Thursday, December 8, 2011

ලංකාවේ ලස්සන බලන්න එන්න...

        ඉතින්...! කෝමැයි ? හුඟ දොහකින් මේ ලිපියක් ලියන්නේ. ඇත්තටම කිව්වොත් සති දෙකකට පස්සේ... සමාවෙන්න ඕනේ නිහඬතාවයට. කොහොම වුනත් ඉක්මනින්ම පුරුදු ලිපි හා එක් වන තුරු පොඩි අතුරුපසක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකත් ඊයකින් ගලවපු එකක්. මේවගේ ඊ එවන මගේ යාළු කියල තියෙන්නේ මීට පස්සේ නම දාන්න එපා කියලා. ඕං හිතාගන්නලා මේකත් එයාම එවාපු ඊයකත් කියලා...
ලියන්න තරම් නම් දෙයක් නෑ. පින්තූර පෙලක් තියෙන්නේ. ලංකාවේ ලස්සන ගැන පළ කරපු ඡායාරූප පෙලක්. මම ගත්තුවා නම් නෙවෙයි ඕං. සංචාරක මණ්ඩලයෙන් හරි ඒවගේ ආයතනයකින් වෙන්න ඕනේ. බොහෝ දෙනාගේ හිත සුව පිණිස, විශේෂයෙන් රටෙන් පිට ඉන්න අයට මේ ඡායාරූප වැදගත් වෙයි කියලා හිතනවා.... ඒ නම් බලමුකෝ...

ත්‍රීකුණාමලයේ ගල්පර මුදුනේ සිට

මේත් ත්‍රීකුණාමලේම තමා... කොහොමද දර්ශණේ ???


තංගල්ල වෙරළ තීරය


මිරිස්ස...

සැන්දෑවක රන්වන් වෙරළ තීරය

තවත් ලස්සන දර්ශණයක්... !

ආරුගම්බේ වෙරළ තීරය

කඳුකර දියඇල්ලක්

අඥාතයි ! හංවැල්ලට උඩහට වෙන්න කැළණි ගංග ගලන්නෙත් මෙහෙමයි

ඉහළ කඳුකර දසුනක්

මේක නම් ඉතින් උපරිම ලාංකීයයි !!!

බොගවන්තලාව තේ ...

ලංකාවේ අපේ one & Only Sky-Scraper දසුන ! :(

හැටන් තංගච්චිලා... තේ ලඳුන් !

හික්කඩුව... ඈතින් පේන්නේ සීනිගම දේවාලය වෙන්න ඕනේ...

කොහේ දැක්කත් ලෝකෙටම එකයි ! ශ්‍රී දළදා මාලිගාව...

උතුරුකරේ කයිට්ස්...

කොස්ගොඩ වෙරළ

සීතල නුවරඑළිය...

උඩරට තේ වගාවක්...

මේක දැක්කම අර විෂුවල් එක මතක් වෙනවා නේද ?

පුස්සැල්ලාව

අපි නොදන්න සීගිරිය !!! පවු නෝනා !!!

ලස්සන ඡායාරූපගත කිරීමක් !!!

සිංහරාජ වන අඩවිය

සිංහරාජ වන අඩවිය

සිංහරාජ වන අඩවිය






27 comments:

  1. ත්‍රිකුණාමලය ,ආරුගම්බේ ,කයිට්ස් ඇරුනම අනික් දර්ශන නම් දැක ගන්න වාසනාව තිබුන. කොච්චර ලස්සන රටක්ද අපේ රට . පුංචි වපසරියක මේ තරම් වෙනස් සුන්දරතැන් පිහිටපු එක තමයි පුදුමය . කර්කශ රටකට ගියහම අපේ රට කොයිතරම් වටිනවද කියල හිතෙනවා .

    ReplyDelete
  2. අපේ උන් පිටරටවල ලස්සන බලන්ඩ යන්නේ හරියට ලංකාව ලස්සන බලන්නැතුවනේ...ඔං දැන්වත් ගොහින් ඉස්සෙල්ල ලංකාව බලලා ඉන්නවල..නේද මචො....

    ReplyDelete
  3. මෙතැනින් තියෙන හුඟාක් තැන් වලට ගිහින් නෑ කියලා හිතෙද්දී දුකත් එක්ක.... ත්‍රී මලේ නම් ඕනෑ තරම් ගියා..... ඇත්තටම අපේ පුංචි රට මොනතරම් ලස්සනද ?

