Tuesday, July 5, 2011

ඇඟිල්ලේ පළඳින රැහැන් රහිත මුදු මවුසය


රිගණකයක් භාවිතා කර ඇති සෑම කෙනෙක්ම මවුසයෙන් ඇති ප‍්‍රයෝජනය ගැන නොදැන සිටිය නොහැකියි. නිපදවා අවුරුදු 30 ක් ගත වුවත් තවමත් අප භාවිතා කරන්නේ සාම්ප‍්‍රදායික හැඩයේ මවුසයයි. එහි තාක්ෂණය හා හැඩරුව ස්වල්ප වශයෙන් වෙනස් වුවත් තවමත් එහි මූලික නිර්මාණ සංකල්පය එහි මුල් පිටපතෙන් වෙනස් වන්නේ ස්වල්ප වශයෙනි.


            පරිගණක ක්ෂේත‍්‍රයේ දියුණුවත් සමගම පරිගණක භාවිතයේ හැඩරුව ද විශාල ලෙස වෙනස් වී තිබේ. ලැප්ටොප් හා ටැබ්ලට් පරිගණක සමගින් සාම්ප‍්‍රදායික මවුසයට තවදුරටත් සිය භූමිකාව ඉටු කල නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. නව ලොවට ගැලපෙන Pointing Devices ලෙස ටච්-ස්ක‍්‍රීන් තාක්ෂණය ඉදිරියට පැමිණ ඇතත් එහිදී අදාල උපාංගය සමග සෘජු සම්බන්ධයක් තබා ගත යුතු වීම නිසා දුරස්ථ භාවිතයේදී ගැටළු පැන නගී. මේ සහා සුදුසුම විසඳුමක් ලෙසින් Genius සමාගම විසින් Thumb Cursor Controller හෙවත් රැහැන් රහිතව ක‍්‍රියා කරන මුදුවක් ලෙස ඇඟිල්ලක පැළඳිය හැකි මවුසයක් හඳුන්වා දී තිබේ.
මෙහිදී මෙම නව උපාංගය මුදුවක් ආකාරයෙන් දබරැඟිල්ල මත පැළඳිය හැකියි. ඉන් පසු එහි ඇති ප‍්‍රකාශ සංවේදී උපාංගය මගින් අපගේ මහපට ඇඟිල්ල මගින් සිදුකරන චලනයන්ට අදාලව මවුස් කර්සරය හැසිරවීම සිදුකරයි. 1000 dpi තරම් ඉහල සංවේදීතාවයකින් යුත් මේ මවුසය ප‍්‍රමාණයෙන් 29.3 x 33.7 x 32 mm වන අතර බර ග‍්‍රෑම් 12 ක් පමණි. එමෙන්ම විශේෂත්වය වන්නේ 2.4GHz සංඛ්‍යාතයේ රැහැන් රහිත සබතාවය නිසා මේ මවුසය දුරක සිට භාවිතා කළ හැකි වීමයි. මීටර 10 ක දුරකට මෙය ක‍්‍රියාත්මක වේ. පරිගණකයේ USB Port එකට සම්බන්ධ වන කුඩා රිසීවරයක් මගින් මෙහි රැහැන් රහිත සම්බන්ධතාවය ගොඩ නැගේ.

මේ මුදු මවුසය සහා බලය සැපයෙන්නේ එහි ඇති Li-ion වර්ගයේ නැවත ආරෝපණය කළ හැකි බැටරියකිනි. මේ බැටරිය ඉතා දිගු කාලයක් ආරෝපණය කිරීමකින් තොරව භාවිතා කළ හැකි අතර අවශ්‍ය වූ විටෙක ආරෝපණය කිරීම සහා කළ යුත්තේ මේ සමග සපයා ඇති USB කේබලය මගින් මවුසය USB Port එකකට සම්බන්ධ කිරීම පමණයි.

අප පරිගණකය භාවිතා කරන ආකාරය අනුව මෙම මුදු මවුසයේ සැකසීම් වෙනස් කර ගත ආකාරයේ උපයෝගිතා මෘදුකාංගයක්ද මේ සමග ලැබේ. ioMedia ලෙස හඳුන්වන මෙම මෘදුකාංගය  මගින් Office-Webbrowsing / Presentation / Entertainment-Photo / Music / Movie / eBook ආදී එකිනෙකට වෙනස් ආකාරයේ පාලන මාදිලි 6 ක් සහා සහාය දක්වයි.

Multi-media Presentation හා ලැප්ටොප් පරිගණක සහා භාවිතා කල හැකි හොම තේරීමක් වන මේ මුදු මවුසය ඇමරිකන් ඩොලර් 70 කට මිල කර තිබේ.





අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ - චතුරංග පෙරේරා
රූ පරිගණක සඟරාව - 2011 ජුනි කලාපය
මෙහි ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප Google Image Search ඔස්සේ ලබාගත් ඒවා වන අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.








