Tuesday, July 19, 2011

ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු - World Mysteries


    ලෝකේ දියුණුයි... විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුළුවන්... ඕනෙම ප්‍රශ්නෙකට තාක්ෂණේ උත්තර දෙනවා කියලා හිතාගෙන හිටියට ‍මොකද, මෙච්චර දියුණුයි කියන නූතන මානවයටත් විසඳගන්න බැරි ගැටළු... ලෙහා ගන්න බැරි අවුල්... අගක් මුලක් හොයාගන්නවත් නැති අවස්ථාවන් නම් මේ ලෝකයේ අනන්තයි... අප්‍රමාණයි. මේ ලිපියේ ඡායාරූප එක්ක ඉදිරිපත් කරලා තියෙන වස්තුන් සියල්ලම පැහැදිලි කිරීමක් කරන්න බැරි තරමේ අරුම පුදුම අද්භූත දේවල්. මේවා කොහෙන් ආවද ? කොහොම හැදුවද ? මොකට හැදුවද ? කියන එක තමයි ප්‍රශ්නේ... එනම් බලලම කියවන්නකෝ... මේ තමා ලෝක අභිරහස්...!!!

 1.                  ඊජිප්තු පීරමිඩ කියන්නේ කොහොමත් ඉතින් අභිරහසක්ම තමයි. ඒවා ඇතුලේ තියෙන දේවල් ඊට වඩා අභිරහස්... මේ රූපයත් ඒ වගේ. මේක තියෙන්නේ ‍ඊජිප්තුවේ Dendera වල හාතර් දෙවොලේ. මේ රූප වලින් පෙන්නුම් කරන්නේ යම් ආකාරයක විදුලි බුබුලක් වැනි ව්‍යුහයක් බවයි පැවසෙන්නේ. මේ බල්බ දඟර ගැසුනු වයරයකින් ජෙනරේටරයක් වැනි ව්‍යුහයකට සම්බන්ධ වෙනවා. ඔය බල්බ් එක මැද්දේ සර්පයෙක් වගේ තියෙන්නේ සූත්‍රිකාව නොහොත් ෆිලමන්ට් එක (filament). ක‍්‍රිස්තු පූර්ව ගණන් වල විදුලි බල්බ වගේ තාක්ෂණයක් ගැන ඊජිප්තු වැසියන් දැන සිටියාද යන එක තමයි මෙතන තියෙන අභිරහස...!

 
 ---------------------------------------------------------------------------------

2.                  ඉහත කී ඊජිප්තු රූපයට පොඩ්ඩක් එහායින් තමා මේ වස්තු හතර පෙන්නලා තියෙන්නේ. මේ වස්තුන් හතරම පෙරදී මෙන්ම දඟර ගැසුනු වයරයක් වැනි සම්බන්ධකයකින් තවත් එක් ‍පොදු වස්තුවක‍ට සම්බන්ධ වෙනවා. මේ පොදු වස්තුවේ ව්‍යුහය බැටරියකට හෝ එවන් විදුලි සැපයුමකට සමාන බව තමයි පැවසෙන්නේ. ඔය පහතින් තියෙන රූපෙන් පේන්නේ අර වස්තු දෙකක් මැද තිබෙන ගෝලාකාර ව්‍යුහයයි. මෙමගින් යම් ආකාරයක විද්‍යුත් විසර්ජනයක්, නැත්නම් පුලිඟුවක් වැනි යමක් නිරූපණය කෙරෙනවා. මේක මොකක්ද කියන එක තාමත් හොයාගෙන නෑ.

---------------------------------------------------------------------------------  
 
3.                  මේ තවත් ඊජිප්තු පිරමීඩ අභිරහසක්. ඕගොල්ලෝ දන්නවා ඇතිනේ ඔය පීරමීඩ වල තියෙන රහස් උමං ගැන / රහස් කාමර / රහස් දොරටු ගැන කථා... මේ රූපයේ දැක්වෙන්නේ ඒ වගේ අභිරහස් දොරටුවක්. පුදුමේ කියන්නේ තඹ අත් අල්ලු (handles) දෙකකුත් මේ දොරට දාලා තිබුණත් මේක ඇරෙන්නේ තවත් බිත්තියකටමයි...! Rudolf Gantenbrink ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මගින් මේ දොරටුව සොයා ගනු ලැබුවේ UPUAUT 2 නම් රො‍බෝ පාලක උපකරණයක් මගින් ලබාගත් ඡායාරූපයකින්. Cheops නම් පිරමීඩයේ රැජිණගේ කුටියෙන් දකුණු දෙසට වැටුණු විවරය කෙලවර වසා ගෙන සිටින මේ දොරටුව මෑතකදී විවෘත කරනු ලැබුවා. කවුරුත් බලාපොරොත්තු වුනේ පෞරාණික වස්තු සමූහයක් දකින්න වුවත් එතනින් එහා තිබුනේ හිස් බිත්තියක්...! සමහරු නම් කියන්නේ ඒ බිත්තිය, එහා පැත්තේ තියෙන වෙනත් දොරක පිටුපස ප‍ැත්ත කියලා. මේ වගේම දොරටුවක් රැජිණගේ කුටියෙන් උතුරු දෙසට යන විවරය කෙලවරත් තියෙනවා. ප්‍රශ්ණේ තියෙන්නේ හංගන්න දෙයක් නැත්නම් මේවා මොකට මෙච්චර හංගලා හැදුවද කියන එක තමයි...!
---------------------------------------------------------------------------------  

