Wednesday, June 1, 2011

සිම්පත් හතරක (Quad SIM) ජංගම දුරකථනයක් ඇවිත්...


වර්තමාන ලෝකයේ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය මේ වන විට සීඝ්‍ර දියුණුවකට පත්ව තිබේ. මීට වසර දෙක තුනකට ඉහතදී අරුමයක් සේ පෙනුනු ද්විත්ව සිම් සහිත ජංගම දුරකථනය අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. දැන් එතැනිනුත් තවත් එහාට ගිහින් සිම් පත් හතරක්ම එකවර භාවිතා කළ හැකි ජංගම දුරකථනයක් වෙළදපොලට ඇවිත්. 

Flying F160 ලෙස නම් කර ඇති මෙම නවතම ජංගම දුරකථනය ලෝකයේ ප්‍රථම සිම්පත් හතරක දුරකථනය (Quad SIM card, Quad standby) ලෙස හැදින්වේ. මෙමගින් ඔබට සිම්පත් හතරකම සේවාව එක්වර ලබාගත හැකියි. සාමාන්‍ය ජීවීතයේදී සිම් පත් හතරක සේවාවන් අපට අත්‍යාවශ්‍ය නොවූවත් රටින් රටට සංචාරය කරන්නන්ට, කාර්බහුල ව්‍යාපාරිකයන්ට හා එකිනෙකට වෙනස් දුරකථන ජාල කිහිපයක්ම භාවිතා කරන්නන්ට මෙම ජංගම දුරකථනය කදිමට ගැලපෙන බව කිව හැකියි.



එමෙන්ම මෙම කුඩා හුරුබුහුටි ජංගම දුරකථනය තවත් විශේෂාංග රාශියකින් යුතුයි. අගල් 2 ක QVGA (පික්සල් 320 X 240) ස්පර්ශ සංවේදී තිරයරූපවාහිනී සේවා හා ගුවන්විදුලි සේවාවන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව0.3 MP කැමරාව ආදියට අමතරව මෙය වර්ණ මාදිලි රැසකින් තෝරා ගැනීමේ හැකියාවෙන් ද යුක්තයි. 



විශේෂයෙන් මෙය unlocked ආකාරයේ දුරකථනයක් නිසා කිසිදු බාධාවකින් තොරව ඕනෑම රටකඕනෑම  ජාලයක් සමග භාවිතා කළ හැකියි. QWERTY  යතුරු පුවරුවක් සහිත නිසා SMS  භාවිතය පහසුයි. එමෙන්ම ස්පර්ශ සංවේදී තිරය නිසා මෙනු අතර සැරිසැරීම පහසුයි... වේගවත්. ඒ වගේම ඊ-බඩී හා ඔපෙරා මිනි යන මෘදුකාංගත් ඇතුලත් බව පැවසෙනවා.


දුරකථන ජාල කීපයක් භාවිතා කරන්නන්ට නම් මෙම ජංගම දුරකථනය හොද විකල්පයක් වේවි. චීනයේ නිෂ්පාදිත අනෙකුත් දුරකථන වලට සාපේක්ෂව මෙම දුරකථනය විශේෂතා කීපයකින් යුතුයි. සාපේක්ෂව අඩු මුදලකට මිල කර ඇති මෙය ඩොලර් 75 කට මිලදී ගත හැකියි.


අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ - චතුරංග පෙරේරා
රූ පරිගණක සඟරාව - 2011 මාර්තු කලාපය
මෙහි ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප Google Image Search ඔස්සේ ලබාගත් ඒවා වන අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.





23 comments:

  1. එහෙනම් එකපාර හතර දෙනෙක් එක්කම යාලු වෙන්න පුලුවන්. හික්ස්.

    ReplyDelete
  2. මට නම් පේන්නෙ චීන ජරාවක් වගේ .. .. සන්නිවේදන ක්ශේත්‍රය දියුණුවෙනවා තමයි හැබැයි මේ ඒ දියුණුව නම් නෙවෙයි

    ReplyDelete
  3. @ පිණිබිඳු : එකපාර හතර දෙනෙක් එක්ක කථා කරන්න පුළුවන් නම් යාළු වෙන්න ඇහැක් වෙයි. හැබැයි සහෝදරී... හිතන තරම් ලේසි නෑ වැඩේ... !!!

    @ buwa : මම හිතුවේ බ්ලොගේ පැත්තේ එන්නේ නෑ කියලා... හ්‍රුග කාලෙකින් නොවැ...

    // මට නම් පේන්නෙ චීන ජරාවක් වගේ // ඔව් බං... චීන තමයි... හැබැයි ජරාවක් කියන්න නරකයි... සිම් හතරක් පාවිච්චි කරන්න ඕනෙ වෙන අවස්ථා තියෙනවා නොවැ. ඉතින් චයිනීස් වුනත් මොකෝ වැඩේ වෙනව නම්...

