Wednesday, September 26, 2012

- ශ්‍රවණ තත්ත්වයට හානි නොකර ශබ්ද ගොනු හකුලවන FLAC -


      ශබ්ද ගොනු පිළිබව කථා කරන විටදී දත්ත හැකිළීම (Audio Compresson)  පිළිබඳ ද කථා නොකරම බැරිය. ඒ, සම්පීඩනය නොකරන ලද ශබ්ද ගොනු ගබඩා කිරීමේදී අධික ධාරිතාවයක් වැය වන නිසායි. ශබ්ද ඉංජිනේරුවන් විසින් උසස් තත්ත්වයේ ශබ්ද ගොනු මාදිලිය  ලෙස සලකන .WAV ගොනු මාදිලියේදී එක් විනාඩියක් සහා මෙගාබයිට 10 ක ඉඩක් වැයවේ. ආකාරයෙන් ගීතයක් පටිගත කළවිට එය මෙගාබයිට 50 කට ආසන්න ධාරිතාවයක් ගනු ඇත. මේ අධි-ධාරිතාවයකින් යුත් ශබ්ද ගොනු සහා විකල්පයක් ලෙස MP3, WMA ආදී ගොනු මාදිලි වඩාත් ජනප්‍රිය විය. ඒ ඒවායේ අඩු ධාරිතාවය නිසායි.
MP3 ගොනුවක් Wav ගොනුවක් මෙන් දස වාරයක් හැකිලිය හැකි අතර ගීතයක් සහා වැයවන්නේ මෙගාබයිට 5 ටත් අඩු ධාරිතාවයකි. එහිදී සිදුවන්නේ ශබ්ද ගොනුවේ ඇති සමහර සංඛ්‍යාත කොටස් ඉවත් කර දැමීමක් වන නිසා මේ සම්පීඩිත ශබ්ද ගොනු වල ශ්‍රවණ තත්ත්වය අඩු මට්ටමක පවතී.

ශ්‍රවණ තත්ත්වය නොවෙනස් වන පරිදි ශබ්ද ගොනු හැකිලිය හැකි තාක්ෂණයක් වන FLAC ගොනු මාදිලිය (Free Losless Audio Codec) පැමිණෙන්නේ අඩු ධාරිතාවයකින් හා විශිෂ්ඨ ශ්‍රවණ තත්ත්වයකින් යුත් ශබ්ද ගොනු මාදිලියක් වශයෙනි. එහිදී මුල් ශබ්ද ගොනුවේ ශ්‍රව්‍ය ප්‍රමිතියට හානියක් සිදු නොකර අදාල ගොනුවේ දත්ත ධාරිතාවය අඩු කරනු ලබයි.


විනාඩි 9 ක් දිවෙන ශ්‍රව්‍ය පටිගත කිරීමක් MP3, Wma හා FLAC යන සම්පීඩිත ගොනු මාදිලි වලට හැරවූ විට ලැඛෙන ශබ්ද ගොනුව එක් එක් ගොනු මාදිලියේදී එකිනෙකට වෙනස් ධාරිතාවයන් පෙන්වයි.  මෙහිදී සම්පීඩනය නොකරන ලද මුල් ගොනුව (.Wav) මෙගාබයිට 92 ක් වූ අතර, FLAC ගොනුව මෙගාබයිට 40.5 ක්ද, 320 Kbps ආකාරයේ MP3 ගොනුව මෙගාබයිට 20.8 ක්ද විය. මෙහිදී පෙනෙන්නට ඇති කරුණ වන්නේ FLAC ගොනුව මුල් Wav ගොනුවේ ධාරිතාවය මෙන් අඩක් වන බවත්, නමුත් MP3 ගොනුවේ ධාරිතාවය මෙන් දෙගුණයක් වන බවත්ය.

FLAC ගොනු භාවිතය පළිබ ඇති එක් ගැටළුවක් වන්නේ වින්ඩෝස් මීඩියා ප්ලේයර් හා අයි-ටියුන්ස් වැනි ප්‍රමුඛ ගීත මෘදුකාංගයන් සහා තවමත් FLAC ගොනු සහාය නොමැති වීමයි. කෙසේ වෙතත් තෙවැනි-පාර්ශව මෘදුකාංගයක් ස්ථාපනය කිරීම මගින් FLAC ගොනු ධාවනය වන ලෙසට සකස් කරගත හැකියි. බහු-මාධ්‍ය ගොනු මාදිලි සියල්ලම පාහේ ධාවනය කල හැකි ලෙස සැකසූ Multimedia Codec Pack එකක් ස්ථාපනය කිරීමෙන් FLAC සහාය ලබාගත හැකියි. කෙසේ වුවත් FLAC ගොනු සහා හොඳින්ම සහාය දක්වන ප්ලේයරයක් ලෙස වින්ඈම්ප් (WinAmp) මෘදුකාංගය හැඳින්විය හැකියි. එමගින් FLAC ගොනු වාදනය කිරීමට අමතරව, වෙනත් මාදිලිවල ශබ්ද ගොනු FLAC මාදිලියට හැරවීමට ද පහසුකම් සලසා දේ.

FLAC ගොනු මාදිලිය සංවර්ධනය කරනු ලැබුවේ ජෝෂ් කෝල්සන් විසින් වන අතර එය එළි දක්වනු ලැබුවේ 2001 වසරේදීයි. මෙය කර්තෘ අයිතීන් නැති, විවෘත ගොනු මාදිලියක් වන අතර සම්පූර්ණයෙන්ම නොමිලයේ භාවිතා කළ හැකියි. ශබ්ද ගොනු Tag කිරීමට , එක් එක් ගොනුව සහා කුඩා ඉමේජයක් (Album Cover) එකතු කිරීමට FLAC ගොනු මාදිලියේ පහසුකම් ඇත.





7 comments:

  1. අදමයි ඇහුවෙත්... ස්තූතියි මේ ගැන කිව්වට. ඒත් මම නම් ඕවත් එක්ක වැඩි භජනයක් නෑ..

    ReplyDelete
  2. @ සෙන්නා :
    ඔව් ඉතින් සහෝ, හැමෝටම ඕකෙන් ඇති වැඩක් නෑ තමා... MP3 තිබ්බම මදෑ... ස්තුතියි ඇවිත් ප්‍රතිචාරයක් තියලා ගියාට...! ජය !!!

    ReplyDelete
  3. FLAC අසා තිබනුද මෙවන් විස්තර නොදැන සිටියෙමි !

    ReplyDelete
  4. මමනම් අදමයි ඇහුවේ...

    ReplyDelete
  5. එළ දාලා බලන්න ඕනේ...

    ReplyDelete
  6. ඕනෑම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් විදිහට ඔබ කරුණු ටික ලියල තියනවා..
    ඔබ මේ අංශය හදාරනවාද??
    බොහොම ස්තුතියි මේ වගේ ලිපි ලියවෙනවට.
    ඔබට ජයෙන් ජය!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...