Saturday, July 9, 2011

බ්‍රවුසරයේ මුල් පිටුවෙන් අළුත්ම පෝස්ට් බලන්න - iGoogle Home page

Google සේවාවක් වන iGoogle ගැන අහලා තියෙනවද ? මේ සේවාව ගොඩ දෙනෙක් භාවිත නොකලාට ගොඩක් ප්‍රයෝජනවත් සේවාවක්.  iGoogle වලින් කරන්නේ අපේ බ්‍රවුසරයේ මුල්පිටුව (Home Page) අපට අවශ්‍ය ආකාරයට සකසා ගන්නට ඉඩ සලසා දීමයි. iGoogle වලින් ලබාදෙන මේ මුල්පිටුව අපේ Gmail ගිණුමේ අළුත් ලිපි, නවතම කාලගුණ තොරතුරු, නවතම පුවත් ශීර්ෂ, අපි කියවන බ්ලොග් හෝ වෙබ් අඩවි වල අළුත්ම ලිපි හා තවත් නොයෙක් ගැජට් වලින් අපට අවශ්‍ය ආකාරයකට සකසා ගන්නට පුළුවන්. මේ සේවාව දැනටමත් අත්විඳින අයත් ඇති. නොදන්නා අයටත් මේ ලිපිය මගින් iGoogle සේවාවේ ප්‍රයෝජන ලබාගන්න පුලුවන්...


            මේ iGoogle සේවාව බ්ලොග් ලියන / කියවන අපි වගේ අයට නම් සෑහෙන්න වැදගත් සේවාවක්. Google Feed Reader ගැන ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. මේ Reader එකෙන් කරන්නේ අපි Follow කරලා තියෙන බ්ලොග් හා මේ Reader එකට ඔබාගත්ත බ්ලොග් වල ඇති අළුත්ම පෝස්ට් පෙන්නන එකයි. මේ iGoogle පිටුවත් ඒ වගේම තමයි. හැබැයි මේකෙන් Google Feed Reader එකේ නැති ගොඩක් වැඩ කරගන්න පුළුවන්.

Google සමාගම විසින් මේ සේවාව iGoogle ලෙස නම් කලේ 2007 අප්‍රේල් මසදී වුවත් මේ සේවාව ආරම්භ කලේ නම් 2005 වර්ෂයේ මැයි මාසයේදීයි. iGoogle ලෙස නම් කිරීමට පෙර මෙය හැඳින්වුයේ Google Personalized Homepage හා Google IG යන නම් වලින්. මේ සේවාවේ ඇති ප්‍රධානම ලක්ෂණය නම් මේ iGoogle පිටුව අපේ බ්‍රව්‍රසරයේ Home Page එක ලෙස සැකසීමට හැකි වීමයි. මේ නිසා Google සේවා දෙක තුනක්ම එකම පිටුවකින් ලබා ගන්නට පුළුවන්. 

  • Google Search පහසුකම මගින් iGoogle පිටුව තුලම අන්තර්ජාල සෙවුමක් දාන්න පුළුවන්.

  • Gmail ගැජට් එකෙන් අපේ Gmail Account එක‍ට ඇවිත් තියෙන අළුත්ම විද්‍යුත් ලිපි (E-mail) iGoogle පිටුවේම පෙන්නනවා. ඒ වගේම අපේ Chat list එකත් මෙතනම පෙන්නන නිසා Online ඉන්න යාළුවෝ එක්ක මෙතන ඉඳන්ම chat එකක් දාන්නත් පුළුවන්.
  • Whether ගැජට් එක සකස් කිරීමෙන් අපිට ආසන්නතම ප්‍රධාන නගරයට බලපාන අද දවසේ කාලගුණ තත්ත්වය දැනගන්නත් පුළුවන්.
  • News ගැජට් එකෙන් ලෝකයේ ප්‍රමුඛතම ප්‍රවෘත්ති සේවාවන් වල අළුත්ම පුවත් ශීර්ෂපාඨ බලාගන්න පුළුවන්.
  • ඒ වගේම You-Tube වල අළුත්ම වීඩියෝ නැරඹීමේ පහසුකමත් තියෙනවා.
 මේ වගේ තව ගැජට් ගොඩක් දාගන්නත් පුළුවන්. ඒ වගේම වැදගත් දේ තමයි අපි නිතර කියවන, අපි ආසම බ්ලොග් අඩවිවල අළුත්ම ලිපි ටික එකම පිටුවකට ලබාගන්න පුළුවන් කම.

