Thursday, January 26, 2012

- ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර් -


      කැමරාවක් කියන්නේ හොඳ ආරක්ෂක උපාංගයක්. විශේෂයෙන්ම යම් තැනක සිදුවන දෙයක් පටිගත කිරීමේ හැකියාව වගේම පරිගණකය වැනි අධි-තාක්ෂණික උපාංගයක් සමග සම්බන්ධ කර නිර්මාණාත්මකව භාවිතා කල හැකි වීමත් කැමරා ආරක්ෂණ පද්ධති බිහිවීමට හොඳ උත්තේජනයක් සපයනවා. ඔබේ පරිගණකයට සම්බන්ධිත වෙබ් කැමරාවක් තිබේ නම් ඔබ දැනටමත් පරිගණක ගත කැමරා අත්දැකීමක් ලබා ඇතුවාට සැකයක් නෑ. මේ කියන්නට යන්නේ ඔබේ වෙබ් කැමරාව ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙන ඔත්තු බැලීමේ උපාංගයක් ලෙස, නොඑසේ නම් ආරක්ෂණ පද්ධතියක් ලෙස පරිගණකය හා වෙබ් කැමරාව යොදාගන්නා ආකාරයක් ගැනයි.


ප්‍රථමයෙන්ම ඔබේ වෙබ් කැමරාව පරිගණකය හා නිසිලෙස සම්බන්ධ වී ඇත්දැයි සොයා බලන්න. ඔබට දර්ශණ ලබා ගත යුතු ප්‍රදේශයට කැමරාව එල්ල කර තබන්න. දැන් අදාල වෙබ් අඩවියට පිවිසෙන්න. මේ සේවාව ලබාදෙන්නේ Cammster නම් වෙබ් සේවාව මගින්.  http://cammster.com යන වෙබ් ලිපිනයෙන් ඔබටත් මේ වෙතට ප්‍රවේශ විය හැකියි. එවිට මේ ආකාරයේ තිරයක් ඔබට දැකගත හැකියි.



දැන් මේ තිරයෙන් "Protect Now" යන බොත්තම ක්ලික් කර සේවාව සඳහා පිවිසෙන්න. ඉන්පසු පහත ආකාරයේ තිරයක් ලැබේවි.


මෙහිදී ඔබේ කැම්ස්ටර් ගිණුම සාදා ගත යුතුයි. ඔබේ ඊ-මේල් ලිපිනය හා කැම්ස්ටර් ගිණුම සඳහා මුරපදයක් යොදා "I'm agree with terms" සලකුණු කර Register බොත්තම ඔබන්න. එවිට ඔබේ ගිණුමට පිවිසිය හැකි සබැඳියක් (Link) ඔබ ඉහත ලබාදුන් ඊ-මේල් ලිපිනයට ලැබෙනු ඇත. ඔබේ ඊ-මේල් ගිණුමට පිවිස කැම්ස්ටර් වෙතින් ලැබී ඇති අදාල පණිවුඩය විවෘත කර එහි ඇති සබැඳිය ඔස්සේ නැවතත් කැම්ස්ටර් වෙත පිවිසෙන්න.
 එවිට මෙහි දැක්වෙන ආකාරයේ තිරයක් ලැඛෙන අතර Run Cammster now ලබාදෙන්න. දැන් ඔබව ප්‍රධාන තිරය වෙත රැගෙන යයි. මෙහි ඉහළ දකුණු කෙලවරේ ඇති Change webcam මගින් ඔබේ පරිගණකයේ වෙබ් කැමරා කීපයක් ඇත්නම් අවශ්‍ය කැමරාව තෝරා දිය හැකියි.



කැම්ස්ටර් වෙබ් සේවාවේ ඇති විශේෂම ලක්ෂණය නම් ඔබ මෙය ක්‍රියාත්මක කර තැබූ විට කැමරාව ඉදිරියෙන් ඇති දර්ශණයේ යම් චලනයක් සිදුවුව හොත් (Motion detection) එය ග්‍රහණය කරගෙන සයිරන් නාදයක් නිකුත් කිරීමයි. එමෙන්ම ඊට අදාල රූප රාමුවේ ඊ-මේල් පණිවුඩයක්ද ඔබේ ගිණුමට එවනු ලබයි. මෙම සේවාව වෙත මුදලක් ගෙවීම මගින් SMS පණිවුඩයක්ද ලබා ගත හැකියි. මේ චලන සංවේදීතාවය අවශ්‍ය පරිදි සකසා ගන්නටත් හැකියාව ලබාදී තිබේ.


මෙහි Play Siren යන තේරීම ඉවත් කිරීමෙන් නාදයක් නිකුත්වීම නැවැත්විය හැකියි.

ඔබටත් වෙබ් කැමරාවක් හා අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇත්නම් මේ කැම්ස්ටර් මුරකරුවාගෙන් සේවය ලබාගන්නට පුළුවන්...



අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ - චතුරංග පෙරේරා
රූ පරිගණක සඟරාව - 2011 ඔක්තෝම්බර් කලාපය
මෙහි ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප Cammster වෙබ් අඩවියෙන් ලබාගත් ඒවා වන අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.




18 comments:

  1. වෙබ් කැම් එකක් හොයාගෙන බලන්ට ඕනා !!

    ReplyDelete
  2. මචෝ මේක ලැප් එකේ කැමෙනුත් කරන්ඩ පුලුවන්ද ? ට්‍රයියක් දාලා බලන්ඩ ඕනා..

    ස්තූතියි.... විස්තරයට...

    ReplyDelete
  3. නියම වැඩක්නේ.. ට්‍රයි කරලා බලන්න ඕන... තෑන්ක්ස් කිවුවට..

