Saturday, September 3, 2011

එකම මවුසය තුන් විදියකට භාවිතා කරන්න කැමතිද ?


Canon has merged mouse, numeric keypad and calculator into one useful wireless device - th...
මේ මම මගේ බ්ලොග් එකේ මවුස් ගැන පළ කරන තුන්වැනි ලිපිය...! මේක චතූගේ මවුස් කථා කියලා register වෙයිද දන්නෑ... :P කොහොම වුනත් මීට පෙර පළවුනු මවුස් ලිපි වගේම මේ මවුස් ලිපියත් විශේෂ මවුස් එකක් ගැන තමයි. සාම්ප්‍රදායික මවුස් මෝස්තරයෙන් මිදිලා අළුත් අළුත් සංකල්ප ඔස්සේ යමින් විශේෂ ආකාරයේ පරිගණක උපාංග නිර්මාණය කරන්නට නිෂ්පාදක සමාගම් උත්සාහ කරන බවට පසුගිය ලිපි දෙක වගේම මේ ලිපියත් හොඳ සාක්ෂියක්...
 
            මේ මවුසයේ තියෙන විශේෂත්වය තමයි මේක තුන් ආකාරයකින් ප්‍රයෝජනවත් වීම.

1.      සාමාන්‍ය පරිදි පරිගණක මවුසයක් ආකාරයට
2.      පරිගණකට ඈඳිය හැකි අංක පුවරුවක් (Numeric Keypad)ලෙස
3.      පරිගණකයේ සම්බන්ධයක් නැතිව භාවිතා කළ හැකි (Stand-alone) කැල්කියුලේටරයක් ලෙසට

මේ  3 in one මවුසය වඩාත් ගැලපෙන්නේ ජංගම පරිගණක පරිශීලකයන්ටයි. ඒ කියන්නේ ලැප්ටොප් පරිගණකයක් සමග ජංගම භාවිතාවට නම් මේ උපාංගය කදිමට ගැලපෙනවා. ඒ පරිගණක මවුසයක් ලෙස රැහැන් රහිතව ක්‍රියාත්මක වීමට මෙයට හැකි නිසා. මේ මවුස් කැල්කියුලේටරය Bluetooth 2.0  සම්බන්ධතාවය හරහා පරිගණකයට සම්බන්ධ වෙන නිසා භාවිතයට පහසුයි. 1200 dpi තරම් ඉහළ අගයකින් යුත් ලේසර් මවුසයක් ලෙස මෙය නිපදවා ඇති අතර හුරුබුහුටි, තුනී පැතලි නිමාවකින් යුතුයි.

Canon X Mark I Mouse

ලැප්ටොප් පරිගණක භාවිතා කරන්නන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණයක් තමයි එහි යතුරු පුවරුව සීමාසහිත වීම නිසා වෙනමම අංක පුවරුවක් පිහිටා නොමැති වීම. මේ නිසා නිතරම ගණන් එක්ක වැඩ කරන අයට ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීම අපහසුයි. මේ ප්‍රශ්ණයටත් හොඳ පිළිතුරක් මේ මවුසයෙන් සපයනවා. මෙය ගණක යන්ත්‍රයක් ලෙස සැලසුම් කර ඇති නිසා මේ මවුසය මතම අංක පුවරුවක් ද පිහිටුවා ඇති අතර එය ඉලක්කම් ඇතුළු කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. එතනදී තියෙන වාසිය තමයි මවුසයෙන් වැඩ කරමින් සිටියදීම අත ඉවතට නොගෙනම ඔබට ගණිතමය දත්ත ඇතුලත් කළ හැකි වීම. මේ නිසා බැංකු කටයුතු, වෙළඳසැල් හා ව්‍යාපාරික කටයුතු වලදී පරිගණකය හා ගනුදෙනු කරන්නන්ට මේ මවුසය ලොකු පහසුවක් සලසනවා.