හරි... එහෙනම් කථාව ඇති. වැඩේ පටන් ගමු නේද ? මුලින්ම කියන්න ඕනේ iGoogle කියන්නේ Google සේවාවක් නිසා මේ වැඩේට Google Account එකක් වුවමනා වෙනවා. ඔයාලට Gmail ලිපිනයක් තියෙනවා නේ. ඒ ඇති... හරි, එහෙනම් මුලින්ම Google ගිහින් iGoogle කියලා search කරලා iGoogle පිටුවට යන්න. නැත්නම් www.google.com/ig  වලින් යන්න.


ඔයා Google වලට log වෙලා නැත්නම් පහත තිරයේ විදියට ගිහින් user name, Password දීලා log වෙන්න. ඊට පස්සේ ඔයාලගෙම iGoogle පිටුව විවෘත වෙයි.


            අපි මේ පිටුව ඇතුලේ මොනවා කලත් වැඩක් නෑ මේ iGoogle පිටුව අපේ Home page එක කලේ නැත්නම්. ඒක නිසා මුලින්ම iGoogle පිටුව ඔයාගේ බ්‍රවුසර් එකේ Home page එක කරන්න ඕනෙ. ඔයාගේ බ්‍රවුසර් එකේ Option වලට ගිහින් Home Page යටතේ Set Current Page වගේ තේරීමක් ඇති, ඒක දෙන්න. (iGoogle වලින්ම ඕක කරගන්න ලින්ක් එකක් දීලා තිබුණා වගේ මතකයි. තියෙන තැනක් දැන් මතක නෑ...) ඔයාලා බ්‍රවුසර් දෙක තුනක් පාවිච්චි කරනව නම් (මම වගේ) ඒ හැම එකකටම මේ විදියට Home page එක හදාගන්න. ඔයාලා iGoogle ඇතුලේ කරන හැම වෙනස් කමක්ම එයා save කර ගන්නවා. ඒක නිසා ඔය වැඩ පිළිවෙල එක පාරක් කලාම ඇති.

      

            හරි... දැන් ඔයාලට ඕනේ ඔයා ආසම බ්ලොග් වල අළුත්ම පෝස්ට් ටික මේ iGoogle පිටුවට ගන්නනේ. ඒ වැඩේ හරි ලේසියි. මේ iGoogle වල interface එකත් Blogger එකේ Design page එක වගේ තමයි. iGoogle වලදිත් ඔයාලට ඕනේ ගැජට් එකතු කරන්නත්, ඒවා කැමති තැනකට ඇදගෙන ගිහින් ලස්සනට හදාගන්නත් පුළුවන්. ඒ වගේම වුවමනා නැති ගැජට් delete කරන්නත් පුළුවන්. ඒක ඉතින් ඔයාලගෙ වැඩක් නේ... හරි... මෙන්න මෙහෙමයි ගැජට් දාගන්නේ. ඔයාලගේ iGoogle පිටුවේ උඩ දකුණු කෙළවරේ තියෙන Add Gadgets ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට මේ වගේ ගැජට් ගොඩක් තියෙන පිටුවක් open වෙයි.



            මෙතන එක එක ජාතියේ ගැජට්ස් තියෙනවා. පොඩ්ඩක් අවුස්සලා බලන්නකෝ. Games එහෙමත් තියෙනවා. කැමති එකක් තෝරගෙන Add Gadget දෙන්න. ඔතනින් තෝරන්න කම්මැලි නම් ඔය පිටුවේ උඩ දකුණු කෙලවරේ තියෙන search bar එකේ ඕනෙ නම ගහලා Gadgets search කරන්නත් පුළුවන්.

             අපිට වුවමනා වැඩේට අමුතුවෙන් හදපු ගැජට් නම් මෙතන නෑ. ඒ වැඩේට මෙතනට යන්න ඕනෙ.


     මේ Add Gadget පිටුවේ වම් කෙලවරේ තියෙන තීරුව පහල තියෙනවා Add Feed or Gadgets කියලා ලින්ක් එකක්. ඒක ක්ලික් කලාම මෙන්න මේ වගේ තව box එකක් එයි.


මේ box එකේ ඔයා ආසම බ්ලොග් එකක URL එක (page address එක) දෙන්න. URL එක හොයාගන්න බැරිද ? ඔයා කැමති පිටුවකට ගිහින් ඒකේ උඩ තියෙන Address bar එකේ තියෙන ලිපිනය (http://www.YOURPAGE.com) copy කරගෙන මේ box එකේ paste කරන්න. හරි... කොහොමින් හරි දැන් URL එක ඔතනට දුන්නා කියමුකෝ. ඊට පස්සේ Add Button එක ඔබලා ඒ බ්ලොග් අඩවිය iGoogle මුල් පිටුවට (Home page) දාගන්න පුළුවන්. දැන් ඔය Add කරපු බ්ලොග් එක iGoogle පිටුවේ ගැජට් එකක් විදියට පෙන්නනවා. ඔය විදියට ඔයාට ඕනෙ කරන බ්ලොග් ඔක්කොම Add කරගන්න. වැඩේ ඉවර කරගෙන Back to iGoogle Home ලින්ක් එකෙන් ආපහු iGoogle මුල්පිටුවට යන්න පුළුවන්.

