Sunday, September 16, 2012

- 2013 දී එන DDR4 මතක පත් (DDR4 RAM) -


      පරිගණක මතක් පත් (RAM) තාක්ෂණය ද අන් සෑම තාක්ෂණ ක්ෂේත්‍රයක් සේම අධි-වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්‍රයකි. දෙගුණයක දත්ත වේගයක් සමගින් 2000 වසරේදී එළි දුටු DDR තාක්ෂණය DDR2 හා DDR3 ලෙස මේ වන විට විශාල ප්‍රගතියකට ලක්ව ඇත. වර්තමානයේදී DDR3 මතක පත් සෑම උපාංගයකම පාහේ ක්‍රියාත්මක වනු දැකියි හැකියි. ඒ එහි අඩු මිල, ඵලදායිතාවය හා සුලභතාවය නිසායි. DDR3 තාක්ෂණයට වඩා බොහෝ සෙයින් වැඩි දියුණු කරන ලද නවතම තාක්ෂණයෙන් යුත් මීළඟ පරපුරේ මතක පත් ලෙස DDR4 වර්ගයේ RAM එළි දැක්වීමට සූදානම් බව දැන් වාර්තා වේ.


සැම්සුන් සමාගමද පසුගිය වසරේ ප්‍රකාශ කර සිටියේ 2012 වසර අවසාන වන විට මේ නව RAM වර්ගය වෙළඳපොලට නිකුත් කරන බවයි. දැන් DDR4 බලාපොරොත්තුව තවත් අළුත් කරවමින් සුප්‍රසිද්ධ RAM නිෂ්පාදක සමාගමක් වන මයික්‍රොන් (Micron) සමාගම විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම වසර අවසානය වන විට සිය DDR4 මතක පත් වෙළඳපොලට නිකුත් කිරීමට සියල්ල සූදානම් බවයිඒ අනුව එළෙඹෙන 2013 වසර DDR4 හි ආරම්භය සනිටුහන් කරන වර්ෂය වනු ඇත.


30nm තාක්ෂණය මත පදනම්ව නිර්මාණය වී ඇති මේ නව DDR4 මොඩියුලය නොයෙකුත් පරිගණක උපාංග සඳහා ගැලපෙන පරිදි RDIMMs, LRDIMMs, 3DS, SODIMMs හා UDIMM යන මාදිලි රැසකින් නිෂ්පාදනය වනු ඇති. තත්පරයට මෙගාබිට් 2400 ක් (2400 Mbits) තරම් වූ දැවැන්ත දත්ත සම්ප්‍රේෂණ වේගයකින් යුත් මෙහි වේගය ඉදිරියේදී 3200 Mbits දක්වා වැඩි දියුණූ කිරීමට මයික්‍රොන් සමාගම බලාපොරොත්තු වේ. DDR3 හි භාවිතා වූ 1.5v විදුලි අගය වෙනුවට DDR4 හිදී භාවිතා වනු ඇත්තේ 1.2v තරමේ අඩු විදුලියකි. මෙමගින් පරිගණක උපාංගයන්හි විදුලි පරිභෝජනය අඩු කිරීමට උත්සාහ ගෙන තිබේ.

 DDR3 තාක්ෂණයේදී 512 MB සිට 8 GB දක්වා පැවති මතක පත්හි ධාරිතාවය මෙම නව DDR4 මතක පත් සමග 2 GB සිට 16 GB දක්වා වැඩිවී තිබේ. ඝඨිකා වේගය (Clock Speed) පෙරට වඩා දෙගුණ වී ඇති අතර උපරිම අගය 1600 MHz ලෙස දක්වා තිබේ.


DDR4 මතක පත් ඔබගේ ඩෙස්ක්ටොප් පරිගණකය වෙත එකතු වීමට නම් තරමක කාලයක් ගතවනු ඇති බව පෙනේ. පළමුව ව්‍යාපාරික ආයතන වෙතටත්, පසුව අල්ට්‍රාබුක් හා ටැබ්ලට් වැනි ජංගම උපාංග සඳහාත් DDR4 RAM නිකුත් කෙරෙනු ඇතඉන් අනතුරුව ඩෙස්ක්ටොප් පරිගණක මවුපුවරු සඳහා උචිත DDR4 මතක පත් නිකුත් කෙරේ. කෙසේ වුවත් පරිගණක පද්ධති මතකයේ අනාගත හිමිකරුවා සිය දොරට වැඩුම සඳහා පෙරමග බලා සිටින බව පැහැදිලි කාරණාවකි...





