Saturday, February 18, 2012

- අළුත්ම පරිගණක ගැජට් ටිකක් ගැන දැනගනිමු -

      තාක්ෂණය අළුත් වෙන්නේ හරිම වේගෙන්. මේ අවුරුද්දේ අළුතෙන්ම නිපදවන උපාංගයක් තව අවුරුද්දකින් යල්පැන ගිය එකක් වෙනවා. දිනෙන් දින අළුත් වෙන පරිගණක තාක්ෂණික ලෝකයේ අළුත්ම යෙදුම් ගැන දැනුවත් වෙලා නොඋන්නොත් අපිටත් මේ තාක්ෂණේ මැජික් වගේ වේවි. ඉතින් ඒ වගේ අළුත් අළුත් ගැජට් ගැන දැනගන්න ඔයාලත් කැමති ඇති නේද ? ඔන්න එහෙනම් අළුතෙන් එළි දැක්වුනු පරිගණක උපාංග කීපයක් ගැන තමයි මේ විස්තරය...



Philips Muse 3 - පෝටබල් මීඩියා ප්ලේයරය



ස්පර්ශ-සංවේදී තිරයක් සහිත මේ ජංගම ප්ලේයරය නවීන තාක්ෂණයේ අසිරිය විඳින්නට හැකි සුපිරි නිමැවුමක්. අඟල් 3.2 ක ටච්-ස්ක්‍රීන් තිරය මත ඇඟිලි තුඩු හැසිරවීමෙන් මෙනු අතර සැරිසරන්නට, ගීත තෝරන්නට මෙන්ම ශබ්දය අඩු වැඩි කරන්නටත් හැකියි. Ear Phone යුගලක් සහිත මීඩියා ප්ලේයර් වලදී අත් විඳීමට සිදුවන ප්‍රධානම අනතුර නම් අධික ශබ්ද ධාරිතාවයකින් යුතුව ශ්‍රවණය කිරීම නිසා ශ්‍රවණ ආබාධ ඇති වීමට ඇති අනතුරුදායක තත්ත්වයයි. මේ Muse 3 ප්ලේයරය ඒ සඳහා හොඳ විසඳුමක් සපයනවා. ඒ ස්වයංක්‍රීයවම ශ්‍රවණ මට්ටම අනතුරුදායක නොවන මට්ටමක තබා ගැනීමෙන්. මෙය “Safe Sound” ලෙස හඳුන්වා තිඛෙනවා. භාවිතයට පහසු ග්‍රැෆික් ඉක්වලයිසරයකින් ද FM රේඩියෝ හැකියාවෙන් ද  යුතු මේ ප්ලේයරය 8 GB හා 16 GB ලෙස ලබාගත හැකියි. මේ සමග Philips noise isolation (in-ear)  වර්ගයේ ඉයර්ෆෝන් යුගලක් ද ලැබෙනවා.


Nokia 500 ස්මාට් දුරකථනය

මේ නොකියා සමාගමේ තවත් නවතම දුරකථන නිපැයුමක්. ස්පර්ශ සංවේදි ස්මාට්ෆෝන් දුරකථනයක් වන මෙම Nokia 500 දුරකථනය 1 GHz ප්‍රොසෙසරයකින් යුතුයි. එමෙන්ම මෙහි ධාවනය වන්නේ සිම්බියන් ඇනා නම් මෙහෙයුම් පද්ධතියයි. එමෙන්ම වඩාත් වේගයෙන් අන්තර්ජාලයේ සැරිසැරිය හැකි වන පරිදි වේගවත් බ්‍රවුසරයකින් ද යුක්තයි. මෙහි අඩංගු විශේෂතා අතර වීඩියෝ ග්‍රහණය කල හැකි 5 MP කැමරාව, සමාජ-ජාල සඳහා සැකසූ Apps හා Wi-Fi සම්බන්ධතාවය දැක්විය හැකියි. මේ දුරකථනය සමග විවිධ වර්ණයන්ගෙන් යුත් මාරු කල හැකි දුරකථන කවර ද ලැබෙනවා. එමෙන්ම මෙහි දුරකථන තිරය ද (Home Screen) ඔබට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ පහසුකම ද අඩංගුයි.