16 comments:

  1. මේ මවුස් පැටියට නම් මගේ හිත ගියා . මටත් එකක් අරන් දෙන්න කියන්න ඕන

    ReplyDelete
  2. @ Bindi : ඔව් බින්දි අක්කේ. නියම මවුස් එක. මේ වගේ වැඩ දාන්නැතුව ඉතින් මවුසයට අනාගතයක් නෑ. ස්තුතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  3. එල එල අද්මයි මේ අයිටම් එක ගැන දැනගත්තේ

    ReplyDelete
  4. @ buwa : ආහ්... එහෙනම් ගොඩක් සතුටුයි ! තව ටෙක්නිකල් පෝස්ට් ටිකක් තියේ තාම ඩ්‍රාෆ්ට් කරලවත් නැති. වෙලාව තමා ප්‍රශ්නේ බං. හැමදාම නිදියනකොට 12-1 යි.

    ReplyDelete
  5. ඕක ඇඟිල්ලේ දාගෙන ඉන්න ගියාම එපා වෙන්නේ නැද්ද? ඔන්න Presentation එකක් පෙන්නද්දි වගේනම් හොදයි.

    ReplyDelete
  6. @ තාරක Dilsh@n : මේක ඒ තරම් බරක් නෑ සහෝ. මේක විශේෂ කරලා තියෙන්නේ mobile use වලට තමයි. කොහොමත් eye tracking technology වගේ අළුත් තාක්ෂණ නිසා ඉස්සරහට මවුස් ගොයියා වලපල්ලට යයි. ප්‍රතිචාරයට ස්තුතියි සහෝ...!

    ReplyDelete
  7. ස්තුතියි දැනුම බෙදාගන්නවට..

    ජය !!

    ReplyDelete
  8. මම අදමයි මේ වගේ මවුස් එකක් දැක්කේ. අපි නොදන්න දෙයක් බෙදා ගත්තට ගොඩක් ස්තුතියි.
    අදමයි මේ බ්ලොග් අඩවියට ආවේ.ආපු එකේ ෆලෝ පාරක් දාලම යන්නම්. ආයෙත් එන්නම්කෝ.

    ReplyDelete
  9. අඩෝ පට්ටනේ බන්.. නියමයිනේ..

    ReplyDelete
  10. මම නම් හිතන්නෙ නැහැ ඕක නැගලා යයි කියලා, කවුද මුද්දක් අතේ දාගෙන නැති හිරිහැරයක් විඳින්න කැමති ........

    ReplyDelete
  11. මරු වගේ පේන්නෙ නම්..

    ReplyDelete
  12. නියම ගැජට් එක....
    computer එක ලගටම වෙලා ඉන්නේ නැතුව තවත් වැඩක් කරන ගමන් උනත් computer එකේ වැඩ කරගන්ඩ මේකෙන් පුළුවන් වෙයි.....

    ReplyDelete
  13. @ බස්සා : බොහොම ස්තුතියි සහෝ ප්‍රතිචාරයට

    @ මධුරංග :ගොඩාක් ස්තුතියි ඇවිත් ප්‍රතිචාරයක් තියලා ෆලෝ කලාට. ආයෙත් එන්න. ජයවේවා...

    @ Nadun : හ්ම්...හ්ම්... පට්ටයි ! නියමයි !

    @ සුශාන් ප්‍රියනාත් රත්නායක : බොහොම ස්තුතියි ප්‍රතිචාරයට

    @ පන්සල් හංදිය : ගෘහස්ථ භාවිතයට මේක ටිකක් කරදරයි තමයි. ඒත් ඉතින් ඉස්සරහට ගෙදරදොරේ භාන්ඩ ඔක්කොම පරිගණකගත වෙන එක ස්ථිරයි. එතකොට දුර ඉඳන් ඒවා පාලනය කරන්න මේ වගේ ගැජට් එකක් ඕනෙ වෙයි. කවුද දන්නේ !!!

    @ පිණිබිඳු : පේන විදියටම මරු තමා...

    @ දමිත් මල්ලි : ඔව් මලේ... අපේ සාම්ප්‍රදායික ඉරියව්වක් තියෙනවානේ පරිගණකය භාවිතා කරන... අන්න ඒක මේ වගේ ගැජට් නිසා ලොකු වෙනසක් වෙයි. ස්තුතියි ප්‍රතිචාරයට... ජයවේවා !

    ReplyDelete
  14. ලංකාවට එන්න කොච්චර කල් යයිද?

    ReplyDelete
  15. මමත් දැනුයි දැනගත්තේ නියම වැඩේ ස්තුතියි මේ ගැන ලිව්ව‍ට හැම‍ කමෙන්ට් එකකටම රිප්ලයි කරන එක හොද වැඩක් මම හිතන්නේ ඒක ‍කියවන අය කමෙන්ට් කරන්න පොලබවනවා වගේ

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...