Monday, February 27, 2012

- සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ -


      අභිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින් කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්න දෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...

  
පිලිපීනයේ චොකලට් නිම්නය

Chocolate Hills

කේතු හැඩැති කුඩා කඳුගැට වැනි වස්තූන් 1,770   පමණ මේ නිම්නයේ අඩංගුවේ. මේ අසාමාන්‍ය භූ පිහිටීමට හේතුව තාමත් භූ විද්‍යාඥයන්ට නම් අභිරහසක්. මේ අපුරු කේතු වර්ග කිලෝමීටර 50 ක් පුරා විහිදී පවතිනවා.


නවසීලන්තයේ මොවුරකි කළුගල් පර්වත

 Moeraki Boulders 1

නවසීලන්තයේ දර්ශණිය කොයිකොහේවෙරළ පුරා විසිරී ඇති මේ කළුගල් බෝල සංචාරකයන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වන දසුනක්. මේවා දුර්ලභ ඛනිජයකින් තැනී ඇති බවයි පැවසෙන්නේ. ඒ මීට අවුරුදු මිලියන 26 කට පමණ පෙරයි.


ඕස්ට්‍රේලියාවේ කොත් කනු කාන්තාරය

 Pinnacle Desert

හුණුගල් හා වැලිගල් කණු දහස් ගණනක් මේ කාන්තාරය පුරා විසිරී තිබේ. මේ කණු සමහරක් මීටර් හතරක් පමණ උස්වේ. මේ ආකාරයේ තවත් අමුතු ආකාරයේ පර්වත පිහිටීම් ඕස්ට්‍රේලියාව පුරාම පිහිටා ඇති අතර ඒ අපූරු පිහිටීම් ජනප්‍රිය සංචාරක ස්ථාන බවට පත්වී තිබේ.


චීනයේ පාෂාණ වනාන්තරය

 Stone Forest

දකුණු චීනයේ වර්ග කිලෝමීටර 500,000 ක් පුරා පැතිරුනු භූ ලක්ෂණ අඩංගු මේ භූමිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබේ. මේ පාෂාණ කණු වල හැඩතල හා වර්ණ සංකල්නය එකිනෙකට වෙනස් වන අතර සොභාදහමේ තවත් විස්මිත නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකියි.


ඇමරිකාවේ ඇන්ටිලෝප කැනියම

 Antelope Canyon

ඉතා විශ්මයජනක පර්වත පිහිටීම් ඇති ස්ථානයකි. මේ කැනියම ඉහල හා පහල ලෙස කොටස් දෙකකට ඛෙදේ. මේ පර්වත අතරින් ජලය ගලායෑම නිසා මේ අමුතු හැඩය ගෙන ඇතැයි පැවසෙන අතර ඉහල කොටසට වඩා පහළ කොටස ගැඹුරු වන අතර වඩාත් චමත්කාරජනක වේ.

තව පින්තූර නම් තිබුණා. ඒත් දාන්න වෙලාව මදි... ඒ නිසා දැනට මේ ටික බලලා සැනසෙන්නකෝ... මදි වගේ නම් සමාවෙන්න හොඳේ... එහෙනම් ගිහිල්ලා එන්නම්... ජය !!!





24 comments:

  1. මදි නේන්නම්... කාලෙකට පස්සෙ දාපු පෝස්ට් එකනෙ :)

    අවුලක් නෑ, වෙලාව තියෙන විදිහට තව විස්තරත් එක්කම දාපන්කො

    ReplyDelete
  2. ටික ටික දැමීමත් හොඳයි . හොඳට මතක හිටිනවා . සොබා දහමේ අපුරු නිමවුම් මිනිසාට හිතා ගන්න වත් බැහැනේ

    ReplyDelete
  3. වැඩේනම් එළ මචෝ... ඒත් මටනම් මුල පින්තූර ටික පේන්නෑ... අන්තිම එක විතරයි.. මොකද දන්නෑ..

    ReplyDelete
  4. ආ මෙන්න දැන් පේනවා... පිස්සු හැදෙනවා.. සොබාදහම කෙතරම් නිර්මාණශීලිද !

    ස්තූතියි අපිත් එක්ක මේ ටික බෙදා හදා ගත්තට... කවදාවත් දැකලා තිබුන්නෑ.

    ReplyDelete
  5. හරිම අපූරුයි..ඉතුරු ටිකත් පස්සේ වෙලාවක හරි දාන්න පුලුවන්නම් හොඳයි..මේ වගේ දේවල් බලන්න බලන්න ආස හිතෙනවා..

    ReplyDelete
  6. උඩ පිංතූර ටික පේන්නේ නෑ නේ අප්පා...අන්තිම එක විතරයි මට පේන්නේ,,,,

    ReplyDelete
  7. ඇත්තට ම හරි ලස්සන නෙවැ. මමත් හරිම කැමති මාතෘකා 2ක් අබිරහස් හා සොබාදහම. ඒක නිසා ඕං දැන් පස්සෙං ම එනෝ. ඇයි මං මියුසික් වලටත් කැමති නෙව!

    ReplyDelete
  8. තව කොච්චර දේවල් තියනවද සොබා දහමේ අපි නොදන්න, මැරෙනකං තේරුං ගන්න බැරි දේවල් තියනවා සොබා දහමේ ........

    සෑහෙන්න වටින විස්තර ටික .....

    ReplyDelete
  9. මදියෝ..තව දාන්න..දාපු එව්වා නම් අපූරුයි..........