Canon IXUS 230 HS ඩිජිටල් කැමරාව
Canon සමාගමේ නවතම ඩිජිටල් කැමරාව වන මෙය මෙගා පික්සල 12.1 කින් හා 8X විශාලක බලයකින් (12.1 MP & 8X Optical Zoom) යුක්තයි. 28mm පුළුල් කෝණ (wide angle) කැමරාවක් වන මෙය අධි සංවේදී CCD ප්‍රොසෙසරයකින් හා digic 4 ප්‍රොසෙසරයකින් යුක්තයි. මේ නිසා මේ අළුත්ම ඩිජිටල් කැමරාව අඩු ආලෝක තත්ත්වයන් යටතේ වුවත් හොඳ ඡායාරූපයක් ලබාදීමට සමත්. රූප පෙන්වීම සඳහා අඟල් 3LCD තිරයක්ද මෙහි අඩංගුයි. එමෙන්ම ඡායාරූපකරණය ගැන වැඩි දැනුමක් නැති අයෙක්ට වුවත් මෙම කැමරාවෙන් ලබාදෙන ඉඟි ඔස්සේ හොඳ ඡායාරූපයක් ලබා ගත හැකියි. මෙම කැමරාවට Full HD වීඩියෝ දර්ශන පටිගත කරන්නටත් පුළුවන්.


Viewsonic PJD5223 ප්‍රොජෙක්ටරය
මේ ප්‍රොජෙක්ටරය 120Hz ධාවන සංඛ්‍යාතයකින් යුක්ත නිසා ත්‍රිමාන දර්ශණ සඳහා කදිමට ගැලපෙයි.  ත්‍රිමාන රූපවාහිනියකට ඔබ අකැමති නම් මෙය හොඳ තේරීමක්. කෙසේ වුවත් ත්‍රිමාන දර්ශණ නැරඹීම සඳහා ඔබ ත්‍රිමාණ උපැස් යුවලක් පැළඳිය යුතුයි. මෙම ප්‍රොජෙක්ටරය කිලෝග්‍රෑම් 2.6 ක බරකින් යුත් අතර XGA තත්ත්වයේ පික්සල 1024 X 768 ක විභේදනයකින් යුතුව රූප සම්ප්‍රේෂණය කළ හැකියි. මීටර් 1.2 ක දුරක සිට අඟල් 300 ක පමණ ප්‍රමාණයක දර්ශණ ලබාදීමට මෙය සමත්. එමෙන්ම මෙහි contrast අනුපාතය 3000:1 ක් වන අතර පැය 6000 ක පමණ කාලයක් මෙයට ආලෝකය ලබාදෙන දීප්ත පහන භාවිතා කල හැකියි.


Samsung series 7 Gamer අධි-බල ලැප්ටොප් පරිගණකය



ඩෙස්ක්ටොප් පරිගණක වලට හොඳ පිළිතුරක් දෙමින් ජංගම භාවිතයට පහසු එමෙන්ම සාමාන්‍ය PC එකකට වඩා වැඩි පහසුකම් ලබාදෙන ලැප්ටොප් පරිගණකයක් ලෙස මෙය හැඳින්විය හැකියි. අඟල් 17.3 ක දැවැන්ත 3D තිරයකින් , Intel Core i7 ප්‍රොසෙසරයකින් ද, 8 GB DDR3 RAM මතකයකින් ද මෙය සමන්විතයි. පරිගණක ක්‍රීඩා සඳහා අවශ්‍ය අධි-බලැති වීඩියෝ ධාරිතාව ලබාදීම සඳහා 2 GB මතකයකින් යුත් ATI Radeon HD 6970M වර්ගයේ වීඩියෝ කාඩ්පතකින් මෙය සන්නද්ධ කර තිබේ. මේ වීඩියෝ කාඩ්පත හා 120 Hz සංඛ්‍යාතයේ  SuperBright වර්ගයේ තිරය නිසා බ්ලුටූත් සම්බන්ධතාවය සහිත Active-Shutter වර්ගයේ උපැස් යුවලක් භාවිතා කර ත්‍රිමාන ආකාරයට දර්ශණ නැරඹීමට පුළුවන්. පරිගණක ක්‍රීඩා ලෝලීන් සඳහාම නිපදවා තිබුනත් අවශ්‍ය විටෙක අනෙකුත් කාර්යයන් සඳහා භාවිත කල හැකි අයුරින් ක්‍රියා මාදිලි හතරකින් යුක්තයි.


