Tuesday, June 14, 2011

ඉන්න තැන පෙන්නන්න - Google Maps බ්ලොගයට දාගන්න


හිතුන හිතුන වෙලාවට ලෝකෙ වටේ ඕනෙ තැනක යන්න එන්න තරම් ඉතින් අපිට පිනක් කොයින්ද නේද ? ඒත් ඉතින් හැබැහින් නොවුනත් ලෝකෙ වටේ යන්න නම් ඕනෙ තරම් ක්‍රම තියෙනවා නොවැ. කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා Google Maps දාගත්තම ලෝකෙ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන්. Google Maps සේවාවෙන් ලෝකෙ පුරා කීදෙනෙක් නම් වැඩ ගන්නවද... මේ සේවාවන් නිසා අන්තර්ජාලය ඇතුලේ දැන් වෙනම Map culture එකක් ඇතිවෙලා. ඒ තමයි තමන් ඉන්න තැන පෙන්නන්න Maps යොදා ගැනීම. Google Maps භාවිතා කරලා ඕනෙම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් තමන්ගේ බ්ලොගේට / වෙබ් එක‍ට Map එකක් දාගන්න පුළුවන්...


            මේ වගේ සේවාවකින් හොඳම ප්‍රයෝජනය ගන්නේ ලොකු area එකක පැතිරුනු ආයතන ජාල වගේ ව්‍යාපාරික ස්ථාන තමයි. මොකද ඒ අයගේ ශාඛා ඔක්කොම එකම තැනක පෙන්නන්න පුළුවන් නිසා. අපි බලමු බැංකුවක් ගැන... එයාලට පුළුවන් Google Maps සේවාවෙන් බැංකුවේ ශාඛා ඔක්කොම ටික Tag කරලා Map එකට දාන්න. තවත් උදාහරණයක් ගත්තොත් අපේ site වල තියෙන contact page එකට අපේ address එක දානවා වෙනුවට Map එකක් දාන්න පුළුවන්. එතනදී තියෙන වාසිය තමයි, address එකක තියෙන අක්ෂර තොරතුරු වලට වඩා Map එකක ඇති දෘශ්‍යමය තොරතුරු වලින් එකවරම අදහසක් ඇති කරගන්නට හැකිවීම. Address එකක් හොයාගෙන, පාරවල් අහගෙන ව්‍යාපාර ස්ථානයක් හෝ වෙනත් එවැනි ස්ථානයක් හොයාගෙන යනවට වඩා - Map එකක් බලලා, ඒ තියෙන ස්ථානය ගැන / වටපිටාව ගැන අදහසක් අරගෙන කෙලින්ම අවශ්‍ය ස්ථානයට යන්න පුළුවන්. අදාල ස්ථානය Map එකේ point කරලා  ඕනෙම කෙනෙක්ට ඒ point එකේ ඉඳන් තමන් ඉන්න ස්ථානයට යන්න ඕනෙ විදිය (Driving Directions) අහගන්නත් Google Maps වලින් පහසුකම් සපයනවා. 

            දැන් ඔයාලට හිතෙයි මේකෙන් තම තමන්ට ඇති ප්‍රයෝජනේ මොකක්ද කියලා. බ්ලොග් අඩවියක් කරගෙන යන හැමෝටම Google Maps වලින් වැඩ ගන්න පුළුවන්. බ්ලොග් එක බලන්න එන අයට ඔයා ඉන්න තැන පෙන්නන්න මේක තමයි හොඳම විදිය. තම තමන්ගේ බ්ලොග් වල තමන් ඉන්න තැන පෙන්නලා Map එකක් දාපුවම ඔය අහල පහළ ඉන්න යාළුවන්ට එහෙම සෙට් වෙන්නත් බැරියෑ නේ. Blogger Profile එකේ අපේ තැන හරියටම කියන්න විදියක් නෑ නොවැ. ඉතින් අපිට එකිනෙකා අඳුනගන්න මේක හොඳ ක්‍රමයක් වේවි.

            රයිට්... කථා ඇති... දැන් බලමු මේ ගැජට් එක අපේ බ්ලොග් වලට දාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලගේ කොම්පීටරේ on කරගෙන, net connection එකත් Ok කරගෙන, බ්‍රව්සර් එක එහෙම load කර ගන්නකෝ... හොඳයි, දැන් ඔයාලා maps.Google.com අඩවියට යන්න ඕනේ. වැඩේ අමාරු නෑනෙ. තේරෙන්නෙම නැත්නම් ඉතින් Google Maps කියලා search එකක් දාන්නකෝ. රයිට්... ඔයාලා ඔය page එකට ගියාම Map එකක් load වෙලා තියෙයි.


දැන් ඔය Map page එකේ උඩම තියෙන search box එකේ ඔයාලට ළඟම ටවුන් එකේ හරි හන්දියේ හරි නමක් දෙන්න. කොළඹ නම් ඕනෙම පාරක්, ඕනෙම ගමක් ගහපු ගමන් එනවා. ඔයාලා ඉන්න හරියේ, ඔයාට ළඟම තියෙන ප්‍රසිද්ධ නගරය / හන්දිය දුන්න නම් හරි. ඒක හරි යන්නේ නැත්නම්, ඊට වඩා ලොකු ටවුන් එකක් දෙන්න.