17 comments:

  1. මට දවසක් ඔය රැම් එක්ක සංසාරේ එපා උනා දැන් DDR2 රැම් හොයා ගන්ඩ නෑ නෙව.. එතකොට DDR3 ආපු කාලේ.. දැන් නම් DDR4 ඇවිත් නිසා කොම්පීතරේ විසික් කරන්ඩ වෙයිද මන්දා...

    මොනා උනත් මේ දෙවල් දැනගෙන ඉන්න එක වටිනවා...

    ReplyDelete
  2. ela Lipiyak Thanks.! athakota dan DDR2 Ram gahana Pc akkta Oya DDR4 gahana Puluvnda ?

    ReplyDelete
    Replies
    1. Pissu hedenawa Anusha. Compitare wisikaranna thamai Senne.

      Delete
  3. මචන් චතූ මෙන්න මේව ගැනත් පැහැදිලි කරල පෝස්ට් එකක් දාපන් RDIMMs, LRDIMMs, 3DS, SODIMMs හා UDIMM .. ඒ වගේම clock speed එක ගැනත් කියල දියන් මචන්....

    ReplyDelete
  4. tks බ්‍රෝ.....!ඔයාගේ අනාවැකිය හරි, මේ..යන විදියම ඒබව මනාව ඔප්පුකරනවා.

    ReplyDelete
  5. @ ධනූ :
    තැන්කූ තැන්කූ !!!

    @ මධූ :
    DDR3 Ram ටිකක් ගණන් බහියි... ඊටත් ටික කාලෙකට පස්සේ එව්වටත් වෙන්නේ DDR2 වලට වෙච්ච දේම තමා... අපිටත් වෙන්නේ තියෙන Mother Board එක අයින් කරලා අළුත් එකකට මාරුවෙන්න. ස්තුතියි සහෝ ඇවිත් ගියාට...!

    @ Anusha :
    //DDR2 Ram gahana Pc akkta Oya DDR4 gahana Puluvnda ?//
    පැහැදිලිවම උත්තරය බැහැ... තාක්ෂණ ක%ම දෙක වෙනස්... පින් ගාන වෙනස්, Instruction Set එක වෙනස්... ඒ නිසා DDR4 වලට Support කරන Chipset එකක් තියෙන් මදර්බෝඩ් එකක් ගන්න වෙනවා...

    ස්තුතිය ප්‍රතිචාරයට ! ජය !!!

    @ Deutscher :
    :P

    @ Ano :
    ඔයාගේ ඉල්ලීම කමෙන්ට් එකෙන් කරන්න බැරිවීම ගැන කණගාටුයි. මොකද ඕක ටිකක් ගැඹුරු වැඩි නිසා... අනෙක තව කරුණු ටිකක් හොයන්නත් ඕනේ...

    RDIMMs - Registered Dual In-line memory module
    UDIMM - UNRegistered Dual In-line memory module
    මේ දෙකම සාමාන්‍ය භාවිතයේ ඩෙස්ක්ටොප් වලට පාවිච්චි වෙන ඒවා...

    LRDIMMs පාවිච්චි වෙන්නේ ගොඩක්ම ලොකු RAM ධාරිතාවක් ඕනේ කරන සර්වර් වලට.
    3DS - three-dimensional stacking මේක මයික්‍රෝන් ලා කියන විදියට අළුත් ත්‍රිමාන RAM ක්‍රමයක්...