 
             දැන් iGoogle පිටුවේ ඔයා Add කරගත්ත බ්ලොග් වල ගැජට් ටික ඇවිත් තියේවි. ඒ ගැජට් වල උඩ බාර් එකෙන් අල්ලලා කැමති තැනකට drag කරගෙන පිළිවෙලකට හදාගන්න. බ්ලොග් ලිපින 8 10 කට නම් ඔය විදිය අවුලක් නෑ. ඒත් ඉතින් ලිපින විස්සක් තිහක් ඔහොම කොටන්න ගියොත් !!! හරි කරදරයක් වෙයි නේද ? අපි හිතමුකෝ අපේ බ්ලොග් එක වෙන කවුරු හරි ඔය විදියට iGoogle වලට Add කරන්න හදනවා කියලා... එයාටත් එන්නේ ඔය ප්‍රශ්නෙම තමයි. එකෙන් එකට ලිපින මතක තියාගෙන / හොයාගෙන ටයිප් කරන එක කරදරයි. ඉතින්... දෙයියනේ කියලා ඕකටත් පොඩි විසඳුමක් Google ලා දීලා තියෙනවා.

 
අර කලින් Add Feed or Gadgets ලින්ක් එක ක්ලික් කරලා ආපු box එකේම පහල ඔය විදියට ලින්ක් එකක් තියෙනවා. එතනින් ගිහින් එන පිටුවේ තේරීම් ටික කරලා පහලින් දෙන code එක copy කරලා ඔයාගේ බ්ලොග් එකේ HTML/JavaScript ගිහින් paste දීලා save කරගන්න. එතකොට මෙන්න මේ වගේ button එකක් ඔයාලගේ බ්ලොග් එකට ඇවිත් තියේවි.

            
            දැන් ඔයාගේ බ්ලොග් එක බලන කෙනෙක්ට ඒක හිතට ඇල්ලුවොත් ඔය button එක ඔබලා එයාගේ Google Reader එකට හරි iGoogle පි‍ටුවට හරි ඔයාගේ බ්ලොග් එක එකතු කරගන්න පුළුවන්. ක්ලික් දෙකෙන් වැඩේ ඉවරයි. මේක check කරලම බලන්න ඕනෙ නම් මගේ බ්ලොගේ වම් සයිඩ් බාර් එකේ ඔය button එක ඇති... ක්ලික් කරලා බලන්නකෝ...

            හොඳයි... ඒ පොඩි අතිරේක පාඩමක් :D... දැන් ඔයාලා කැමතිම බ්ලොග් ටික ගැජට් විදියට iGoogle වලට ඇවිත් තියෙන්නේ. ඔය ගැජට් ටික කැමැත්තේ පිළිවෙලට හදාගන්න පුළුවන්. ඒ වගේම පහත දැක්වෙන විදියට Edit Setting ගිහින් ඒ ඒ ගැජට් එකට අදාල තවත් සැකසීම් කරන්න පුළුවන්.


            එක් එක් බ්ලොග් ගැජට් එකට අදාලව පෝස්ට් කීයක් පෙන්නන්න ඕනෙද ? ඒ පෝස්ට් කෙටි කරන්න ඕනේ මොන විදියටද කියන එක මෙතනින් හදාගන්න පුළුවන්...
 

ඒ වගේම කියන්න ඕනේ මේක ඔයාටම වෙන්වුනු ඔයාගේම මුල් පිටුව. ඒක නිසා මේ iGoogle පි‍ටුව තවත් ලස්සන කරගන්න ඔයා කැමති විදියකට පේන්න theme (තීම්) දාන්නත් පුළුවන්.


දැන්... ඔයා ඔය ටික ඔක්කොම හරියට කරගත්තා නම්, ඔයා අන්තර්ජාලෙට සම්බන්ධ වෙන්න බ්‍රවුසර් එක open කරපු ගමන්ම මුල්පිටුවෙම ඔක්කොම වැඩ කෑලි ටික තියෙයි. ඔයාට කරන්න තියෙන්නේ Google Account එකට log වෙන්න විතරයි. ඔයාගේ ප්‍රියතම බ්ලොග් ලිස්ට් එකම දැන් එකම තැනක. එතන ඉඳගෙනම mail check කරන්නත්, chat කරන්නත්, Google search කරන්නත්, News බලන්නත්, Video බලන්නත් ඔක්කොම කරන්න පුළුවන්...

