Wednesday, May 11, 2011

බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #1


ක්කොටොම කලින් කියන්න ඕනේ පහුගිය ටිකේම අළුතින් පෝස්ට් එකක් දාන්න බැරිවුනාට සමාවෙන්න කියලා. මීට කලින් දාපු පෝස්ට් එක දැම්මේ මාස 02 කට විතර පස්සේ. මේ පෝස්ට් එකත් මාසයක් විතර දිස්සෙම කොටනවා. ටික ටික කොටලා තමයි අහවරක් කලේ. පහුගිය මාසෙම එක එක වැඩ නොවැ. ඔෆීසියේ රාජකාරි බහුලයි. අනෙක් අතට මගේ කොම්පීටරේ හාඩ් ඩිස්ක් රාජයා ලෙඩක්  දැම්මා. එහෙන් world cup එක. ඊට පස්සේ අවුරුදු හා පාටි. තව ඉතින් ඔය අස්සේ අපේ පදිංචියත් වෙනස් කලා නොවැ. ඔය වැඩ අස්සේ පෝස්ට් එකක් ලියන්න වෙලාවක් හදාගන්න වගේම එක දිගට ඕක කොටන්න හිත හදාගන්නත් බැරිකමක් වුනා. ඒකට ඉතින් සමාවෙන්න ඕනෙ ඕං...



            ආ... තවත් දෙයක්. අපි කලින් කර ගෙන ආපු රාවණා සිරීස් එක නවත්තන්න වුනා. ඒකට හේතුව නොහැකියාව වත්, නොතේරුම් කමවත් නෙවෙයි. ඒ subject එක දැන් බ්ලොග් අවකාශේ trend එකක් වෙලා කියලා හිතුන නිසා. මම ඉතින් කොහොමත් කරන කරන එක පස්සෙන් යන බුවෙක් නෙවෙයිනේ. මම රාවණා ගැන හොයන්න, ලියන්න වුනේ ඒ ගැන වැඩිය කවුරුත් දන්නෙ නෑ කියලා හිතුනු නිසා. ඉතින් දැන් ඒ ගැන ලියන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒක නිසා හැමෝම දන්න දෙයක් ගැන ලියන්නේ නැතුව මගේ කියලා අළුත් දෙයක් ඔයාලට කියවන්න දෙන්නයි ම‍ෙග් බලාපොරොත්තුව !!!

            අද මේ ලියන පෝස්ට් එක ටිකක් අමුතුයි. බලලා ඉවරවෙලා comment එකකින්ම හොඳ නරක කියන්නකෝ...


            බට්ටා මේ කියන්නේ පහුගිය ටිකේ හිතේ හොල්මන් කර කර තිබුනු හීනයක් ගැන. ඕං මේක බලන හැමෝටම කියවන්න මෙන්න දැම්මා...

            පහුගිය ටිකේ ජංජාලේ පුරා කරක් ගහද්දි අහපු දැකපු කරුණු කාරණා ටිකක් නිසා බට්ටා ෆුල් අන්දොස් හිටියේ. හිතලා හිතලා ඔළුවත් අප්සැට් වගේ. ඔය අප්සැට් එකෙන්ම දැක්ක හීනයක් තමයි මේ. මේකෙ අගක් මුලක් නම් හිතා ගන්න බෑ ඕං. ඇහැක් විදියට කියෙව්වා නම්.

            හිතට නිකං හරි අමුතුයි වගේ. කිසිම දෙයක් හිතාගන්න බෑ. අරහෙට මෙහෙට කැරකි කැරකි ඉන්නකොට එකපාරටම සයිරන් නළා සද්දයක් ඇහෙන්න ගත්තා.

කීං... කීං... කීං... කීං...

ඉක්මනට control room එකට යන්න කවුද මන්ද එහෙම කියාගෙන කලබලෙන් දුවගෙන ගියා.

control room එක කියන්නේ මොන උලව්වක්ද කියලා බට්ටා දන්නෙ නෑ. ඒක කොහේ තිබුණත් ඔන්න බට්ටත් ඒ පැත්තට ඇදෙනවා. කොහොම යනවද මන්දා. (දන්නවනේ ඉතින් හීනවල හැටි) ඉතින් ආවේ කොහොමද කියලා දන්නෙ නැති වුනත් ඔන්න බට්ටත් දැන් අර මොකක්ද එක ඇතුලේ...

හරිම ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ. කිසි දෙයක් හිතා ගන්න බෑ

හ්ම්...ම්... අපිට චන්ද්‍රයාන් ප්‍රොජෙක්ට් එක නතර කරන්නයි වෙන්නේ !!!

