Wednesday, September 7, 2011

මුහුදු මැද ඔහේ පාවෙන අධි-තාක්ෂණික හෝටලයක්...

ලෝකය පුරාම දක්නට ලැඛෙන නොයෙකුත් ආකාරයේ හෝටල් අතරින් සුවිශේෂී ආකාරයට නිර්මාණය කරන ලද හෝටල් ගොඩනැඟිලි අප හට අරුමයක් නොවේ. ගොඩබිම මත මෙන්ම මුහුද මැද දූපත් වලත්, එතැනින් නොනැවතී දැවැන්ත නෞකාවන් තුලත් අපූර්ව ආකාරයේ හෝටල් ඉදිවී තිබේ. නමුත් මේ සියළු නිර්මාණ සංකල්පයන් අභිබවා යන විප්ලවීය හෝටල් සැලැස්මක් ගැනයි මේ දිග හැරෙන්නේ...


මේ අමුතුම ආකාරයේ හෝටලය ගොඩබිමට කිසිදු සම්බන්ධයක් නැති මුත් දූපතක් මෙන් ස්ථාවරව පිහිටයි. තමාට ආශ්වාස ප්‍රාශ්වාස සහා අවශ්‍ය වායුව, ආහාර බෝග, ජලය හා බලශක්තිය පවා මෙම පද්ධතිය මගින් තනිව නිපදවා ගනී. එමෙන්ම වඩාත්ම වැදගත් වන්නේ අනන්‍ය ජෛවීය ඒකකයක් ලෙස තනිව පැවතීමට මෙම මොඩලයට ඇති හැකියාව හා ඕනෑම ස්වභාවික ව්‍යසනයකින් ආරක්ෂාකාරී වීමට එයට ඇති සුවිශේෂී හැකියාවයි.


Oasis at sea: The Ark hotel concept


Remistudio නම් රුසියානු සමාගමක් විසින් ඉදිරිපත් කර ඇති මේ නව හෝටල් සංකල්පය පාවෙන ආවෘත පද්ධතියකි. ජල ගැලීම්, උදම් තරංග, සාගර මට්ටම ඉහළ යෑම, භූ කම්පන ආදී ස්වභාවික ව්‍යසනයන්ට ඔරොත්තු දිය හැකි පරිදි මේ පද්ධතියේ නිර්මාණ සැකැස්ම සාදා තිබේ. මෙහි පිටත බ ගෝලාකාරව නිමවා ඇති අතර සුවිශේෂී අංගය වන්නේ භූ කම්පන වැනි හදිසි අවස්ථාවකදී මුළු සැකිල්ලේම බර සමානව ඛෙදී යන පරිදි නිමවා ඇති ආරුක්කු හා කේබල පද්ධතියයි. මේ සැකිල්ල නිර්මාණය කිරීම ඉතා පහසුවෙන් හා වේගවත්ව නිම කළ හැකි අතරම එහි ශක්තිය හා දරාගැනීමේ හැකියාව ඉතා ඉහළ බව නිර්මාණකරුවෝ පවසතී.


Oasis at sea: The Ark hotel concept


මෙම සම්පූර්ණ පද්ධතියම ගෝලාකාර ස්වරූපයක් ගන්නා අතර එයින් එක් අර්ධයක් මුහුදු මට්ටමින් පහත පිහිටයි. මේ පහළ අර්ධය තුල පද්ධතිය සහා අවශ්‍ය වන ජලය ගබඩා වන අතර අවශ්‍ය වන බලශක්තිය නිපදවීම වැනි කටයුතු සිදුවේ. ඉහල අර්ධ ගෝලය තුල නේවාසික කාමර හා අනෙකුත් පහසුකම් සපයා ඇත. මෙම කොටසේ විවෘත අවකාශයන්හි ගස්වැල් සිටුවා උද්‍යාන පද්ධතියක් ලෙස අලංකාර කර තිබේ. එමගින් මේ පද්ධතියට ස්වභාවික පරිසරයක් නිර්මාණය වන අතර එහි අභ්‍යන්තර පද්ධතිය  සමතුලිත කිරීම සහාද එයින් සහාය ලැබේ. එමෙන්ම මෙහි බාහිර වැස්ම තුලින් එන ස්වභාවික ආලෝකය මගින් අභ්‍යන්තර කුටි ආලෝකවත් කිරීම නිසා අමතර ආලෝකකරණයක් අවශ්‍ය නොවේ. මේ පද්ධතිය සහා සූර්ය කෝෂ පද්ධතියක් හා වර්ෂා ජලය එක්රැස් කිරීමේ පද්ධතියක් ද ඇතුළත් වේ. එමෙන්ම මෙහි පිටත රාමුව සහා යොදා ඇත්තේ ඉබේම පිරිසිදු වන එතිල්-ටෙට්රා-ෆ්ලෝරො-එතිලීන්  : (ethyltetrafluoroethylene -ETFE)  නම් ප්‍රතිචක්‍රීකරණය කල හැකි තුනී ස්ථරයකි.