    ReplyDelete
  4. මම ජරා කියන්නේ චීන කම නිසා නෙවෙයි (දැන් හදන කොයි ඒවත් චීනෙන් තමයි එන්නේ ) ඕක එච්චර ලොකු කෙලියක් නෙවෙයි . මොකද ඩුවල් සිම් ඒවත් මල ජරාව අවුරුද්දයි දෙකයි . . අලුතෙන් එන ස්මාර්ට්ෆෝන් එක්ක බැලුවාම ඕව චාටර් . අනික එක සැරෙ සිම් 4කින් සිග්නල් අදින එක ශරීර සෞඛ්‍යට හොඳ නොවෙන්න පුලුවන් . ඒ වගේම ප්‍රකට දුරකථන සමාගම් අනුගමනය කරන ආරක්ෂක විදි ක්‍රමත් ඔවයේ නැ

    ReplyDelete
  5. @ buwa : උඹ කියන්නේ සම්පූර්ණ ඇත්ත තමයි... ඒත් බං 8000/- කට විතර මේ වගේ පහසුකම් තියෙන ෆෝන් එකක් ගන්න පුළුවන් ද ? චයිනීස් හොද නෑ තමයි. නමුත් නැති කමට හොදයි නොවැ... තරමක් හොද ස්මාට් ෆෝන් එකක් අඩුම ගානේ 25,000/- ක් වත් වෙනවනේ...

    අර අන්තිම වාක්‍ය දෙකට නම් සම්පූර්ණයෙන්ම එකගයි... කියන්නට දෙයක් නෑ... මේක පාවිච්චි කරලා ටික දවසකින් ‘මොල ඔම්ලට්‘ කන්න පුළුවන්... හික්Z !!!

    ReplyDelete
  6. කෙල්ලනේ...
    සිම් මාරු කර කර මල් කඩපු කාලෙ ඉවරා...යි...
    කොල්ලො අනාත වෙන සීග්‍රතාවය වැඩි වෙයි වගේ

    ReplyDelete
  7. බැටරිය බහිනවා ඇති "චූස්" ගාලා .. මේකක් ගන්න තිබ්බනම් හොඳයි ඒත් ඔවුවා අපේ ගමට එන්න හෙනම කාලයක් යයි .

    ReplyDelete
  8. Radiation from cell phones can possibly cause cancer, the World Health Organization said today.
    http://www.iarc.fr/en/media-centre/pr/2011/pdfs/pr208_E.pdf

    ReplyDelete
  9. බැටරි චූස් ගාලා බහිනවා කියලා ඇහුවමයි :D

    ReplyDelete
  10. අනේ මම නම් පාවිච්චි කොරන්නේ එක නොම්බරයයි....නොම්බර ගොඩක් තිබ්බම කරදරයි නොවැ...ඊට ලේසි එක‍ නොම්මරේක වැඩ කරන එක.හැබැයි අර පිණිබිඳු අක්කා කියලා තියෙනවා වගේ 4ක් එක්ක යාළුවෙන්න කැමති අයට,තරමක් කාර්යබහුල අයට එහෙම හොඳ විසඳුමක්.

    ReplyDelete
  11. මොලෙන් වැඩ ගන්න කෙනෙකුට මරු භාණ්ඩයක්

    ReplyDelete
  12. ඔක්කොම හොදයි එත් චීන එකක් කිව්වම අගේ ටිකක් අඩු වුනා වගේ

    ReplyDelete
  13. //0.3 MP කැමරාව.....// VGA quality එක තරම්වත් නෑ නේ...
    :-0

    බැටරියේ ලයිෆ් එක එහෙම කොහොමද දන්නේ නෑ නේ...

    ReplyDelete
  14. නරකමත් නෑ..පෙනුමත් හොඳය්..ඕක ගන්න ගමන් පිස්සන් කොටුවෙන් අංකයක් අරන් ඉන්න එක ඇඟට ගුණය්..... :P

    ReplyDelete
  15. @ තාරක Dilsh@n : ඔව් සහෝ, සිම් මාරු කරන්න ඕනෙ නෑ තමයි... ඒත් ඉතින් ඕක කෙල්ලෝ - කොල්ලෝ කියලා වෙනසක් නෑ... කඩන එකා කොහොමත් කඩනවා !!!

    @ හිස් අහස : බැටරිය ගැන නම් වැඩි විස්තරයක් හොයා ගන්න බැරිවුනා... පැය 6 ක් විතර talk time ඇති. "චුස්" ගාලා බහින්නැති වෙයි.