ප/ලි : මේ පෝස්ට් එක දානකොට මගේ Blogger Interface එක අළුත් කරලා. නියමයි... ඒත් ඉතින් අළුත් පිට නිසා පුරුදු වෙන්න ටිකක් කල් යයි. අළුත් Editor එකෙන් කොටන පළවෙනි පෝස්ට් එක මේක. ඒ ව‍ගේම මේ මගේ බ්ලොග් එකේ 25 වැනි පෝස්ට් එක...! (රිදී ජුබිලිය නේද...?)

එහෙනම්... අපි ගියා... කරලා බලන්නකෝ ‍වැ‍ඩේ හොඳයිද කියලා... බලලා කියන්නකෝ... ගිහින් එන්නම් ජයවේවා...!!!
  
 




8 comments:

  1. ගොඩක් අය යහූ සර්ච් එන්ජින් එක අත ඇරලා ගූගල් එකට මාරු වුනේ ගුගල් හෝම් පේජ් එකේ තිබ්බ සරල බව හින්දයි, යාහූ සමග සන්සන්දනය කරද්දී යාහූ හෝම් පේජ් එක ලෝඩ් වෙනවට වඩා ඉතා වේගයෙන් ගුගල් ලෝඩ් වෙන නිසයි. ඒත් තාම යාහූ වල ඉන්න කෙනෙකුට යාහු වැනිම පහසුකම් සහිතව ගුගල් භාවිතා කරන්න පුළුවන් iGoogle දැම්මොත්. මම iGoogle පාවිච්චි කරපු පලවෙනි අවස්ථාවේම එපා වුනා. හෝම් පේජ් එක එන්නම තත්පර 6-7 යනවානේ.

    ReplyDelete
  2. හොඳ වැඩක්.... නමුත් load වෙන්න වෙලා යන 1 තමයි ලෙඩේ... වැදගත් ලිපියක්!

    ReplyDelete
  3. සැහෙන්න මහන්සි වෙලා ලියපු හොඳ ලිපියක්, මම ඔය සේවාවා පාවිච්චි කරන්නෙ එක බ්‍රව්සරයක විතරයි අම්බානක ස්ලෝ නිසා

    ReplyDelete
  4. ගොඩක් වටින ලිපියක්. මම අයිගූගල් ගැන ඇහුවේ අදමා තමා. අනේ මන්දා මං වගේ එකෙක් !!!!

    මේක ට්‍රයි කරලා ඇවිත් කියන්නම්කෝ කොහොමද ගූගල් ලාගේ සර්විස් එක කියලා. අපිව දැනුවත් කලාට ගොඩක්ම ස්තුතියි.

    ReplyDelete
  5. @ karumakkaaraya : ඔයා ගූගල් සර්ච් එන්ජින් එක ගැන කියපු දේ ඇත්ත සහෝ. ගූගල් ලා සරල බව හා වේගවත් බවට තමයි මුල්තැන දීලා තියෙන්නේ. iGoogle පිටුව සාපේක්ෂව ටිකක් ස්ලෝ තමයි. ඒත් ගියර් එක ක්ලික් කරලා classic View දුන්නාම slow connection වලදිත් හොඳට වැඩ කරයි මම හිතන්නේ. ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි සහෝ...

    @ ලහිරු : බොහොම ස්තුතියි අගය කිරීමට. මට නම් iGoogle ස්ලෝ කියලා ADSL හා mobile broadband දෙකේම දැනිලා නෑ. උඩ karumakkaaraya ට කියපු එක කරලා බලන්න. ස්තුතියි සහෝ!

    @ බුවා : බොහොම ස්තුතියි බුවා...

    @ මධුරංග : බොහොම ස්තුතියි ප්‍රතිචාරයට සහෝ. ට්‍රයි කරලා බලලා කියන්නකෝ...

    ReplyDelete
  6. නියම වැඩක් සහෝ .......ගොඩක් ප්‍රයෝජනවත්.........
    දැනුවත් කලාට ගොඩක්ම ස්තුතියි.........ජය වේවා!!!!!!!!!!!!!!

    ReplyDelete
  7. නියම පෝස්ට් එක බං ......
    සෑහෙන්න වැදගත්, තෑන්ක්ස් .....

    ReplyDelete
  8. Ekama Problem eka tama Srilankawa eke nahane

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...