Fusion Garage Grid10 ටැබ්ලට් පරිගණකය



වෙනස්ම මාදිලියක ටැබ්ලට් පරිගණකයක් වන මෙය nVidia Tergra2 ප්‍රොසෙසරයකින් හා 512 MB RAM මතකයකින් ද යුක්ත වේ. මෙහි බර ප්‍රමාණය ග්‍රෑම් 700 ක් පමණ වේ. එමෙන්ම මෙය ජනප්‍රිය ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වෙනස් කර තැනූ Grid10 නම් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරයි. මෙම ටැබ්ලට් පරිගණකය මත Grid10 Apps මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් Apps ද ධාවනය කළ හැකියි. මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඔබ කරමින් සිටින කාර්යය save නොකර වුවත් පසු අවස්ථාවකදී විවෘත කර වැඩ කළ හැකි වීමයි. තිර ප්‍රමාණය අඟල් 10.1 ක් වන අතර තිර විභේදනය පික්සල 1366 X 768 කි. ගිගාබයිටට් 16 ක අභ්‍යන්තර මතකයකින් ද, මෙගා පික්සල 1.3 ක වෙබ් සහාය සහිත ඉදිරිපස කැමරාවකින් හා මෙගා පික්සල 2 ක පසුපස ප්‍රධාන කැමරාවකින් ද යුතුයි. එමෙන්ම ඇක්සෙලරෝමීටර්, GPS සහාය, ඩිජිටල් මාලිමාව, Wi-Fi හා Bluetooth සබඳතාවය හා HDMI / USB සහායෙන් ද යුතුයි.





21 comments:

  1. ෂඃ මරු බඩු ටික.. ස්තූතියි සහෝ විස්තරයට..

    ඒත් ඔය වගේ නව නිපැයුම් වලට අපේ දායකත්වය අඩු වීම ගැනනම් මට හරිම හිතේ අමාරුවක් තියෙන්නේ..

    ඇයි අපිට එහෙම වෙලා තියෙන්නේ.. ?

    ReplyDelete
  2. mama nam ara phone ekawath aragena mewata dayaka wenawa.

    ReplyDelete
  3. වැඩේ ඉදිරියට යන්න මගෙන් සුබ පැතුම් !

    ReplyDelete
  4. හිත ගියේ නම් කැමරාවට .. කොහෙද ඉතින්. ඩොලර් 180 ක් කොහෙන් හොයන්නද බං?? පෝස්ට් එක එල

    ReplyDelete
  5. මේ වගේ ගැජට් ගැන දැනගන්න මාත් ආසයි ...
    ස්තූතියි ඔබට...

    ReplyDelete
  6. @ සෙන්නා :
    ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයේ නම් ලංකාවේ දායකත්වයක් ඇත්තෙම නෑ වගේ තමා. අපිට නැත්තේ යටිතල පහසුකම් තමයි. නැත්නම් හොඳ මොළ ටිකක් මෙහෙත් ඉන්නවා. ලංකාවෙත් කොහෙද මන්දා සිලිකන් නිධියක් තියෙනවාය, ඒ ආශ්‍රිතව කර්මාන්ත ශාලා දානවය කියලා කියාගෙන ගියා. ඒවත් මන්නාරම් තෙල් වගේද දන්නෑ...!!!

