Thursday, September 15, 2011

මිනිස් ඇසට හසු නොවන අති දුර්ලභ සත්ත්ව විශේෂ කීපයක්...


Golden Tabby Tigerමිහිමත ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් බොහෝමයක් දුටු මතින්ම අපිට හඳුනා ගන්නට පුළුවන්. පුරුදු - නොපුරුදු ඒ සියළුම සතුන් අතරිනුත් ඔබ කවරදාවත් අසා නැති, දැක නැති අති දුර්ලභ සතුන් කිහිපදෙනෙක් ගැන හඳුන්වා දෙන්නයි මේ සූදානම. රතු දත්ත පොතට අනුව මේ දුර්ලභ සත්ත්ව විශේෂයන් ගෙන් මුළු ලෝකය පුරා ගත්තත් ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් පමණයි. මේ සතුන් දුර්ලභ හා නිතර දකින්නට නොලැඛෙන හේතුව නම් ඔවුන් ඉතා සීඝ්‍රයෙන් වවී යෑමේ අවධානමට ලක්වී තිබීමයි. ඉතින් බලන්නකෝ මේ සත්ත්ව විශේෂයන් ඔයාලත් දන්නවද ? දැකලා අහලා තියෙනවද කියලා...


·         ටාර්සියස් (Tarsiers)

Tarsiers

මේ සත්ත්ව විශේෂය දක්නට ලැඛෙන්නේ ගිණිකොණදිග ආසියාතික රටවල පමණයි. තායිලන්තය, කාම්බෝජය, ඉන්දුනීසියාව හා පිලිපීනය ආදී දූපත් රාජ්‍යවල වාසය කරයි. බෝර්නියෝ දූපත් හි වැඩි වශයෙන් දක්නට ලැබේ. මොවුන් මිනිසුන් ද අයත් වන ප්‍රිමාටේ කුලයට අයත් උනහපුලු විශේෂයක් වන අතර වානර පවුලට නෑකම් දක්වයි. ටාර්සියස් ගේ උස අඟල් හතරත් හයත් අතර පමණ වන මුත් උගේ පසුපස පාද, ක මෙන් දෙගුණයක් පමණ දිගුවේ. ඉතා විශාල ඇස් පිහිටා තිබේ. මොවුන්ගේ ඇති විශේෂත්වය නම් ප්‍රිමාටේ කුලයට අයත් සත්ත්ව විශේෂ අතුරින් සම්පූර්ණයෙන්ම මාංශභක්ෂක සත්ත්ව විශේෂය මොවුන් වීමයි. කුඩා කෘමින් වෙත පැන ගොදුරු කරගන්නා මොවුන් කුඩා කුරුල්ලන්, වවුලන්, කටුස්සන් සහ සර්පයින් ද ආහාරයට ගනී. වවී වි යාමේ අවධානමට ලක්ව ඇති සත්ත්ව විශේෂ අතරට එක්ව ඇති මොවුන්, අභිජනනය කිරීමෙන් මෙතෙක් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට නොහැකිව තිබේ.


·         ඔකාපි (Okapi)

Okapi
මේ අපූරු සත්ත්ව විශේෂය ජිරාෆ් හා සීබ්‍රා යන සත්ත්ව විශේෂයන්ට ළඟින්ම නෑකම් දක්වයි. මේ සත්ත්වයාගේ බෙල්ල කෙටි ස්වභාවයක් ගනී. මොවුන් වර්තමානයේදී දුර්ලභ සත්ත්ව විශේෂයක් වුවත් පුරාණ ඊජිප්තු කැටයම් චිත්‍ර වල පවා මොවුන් දක්නට ලැබී ඇත. ආදි කල්පික සත්ත්වයෙකු ලෙස සැලකෙන මේ සත්ත්වයා ජිරාෆ්ට සමානකම් දක්වන නමුත් සීබ්‍රා මෙන් ඉරි සලකුණුද ශරීරය මත දක්නට ලැබේ. මොවුන්ගෙන් 10000-20000 ත් අතර සංඛ්‍යාවක් ඉතිරිව ඇතැයි සැලකෙන මුත් වනගතව වෙසෙන මේ සත්ත්වයින් දැකගැනීම ඉතාමත් දුර්ලභ කරුණකි.


