Thursday, May 19, 2011

දිලුම් අයියේ... නිවන් දකින්නට කලින් ආයෙත් වරෙන්...


   හරියටම මීට අවුරුදු 8 කට කලින්, මැයි මාසෙම 21 වැනිදා මගේ අයියා මේ ලෝකෙ දාලා ගියා... එදා දැනුනු විදියටම අදත්... මේ දැනුත් සහෝදර කැක්කුමකින් පපුව පිච්චිලා ගියා... දිලුම් අය්යේ... උඹත්... මැයි මාසෙම යන්න ගිහින්... කවදාවත් නොදැක්කත්, හමු නොවුනත්, හැබහින් වචනයක් කථා නොකලත් ඔයාගේ පොස්ට් එක දැකපු දවසේ ඉඳලා ඔයාගේ උදව්වට බැනර් එකක් මගේ බ්ලොග් එකෙත් එල්ලුවා. ඒ හරියටම මගේ බ්ලොග් එක පටන් අරන් දවස් 2 කින්... දැන් ... අද... මගේම අයියා නැතිවුනු දවසට දවස් 2 කට කලින් දිලුම් අයියා අපිව දාලා ගිහින්... !!! 


     දිලුම් අයියේ... උඹෙන් කොමෙන්ට් එකක් ගන්න මම වාසනාවන්ත වුනා... උඹ follow කරපු බ්ලොග් වලින් එකක් මගේ... ඒත් මට උඹව හම්බවෙලා වචනෙකින් හරි ධෛර්යයක් දෙන්න උවමනාව තිබුනා... සයිබර් සිහින උලෙළ මග හැරුනා. ඉතින්...

     ආයෙමත් ඉලංදාරියා බ්ලොග් එක ලියන්න එන්නේ නෑ. ඒත් දිලුම් අයියේ... උඹට නිවන් සුව කියලා නිකම්ම කියන්න බෑ. උඹ වෙනුවෙන් ලෝකෙ තියෙන තරම් සල්ලි එකතු කරලා දෙන්න අපිට පුළුවන් වෙයි... ඒත් උඹට නිවන් දකින්න පිං එකතු කරලා දෙන්න අපිට බෑ. අනේ... ඒක නිසා ආයෙමත් වරෙන්... ආයෙමත් මේ පොළොවෙම ඉපදිලා අපේ සහෝදරයෙක් විදියටම...

     නොමැරී ජීවත් වෙලා උන්නොත්... එදාටත් අපි අනිවා උඹේ බ්ලොග් එක බලන්න එනවා...

දිලුම් අයියේ... ආයෙත් උපදින කිසිම ආත්මයක වත් මේ වගේ දුකක් එක්ක ඉපදෙන්න නොලැබේවා...!!!

ප.ලි. : පුලුවන් හැමෝම දිලුම් සොයුරාට උපහාරයක් පිණිස ඡායාරූපයක් තමන්ගේ බ්ලොග් වල පළ කරනවා නම් හොඳයි නේද ? මගේ බ්ලොග් එකේ බැනර් එක ඕනෙම කෙනෙක්ට ගන්න පුළුවන්... අපිට දිලුම් අයියා වෙනු‍වන් කරන්න පුළුවන් එච්චරයි...




3 comments:

  1. දයබර සුමිතුර අපි මේ සOසාර ගමනේ කවදා කොතෑනක හරි මුන ගෑසේවි යලිත් එදාටත් මේ වගේම දයාබර මිතුරුකම රෑදිටියේවි අපේ හදවත් වල ඉලන්දාරියො නුඹ නොකියාම ගියාට අපි තරහයි කදුලු හන්ගගෙන අපි අඩනතරම් උඹ් දන්නවනම් උඹ අපිට එහෙම කරන්නෑ

    ReplyDelete
  2. සොයුර ඔබට නිවන් සුව .....!

    ReplyDelete
  3. Your blog's really interesting beside it's modern ,usable "unfair" language.Try to respect and protect your mother tongue.It's also protecting your authenticity or identity .I really appreciate your good work.

    a teacher

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...