4.                  මේ රූපයෙන් පේන්නේ පැරණි මිටියක නටබුන්. ඩේවිඩ් බෲස්ටර් කියන භෞතික විද්‍යාඥයෙක් විසින් 1844 දී මේක හොයාගෙන තියෙන්නේ වැලිගල් කුට්ටියක් අස්සේ තිබිලා. බ්‍රිතාන්‍ය භූවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය A.W. මෙඩ් විසින් මේ වැලිගල් කුට්ටියේ කාල නිර්ණය කරන්නට යෙදුනා. දන්නවද කොච්චර පරණද කියලා... අවුරුදු මිලියන 360 ත් 460 ත් අතර ගාණක් මේ මිටිය පරණයි ලු ! ඒ කාලේ කවුද දන්නෑ මේක පාවිච්චි කලේ...!!! 




 ---------------------------------------------------------------------------------  

5.                  මේක දැක්ක ගමන් මොකක්ද ඔළුවට එන්නේ. මිනිස් මූණක් කැටයම් කරපු සිප්පි කටුවක්... 1881 දී මේක හොයාගත්ත භූ විද්‍යාඥ H. ස්ටෝප්ස් ට අනුව නම් මේක තිබිලා තියෙන්නේ එංගලන්තයේ රතු ගල් පරයක. පුදුමේ කියන්නේ ඒක නෙවෙයි, මේ සිප්පි කටුව ප්ලියෝසීන යුගයට අයත් එකක් බව තහවුරු වීමයි. තේරුණේ නෑ නේද... මේක අවුරුදු මිලියන දෙකකට වඩා පරණයිලු...!
---------------------------------------------------------------------------------  

6.                  ආදී කාලීන ලෙදර් බෝලයක් වගේ නේද පේන්නේ. මේ බෝල ලෙදර් බෝල නොවුනත් ලෝක ප්‍රසිද්ධ ඒවා. මේ ලෝහ ගෝල සොයාගෙන තියෙන්නේ දකුණු අප්‍රිකාවේ Klerksdorp නම් ප්‍රදේශයෙන්. ඔය රූ‍ප සටහනේ තියෙන ගෝලයේ වටේට ඇලි තුනක් කොටලා තියෙන්නේ. ඔය වගේ බෝලත් එක්ක තවත් බෝල ගොඩාක් හම්බවෙලා තියෙනවා ආදී කේම්බ්‍රීය යුගයේ - ඒ කියන්නේ අවුරුදු බිලියන 28 ක් පරණ ඛණිජ නිධියක තිබිලා. මේ සමහර ගෝල වලට අඟල් කාලක් විතර ඝණකම තියෙන තුනී ක‍බොල්ලක් වගේ පිට කට්ටක් තිබිලත් තියෙනවා. ඒත් ඒක යකඩ වලින් සූරන්න බැරි තරමටම දැඩියි. ඔය කට්ට කැඩුනම ඇතුලේ තිබිලා තියෙන්නේ අමුතු ජාතියේ ස්පොන්ජි ව‍ෙග් ද්‍රව්‍යයක්. මේ අමුතු ද්‍රව්‍යය වාතයට නිරාවරණය වුනාම දූවිලි වගේ කෑලිවලට කැඩිලා විසිරිලා යනවා. Klerksdorp කෞතුකාගාරයේ භාරකරු හා පරිපාලක වන Roelf Marx පවසන්නේ ඔහු ප්‍රදර්ශණය පිණිස තබා ඇති ගෝලයට තමා විසින්ම භ්‍රමණය වීමට මෙන්ම පිටතින් එන සෙලවීමකදී එක තැනකම නොසෙල්වී සිටිය හැකි බවයි...! මේ බෝල මොනවාද ? මෙතරම් ඈත අතීතයේදී මෙවැනි ජ්‍යාමිතික නිවරද්‍යතාවයකින් මේවා සෑදුවේ කවුද ? කුමක් සඳහාද යන්න අඥාතයි. මේවා තැනී ඇත්තේ ආගන්තුක ද්‍රව්‍යයකින් බවයි විශේෂඥ මතය වන්නේ.


---------------------------------------------------------------------------------  