    බලමු ඉතින් ඉස්සරහට වත්, ධනික සහෝල වගේ තව වැඩකාරයෝ මෙහෙත් ඉන්නවා...!
    ස්තුතියි සහෝ ප්‍රතිචාරයට !

    @ නාමල් :
    හෙහ් ! දායකත්වය ඉල්ලුවේ නෑ සහෝ... ගන්න ඇහැක් නම් ඔක්කොම ගත්තත් මොකෝ... සුපිරි බඩු ටිකක් නේ තියෙන්නේ... නොකියා ෆෝන් එක ගන්න හිතුනා නම් නොකියා ලුමියා එකකට ට්‍රයි කරන්න. වින්ඩෝස් OS දුවන්නේ... ප්‍රතිචාරයට ස්තුතියි හොඳේ !!!

    @ බුද්ධික :
    ස්තුතියි සහෝ... ජය !!!

    @ රවින් :
    ඩොලර් 180 කියන්නේ මහ ගාණක් යෑ. රුපියල් 20,000/- ක් විතරනේ !!! නියම කැම් එක හැබැයි. ෆොටෝ ගහන හැටිත් කැමරාවම පුරුදු කරනවා. ස්තුතියි ප්‍රතිචාරයට !

    @ කුමාරයා :
    තව ගැජට් ගැන විස්තර ටිකක් ඉස්සරහට දාන්නම් කෝ... ස්තුතියි ප්‍රතිචාරයට !!! ජය !!!

    ReplyDelete
  7. මටත් ඹයින් එකක් අරන් දියන්කෝ... හොද එකානෙ....

    ReplyDelete
  8. Samsung series 7 Gamer අධි-බල ලැප්ටොප් පරිගණකය
    macan meke gana kiyada

    ReplyDelete
  9. @ ධනූ : :P, අනේ මන්දා !

    @ ella : ලංකාවේ ගාණෙන් නම් 250,000/- වගේ වෙනවා බං... මේකේ 15" එක නම් 2 කට වගේ යන්නේ...

    ReplyDelete
  10. හොදයි හැමෝට ම වටින කරැණු ගොඩක් කියවන්න ලැබුන.මෙවැනි ලිපි තව තවත් ලීවීමට හැකි වේවා!!!!!!!ඔබට තෙරැවන් සරණයි.

    ReplyDelete
  11. ෆෝන් එකනම් නියමයි වගේ.. ටිකක් හොයලා බලන්න ඕන..

    ReplyDelete
  12. නියම පෝස්ට් එක චතුවා , ලැප් එක පට්ට නේද?

    ReplyDelete
  13. ෆෝන් එකට තමා මටත් හිත ගියෙ..

    ReplyDelete
  14. @ දිනේෂ් + නිසූපා :
    ‍ෆෝන් එකනම් හොඳයි තමා... මොනවා වුනත් නොකියා නේ...!

    @ නිලා + මියුරු :
    ලැප්ටොප් එකට හිත වැටිලා වගේ... ලේසි නෑ... ලක්ෂම 2 කට වැඩියි ලු ගාණ...!!!

    @ ඔබ නොදු‍ටු ලොවක් :
    ස්තුතියි සහෝ !!!

    ReplyDelete
  15. හප්පේ අර ටැබ්ලට් එක දක්කමනම් ආසාවේ බෑ..බොහොම ස්තුතියි චතුරංග, වැදගත් ලිපියක්

    ReplyDelete
  16. හීනෙන් ඇඬෙයිද දන්නෙ නෑ බං මේව මතක් වෙලා.

    ReplyDelete
  17. ලැප නම් ගින්දර වගේ ඇති ..

    ReplyDelete
  18. මරු ගජටි ටික....එලම තමා...........

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...