    @ pasan : true my friend... i agree with that. but we can't deny the use of mobiles in day-to-day life. i think best option is use a head set instead of place it over our ears. in that way, much more secured with radiations. but, still danger !!! thank for comment my bro...

    @ Kanishka | කණියා : //බැටරි චූස් ගාලා බහිනවා කියලා ඇහුවමයි :D // ඇත්තටම... සද්දේ තමයි අප්සෙට් !!!

    ReplyDelete
  16. @ ශාන් : ඇත්ත සහෝ, මමත් පාවිච්චි කරන්නේ මුල ඉඳලම එකම අංකයක්. ඒ වුනත් කාර්ය බහුල අයට වගේම ආවරණ කලාපයෙන් කලාපයට, රටකින් රටකට යන අයට මේ ෆෝන් එක ලොකු පහසුවක්...

    පිණිබිඳු සහෝදරී දැන් ෆෝන් කඩ ගානේ ඇවිදිනවා කියලා ආරංචියි !!!

    @ All in one : "මොලෙන් වැඩ ගන්න" හ්ම්...ම්... කොහොමත් මේකෙන් වැඩ ගත්තම මොලේ නැතිව තමයි වැඩ කරන්න වෙන්නේ...ස්තුතියි ප්‍රතිචාරයට...

    @ නිශාන් : චයිනීස් කියලා අහක දාන්න එපා සහෝ... අග‍ය තීරණය වන්නේ make එක මතම නෙවෙයි නේ. තව අවුරුදු 05 කින් කැමති වුනත් නැතත් චයිනීස් තමයි කන්න වෙන්නේ !!!

    @ Nadun : ස්තුතියි ප්‍රතිචාරයට... ජයවේවා !!!

    @ සුපර් මාරියෝ : ඔව් සහෝ...කැමරා කොලිටි එකනම් එහෙම තමා තියෙන්නේ. නමට හරි කැමරාවක් තියෙනවා නොවැ... බැටරිය ගැනනම් වැඩි යමක් දැන ගන්න බැරි වුනා. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. එතකොට update කරන්න පුළුවන්...

    @ තටු සිඳුනු සමනළියක් : ඔව් සහෝදරී... පට්ට ෆෝන් එක. හැබැයි පොඩි ළමයිට නම් හොඳ නෑ. පිස්සන් කොටුවට යන්න Quad SIM වුවමනා නෑ. single SIM phone එකත් ඇති !!!

    ReplyDelete
  17. Mariyan owa pawichchi karala

    ReplyDelete
  18. ලංකාවෙත් ඔහොම සිම් 4 ඒවා ගන්න තියනවා... ඔය වර්ගෙන් නම් නෙමේ මම දැන් මාස 3ක් 4ක් තිස්සේ පාවිච්චි කරනවා සිම් 4 පොන් එකක් එච් එක්ස් මොබයිල් කියලා,, එත් මගේ නොකියා එකට කිට්‍ටු වෙන්නවත් ඒකට බැ
    කොහොම උනත් මට ඒක වැදගත් වෙන්නේ ඔය නෙට් වර්ක් කවර් නැති තැන් වලදි තමා
    මම ඩයලොග් මොබිටෙක් එටිසලාට් හච් එයාටෙල් ඔක්කෝම පාවිචිචි කරනවා ඒ නිසා
    කියන තරම් ඕවා ගනන් නැ මම ගත්තේ බොහොම පොඩි ගානකට

    ReplyDelete
  19. නියමයි.. තාක්ෂණයේ දියුණුව නම් හොඳයි. අනවශ්‍ය විදිහට සිම් 3, 4 use කරන එක තමයි නරක.

    ReplyDelete
  20. @ දේවා : බොහොම ස්තුතියි ලංකාවේ මේක ගන්න පුළුවන් කියලා දැනුවත් කලාට. ඔයා කිව්වා වගේ නෙට්වර්ක් 3-4 ක් පාවිච්චි කරන අයට තමයි මේක ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් ප්‍රතිචාරයක් තියලා ගියාට.

    @ හංසි : ඇත්ත සහෝදරී, තාක්ෂණය වුවමනා දේට පමණක් භාවිතා කලා නම් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. ස්තුතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  21. ෂා මරුනේ..පට්ට ෆෝන් එක....

    ReplyDelete
  22. චතුවෝ,

    ඔය කියන Phone එකේ Battery එක ගැන මම හොයලා බැලුවා. ඒකේ Talking time එක මිනිත්තු 240 - 360 විතර කියලා තමයි තියෙන්නෙ. Standby time එක පැය 150 - 240 විතර තියෙනවලු. හැබැයි ඉතින් ඇත්තද දන්නෙ නෑ. උඹ ගිහිල්ලම බලපන්කෝ. http://www.umilive.com/the-latest-f160-quad-sim-quad-standby-tv-java-phone-with-qwert-keyboard.html

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...