7.                  මේකත් ටිකක් ප්‍රසිද්ධ දෙයක්. මේ වස්තුව හඳුන්වන්නේ කෝසෝ මෙවලම (COSO artifact) යන නමින්. මේ පැරණි ස්ඵටිකමය පාෂාණ කුට්ටිය හොයාගෙන තියෙන්නේ ඇමරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ Olancha ප්‍රදේශයෙන්. මෙහි අන්තර්ගත වෙන්නේ ලෝහ හා පිඟන් මැටි (පෝසිලේන්). A රූපයෙන් පෙන්වන්නේ මේ පාෂාණය කොටස් දෙකකට වෙන් කර ඇති ආකාරය. B රූපයෙන් පේන්නේ ඒ කොටස් දෙකේ ඇතුළු පැත්ත.  එතකොට C හා D රූප තමයි වැදගත්. මේවායින් පෙන්වන්නේ මේ පාෂාණයේ X කිරණ ඡායාරූපයන්. මේ රූප වලින් පේන්නේ කුප්පියක් වගේ ව්‍යුහයක් ඇතුලේ තියෙන යකඩ දණ්ඩක්. මේක පුදුම සහගත වෙන්නේ මේ පාෂාණ කුට්ටිය අවුරුදු ලක්ෂ පහක් පැරණි වීමයි. ගොඩක් දෙනෙක් මත පළ කරන්නේ මේක පුළිඟු පේනුවක් - ස්පාර්ක් ප්ලග් එකක් කියලයි. අවුරුදු ලක්ෂ පහකට එහා වාහන තියා මනුෂ්‍යයා වත් ලෝකෙට පහළවෙලා හිටියේ නැති එකේ, ඒ කාලේ මොන ස්පාර්ක් ප්ලග් ද ? පුදුමයි නේ...!!!
www.eprf.tzo.com/html/spark_plug.html
www.eskimo.com/~pierres/coso/cosopreview.html


---------------------------------------------------------------------------------   

8.                  ජපානයට අයත් යොනාගුනි දූපත් අසල මුහුදේ ගිලී ඇති මේ අරුම පුදුම ව්‍යුහය තවත් අභිරහසක්. මුහුදු මට්ටමෙන් අඩි 75 ක් ගැඹුරේ පිහිටා ඇති මේ ව්‍යුහය පැහැදිලි ලෙසම මිනිස් නිර්මාණයක් ලෙස හඳුනාගත හැකියි. මෙය අඩි 600 ක් පළලින් හා අඩි 90 ක් උසින් යුතු අතර අවුරුදු 8000 ක් පැරණි බව පැවසෙනවා. මේ වේදිකාමය ආකෘතිය පැහැදිලිවම නගරයක හෝ එවැනි ශිෂ්ඨාචාරයක නටබුන් කියාපානවා. ප්‍රශ්නේ වෙන්නේ මුහුද යටට මේක ගියේ කොහොමද / නැත්නම් මුහුද යට මේක ඉදිකලේ මොකටද කියන එක තමා...!
http://www.eagle-net.org/phikent/japan/japan.html


 ---------------------------------------------------------------------------------   

9.                  මේ පේරු හි Sacsahuaman ගල් බිත්තිය. මේක බිමිනි නම් ස්ථානයේ ඇති ගල් බිත්තිවලට සමාන බවයි විද්වත් මතය. මේක තවත් පුරාවිද්‍යාත්මක අභිරහසක් වෙන්නේ මේ ගල් බිත්ති අයත් වෙන්නේ ආදී කාලීන යුගයට වීම නිසායි. මේ ගල් කුට්ටි එකෙනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ හරිම අමුතු ආකාරයකට. මේ එක එක හැඩයේ විශාල ගල් කුට්ටි මේ විදියට කැපුවේ කොහොමද ? ඒවා මේතරම් නිවැරදිව කෝණ ගණනය කලේ කොහොමද ?  මේවා මෙතනට ගෙනල්ලා, උස්සලා එකකට එකක් හරියටම පූට්ටු වෙන විදියට සෙට් කලේ කවුද ? කොහොමද ? මොකටද කියන එක තවමත් ප්‍රශ්ණයක්...! ගල් කුට්ටි හතරැස් වෙන්න කපලා ගානට සෙට් කරන්න පුළුවන්කම තියෙද්දී මේවා එක එක හැඩේට කපාගෙන වැඩේ අමාරුත් කරගෙන නොවැ. ඉන්කා වරුන්ගේ පැරණි ලේඛණවලවත් ‍‍‍මේක ගැන කිසිම සඳහනක් නැති එකෙන්ම මේක හදපු උදවිය කොච්චර ඈත කාලෙක ජීවත් වුනාද කියලා හිතාගන්න පුළුවන් !




 ---------------------------------------------------------------------------------    

10.              දැක්ක ගමන් පෙනුනේ සිංහ පාදයක් වගේ තියෙන පර්වතය නේද ? මෙතන විශේෂත්වය ඔය පර්වතය නෙවෙයි. මේ රූපේ මැදින් උඩට යන රේඛා දෙකයි. මේ පේරු රටේ ලෝ ප්‍රසිද්ධ නස්කා රේඛා ආසන්නයේ ඇති සලකුණක්. මේ ඉරි දෙක කඳු, නිම්න, මිටියාවත් හරහා කිලෝමීටර් ගණනාවක් ඈතට සමාන්තරව දිවෙන රේඛා දෙකක්. මේ තරම් දිගට - ඒ වගේම සමාන්තරව මේවා ඇන්දේ කවුද ? මොකටද ?