·         සාඕ ටොම් මීයා (Sao Tome Shrew)

sao tome shrew

මේ සත්ත්ව විශේෂය මී පවුලට සමානකමක් දක්වන අතර අප්‍රිකා ගයනාව ආසන්නයේ පිහිටි Tome නම් දූපතේ පමණක් දක්නට ලැබේ. මේ විශේෂය ප්‍රමාණයෙන් අඟල් 3ක් පමණ වන අතර සුදු පැහැති දත් ද, සුදු පැහැති බඳ ප්‍රදේශයක්ද දක්නට ලැබේ. වාසස්ථාන ක්ෂය වීමත්, ප්‍රමාණාත්මකව ගහණය අඩු විමත් නිසා දරුණු ලෙස වඳ වී යාමේ තර්ජනයට පත්ව සිටී.


·         රතු වෘකයා (Red Wolf)

Red Wolf

අළුවන් වෘකයාට ළඟින්ම නෑකම් කියන විශේෂයකි. 1980 දී පමණ මේ සතුන් කැලෑබදව දක්නට ලැබිනි. වර්තමානයේ මේ රතු වෘකයන් රඳවා තබා ගනිමින් බෝකර හැරීමට පියවර ගෙන තිඛෙන අතර වර්තමානයේ රැඳවුම් භාරයේ 200 කට ආසන්න සත්ත්වයින් ප්‍රමාණයක් සිටින බව වාර්තා වේ. මොවුන්ගෙන් 100 ක් පමණ වනගත වාසය සඳහා මුදවා තිබේ. මොවුන්ගේ දඩයම් ප්‍රදේශ සීඝ්‍රවෙන් සීමා වීම මොවුන් වඳ වී යෑමේ අන්තරායට මුහුණු පෑමට හේතුවයි.


·         උත්තර කේශ-නාසික වොම්බැට්  (Northern Hairy-Nosed Wombat)

Northern Hairy Nosed Wombat
ලෝකයේ ජීවත්වන දැවැන්ත ක්ෂීරපායින් අතරින් දුර්ලභම සතෙක් ලෙස මේ වොම්බැට් විශේෂය සැලකේ. වඳවී යෑමේ අනතුරට මුහුණ පා සිටින මොවුන් අඟල් 39 කටත් වඩා (අඩි 03 කටත් වඩා) දිගින් යුත් අතර සාමාන්‍ය වොම්බැට් විශේෂයන්ට වඩා තරමක් විශාල වේ. වේගයෙන් වර්ගයා බෝ කළත් මොවුන් වඳවී යෑමේ අනතුරින් මිදී නොමැති අතර වර්තමානයේ මේ වර්ගයේ සතුන් 130 ක් පමණ ඇතැයි සැලකේ.


·         සීෂෙල්ස් හි කෝෂ-වලිග වවුලා (Seychelles Sheath-Tailed Bat)

Seychelles Sheath-Tailed Bat

පැසක් වැනි පියාපත් ඇති මේ වවුල් විශේෂය සීෂෙල්ස් දූපත් වල වාසය කරයි. මේ අවට දූපත් වල බහුල ලෙස වාසය කළත් මේ වවුලන් නිතර නිතර වාසභූමි වෙනස් කරන නිසාවෙන් වඳවී යෑමේ අවධානමක සිටී. ලෝකයේම මේ වර්ගයේ වවුලන් 100 ක් පමණ වාසය කරතැයි සැලකේ.