අපරාදේ... අවසානය පෙනි පෙනි තියෙද්දි නේ මේ වැඩේ වුනේ...

එකපාරටම කිසිම සිග්නල් එකක් නැතිවුනේ කොහොමද ? මීට පැය 24 කට කලිනුත් අපි යානය එක්ක පණිවුඩ හුවමාරු කලා නේද ?

ඔව් ප්‍රොෆෙසර්. නමුත් මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා.

මේ කථා අස්සේ ටිකක් අහගෙන ඉන්න කොට තමයි වැඩේ ගලපලා තෝරගත්තේ. ඊට පස්සේ ඉතින් හීනෙ ඉතුරු ටික Fast Forward ගියේ. ඉතින් ආයෙත් සීන් එකට එද්දී මාව පාවෙනවා වගේ යනවා. උඩට... උඩට... උඩටම පාවෙනවා. ටික ටික පොලොවෙන් උඩට යනවා. (හරියට Google Earth වල ඉඳන් zoom out කරනවා වගේ) එළිය වැඩි වෙලා වැඩි වෙලා ගිහින් එකපාරටම කළුවර වුනා. දැන් ආයෙත් ටික ටික එළියකට ලං වෙනවා වගේ පේනවා. ඈ... බොලේ අර පේන්නේ මහ ලොකුවට අපේ හඳ නේද ? ඔව්මයි... අර හාවත් ඉන්නේ !!! මාව ටික ටික ඒ පැත්තට ඇදිලා යනවා. ඒ එක්කම හඳත් ටික ටික ලොකු වෙනවා. තව ටික වෙලාවක් ගියා. දැන් මම හඳ මතුපිට... පණ පිටින් හ‍ඳේ !!! මාරයි... (හීන වල ඔහොම තමයි)

            දැන් මේක මේ විදියට  කියන්න ගියොත් නම් බලන ඔයාලට පිස්සු හැදෙයි. ඉතින් බට්ටාගේ හීනෙ මම තේරෙන විදියට පහදලා දෙන්නම්කෝ....

            වැඩේ මේකයි. බට්ටා ජංජාලේ කැරකෙනකොට තිබිලා හම්බුනා පොඩි ආරංචියක්. ඒ තමයි ඉන්දියානු අභ්‍යවකාශ ගවේශණ ඒජන්සිය මගින් චන්ද්‍රයා පිළිබඳ ගවේශණය කිරීම සඳහා කක්ෂ ගත කළ චන්ද්‍රයාන් I’ යානාව හදිස්සියේම අතුරුදහන් වෙලා. ඔවුන් සඳහන් කර තිබුණේ චන්ද්‍රයාන් යානය සමග ඇති සියළු සම්බන්ධතා බිඳ වැටී ඇති බවයි.

චන්ද්‍රයාන් යානයට මොකක්ද වෙන්න ඇත්තේ ? යානය අතුරුදහන් වෙන්න කලින් චන්ද්‍රයාගේ කුණාටු මුහුද (Oceanus Procellarum) ප්‍රදේශයේ චන්ද්‍ර පෘෂ්ඨය යටින් පිහිටි විශාල කුහරයක් සොයාගෙන තියෙනවා. අභ්‍යවකාශ විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේ කුහරය පොලොව යට පිහිටි චන්ද්‍ර නගරයක් නිර්මාණය කිරීම සඳහා හොඳම තැනක් කියලයි.

රායිට්... ආයෙත් අපි බට්ටගේ හීනෙ බලමු.

            දැන් බට්ටා හ‍ඳේ ලෑන්ඩ් කරලා. දැන් ඇවිදගෙන යනවා, හරියට ලොකු වැඩකට යනවා වගේ. බට්ටට දැනෙන්නේ නම් තමන්ව ඉලක්කයකට අ‍රගෙන යනවා වගේ. ඔහොම යනකොට බට්ටට පේනවා ඉස්සරහින් තියෙනවා අඳුරු ගුහාවක් වගේ දෙයක්. අප්පච්චියේ ! ඒක නම් මහ විශාල ගුහාවක් නේ... ටික ටික ගුහාව පාමුලට යනවා. තවත් මොහොතකින් බට්ටා ඔය ගුහාව ඇතුළේ. වටේ කැරකිලා, රවුමක් ද‍ාලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනෙ කමක් තිබුනත් බට්ටා නොනැවතී ඉදිරියට යනවා. හරියට පස්සෙන් ඉඳන් පලයන් කියනවා වගේ. (අපිට ඕනෙ විදියට හීන control කරන්න බෑ නොවැ.)