---------------------------------------------------------------------------------     

11.              ඔන්න තවත් පීරමීඩ අභිරහසක්... මේ රූපයෙන් ‍දැක්වෙන්නේ ඊජිප්තුවේ Abydos නම් දේවස්ථානයේ කුළුනක කොටා ඇති මිසර රූපාක්ෂර සමූහයක්. හොඳට බලන්න මේවගේ වෙනසක් තියෙනවද කියලා... ඔය පහළ රූපයෙන් පෙන්වලා තියෙන සලකුණු අතරේ නූතන හෙලිකොප්ටරයක්, යුධ ටැංකියක්, cargo යාත්‍රාවක් හා ග්ලයිඩර් වර්ගයේ සැහැල්ලු ගුවන් යානාවක් පැහැදිලිවම අඳුනා ගන්න පුළුවන්. මේ රූප ඇත්තටම ඒ දේවස්ථානයේ කොටා ඇති රූප... එතකොට අවුරුදු 3000 කට එහා කාලයේ මේ රූපාක්ෂර බිත්තියේ කොටපු කෙනා ඉහත කිව්ව යානා ගැන දැනගත්තේ කොහොමද ?


---------------------------------------------------------------------------------     

12.              මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ තවත් අභිරහස් ස්ථානයක අභිරහස් දර්ශණයක්. අහල තියෙනවද ස්කොට්ලන්තයේ කඳුකරයේ පිහිටි නෙස් විල (Loch ness) ගැන. (මේ නෙස් විල කොච්චර අභිරහසක්ද කියනව නම් දැන් ඔය කලින් තියෙන “Loch ness” කියන වචනේ විකිපීඩියා එකෙන් කොපි කරලා මේකේ පේස්ට් කලා විතරයි මුළු මැෂින් එකම ගල් වුනා. ස්ටක්...! අපොයි...!!!) ඔය නෙස් විලේ තමයි අර සර්පයෙක් වගේ දිගම දිග මහ විශාල අද්භූත සත්ත්වයෙක් ඉන්නවා කියන්නේ... මේ උඩ තියෙන ඡායාරූපය ඒ නෙස් විලේ පතුලේ තියෙන අමුතු විදියේ ගල් ගොඩක්. මේ ගල් ගොඩ මීටර 30 ක විතර විශ්කම්භයකින් යුතුයි. විලක් පතුලේ මේ වගේ අමුතු හැඩයක් හිටින්න ගල් දැම්මේ කවුද ? අභිරහසක්ම තමයි.


---------------------------------------------------------------------------------     

13.              මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුප්‍රසිද්ධ නෙස් විලේ අද්භූත සත්ත්වයා තමයි. මේ ඡායාරූපය 70 දශකයට අයත් එකක්.


---------------------------------------------------------------------------------     
 
හ්ම්...ම්... හිතුවට වඩා වැඩේ අමාරුයි... තව ගොඩාරියක් තියෙනවා කියන්න නම්. මේක දැනටමත් ලොකු වැඩියි වගේ. පින්තූර වැඩි වෙනකොට ලෝඩ් වෙන්නත් පරක්කු වෙයි. ඉතින් මගේ මවුතුමිය හා හත්මුතු පරම්පරාව ගැනයි, ඔයාලගේ අන්තර්ජාල බිලයි ගැන හිතලා අදට මෙතැනින් නවතින්නම්... එනම්, තවත් අභිරහස් ගොඩක් එක්ක ඊළඟ පෝස්ට් එකත් ඉක්මනට දාන පොරොන්දුවත් එක්කම මම ගිහින් එන්නම්... ජයවේවා...!!!






45 comments:

  1. ගොඩක් වටින ලිපියක්. ඔය වගේ බර්මියුඩා ත්‍රිකෝණය, ස්ට්‍රොන්ග් හෙන්ජ් වගේ දේවල් ගනත් ලියන්න. මම් නොදන්න ගොඩක් දේවල් මේ ලිපියෙන් දැන ගත්තා. ගොඩක් ස්තුතියි !!!!!

    ReplyDelete
  2. මාරයි අයියා... ලොවෙත් නෑ... අනිත් ටිකත් ඉක්මනටම දාන්න...:D

    ReplyDelete
  3. තැන්කූ මචන්... මාර ආසාවෙන් කියවන් ගියා... තව තියෙනව නම් වෙලාවක් තියෙන විදිහට දාපන්.. (ඉක්මනට දාන්න පුළුවන් නම් වටිනව)

    මේ වගේ ඒව කියවන එකේ අමුතුම ෆන් එකක් තියෙන්නෙ...

    (ලෝඩ් වෙන්නෙනම් සෑහෙන අමාරුවෙන්... මම හිතන්නෙ වටේ ගැජමැටික් වැඩි හින්ද වෙන්න ඇති.. 3 පාරක් ලෝඩ් කරල කමෙන්ට් බොක්ස් එක ගත්තෙ.. ඒත් වටපිටාවෙ ගැජට් ටිකක් සවර් නොට් ෆවුන්ඩ් වෙලා...)

    ReplyDelete
  4. දිනේෂ්ගෙ සත්සමුදුර වගේ තවත් වාර්තාමය අඩවියක් කිරීම වෙනුවෙන් මුලින්ම ස්තූතිය. මේ වගේ කරුණු ගැන සරලව කියන්න පුළුවන් නම් හොඳයි. හැබැයි හැම වෙලේම මේ විධියෙම දේවල් දෙන්න ගත්තොත් ලියන ඔයත් කියවන අපිත් වෙහෙසට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනස්වීම් රටාවත් ඉගෙනගෙන කරගන යමු...

