Friday, September 30, 2011

Wireless Hard Disk - රැහැන් රහිත හාඩ් ඩිස්කයක්

GoFlex Satellite Wirelessඩිජිටල් ලෝකයේ නව ප්‍රවනතාවයන් සමග දත්ත භාවිතාවේ ද වෙනස්කම් ඇතිවී තිබේ. පුද්ගල පරිගණකයේ පද්ධති ඒකකයට සවි වී තිබුණු හාඩ් ඩිස්කය, ලැප්ටොප් පරිගණකයත් සමග ඇවිදින්නට හුරුවිය. ඒ කලින්ට වඩා කුඩා, සැහැල්ලූ මෙන්ම කම්පනයන්ට ඔරොත්තු දිය හැකි ලෙස අනුවර්තය වෙමිනි. දැන් ඒ යුගයත් නිමා කරමින් ටැබ්ලට් පරිගණක සමග ඉදිරියට යන්නට සම්ප්‍රදායික හාඩ් ඩිස්කයට නව මං සෙවීමට සිදුවී තිබේ.
Flash Drive හා SSD තාක්ෂණයන් හමුවේ වුවත් තවමත් අඩුම මිලකට වැඩිම ඉඩක් සපයන්නේ සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක තාක්ෂණයයි. මේ නිසා වෙනස්වන අවශ්‍යතා හමුවේ අළුත් වන්නට හාඩ් ඩිස්ක නිෂ්පාදන සමාගම් නිරතුරුව වෙහෙස ගනී. Seagate සමාගම විසින් මෑතකදී හඳුන්වා දුන් රැහැන් රහිත හාඩ් ඩිස්කය එවැනි තවත් විප්ලවීය නිර්මාණයකි.

හාඩ් ඩිස්ක් නිෂ්පාදක සමාගම් අතර අද්විතීය නාමයක් වන Seagate වෙතින් එළි දැක්වුනු GoFlex නම් මෙම රැහැන් රහිත හාඩ් ඩිස්කය ගිගාබයිට් 500 ක (500GB) ධාරිතාවයකින් යුතුයි.  Seagate සමාගම විශේෂයෙන්ම මෙම රැහැන් රහිත හාඩ් ඩිස්කය ඉලක්ක ගත කර ඇත්තේ Apple නිෂ්පාදනයන් වන iPhone, iPod හා iPad වැනි උපාංගයන් සහායි. විශේෂයෙන්ම iPad වැනි විශිෂ්ඨ ටැබ්ලට් පරිගණකය සමග සහයෝගීව කටයුතු කළ හැකි අධි-ධාරිතාවයකින් යුත් ගබඩාකරණ මාධ්‍යයක් ලෙස මෙම GoFlex හාඩ් ඩිස්කය කැපී පෙනේ. මෙවැනි ටැබ්ලට් පරිගණක සාමාන්‍යයෙන් 32 GB හෝ 64 GB පමණ අභ්‍යන්තර ධාරිතාවයකින් යුතු වන අතර ඒවායේ සම්පූර්ණ කාර්ය සාධනය සහා මේ ඉඩ සෑහෙන්නේ නැත. ඒ සහා කදිම විසඳුමක් ලෙස මේ GoFlex හාඩ් ඩිස්කය භාවිතා කිරීමට හැකියි.


මෙම හාඩ් ඩිස්කය සිය දත්ත හුවමාරුව සහා කිසිදු රැහැනක් භාවිතා නොකරයි. මේ නිසා සියළුම දත්ත සන්නිවේදන කටයුතු සිදුවන්නේ 802.11 b/g/n wireless තාක්ෂණය ඔස්සේයි. මේ නිසා රැහැන් රහිත Wi-Fi සන්නිවේදනයට අනුකූල වන ඕනෑම උපාංගයක් සමග ගබඩාකරණ මාධ්‍යයක් ලෙස මෙම GoFlex හාඩ් ඩිස්කය භාවිතා කළ හැකියි. iPad වැනි උපාංගයක් සැලකූ විට මෙවැනි උපකරණයක් නිසා එහි භාවිතාව තවත් පුළුල් වන අතර එහි නියම ප්‍රයෝජනය ද ලබා ගැනීමට හැකිවේ. උදාහරණයක් ලෙසට මෙම හාඩ් ඩිස්කය තුල අධි-විභේදන (Hi-Def) සිනමා පට 300 ක පමණ ප්‍රමාණයක් ගබඩා කල හැකි අතර ඔබ කැමති ඕනෑම තැනක සිට Wi-Fi හරහා ඔබේ කැමතිම සිනමා පටයක් රස විඳීමට හැකියි. ඕනෑම තැනක රැගෙන යා හැකි ආකාරයට ජංගම භාවිතයට උචිත ලෙස මෙය නිමවා ඇති අතර මෙම GoFlex හාඩ් ඩිස්කයට බලය ලබා දෙන්නේ එය තුළ අන්තර්ගත බැටරියක් මගිනි. මේ බැටරිය පැය පහක කාලයක් සහා සෑහෙන අතර standby ආකාරයෙන් පැය 25 ක කාලයක් පවතී.


මේ GoFlex හාඩ් ඩිස්කය සමග ලබාදෙන මෘදුකාංගය මගින් දත්ත හුවමාරු කටයුතු පහසුවෙන් පාලනය කළ හැකියි. අවශ්‍ය නම් ස්වයංක්‍රීයව දත්ත බැකප් වන ආකාරයට සැකසිය හැකි අතර දත්ත හුවමාරුව සිදුවන්නේ ආරක්ෂිත ක්‍රමවේදයකට අනුවයි. ඩොලර් 199 ක සිට ඉහලට මෙම හාඩ් ඩිස්කය මිල කර තිබේ.



අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ - චතුරංග පෙරේරා
රූ පරිගණක සඟරාව - 2011 ජූලි කලාපය
මෙහි ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප Google Image Search ඔස්සේ ලබාගත් ඒවා වන අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.





7 comments:

  1. මට එකක් අරන් දියන්කො........

    ReplyDelete
  2. එළ එළ ඔන්න මටත් එකක් ඕනේ .............:D

    ReplyDelete
  3. මාත් එකක් වෙන් කරව ගත්තා. මම නම් අදමයි දක්කේ.

    ReplyDelete
  4. @ ධනූ / Lion / මධූ:
    තුන්දෙනාටම දෙන්නම්කෝ... බොලා හිතුවද මම හාඩ් ඩිස්ක් දන්සැලක් දුන්නා කියලා...!!!
    ඇවිල්ලා, කැරකිලා බලලා ගියාට තුන්දෙනාටම තුති...!

    ReplyDelete
  5. තුති කියල shape වෙන්න බෑ අඩෝ...HD එකක් අරගෙන දීපන් හරිද....

    ReplyDelete
  6. එහෙනම් මටත් එකක් ඕනේ....

    වැඩේ හොඳ වුනාට ඕකට copy කරන්න ගියාම තමයි එපා වෙන්නේ...

    ReplyDelete
  7. පට්ටනේ අප්පා....
    මටත් එකක් තිබුනොත් නම් හොදා තමා.....
    එත් ඉතින් ලංකාවේ තමා hard disk දන්සල් දෙන් නෑනෙ....
    සල්ලි තමා නැත්තෙ තවම....

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...