Canon X Mark I Mouse
පෙර සඳහන් කල විශේෂාංග දෙකම පරිගණකය සමග සම්බන්ධය ඇතිව ක්‍රියාත්මක වුවත් මෙහි ඇති වැදගත්ම විශේෂාංගය වන්නේ දැන් විස්තර කරන්නට යන තෙවැනි අංගයයි. ඒ මේ මවුසයේ ඇති සුවිශේෂීම අංගය වන ගණිත කර්ම කිරීමට ඇති හැකියාවයි. නොඑසේ නම් ගණක යන්ත්‍රයක් - කැල්කියුලේටරයක් ලෙස මේ මවුසය භාවිත කළ හැකි වීමයි. මේ නිසාම මේ මවුසය සාම්ප්‍රදායික මවුස වලින් බොහෝ වෙනස් හැඩයක් ගන්නවා. ඒ එහි මතුපිට අඩංගු කර ඇති අංක යෙදූ බොත්තම් හා අංක දහයකින් යුත් LCD තිරය නිසායි. මේ කැල්කියුලේටරය පරිගණකය ක්‍රියා විරහිත කර ඇති විටකත් භාවිතා කළ හැකි වීම සුවිශේෂීතාවයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මේ මවුසයේ අඩංගු AAA වර්ගයේ බැටරි දෙක මගින් ඒ සඳහා අවශ්‍ය බලය සපයනවා. ඒ නිසා සාම්ප්‍රදායික මවුසයේ මෙන්ම සාම්ප්‍රදායක කැල්කියුලේටරයේ භූමිකාවද මෙම මවුස්-කැල්කියුලේටරයට ඉටු කල හැකියි.

මේ මවුසය ප්‍රමාණයෙන් 120 x 60 x 27 mm ලෙස සඳහන් වෙන අතර බර ග්‍රෑම් 106 ක් පමණයි. ඒ වගේම තවත් සඳහන් කළ යුතු වැදගත් කරුණක් තමයි මේ මවුසය පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස නිපදවීමට Canon සමාගම උත්සාහ දරා තිබීම. ඒ උදෙසා මේ මවුසයේ පහත කවරය හා බැටරි ආවරණ කවරය කැනොන් සමාගමේ ඉවතලන ෆොටෝ කොපි යන්ත්‍ර වලින් ලබාගෙන ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් වලින් නිමවා තිබෙනවා. e-අපද්‍රව්‍ය අවම කිරීමෙන් පරිසරය සුරැකීම උදෙසා අංශ්‍ර මාත්‍රයකින් හෝ සිය දායකත්මය සැපයීමට මේ නිසා Canon සමාගම සමත්ව ඇති අතර එය අනෙකුත් නිශ්පාදන සමාගම් වලට හොඳ ආදර්ශයක්ද සපයනවා.

මේ සියළු විශේෂාංගත් සමග මේ අපූරු මවුසය ඇමෙරිකානු ඩොලර් 60 ක මුදලකට දැන් මිළදී ගන්න පුළුවන්. ඒ වගේම කළු හා සුදු ලෙස වර්ණ දෙකකින්ම තෝරා ගන්නටත් පුළුවන්. භාවිතයේ පහසුව නිසාම ලැප්ටොප් පරිගණක පරිශීලකයන් අතර මේ මවුස්-කැල්කියුලේටරය වඩාත් ජනප්‍රිය වෙනු ඇති බවට Canon සමාගම බලාපොරොත්තු වෙනවා.

කොහොමටත් මවුසය කියන්නේ ඉදිරි දශකය තුල අභාවයට යන්නට නියමිත තාක්ෂණයක්. ඒ ඉදිරි පරම්පරාවේ පරිගණක අවශ්‍යතා සඳහා මවුසය යන සංකල්පය යල් පැන ගිය තාක්ෂණයක් බවට පත්වන නිසායි. කොහොම වුනත් ඉතින් අළුත් අළුත් වැඩ දාලා හරි මවුසය ඉදිරියට යනවා දකින එක සතුටට කරුණක්. ඒක නිසා ඉස්සරහටත් මොන මොන ජාතියේ මවුස් එයිද දන්නෑ...? එහෙම අළුත් එකක් ආවොත් මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න එන්නකෝ...!