Oasis at sea: The Ark hotel concept
ඇතුළත මධ්‍යයේ ඇති අවකාශයේ ගස් සිටුවා ඇති ආකාරය...

Oasis at sea: The Ark hotel concept
ස්වභාවික ආලෝකය හා ස්වභාවික පරිසරය...
Oasis at sea: The Ark hotel concept
ඉදිරිපස පිවිසුම දක්වන ත්‍රිමාන දර්ශණයක්...

Oasis at sea: The Ark hotel concept
මෙම නිර්මාණයේ සැකැසුම...


ජෛව-පාරිසරික කාර්යක්ෂමතාවය හැරුණු විට මෙහි ආකර්ශණීය නැවුම් නිර්මාණ සංකල්පය නිසා මේ නව පාවෙන හෝටල් පද්ධතිය සංචාරක අවධානය දිනා ගනු ඇතැයි මෙහි නිර්මාණ සමාගම විශ්වාසය පළ කර සිටී. විද්‍යා-ප්‍රබන්ධ සිනමා පට වල දක්නට ලැඛෙන ආකාරයේ මෙවැනි විශ්මිත අධි තාක්ෂණික නිමවුමක අත්දැකීම වර්තමානයේදීම විගන්නට ලොව පුරා සංචාරකයන් පුල පුලා බලා සිටිනු නිසැකයි...




අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ - චතුරංග පෙරේරා
රූ පරිගණක සඟරාව - 2011 ජූලි කලාපය
මෙහි ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප Google Image Search ඔස්සේ ලබාගත් ඒවා වන අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.





13 comments:

  1. චහ්... කියවන එක මෙච්චර ආතල් නං ඕකෙ රවුමක් දැම්මම පිස්සු හැදෙයි නේද? කොහොමත් ලෝකෙ සල්ලි වලට කරන්න දේවල් නැති ම්නිස්සු ටිකකුත් ඉන්නවනෙ බං ;-)

    ReplyDelete
  2. @ hare :-)
    ඔව් ඔව් සහෝ... මේක ඉතින් ලංකාවේ අපිට නම් හීන මාලිගයක්ම විතරයි. ඒත් ඉතින් මේකට ගොඩවෙන්න වාසනාව ලබන කෝටිපතියෝ එක්ක, අඩුගානේ මේක දිහා බලලා, කියවලා වත් අපිට සැනසෙන්න බැරියෑ... ස්තුතියි ප්‍රතිචාරයට !!!

    ReplyDelete
  3. මේකත් අර 2012 එකේ මිනිස්සු ටිකකට බේරෙන්න හදපු යානය වගේ නේද . නැත්නම් නෝවාගේ නැව වගේ . නරක නැහැ අදහස . බලමුකෝ අපිත් කෝටිපතියෝ වෙච්ච දාක යන්න ඕකේ..

    ReplyDelete
  4. එල වැඩක්නේ...ඕක තාම තියෙන්නේ පරීක්ශන මට්ටමේද ,නැත්තම් හදලම තියේද ?

    ReplyDelete
  5. 2012 පණ බේරගනන් කරන වැඩක් වගේ :-)

    ReplyDelete
  6. මරු මේ ටික.
    ඕවට යන්න තියෙනවනම් මාරම ගති. ඒ උනාට මාරම ගානක් අය කරයි. ඒවා ඉතින් කොහොම හොයන්නද.