    ප.ලි. - ඔය අතීතයෙ තිබුණ දියුණුව හෝ මොකක් හරි හිතාගන්න බැරි සංසිද්ධි සේරටම මුල ආදි ලාංකිකයො මචෝ. උන් අතීතෙ මාර දියුණුයි. ඔය සේරම උන් ගෙ වැඩ නිසා වුණ ඒව!

    ReplyDelete
  5. @ මධුරංග : පහුගිය පෝස්ට් දෙක තුනේම වගේම අදත් මුල්ම ප්‍රතිචාරය සහෝගේ...:D බොහොම ස්තුතියි ප්‍රතිචාරයට... මම දන්න විදියට නම් බර්මියුඩා ත්‍රිකෝණය, ස්ටෝන්හෙන්ජ් ගැන ලිපි පළවුනා වගේ මතකයි. ලින්ක් නම් මතකයක් නෑ. සමහර විට පළ නොවෙන්නත් ඇති. මේ ලිපි ටික ඉවරවෙලා උත්සාහයක් ගන්නම්... දිරි ගැන්වීමට ස්තුතියි...!

    @ සුපර් මාරියෝ : ලොවෙත් නැති වෙන්නේ කොහොමද බං... මේවා ඔක්කොම ලොවේ ඒවා තමා !!! :D එළ එළ... ස්තුතියි මලයෝ... දවස් දෙක තුනකින් ඉතිරිවා දාන්නමි... ජය‍වේවා!

    @ සාතන් : ස්තුතියි... ස්තුතියි... අනිවා ඉක්මනටම දානවා... ඔය කියපු ෆන් එක මටත් තියෙන නිසාම තමයි මේ ටික පෝස්ට් කරන්න හිතුනේ.

    මගේ බ්ලොගේ ගැජට් වැඩියි... ලෝඩ් වෙන්න අමාරුයි කියලා චෝදනාවක් ආව පළමු වතාව... මම පිළියමක් යොදන්නම්... සමහර විට ඔයාගේ මැෂින් එක මදි හරි නෙට් කනෙක්ෂන් එක ස්ලෝ හරි වෙන්නත් පුළුවන්. මගේ 800 GHz එකෙත් අමාරුවට ලෝඩ් වෙන්නේ. සමහර විට පික්චර් වල ලෝඩ් එක වැඩි නිසා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මම බලන්නම්. ස්තුතියි පෙන්නා දුන්නාට...!

    @ hare : ප්‍රතිචාරයට ස්තුතියි සහෝ... ප්‍රශ්නෙ තියෙන්නේ බසත් රැක‍ගෙන, බෝරින් වෙන්නෙත් නැතිව, බලන එකාට දෙයක් ගන්නත් පුළුවන් වෙන විදියට වචන හසුරුවන එක තමා. පුළුවන් හැම වෙලේම තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු සරලව දෙන්න ඕනෙ කියන තැන තමයි මමත් ඉන්නේ. ඒ වගේම සහෝ මේ මාසෙම වගේ මම පළකලේ එක වගේ පෝස්ට් තමයි. අනිවා ළඟදිම වෙනසක් කරනවා. මේ වගේ ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදුන්නාට බොහොමත්ම ස්තුතියි.

    ඔයාගේ පසුවදනට මම යම් දුරකට එකඟයි. ඒත් ලෝකෙ වෙලා තියෙන හැම දේටම ස්ටයිල් එකට වගේ 'හෙළ' කියන එකට නම් මම විරුද්ධයි. මම හොඳ හෙළයෙක් තමා. ඒත් හරියට කරුණූ කාරණා ඔප්පු කරන්නැතුව හැම එකටම ඔළුව දාන්න ගියොත් අපේ තියෙන අභිමානයත් නැති වෙලා යාවි නේද ?

    ReplyDelete
  6. වටිනා ලිපියක් ..... මේ දේවල් පිටසක්වල බුද්ධියක නිර්මාණ වෙන්න පුලුවන්

    ReplyDelete
  7. වෙනද වගේම ගවෙෂණාත්මක ලිපියක් ,මට නම් මතක් වුනේ X Files. බලල තියනව නම් ඇයි කියල දන්නව වනේ

    ReplyDelete
  8. 1) inside pyramids they have places to put fire sticks, if they had such technology with light bulbs will they need that?
    5) its human nature to see faces even in natural things such as butterfly, sand dune, that's why they saw famous mars face.

    ReplyDelete
  9. ආසාවෙන් කියෙව්වා...මමත් ආසම සබ්ජට් එකක් තමයි ඕක. තව තියනවා මම හිතන්නේ තවත් දේවල් තියනවා මේකට එකතු කරන්න Sailing stones, Nazka lines, Easter Island Moai ...තව ලියන්න...
    http://en.wikipedia.org/wiki/Sailing_stones
    http://www.toptenz.net/top-10-mysterious-world-landmarks.php

    ReplyDelete
  10. වටින ලිපියක්.දිගටම ලියන්න.

    ReplyDelete
  11. what a story...any way thanks a lot for the post..

    ReplyDelete
  12. මේ වගේ ලිපි කියවන්න මම හරිම ආසයි.සුපිරි විදියට ලියලා තියෙනවා.නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.