    ReplyDelete
  4. @ මධූ :
    කරලම බලන්නකෝ සහෝ... කරලා මටත් කියන්නකෝ බලන්න. ඔෆිසියේදී චෙක් කලාට මටත් ගෙදරදී කැම් එකක් නැති නිසා කරලා බලන්න බැරි වුනා...!

    @ සෙන්නා :
    අනිවා, ලැප් එකේ පුළුවන් වෙබ් කෑම් එකක් තියේ නම්. නැතත්, USB ප්ලග් කරලා සෙට් කරගත්තම පුළුවන්. මමත් මේක කරලා බැලුවේ ලැප් එකේ කැම් එකෙන් තමා සහෝ... කරලා බලමුකෝ... ස්තුතියි !

    @ දිනේෂ් :
    එළ එළ, ට්‍රයි කරලා බලන්න...ස්තුතියි ආවට !

    ReplyDelete
  5. එළ එළ කරලා බලන්න ඕනේ.......

    ReplyDelete
  6. Nice post mate! Gonna try this right now..

    ReplyDelete
  7. පට්ට පට්ට, මමත් කරලා බලන්නෝන ! ස්තූතියි කිව්වට මේ ගැන!

    ReplyDelete
  8. ගොඩක් වටිනා ලිපියක්.. ස්තූතියි අයියෙ බෙදාගත්තට. මම විස්තරේ දාලා බුක් මාක් එකක් දා ගත්තා, කවද හරි උවමනා වෙන්නෙ නැතෑ! :D

    ReplyDelete
  9. කරලා බලන්න ඕන...ලැප් එකේ කැම් එකෙනුත් පුළුවන් ඇති නේ...මෙහෙම දෙයක් නිකමටවත් දැනගෙන හිටියේ නැහැ නේ...බොහොම ස්තුතියි චතුරංග

    ReplyDelete
  10. මේ වගේ එකක් හොය හොය හිටියේ කාලෙක ඉඳලා. මට දෙයක් දැනගන්න ඕනේ. අපි හිතමු මම කැම් එක ගෙදර සම්බන්ධකරලා තියෙන්නෙ කියලා. මට පුලුවන්ද වෙනත් තැනකින් ලොග් වෙලා මේක පරික්ෂා කරන්න.

    ReplyDelete
  11. @ ඔබ නොදු‍ටු ලොවක් + ලහිරු:
    ම්ම්... කරලා බලමුකෝ...! ස්තුතියි !!!

    @ Malinda :
    Thanks For the Comment Bro. Inform your experiences here, if you can so... Thanks for the visiting !

    @ පිටසක්වලයා :
    ස්තුතියි මලයා, බුක්මාක් නම් වැඩක් නැතිවෙයි. මොකද තව අවුරුද්දක් යන්න කලින් ඔයිට හපන් වෙන හොඳ ටෙක් එකක් ඒවි...! හි හී...

    @ සයුරි :
    ලැප් එකේ කැම් එකෙනුත් පුළුවන් සයුරි... කරලා බලලා කියමුකෝ බලන්න. ස්තුතියි ඇවිත් ගියාට !!!

    @ බුද්ධි :
    බුද්ධි සහෝ... මම ඔයා කියන දේ කරලා බැලුවේ නම් නෑ. හැබැයි තියෙන ලොගින් පහසුකමේ හැටියට නම් පුළුවන් වෙන්න ඕනේ. එක තැනක තිබ්බා (ලොගින් එකේ) "This is not my computer" හරි ඒ වගේ වෙන තේරුමක් තියෙන චෙක් බොක්ස් එකක්. පොඩ්ඩක් බැලුවා නම් ට්‍රයි කරලා... එහෙම පුළුවන් නම්, ඕනෙම තැනක ඉඳන් ලොග් වෙන්න පුළුවන් වෙන්න ඕනේ... ස්තුතියි...!!!

    ReplyDelete
  12. එලම තමයි, අද දෙන්නං ජම්බූ. ........ මොබයිල් ෆෝන් එකකින් රිසීව් කරගන්න පුළුවන් වෙයිද ?

    ReplyDelete
  13. maru maru aiye,, mama karalaa baluwaa, wada kalaa

    ReplyDelete
  14. man nam ucam kiyana software 1 use karanawa! eeken nam oya wade shook 1ta kalaaki!

    meekatath thankX bn! karala balannamkoO!

    ReplyDelete
  15. මෙහෙම එකක් දැනගත්තෙත් අද... බොහොම ස්තුතියි....

    ReplyDelete
  16. @ නවම් :
    උඹ අදහස් කරපු දේ මට පැහැදිලි මදි... මේ සර්විස් එකෙන් කරන්නේ මෝෂන් ඩිටෙන්ෂන් සර්විස් එකක් විදියට ක්‍රියාත්මක වන එක. ඊමේල් එකක් එනවා එකවුන්ට් එකට. ෆෝන් එකෙන් මේල් බලන්න පුළුවන් නම් පින්තූරෙත් එක්ක බඩු මාට්ටු... ජම්බුම තමා !!!

    @ වර්ණා :
    නියමයි, වැඩ කරලම බලන්න ඕනේ ගතිය ! ස්තුතියි !!!

    @ මාධව :
    ucam ගැන දැනන් හිටියේ නෑ බං... ස්තුතියි ඒ ගැනත් කිව්වට !

    @ ධනූ : තැන්කූ, තැන්කූ !!!

    @ මියුරු අක්කා :
    අක්කටත් ස්තුතියි ප්‍රතිචාරයට !!!

    ReplyDelete
  17. නියමයි නේ... මේක නම් කරලා බලන්නම ඕනේ!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...