            හරියැ...? කොහොමින් හරි ඕක හොයාගත්තා කියමුකෝ... දැන් ඉතින් ඉන්නේ තමන්ගේ වැයික්කියේ නොවැ. Map එකේ පෙන්නන පාරවල් හුරු පුරුදු ඇති / අඳුන ගන්න පුළුවන් ඇති. දැන් ඔය ටවුන් එකෙන් තමුන්ගේ පාරට වැටිලා, අතුරු පාරවල් වලිනුත් හැරිලා ගිහින් ගෙදරට යන පාර හොයාගන්න. Map එකේ උඩ දකුණු කෙලවරේ තියෙන Map බොත්තමෙන් 2D Map එකත්, satellite බොත්තමෙන් චන්ද්‍රිකා දර්ශණත් ලබාගන්න පුළුවන්. Map දාගත්තම ලේසියි. ගේ හොයාගන්න අමාරු නම් satellite දාලා අහල පහල ටිකක් සෝදිසි කරලා බලන්න.

  
Zoom controls වලින් Map එක ලොකු-පොඩි කරගන්න පුළුවන්. එතනදී Map එක load වෙන්න ටික වෙලාවක් යයි. ලංකාවේ ඉපදුනු නිසා ඒ දුක ඉවසන්න වෙනවා. රයිට්... දැන් ඔයාලා ඉන්න තැන හොයාගෙන ඉවරයි. ඔයාලගේ ඒ තැන Map එකේ මැද්දට වෙන්න pan කරගන්න. Arrow key වලින් හා mouse drag කිරීමෙනුත් pan කරගන්න පුළුවන්. ඔය ළඟ පාත තියෙන, හැමෝම වගේ අහල පුරුදු ප්‍රසිද්ධ ටවුන් එකක් හරි කීපයක් හරි ඇහැ මානේ පේන්න තියෙන විදියට Map එක Zoom කරගන්න. එතකොට කට්ටියට පාර ‍හොයාගන්න ලේසියි. මතක ඇතුව ඔයාගේ ගේ Map එකේ මැද තියන්න ඕනේ. හරි...

දැන් අපි ගැජට් එක හදාගන්නයි යන්නේ. Map page එකේ උඩ දකුණු කෙලවරේ අර බට්න් වලට උඩින් ඇති link කියලා එකක්. ඒක click කලාම අළුත් page එකකට එනවා. මේ page එකෙන් ඔයාලගේ බ්ලොග් එකට ගැලපෙන ප්‍රමාණෙකට Map එක size කරගන්න පුළුවන්.
 
“custom” තේරීමෙන් ඔයාලගේ sidebar එකේ ප්‍රමාණයටම Map එකේ උස හා පළල හදාගන්න පුළුවන්. අවශ්‍ය නම් මෙතන තියෙන පොඩි Map preview එකෙන් ආයෙත් Zoom එක හදාගන්නත් පුළුවන්. සැකසීම් ඔක්කොම ඉවර වුනාට පස්සේ පහත ඇති box එකේ ඇති HTML Coding එක copy කර ගන්න. වැඩේ තාම ඉවර නෑ. ඒක නිසා හදිස්සියක් වුනොත් කියලා මේ page එක close නොකර තියාගන්න.
 
අපි දැන් Code එක හදාගත්තා. ඊළඟට මේක අපේ බ්ලොග් එකට දාගන්න ඕනේ. ඒ ටික නම් කියන්නත් දෙයක් නෑ නේද... කො‍හොම වුනත් දන්නෙම නැති අය වෙනුවෙන් ඒ ටිකත් කියනවා. Blogger site එකට ගිහින් ඔයාලගේ blog account එක‍ට log වෙන්න. Dashboard එකෙන් Design >>> Page elements යන්න. Sidebar එකේ හරි, වෙන ඕනෙම තැනක හරි තියෙන Add Element link එක click කරන්න. එතනදී එන ලැයිස්තුවෙන් HTML/JavaScript දීලා ඒ ලැබෙන විජට් එකේ code box එකට අර කලින් Map page එකෙන් copy කර ගත්ත Code එක paste කරගන්න. දැන් save දීලා ඔයාලගේ බ්ලොග් එකට ගිහින් බලන්නකෝ කොහොමද කියලා...
 
  
දැන් ඔයාලගේ යාළුවන්ට ඔයා ඉන්න තැන ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. නිකම්ම නිකං වචන ටිකකින් address එක කියනවට වඩා මේ ක්‍රමේ නියමයි නේද ? දැක්ක ගමන් පේනවනේ කොහෙද ඉන්නේ කියලා. ආසයි... ලේසියි...! මගේ බ්ලොග් එකෙත් දකුණූ පැත්තේ Sidebar එකේ පහළට වෙන්න ඔය කියපු විදියට Google Map එකක් දාලා තියෙනවා. බලන්නකෝ මගේ තැනට පාර හොයාගන්න පුළුවන්ද කියලා. තම තමන්ගේ බ්ලොග් වලට මේක දාගෙන මටත් comment එකකින් කියන්නකෝ. මමත් ඔයාලගේ බ්ලොග් පැත්තේ ඇවිත් බලන්නම් ගෙවල් තියෙන්නේ කොහෙද කියලා. 

හොඳයි නේද වැඩේ...! එහෙනම්... ජයවේවා !!! අපි ගියා...





3 comments:

  1. හොඳයි හොඳයි අනාගතේදී බලන්න ඕන ඔය වගේ ගැජට් දාගන්න

    ReplyDelete
  2. ලෝඩ් වෙන්න පරක්කු වෙන එක තමා කේස් එක ........

    ReplyDelete
  3. @ Bindi: ප්‍රතිචාරයට ස්තුතියි බින්දි අක්කේ...

    @ කල්හාර : මට නම් ඒ තරම් කේස් නෑ (මොබයිල් කනෙක්ෂන්). කොහොමත් මමත් ළඟදී ඕවා පොඩ්ඩක් එහෙට මෙහෙට දාලා වෙනසක් කරන්න ඉන්නේ. ප්‍රතිචාරයට ස්තුතියි සහෝ...

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...