    ReplyDelete
  13. ස්තුතියි. හොඳ ලිපියක්. අනෙක් ටිකත් ලියන්න

    ReplyDelete
  14. Niyama lipiyak. digatama liyanna

    ReplyDelete
  15. තාම මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි දේවල් කොච්චරක් තියෙනවද. සෑහෙන වටින ලිපියක්. හුඟක් රසවත්ව ලියලා තියෙනවා.

    ReplyDelete
  16. godaak hodai thawa visthara tikka wedipura demmanam itath wada
    hadai. man megena soyana kuthuhalayen pirunu kollek man melagadi
    karapu parikshanayak gena kiyanna hithuna meka beluwama. indiyawe innawalu babaji thuma kiyala yogiyek eyage wayasa aurudu 4000k vitharawenawa man ethumagena liyauna pothakin lebuna pinthurayak his kamarayaka [sudu hunugapu] biththiye
    alawala elagin oom akura adala mekathawa aththakna mata methuma
    mata penewa yanuwen sitha ethanama karuwale peyak pamana sitinavita laakaha paata punchi eliyak avith eya tharamak
    vishalauna. ita pasuwa eyathulin ara babaji thumage rupayata
    samana rupayak avith mage manasa samaga adahas huwamaru karagaththa. ethuma yoga walin ihalatama giya ayek bawath
    thawath mehisadahankala noheki dewalu pewasuwa. methuma gena puluwannam thorathuru soya apitath visthara kiyanna sahodaraya
    obata jaya wewa!

    ReplyDelete
  17. සුපිරි විදියට ලියලා තියෙනවා.නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.

    ReplyDelete
  18. මෙන්න මේ වගේ ලිපි දිගටම ලියපන් මචං . මමත් ආසාවෙන්ම මේ ලිපිය බැලුවා රූපත් එක්ක පැහැදිලි කිරීමත් නියමෙටම දාලා තියන නිසා . කියවන්න හිතෙනවා ..

    සුපිරි ලිපියක් ..

    තවත් මේවාගේ ඒවා ගැන ලියන්න

    ReplyDelete
  19. වැඩේ නැගලා යනවා , එල එල හැබැයි මේවා ඒතරම් ලොකු අභිරහස් වෙන්ඩ අමාරුයි මොකද නූතන විද්‍යාවට හෝමෝ සේපියන් ඇතිවුනේ මෑතක උනත් බුද්ධ දර්මයේ හැටියට මේ ගෙවෙන්නෙ තවත් එක මිනිස් ශිෂ්ඨාචාරක් පමනයි මීට පෙර පැවති ශිෂ්ඨාචාර සම්භන්ධව කිසිම අද්‍යයනයක් නෑ..........

    ReplyDelete
  20. හුඟාක් වටින තොරතුරු, ආසයි මේ වගේ දේවල් කියවන්න.නෙස් විලේ අද්භූත සත්ත්වයා තාමත් ඉන්නවද???

    ReplyDelete
  21. හරිම ලස්සන post 1ක්.....


    ඊෂා....(Esha)...

    ReplyDelete
  22. ගොඩාක් වටින ලිපියක්... හරි පුදුම දේවල් ගොඩායි.. :)

    ReplyDelete
  23. නියම ලිපියක්. ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ස්තූතියි.

    ReplyDelete
  24. නියමයි! මගෙත් අාසම subject එක තමා ඔය වගේ දේවල් ගැන හොයන එක.

    ReplyDelete
  25. මරු සහෝ, නියම ලිපිය.. ගොඩක් අළුත් දේවල් දැන ගත්තා. බොරු නෙමේ ඕං මගෙත් ආසම subject එක

    ReplyDelete
  26. Valuable details. There are so many things to think.

    ReplyDelete
  27. නියමයි..... ගොඩක් ආස හිතෙන දේ කියෙව්ව

    ReplyDelete
  28. @ DBL :
    ඔව් සහෝ... මෙතන තියෙන ඒවගෙන් පිරමීඩ සීන් ටික, නස්කා රේඛා... එතකොට... අර ස්පාක් ප්ලග් එක / අමුතු ගෝල වගේ දේවල් නම් පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධයි කියලා ලොකු සැකයක් තියෙනවා. පුරාණ මිසරය වගේම ලතින් ඇමරිකානු ශිෂ්ඨාචාරයන් එක්කත් සමීප පිටසක්වල සම්බන්ධතා තිබිලා තියෙනවා. ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට...!

    @ buwa :
    වෙනදා වගේම අදත් බොහොම ස්තුතියි බුවා. ඇත්ත මචං, මෙතන තියෙන සීන් x-files case තමයි. ඒත් මම හිතන්නෑ මෝල්ඩර්ට වත් මේවා විසඳන්න පුළුවන් වෙයි කියලා... :D

    @ 1st Ano :
    1) agree with you bro, but we can’t sure about that Egyptians could have used Light bulb. This is not an evident for that case. But we can surely say that they knew about light bulb, somehow!!!

    5) again, you are correct about human nature. But problem is, will assume, this is not a face… ok, something else. But who carved this in two million years ago…!!! As we know, even primeval apes also not developed in such past!!!

    Anyway bro, nice to hear a different word from you. Because curiosity and reasoning are two factors that brought human bean this far. Thanks for your collaboration.