    ReplyDelete
  10. අනේ පුදුම ලස්සනක්,

    ReplyDelete
  11. ස්තුතියි...ඔබට..නොදන්න දෙයක් කියලා දුන්නට...

    ReplyDelete
  12. නියමයි චතුවා... හොද ලිපියක් ..

    ReplyDelete
  13. @ සාතන් :
    කාලෙකට පස්සේ දැම්ම අභිරහස් පෝස්ට් එක. වෙලා නම් මදි තමා සහෝ... ඉඩ තියෙන හැටියට තව දාන්නම් කෝ... ස්තුතියි ප්‍රතිචාරයට...!!!

    @ බින්දි අක්කා :
    ටිකක් දානවට කැමති කියවන්න කම්මැලි කට්ටියලු... හෙ හේ...
    මේ වගේ ඒවා දැක්කම මිනිස් ඉංජිනේරුවන්ගේ විශ්වකර්ම වැඩ මොනවද කියලා හිතෙනවා !

    @ සෙන්නා :
    බොහොම ස්තුතියි සෙන්නා, මොකද පින්තූර අවුල ?
    //සොබාදහම කෙතරම් නිර්මාණශීලිද !// අපිමනේ ඒක කැත කරගන්නේ. සොබාදහම අවුරුදු මිලියන ගාණක් දිස්සේ නිර්මාණය කරන ඒවා ඒ සොබාදහමේම නිර්මාණයක් වුනු මිනිස්සුම විනාශ කරලා දානවා...!!!

    @ සයුරි :
    අපොයි ! මේවට තියෙන ඉල්ලුමේ හැටියට සපයන්න ගියොත් මට යතුරු පුවරුවෙන් අත ගන්න වෙන එකක් නෑ !!! ගොඩාක් අය මේ වගේ පෝස්ට් වලට කැමතියි කියලා මම දන්නවා සයුරි. ඒත් මේ වගේ ලිපි වලට ගොඩක් කාලය ඕනේ... පුළුවන් විදියට පළ කරන්නම් කෝ... ස්තුතියි !!!

    @ නොදුටු :
    මෙයාටත් පින්තූර ලෙඩක් :( බලන්නකෝ පේජ් එක රිෆ්‍රෙෂ් කරලා !!!

    @ බට්ටා :
    ආහ් ! මගේ 200 වැනි “එලවන්නා“ ! බොහොම ස්තුතියි සහෝ... අභිරහස්, සොබාදහම හා සංගීතය තුනම මෙහේ තියෙනවා නොවැ... එකතුවෙලා ඉන්නකෝ... ජයවේවා !!!

    @ කල් :
    //මැරෙනකං තේරුං ගන්න බැරි දේවල් තියනවා සොබා දහමේ// ඒක තේරුම් ගන්න පුළුවන් නිර්වානය වෙනකල් හිත දියුණූ කරගත්තොත් ! අපිට තව ගොඩක් දුරයි බං !
    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට !

    @ හරී :
    හපෝයි ! තව දාන්නම්... අද හෙට නම් බැරියෝ...!
    ප්‍රතිචාරයට බොහොම ස්තුතියි සහෝ !!!

    @ වර්ණෘ :
    හ්ම් ! ඇයි, ලස්සන විතර ද ?

    @ ඇනෝ :
    ඔයාටත් බොහොම ස්තුතියි ඇනෝ !

    @ මඩිස්සලේ නිශාන් :
    අළුතෙන් නේ ??? සන්තෝෂේ බැරුවා, දැන් අළුත් අය ගොඩා......යි !!! ස්තුතියි ඈඃ !!!

    නිලා :
    තැන්කූ මචං !!!

    ReplyDelete
  14. ඒක කරන්නේ කොහොමද.....

    ReplyDelete
  15. @ නොදුටු :
    බ්‍රවුසර් එකේදී F5 key එක ඔබන්න. නැත්නම් Refresh බොත්තම ඔබන්න...

    ReplyDelete
  16. මරු මචන්... අනිත් ටිකත් ඉක්මනට දාන්නෝ...

    ReplyDelete
  17. හරිම ලස්සන තැන් කීපයක්.

    ReplyDelete
  18. පිස්සු හැදෙනවා අප්පා මාරයිනේ හිතාගන්න බෑ අනික් ටිකත් දාමුකෝ

    ReplyDelete
  19. හරිම ලස්සන තැන් වගයක්. මාත් හරිම ආසයි මේ වගේ දේවල් දකින්න. පුළුවන් වෙලාවලට පෝස්ට් ටිකක් දාන්න මේ වගේ ඒවා.

    ReplyDelete
  20. මේකෙ දාල තියන photo නම් මාර ලස්සනයි....මෙහෙමත් තැන් තියනවද කියලත් හිෙතනවා...ඒ තරම්ම අපුරුයි...

    ReplyDelete
  21. පට්ට ප්ලේස් ටික නේ. ඉතුරු ටිකත් දාන්නකෝ.

    ReplyDelete
  22. මචං මාර ලස්සන පින්තුර ටිකක්.ස්තුතියි යාළුවා

    ReplyDelete
  23. ඔක්කොම පට්ටම පට්ටයි චතු අයියේ! හැබැයි එක දෙයක් පට්ට නෑ.. :P පට්ටම පට්ට පෝස්ට් එකක් දෙකක් දාල අපේ කුතුහලය අවුස්සන එකනම් හරිම සවුත්තු වැඩක්!!!!! :D සුපිරි අහ්හ්...

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...