15 comments:

  1. එල භාන්ඩයක්නේ..!!!!!

    ReplyDelete
  2. මලයා නිතරම අලුත් දේවල් අඳුන්වල දෙනවනේ . ස්තුතියි හොඳේ

    ReplyDelete
  3. මේක නම් මරු.. ඒත් ඉතින් ඕනද ඩොලර් 60 ඒ කියන්නේ රු 6000ක් විතර මවුස් එක්කටයි කැල් එකකටයි වියදම් කරන්න???????????????????????

    ReplyDelete
  4. ගොඩක් හොඳ වැඩක් පරණ ඒවත් බලන්න හිතුන. දිගටම ඉන්නං. දිගටම ලියන්න.

    ReplyDelete
  5. නියම මවුස් එකක් !!!!

    ReplyDelete
  6. @ චතූ...... :
    එළ භාණ්ඩයක් තමයි...! එළම එළ !

    @ මාධව :
    ප්‍රතිචාරයට ස්තුතියි සහෝ...

    @ බින්දි අක්කා :
    බොහොම ස්තුතියි අක්කටත්... මේ පැත්තේ ඇවිත් වචනයන් දොඩලා යනවට...!

    @ දේවා :
    ඇත්ත මලයා... අපිට ඩොලර් 60 වැඩි තමයි. ඒත් සුද්දට ඕක ගානක් නෑනේ. ඒකනේ ඔය ගානට විකුනන්නේ. මලයාටත් හොඳයි මේක බැංකුවේ වැඩ වලට...:D ප්‍රතිචාරයට ස්තුතියි හොඳේ...

    @ දයියා :
    අදමයි මේ පැත්තේ දැක්කේ... අගට කරනවාට ගොඩාක් ස්තුතියි. දිගටම මේ පැත්තේ එන්න. ඇවිත් කියවලා ධෛර්යමත් කරන්න. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  7. බාන්ඩෙ නම් ලොවෙත් නෑ අයියෙ. ගාන නෙ ඉවසගන්න බැරි. :(

    ReplyDelete
  8. Numeric key pad 1 නම් වට්නවා.. මම මේ පාවිච්චි කරන්නෙත් $3 කට eBay 1න් ගත්ත බ්ලූටූත් මවුස් එකක්

    ReplyDelete
  9. e-bay එකේ ගන්න එහෙම තියනවනං හොයල බලල ලිංක් එකත් දැම්ම නං පංකාදු විසි පහයි

    ReplyDelete
  10. නියමයි, ගාන තමා ප්‍රශ්නෙ ........

    ReplyDelete
  11. බුදුඅම්මෝ මෙවයෙ ගනං.

    ReplyDelete
  12. @ කසුන් :
    ඇත්ත ඇත්ත... බලලා වත් සැනසියන් මලේ... ස්තුතියි මේ පැත්තේ ආවට...!

    @ තාරක Dilsh@n :
    වයර්ලස් මවුස් වල තියෙන ලේසිය තමයි සාක්කුවේ හරි දාගෙන ගිහින් ඕනෙ තැනක පාවිච්චි කරන්න පුළුවන් කම. අපේ රටට තාම වයර්ලස් මවුස් අළුත්නේ... මේ මවුස් එකත් අඩුගානේ ඩොලර් 20 කටවත් දුන්නා නම් අපිටත් ගත්තට පාඩුවක් නෑ...

    @ Ano :
    මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.

    @ කල්හාර / නවම් :
    ගණන් නම් තමයි... ඒත් ඉතින් ඕවයේ ගණන් මුළදි විතරයි. පහුවෙන කොට ගණන් බහිනවා කියලා දෙන්නම හොඳට දන්නව ඇති නොවැ... ස්තුතියි දෙන්නටම...!

    ReplyDelete
  13. Ela ela.. kohoma unath Mouse1nam patta.. Thank! machan..

    ReplyDelete
  14. මරැ ලිපිය....මමත් ආසාවෙන් කියෙව්වා., මොකද දැනටමත් මම cordless mouse1ක් use කරන්නේ,

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...