    @ Saman :
    ගැලවෙන්න නම් බැරිවෙයි වගේ...:P බොහොම ස්තුතියි මිත්‍රයා... දැනට වේලාව මදි. නිවාඩු පාඩුවේ මම ඔය ලින්ක් දෙක බලන්නම්. ගොඩක් ස්තුතියි අදහස් බෙදාගත්තාට.

    @ උදාර / Ano2 / sudaraka :
    ඔයාලා තුන්දෙනාටත් ම‍ෙග් හදපිරි ස්තුතිය !!!

    @ JHOTHISHALANKA / Chathuranga :
    මම කියවලා රස විඳපු දේ තවත් අය එක්ක බෙදාගත්ත එකේ සතුට මම අද විඳිනවා. ‍බදා ලෙන කනවට වඩා බෙදාගෙන කනකොටනේ ෆන් එක වැඩි...! නොදන්නා දෙයක් මා නිසා දැනගත්තා නම් මට ඒක ලොකුම සතුටක්. ඒ මම නිසා කාටහරි සේවයක් වුනා කියලා මට හිතෙන නිසා. ගොඩක් ස්තුතියි සහයෝගයට...!

    @ ඉෂාර ගුණවර්ධන / චරිත :
    ප්‍රතිචාර වලට ඔය දෙන්නටම ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ හින්දම ඔන්න අනෙක් කොටසත් දැම්මා. (ජුනි 22)

    @ පිණිබිඳු :
    අගය කිරීමට ස්තුතියි සහෝදරී (අක්කද නංගිද දන්නෙ නෑ නොවැ... :O) අපි නොදන්න දේවල් ඉගෙනගන්න එක තමයි මැරෙන කල් කරන්නේ. ඒ කරලත් අපිට ලෝකේ තේරුම් ගන්න බෑ... බැලුවම ඔක්කොටම වඩා ඒක මාරයි...!!!

    ReplyDelete
  29. @ mahesh ashoka :
    ඔයාගේ දීර්ඝ විස්තරයට ස්තුතියි. ඔය වගේ දේවල් ගැන අන්තර්ජාලයෙන් නිවැරදි තොරතුරු දැනගන්න අමාරුයි. අනික ඇහෙන් දකින්නැතුව කොහොමද ඔය වගේ දෙයක් ගැන හරියටම ලියන්නේ. ඔය කියන විදියේ සෘෂීන් ඉන්න පුළුවන්. ඒත් ඒ අය සමාජගත වෙන්න එන්නේ නෑ. තොරතුරු හොයාගන්න බෑ. ඔයාගේ අත්දැකීම් එක්ක ඒ ගැන හොයන්න පොඩි කුතුහලයක් ආවා. බලමු උත්සාහ කරලා... ස්තුතියි මේ ප්‍රතිචාරයට...!

    @ හිස් අහස :
    අනේ සඳරු ළමයෝ, කියනවා වගේ නෙවෙයි බං ලියන කොට තමයි ආතල්...! කෙ‍ාහොම වුනත් අගය කිරීමට ස්තුතියි. තව මේ වගේ දෙකක් විතර දැනට දෙන්නම්. ඉතුරුවා පස්සේ. ජයවේවා !!!

    @ sameera :
    එළ එළ... නැගලම යනවා. ඔයාගේ තර්කයත් ඇත්ත සහෝ. ඒත් එච්චර ඈත කාලෙක මනුෂ්‍ය ශිෂ්ඨාචාර ඇතිවෙන්න සාධක තිබුණද කියන එක ප්‍රශ්ණයක්. ප්‍රතිචාරයට වගේම අළුත් අදහසක් දුන්නට ගොඩක් ස්තුතියි...

    @ Ano 3 &4 : නම් නොලිව්වත් ඔය ඩබලටත් තැන්කූ...!

    @ මලිති :
    සහෝදරීටත් නෙස් විලේ භූතයාම ඕනෙ වුනා නේද ? ... :D… ඒකා ඇත්තටම භූතයෙක්ද මන්දා ? සමහරු කියනවා ඉතිරි වෙලා ඉන්න ඩයිනෝසරයෙක් කියලා. තව සමහරු කියන්නේ දියේ ඉන්න අලියෙක් ගේ හොඬවැල හා හිසේ උඩ කොටස ඔය විදියට පේනවා කියලා. සුපුරුදු විදියට තවත් අයට ඕක ඒලියන්. අද්භූතම තමා. නෙස් විලේ භූතයා ගැන වැඩිදුර හොයලා පෝස්ට් එකක්ම දාන්නම්කෝ බලන්න... ස්තුතියි ප්‍රතිචාරයට...!!!

    @ ඊෂා / සඳූ / DReeZone :
    කියවලා රස විඳලා කමෙන්ට් කරලා ගිය එක ගැන ගොඩක් සතුටුයි. ඔයාලා තුන්දෙනාටත් බොහොම ස්තුතියි !!!

    @ Nimapri :
    නියමයි නියමයි... ඉගෙන ගන්න හොඳම ක්‍රමේ තමයි නොදන්නා දේ ප්‍රශ්ණ කිරීම ! හොයලා විතරක් මදි ඕං... මතක තියාගන්නත් ඕනෙ...ස්තුතියි මේ පැත්තේ ඇවිත් ප්‍රතිචාරයක් තියලා ගියාට...!!!