·         ජාවා රයිනෝ (Javan Rhino)

Javan Rhino

මිහිමත වෙසෙන රයිනෝ විශේෂ පහෙන් එකකි. ඉන්දියානු රයිනෝසිරස්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ. ඉන්දුනීසියාව ඇතුළු ගිණිකොන දිග ආසියානු රටවල වෙසෙයි. මොවුන්ගේ ගහනය 60 ක් පමණ දක්වා පහත බැස තිබේ. දැනට රැඳවුම් භාරයේ මෙම වර්ගයේ කිසිදු රයිනෝ සතෙක් නොමැති නිසා අභිජනනය කිරීම පිළිබඳව ද ප්‍රශ්ණකාරී වී ඇත. වියට්නාම් යුද්ධය නිසා මේ සත්ත්වයින්ට තමන්ගේ වාසභූමි අහිමි වීම හේතුවෙන් ඔවුන් වඳවීමේ අනතුරට මුහුණ පා ඇතැයි කියවේ. ලෝකයේ විශාලතම ක්ෂීරපායින් අතුරින් දුර්ලභම සත්ත්වයෙකි.


·         රන් සේද කොටියා  (Golden Tabby Tiger)

Golden Tabby Tiger

ඉතාමත් අලංකාර සත්ත්ව විශේෂයක් වන මොවුන් දැනට දක්නට ලැඛෙන්නේ රැඳවුම් භාරයේ පමණි. මොවුන්ගේ නිලීන ජාන නිසා රන්වන් පැහැය ලැබී ඇති බව පැවසේ. අමූර් ව්‍යාඝ්‍රයා හා බෙන්ගාලි කොටියා මොවුන්ගේ පෙළපතේ ළඟම නෑදෑයින් වේ. වර්ෂ 1900 න් පමණ පසු වනගතව මොවුන් දුටු බවට සාක්ෂි නොමැත. දැනට රැඳවුම් භාරයේ 30 ක් පමණ ඉතිරිව සිටී.


·         යැන්සි නදියේ ඩොල්ෆින්  (Baiji)

Baiji

චීන නදී ඩොල්ෆින් ලෙසද හැඳින්වේ. චීන කාර්මිකකරණය නිසා මේ සත්ත්ව විශේෂය නෂ්ඨ විශේෂයක් ලෙස සලකන්නට යෙදී තිබේ. වර්ෂ 2006 න් පසු මේ වර්ගයේ ඩොල්ෆින් සතෙක් සොයාගත නොහැකිව තිබේ. මොවුන් උපරිම 13 ක් පමණ ඇතැයි ගණන් බලා ඇති මුත් බොහෝදුරට මේ වර්ගයේ සතුන් එකෙකුට හෝ දෙදෙනෙකුට වඩා පැවතිය නොහැකි බව පරිසරවේදින්ගේ අදහසයි.


·         පීනා දූපතේ ඉදිබුවා (Pina Island Tortoise)

Lonesome George

මේ වර්ගයේ ඉබ්බන්ගෙන් ඉතිරිව ඇත්තේ එක් තනි ඉබ්බෙක් පමණි. වසර 100 ක් පමණ වයසැති ඌ ජෝර්ජ් යන නමින් හැඳින්වේ. ගැල්පගෝස් දිවයිනේ සංරක්ෂණ කණ්ඩායම් භාරයේ මෙම සත්ත්වයා දිවි ගෙවයි. ලොව සිටින මේ වර්ගයේ එකම සත්ත්වයා ජෝර්ජ් පමණක්ද යන්න පිළිබඳ සැක පහළ වී ඇති අතර පරිසරවේදීන් උත්සුක වන්නේ මේ තනි සත්ත්වයාට තවත් ගැහැණු සත්ත්වයෙක් සොයා මේ වර්ගය බෝකර ගැනීමටයි.




අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ - චතුරංග පෙරේරා
රූ පරිගණක සඟරාව - 2011 ජූලි කලාපය
මෙහි ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප Google Image Search ඔස්සේ ලබාගත් ඒවා වන අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.






14 comments:

  1. තොරතුරු වලට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  2. හුඟක් වටිනා තොරතුරු ටිකක්.
    Tarsiers ල මගේ දැනීමේ හැටියට උනහපුලු විශේෂයක්. ලංකාවේ උනහපුලුවත් අවදානමට ලක්වූ සතෙක්.
    ඔයා අන්තිමට දාල තියෙන සතා මල්ලියෝ කැස්බෑවෙක් නෙමේ. ඉබ්බෙක්.
    කැස්බෑව - Turtle
    ඉබ්බා - Tortoise

    ReplyDelete
  3. @ අමිල :
    ඔයාටත් බොහොම ස්තුතියි සහෝ කියවලා ප්‍රතිචාරයක් දීලා ගිය එකට...!