    ReplyDelete
  7. @ බින්දි අක්කා :
    මේකත් ඔයා කියන ජාතියේම arc වර්ගයේ යානාවක්ම තමා. හැබැයි මේකේ මූලික අරමුණ වෙන්නේ 2012ට අභය ස්ථානයක් වෙන එකද කියලා නම් සැකයි. මොකද සුනාමි වලටත් ඔරොත්තු දෙනවා කිව්වට polar Shift වගේ සංසිද්ධියකදී ඇතිවන කිලෝමීටර ගාණක සුනාමි රැල්ලකට නම් මේක ඔරොත්තු දෙයිද මන්දා ? මේකේ පරමාර්ථය පරිසර හිතකාමී වගේම ස්වාධීන පද්ධතියක් විදියට ලෝකයෙන් දුරස් වෙලා වුනත් පවතින්න පුළුවන් විදියට සැලසුම් කරන එක. කොහොම වුනත් මේක රුසියන් නිර්මාණයක් නිසා මේකට යටි අරමුණූ තියෙන්නත් පුළුවන්...

    @ නම දිග චතූ :
    තාම හදලා නම් නෑ. සංකල්පීය මට්ටමේ තමයි තියෙන්නේ සහෝ...!

    @ මගේ මරණය :
    ඉහත බින්දි අක්කට දුන් පිළිතුර බලන්නකෝ... හැබැයි ඉතින් පොඩි කුකුසක් ඇතිවෙනවා තමයි...! ස්තුතියි ප්‍රතිචාරයට...! ජයවේවා!

    @ මධුරංග :
    ඔව් මලේ, අනිවා ගාණ නම් ඉතින් ඩොලර් මිලියන ගණන් වලින් තියෙයි. ඒත් පාඩු නෑ. මුළු ලෝකෙන්ම ඈත් වෙලා, මුහුද මැද්දේ තමන්ගේම අමුතු ලෝකෙක තනිවෙන්න මේක හොඳ අවස්ථාවක්නේ !!! ස්තුතියි ප්‍රතිචාරයක් තිබ්බට...

    ReplyDelete
  8. වටිනවා මචං.....ස්තූතියි බෙදාගත්තට...

    ReplyDelete
  9. අහ්හ්හ් මරු බන්....උබට බැරිද මට ඕකෙන් කෑම එකක් අරගෙන දෙන්න. :P

    ReplyDelete
  10. අයියටත් මාර අයිටම් නෙ අහුවෙන්නේ. මේකත් ඉතින් ෆොටෝ බලල හිත හදාගන්න තමයි වෙන්නෙ. :D

    ReplyDelete
  11. ඕකේ ච්කන් කොත්තුවක් කීයක් විතර වෙයිද??

    ReplyDelete
  12. ruu magazin aka thama tiyanawada.giriulla wage colombo walin ath akenek ganne kohomada. mehe kadekin kiwwa aka dan nawaththala kiyala. mage punchi aprasidda blog ake me blog aka gana poddak sadahan kala. awasara nogena ma.akata kamak nane. meka hari watina thanak obata jaya wewa.
    piyumi

    ReplyDelete
  13. @ Ano (Piyumi) -
    ඇත්තටම ස්තුතියි ඔබ ස‍ඳහන් කළ කරුණ ගැන දැනුවත් කලාට... රූ පරිගණක සඟරාව තවමත් ඉතා හොඳින් පළවෙනවා...! ඔටබ් ප්‍රදේශයේ බෙදාහැරීමේ ප්‍රශ්ණයක් තමයි ඇත්තේ... අදාල වෙළ‍ඳසැල් හිමියා කුමන අරමුණකින් එසේ සඳහන් කලාද දන්නේ නෑ ?

    සහෝදරීගේ ඊ-මේල් ලිපියනයක් සඳහන් කලොත් වැඩි විස්තර දන්වා එවන්න පුළුවන්... මගේ බ්ලොග් එක ගැන ඔබේ බ්ලොග් අඩවියේ සඳහන් කලාට මම අමනාප වෙන්නේ මොකටද, ස්තුති කරනවා මිසක්... ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය ස‍ඳහන් කලා නම් තවත් අගෙයි... ගොඩක් ස්තුතියි කරුණු ටිකට... ජයවේවා !!!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...