    @ Jචමත්™ :
    ප්‍රතිචාරයට වගේම ෆලෝ එකටත් ගොඩක් ස්තුතියි සහෝ... ජයවේවා !!!

    @ Sanjaya :
    Thanks for the comment…

    @ ජීවිතේ මල් :
    බොහොම ස්තුතියි සහෝදරී...!!!


    හැමෝටම >>>
    මේ පෝස්ට් එකට ගොඩාක් ප්‍රතිචාර තිබුණා. කමෙන්ට් නොකර බලලා ගිය හැමෝටමත් ගොඩක් ස්තුතියි. මේ ප්‍රතිචාරය මට තවත් හොඳ නිර්මාණයකට ධෛර්යයක් ...!!!
    ඔයාලා හැමෝටම ගොඩක් පිං... ස්තුතියි... ජයවේවා !!!

    ReplyDelete
  30. මම නම් කියන්නෙ මචං එදා දියුණුයි අදට වඩා ......

    නියම පෝස්ට් එකක් .......

    නොදන්න හුඟක් දේවල් දැන ගත්තා ..........

    ReplyDelete
  31. ෂා .. නියම ලිපියක් මමත් දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා....
    මේ වගේ තවත් කොච්චර නම් අබිරහස් තියෙනවද මේ ලෝකේ.....ඔය වගේ සමහර කරුණු දිහා බලද්දී මට නම් හිතෙනවා එදා මීට වඩා හොද තාක්ෂණයක් තිබ්බ කියල....Area 51 වගේ ස්ථන ගැන හෙළිවෙන කරුණු දිහා බලපුවම එදා තාක්ෂනය ගැන ඉගියක් ලැබෙනවා.....එත් ඒවා තවමත් හරි හැටි නොවිසදුන ගැටළු....තවත් සමහරක් ලෝකයාගෙන් වසන් කරපු දේවල්.....
    තවත් මේ වගේ දේවල් ගැන ලියන්න........ජය වේවා!!!!

    ReplyDelete
  32. නියමයි අයිය නියම පොස්ට් එක ඔය පොස්ට් ඔහොමම දන්නා අපි උදව් කරනවා .....

    ReplyDelete
  33. මරේ මරු අබිරහස්‌ගැන කුතුහලෙන් ඉන්න අයට නියමයි.ලස්‌සනට ලියලත් තියෙනවා.ඔයාට පිo

    ReplyDelete
  34. කියල වඩක් න නියමයි අය්යෙ.අයියෙ aliens ගන විස්තර ටිකක් දානවද.මම හිතනව ගොඩක් අය ඒ මාතෘකාවට කමති වෙයි කියල.

    ReplyDelete
  35. චතුරංග ඔබ නිරතුරුවම මම ලියන සත් සමුදුරට ගොඩවෙන කෙනෙක්.ඒත් මට හිතා ගන්න බැහැ ඔබගේ මෙම වටිනා බ්ලොග් අඩවිය කොහොමද මට මඟහැරුනේ කියන එක.අතිශයිනම් සිත් ගන්නා සුළුයි. හැකි සෑම විටකම ඉදිරියේදී මම ‍එනවා...

    ReplyDelete
  36. මගේ දරුවන්ටත් මේ ලින්ක් එක යැව්වා . ඉතාම වැදගත් වටිනා තොරතුරු.ස්තුතියි. දිගටම ලියන්න ධෛර්යය ලැබේවා! - සිසිර dubai සිට .

    ReplyDelete
  37. Well done.....
    i like this site verry much............

    ReplyDelete
  38. ස්තුතියි ලොකේ ගැන නොදන සිටි රහස් දැන ගත්තා මෙවැනි දේවල් තියෙනවාද කියලා දැන ගත්තේ ඔබගේ මෙම ලිපි මාලාවෙන් සුභ පතන අතර මෙවැනි වටිනා ලිපි තව තවත් ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස ඉතාම කරැණාවෙන් ඉල්ලා සිටිනා Well done n go head

    ReplyDelete
  39. මෙම ලිපි ඉතා වටිනා කරුණු අන්තර්ගත එකකි. අනවශ්‍ය බහුබූත සඳහා කාලය කා දමන්නන්ට ඔබ ඉතා වටිනා උදාහරණයකි. දැනුම යනු කිසිදා ලබා නිම කළ හැක්කක් නොවේ. දැනුම සොයා යාමේ කුතුහලය කිසිදා නිම නොවේ

    ReplyDelete
  40. මෙම ලිපි ඉතා වටිනා කරුණු අන්තර්ගත එකකි. අනවශ්‍ය බහුබූත සඳහා කාලය කා දමන්නන්ට ඔබ ඉතා වටිනා උදාහරණයකි. දැනුම යනු කිසිදා ලබා නිම කළ හැක්කක් නොවේ. දැනුම සොයා යාමේ කුතුහලය කිසිදා නිම නොවේ

    ReplyDelete
  41. ඊජිප්තුව ගැන හොයන මට මේ ලිපිය ඉතා වටිනවා....

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...