    @ Sandamal :
    Thanks Bro. WElcome to the my Blog... Keep in touch..!

    @ පොත් ගුල්ලා :
    තොරතුරු වලට ගොඩාක් ස්තුතියි අයියේ... මම නිවැරදි කිරීම් කලා...එක් එක් සතා ගැන ගොඩක් තොරතුරු හොයන්න වෙලාවක් තිබුනේ නෑ. ඒ නිසා අතපසු විම් වලට සමාවෙන්න...

    ගොඩාක් ස්තුතියි ප්‍රතිචාරයට...! ජයවේවා !!!

    ReplyDelete
  4. ලස්සන පොස්ට් එක . අවුරුදු 100 ක් වයස ඉබ්බාට මනමාලියෙක් හොයන්න දාමුද පත්තරේ ඇඩ් එකක්.

    ReplyDelete
  5. @ බින්දි අක්කා :
    හෙ හේ... හොයාගන්න පුළුවන් ලොකු පිංකමක්... නැත්නම් පව් අසරණයා තනිකඩවම මැරිලා යාවි... හැබැයි බය වෙන්න එපා. තව කල් තියෙනවා... ඉබ්බෝ සෑහෙන කල් ජීවත් වෙනවනේ....

    පුතිචාරයට ස්තුතියි අක්කේ... ! ජයවේවා !!!

    ReplyDelete
  6. iPlus;
    ලිපියට ගොඩක් ස්තූතියි. ගොඩක් දේවල් දැනගත්තා.

    ReplyDelete
  7. අනේ අපේ වැරදි නිසා කොච්චර සත්තුන්ට ඔහොම වෙලා ඇද්ද...:(((
    මොනවා වුනත් හොද තොරතුරු ටික.

    ReplyDelete
  8. මම් මෙවුන්ව දැක්කෙත් අදමයි. ගොඩක් දුර්ලභ එවුන් වගයක් !!!!
    ගොඩක් වටිනවා මෙහෙම හරි මේ සත්තු දකින්න ලැබුනට.

    ReplyDelete
  9. @ iPlus :
    ගොඩාක් ස්තුතියි ප්‍රතිචාරයටත්...

    @ නිසුපා :
    ඔය සහෝදරිත් මේ පැත්තේ ඇවිත් ප්‍රතිචාරයක් තිබපු පළමු පාර නේද ?
    ඇත්තටම මේ ටික දැක්කම හිතට දුකක් ආපු නිසයි බ්ලොග් එකේ දැම්මේ... හැබැහින් නම් කොහොමත් දකින්න බැරිවෙයි මේ යන විදියට... ඒත් ඉතින් රූපෙ හරි බලාගන්න මේකෙන් පුළුවන්නේ...

    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට...ජයවේවා !!!

    @ මධූ :
    ඔව් සහෝ... ගොඩාක් දුර්ලභ සතුන් ටිකක්. අපිට මේ අය බේරගන්න කරන්න දෙයක් නෑ තමයි. ඒත් දැනුවත් කරන්න පුළුවන්...! ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි සහෝ...

    ReplyDelete
  10. අපි කවදාවත්ම නොදැක ඉන්න තිබුණා. ස්තුතියි මෙයාල ගැන විස්තර කිව්වට.

    ReplyDelete
  11. ගොඩක් වටින ලිපියක්......ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට......

    ReplyDelete
  12. වෙන කියන්ඩ දෙයක් නැ ( එල )

    ReplyDelete
  13. නියම සයිට් චතු ලස්සනම වැඩෙ මේක ......///////
    නැවත පැමිණියාට ස්තුතියි. ඔයා අන්තිමට ආවේ 2012 පෙබරිවාරි 10 වැනි සිකුරාදා දින මහ රෑ 01.41 ටයි.
    මේ ඔයා මේ පිටුව බලන්න ආපු 0000001 වැනි වතාවයි.

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...