන් කමක් ලැබුනොත් මම ලින්ක් ටිකක් දෙන්නම්. ස්තුතියි ප්‍රතිචාරයට !

    @ novin :
    මේක බලන්න. එකම වේග සීමාව ඇතුලත ලංකාබෙල් ස්ථාවර, වේගවත් සේවාවක් දෙනවා !

    @ ano :
    මම ඔය දාලා තියෙන්නේ "512 Kbps" Package එකේ ස්පීඩ් එක ! ඔයාගේ කනෙක්ෂන් එක 8mbps නිසා 7.5 value එක එන්න ඕනේ තමා !

    ReplyDelete
  5. ලංකාවෙත් අපිට වගේ 20mbps තිබ්බනම්..

    ReplyDelete
  6. @ දිනේෂ් :
    හීනෙන් වත් එහෙම හිතාගෙන නිදාගන්න ඕනේ සහෝ !!!

    ReplyDelete
  7. අනේ වාසනාවන්...

    ReplyDelete
  8. බොහොම සතුටුයි :)

    ReplyDelete
  9. ELAZZZZZZZZZZZZ.....mamath maru wennawa...mata dan mobitel athiwela ban...

    ReplyDelete
  10. මේ මාසේ නෙට් බිල 6,000 ඇවිල්ලා කරන්නේ මොකද කියලා හිත හිත ඉද්දි මේක දැක්කේ. පවිච්චි කරලා බලලා අපිටත් ගුණ දොස් කියන්නකෝ ලංකාබෙල් වලටම මාරු වෙන්න.

    ReplyDelete
  11. පාවිච්චියෙන් පසු විස්තර කියන්නකෝ....

    ReplyDelete
  12. Ayyoooooooooo slt ekata dunna salliiii

    ReplyDelete
  13. හොද ලිපියක්.ටික කලකින් ඕකත් ඉබිගමනටම ඒවිද මන්දා!

    ReplyDelete
  14. ටෙලිකොම් අලුත් කනෙක්ශන් ස්පීඩ් වුනාට වැඩක් නැහැනේ අන්ලිමිටඩ් නැති නිසා , ඒ අතින් ස්ථාවර වේගයක් අන්ලිමිටඩ් ඩේටා එක්ක දෙන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක් , මහ ලොකු ආශ්චර්යය වුනාට අන්තර්ජාල සබඳතා වල දත්ත ප්‍රමානය සහ සේවාවේ ගුණාත්මක කම අන්තිමයි !

    ReplyDelete
  15. ඉසරහට දැනගන්න පුළුවන් විවි නේද? ගොඩාක් විස්තර. SLT නම් වැඩක නැහැ කියල ගොඩාක් දෙනෙක් කියන්නේ.

    ReplyDelete
  16. @ All | හැමෝටම :

    මාසයක් විතර පාවිච්චි කරලා ගුණදොස් කියලා මේක අප්ඩේට් කරන්නම්...!!!

    ReplyDelete
  17. අයියේ ඔන්න ඔයා කිව්ව හින්දම මාත් "100% ක් ම අපේ" වෙන්නයි යන්නෙ !!! හොදයි නේද ? පොඩ්ඩක් ගුන දොස් කියන්නකෝ !!!

    මාත් අරගෙන කියන්නම්කෝ !!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...