    SODIMMs කියන්නේ සාමාන්‍ය DRAM වලම පොඩි සයිස් එක. ලැප්ටොප්, නෙට්බුක් සහ සමහර ප්‍රින්ටර්, රවුටර් වල වගේ පොඩි ප්‍රමාණයේ පරිගණක උපාංග වල තමා මේවා පාවිච්චි වෙන්නේ...

    clock speed එක කියන්නේ ප්‍රොෙසසරයක් තත්පරයකට ක්‍රියාත්මක කරන උපදෙස් ප්‍රමාණය. RAM එකකදී නම් ප්‍රොෙසසරය හා රැම් එක අතර හුවමාරු වෙන උපදෙස් ප්‍රමාණය. ඒකට Front side bus (FSB) කියලත් කියනවා... ඒ වේගය මනින්නේ මෙගා හර්ට්ස් වලින්... (MHz) DDR3 රැම් එකක සාමාන්‍ය clock Speed එක 1333 MHz වගේ වෙනවා...

    යන්තන් උත්තරයක් දුන්නේ.. බොහෝ විට විස්තර ඇතිව පෝස්ට් එකක් දාන්න බැරිවෙන නිසා... මදි වගේ නම් සමාවෙන්න... ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට. ජය !!!

    @ Desha :
    Thank You !!!

    @ ශ්‍රීනාත් :
    අනාවැකිය කිව්වේ 2021 කම්පියුටර් ගැනද ? මේ යන විදියට ඊට කලින් අනාවැකිය හරි යයිද මන්දා !!! ස්තුතියි සහෝ ඇවිත් ගියාට. ජය !!!

    ReplyDelete
  6. ලෝකෙ දියුණු වේගන දියුණු වේගන, පුංචි වේගන පුංචි වේගන යනවා නේද ?

    ReplyDelete
  7. අපූරු ලිපියක්!
    ජය!

    ReplyDelete
  8. අලුත් අලුත් තාක්ෂණික තොරතුරු ගේනවට බොහෝම ස්තුතියි.

    පුලුවන්නම් වෙබ් සයිට් ඩිසයින් සහ පබ්ලිෂින් ගැන ලියන්නකෝ.

    ජය වේවා!

    ReplyDelete
  9. @ සෙන්නා :
    හ්ම් ඇත්ත, ඒත් සෙන්නා සහෝ, ඔයාගේ අදහස දෙතුන් පාරක් කියවන කොට ඒකේ යටින් තියෙන අර්ථයකුත් මගේ ඔළුවට ආවා...!!!

    @ හිරු හිමාවි :
    ස්තුතියි සහෝදරී !!! ජය !

    @ සංජි :
    සහෝදරීටත් බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට...
    //පුලුවන්නම් වෙබ් සයිට් ඩිසයින් සහ පබ්ලිෂින් ගැන ලියන්නකෝ.//
    මම ඔය විෂයය ගැන දන්න දෙයක් නෑ සහෝදරී... යාන්තන් බ්ලොග් එකක් අටෝගන්න දන්නවා ඇරෙන්න...

    ඔයාට පුළුවන් w3schools වගේ තැනකින් පටන්ගන්න.

    ReplyDelete
  10. අයියෝ.. ආයෙත් මදර්බෝඩ් මාරු කරන සෙල්ලම පටන් ගන්නවෙයි වගේ... වෙලාවට කිව්වේ!

    ReplyDelete
  11. මොකක්ද ඒ යටින් තියන අර්ථයක් කිව්වෙ ?

    ReplyDelete
  12. @ සෙන්නා :
    ඇයි සහෝ, ලෝකේ කොච්චර දියුණූ වුනත් මනුස්සකම පුංචි වීගෙන යනවා නේද ?

    ReplyDelete
  13. ඒක නම් සහතික ඇත්ත..දියුණුව වැඩි වෙන්න වැඩි වෙන්න මනුස්සකම අඩු වෙලා යනවා තමා..මොනවා කරන්ඩද අපි හැමෝම ඒවයෙ ගොදුරු වෙලා.. මම නම් හැකි හැම වෙලේම මනුස්සකම රැකගෙන කටයුතු කරන්ඩ උත්සහා කරනවා..

    ReplyDelete
  14. චතූ පුලුවන්නං ලියහන්කෝ Reram(Resistance RAM),nano-ram,SLC NAND,MLC NAND,TLC NAND,Clear NAND,eMMC,Serial NAND,MCP,PCM(Phase Change Memory) ඔන්න ඕව ගැන සුපිරියටම ලියපන්කෝ බ්ලොග් පෝස්ට් එකක්...මේව ගැන සිංහලෙන් තියෙන කරුණු අඩුයි බන්


    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...