    ReplyDelete
  4. මෙතන තියෙන ජායාරුප වලින් ගොඩක් ඒවා ඉතාම හොඳ ඝණයේ ඒවා කියල කියන්න පුළුවන්
    ඇත්තටම ලස්සනයි....!!
    බොහොම ස්තුතියි ඊය බෙදාහදා ගත්තු එකට

    ReplyDelete
  5. ෙතාරතුරු සාරංශ ගත කර ලබාදීම ප්‍ර ෙයා්ජනවත් ෙදයක්. ඉදිරිපත් කරන්ෙන් ෙහාද ෙදයක් නම් ඒක ෙකාතනින් ගත්තත් ඒක වරදක් නෙ ෙවයි. ඔබට ජය.

    ReplyDelete
  6. හරිම ලස්සනයි නේද..මේ පුන්චි රට ලෝකෙටම සිරියාවක් :)

    ReplyDelete
  7. ඔය ඊයම මටත් ලැබුණා. ඇත්තටම ලස්සන පිංතූර පෙලක්. ලංකාවේ සුන්දරතැන් ගැන කියන තවත් තැනක් මට හම්බවුණා. බලලා නැතිනම් බලන්න ඔන්න. http://www.srilankantravellers.com/sinhala/

    ReplyDelete
  8. මොනවද බං අනුන්ගේ පිංතූර දාන්නේ..මේවා තියෙනව වෙබ් එකේ ඕනේතරං.....

    ReplyDelete
  9. හරිම ලස්සන පින්තුර ටිකක්...මිරිස්ස පින්තුරේට මම ගොඩක්ම කැමතියි....අර කඳුකර ඇල්ලක් කියල දාල තියෙන්නේ "ඩෙවොන්" ඇල්ල නේද?

    ReplyDelete
  10. හරිම ලස්සනයි....

    ReplyDelete
  11. පින්තුර ටික නම පංකාදු පහයි...අපේ රට ඇත්තටම කොච්චර ලස්සනද

    ReplyDelete
  12. මටත් ඔය ඊය ආවා.ඇත්තටම ඔයින් බොහොම පොඩි ප්‍රමාණෙකට තමා මං තාම ගිහින් තියෙන්නෙ.අනික් තැන් වලටත් කොහොම හරි යන්න ඕනෙ. :)

    ReplyDelete
  13. ලස්සන පින්තූර ටික. ආඩම්බරයි ලාංකිකයෙක් වීම ගැන

    ReplyDelete
  14. Excellent, beautiful and marvelous photos !
    Thank you for share with us

    ReplyDelete
  15. @ All :
    හැමෝටම ගොඩාක් ස්තුතියි ප්‍රතිචාරයක් තිබ්බට...
    වෙන වෙනම ඇමතුවේ නැතිවාට සමාවෙන්න !!!

    @ ඔබ නොදුටු ලොවක් :
    //මොනවද බං අනුන්ගේ පිංතූර දාන්නේ..මේවා තියෙනව වෙබ් එකේ ඕනේතරං//

    සහෝ, එහෙනම් ඔයා මේක බලන අයටත් වැඩිදුර විස්තර දැනගන්නත් එක්ක ලින්ක් එකක් දාන්නකෝ... ස්තුතියි !!!

    ReplyDelete
  16. ලංකාවේ තියෙන එකම හා ලස්සනම මූදු දඹය තමා ත්‍රිකුණාමලේ තියෙන්නේ කියලයි මම අහලා තියෙන්නේ. අපිට අපේ රට තරම් ලස්සන තැනම් නෑ. මෙහෙ හුලඟත් සැපයි !!!!

    ReplyDelete
  17. ශ්‍රී ලාංකීය අභිමානය.

    ReplyDelete
  18. මාත් අපේ රටේ ඔය ගොඩාක් තැන් බලන්න ගියා...පිටරට වල තියෙන්නෙ ලස්සන කරපු තැන්..ඒත් අපේ වගේ ස්වභාවික නෑ......

    ReplyDelete
  19. හරිම ලස්සන රුප එකතුවක් :__

    ReplyDelete
  20. සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ගොඩ උනේ, මම නං ඔය තියන තැන් බොහොමයකට ගිහිං නැහැ ........

    පට්ට ෆොටෝ ටික ........

    ReplyDelete
  21. පින්තූර ටික දැක්කහම ආසාවෙ බෑ අප්පා!මේ අපේ රටනෙ.
    Post එක ඉස්තරම්!

    ReplyDelete
  22. නියම පින්තූර එකතුවක්. හැබැයි අර කැප්ශන් එකට දාන්න තිබ්බෙ "පව් අලියා" කියල ;)

    ReplyDelete
  23. how ever srilanka is so beautyfull

    ReplyDelete
  24. Very beautiful photoes
    Thank you.....

    ReplyDelete
  25. මචන් පට්ට පට පට කියලා වැඩක් නෑ සුපිරි!!!!!!!!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...