            දැන් මෙහෙම ටික දුරක් ගුහාව ඇතුලට යනකොට ටිකක් පුරුදු ගතියක් දැනෙනවා. කලින් හඳ මතුපිට ඇවිදිද්දී නුහුරු වගේ වුනාට දැන් මේ ගුහාව ඇතුලේ නම් පෘථිවියේ හුරු පුරුදු ගතිය තමයි තියෙන්නේ. බට්ටා ගුහාව ඇතුළට ඇතුළට යනවා. වටේ පිටේ හැමතැනම පේන්නේ පුරුදු දේවල් කියලයි බට්ටට නම් හිතුනේ. ඒත් ඉතින් තියෙන්නේ මොනවද කියලා බල‍ාගන්න බෑ. පේනවා වුනාට පැහැදිලි නෑ. බට්ටා ඉස්සරහට යන්නේ ඒ තරම් ම වේගයෙන්.

            ඔය ගුහාවේ කොච්චර ඇතුළට ගියත් බට්ටාට කළුවරක් නම් දැනුනේ නෑ. දැන් තව තවත් ඇතුළටම යද්දි මේ යන්නේ පොළොව යට ගුහාවක් ඇතුළට ද කියලා හිතාගන්නත් බෑ වගේ... ඒ තරමටම වටපිටාව විශාලයි. කො‍හොමහරි යන්තන් බට්ටා අවසානෙට ආවා...

            මේ මොකද්ද මේ !!! පර්යේෂණාගාරයක් ද ? විද්‍යාගාරයක් ද ? එහෙමත් නැත්නම් කාර්මික නගරයක් ද ? මොකක් වුනත් උඩ ඉඳලා ඒක දිහා බලන් ඉද්දී බට්ටට දැනුනේ.....

පුරුදු මූණු ටිකක්... ම්ම්...ම්... මේ මං වගේම මිනිස්සු ටිකක් නේ... බලමු කථාවක් දාලා...

මං කොහේද මේ ඉන්නේ ... ?

මේ සඳ ඇතුළත චන්ද්‍ර නගරය...

ඒ කොහොමද ? මේ අපි ඉන්නේ හඳ ඇතුලෙනේ...

ඔව්... ඉතින්...

ඉතින් සඳ මැද්දේ කුහරයක් ද ?

ඔයා හිතාගෙන ඉන්න විදිය වැරදියි යාළුවා. සඳ කියන්නේ ග්‍රහ වස්තුවක් නෙවෙයි. මේක යෝධ අභ්‍යවකාශ යානයක්. මේ තාක්ෂණය අපිට හිතාගන්නවත් බැරි තරමටම දියුණුයි...

මොනවා !!! මේ තරම් විශාල අභ්‍යවකාශ යානයක් ? කවුද දෙයියනේ මේ වගේ එකක් හැදුවේ...

ඔය ප්‍රශ්නේ ඇහුවට ඒකට උත්තරේ බට්ටට ඇහුනේ නම් නෑ. හැබැයි දැන් ඒක බට්ටගේ ඇස් පනාපිටම පේනවා. හරියට film එකක් බලනවා වගේ. දැන් ආයෙමත් අර පරණ අභ්‍යවකාශ සවාරිය... මගේ අප්පච්චියේ !!! එච්චර speed එකකින් කොහොම ගියාද මන්දා !!! මෙහෙම යන්න ලැබෙන්නේ ඉතින් හීනෙන් ම තමයි. තවත් මොහොතකින් බට්ටා හිටියේ දැවැන්ත ග්‍රහ ලෝකයක් ලඟ. බට්ටා ඒක උඩට වෙලා බලන් ඉන්නවා. බට්ටා හිතුවා විතරයි, දැන් මේ ලෝකෙ එක මොහොතකින් පැත්තකට හැරුණා (ආයෙමත් Google Earth ම මතක් වෙන්නේ ඇයි මන්දා !!!). දැන් බට්ටා ඒ පැත්තට land කරන්නයි හදන්නේ. ඈඃ... මේ මොක්කුද මේ... මේ නම් ඒලියන්ලා ම තමයි. ඒත් මුන්ගේ හැටි... ඔළුව දිගම දිගයි. ඇඟ පුරාව කිඹුල් කොරපොතු, හරියට ඩයිනෝලා වගේ...

දැන් බට්ටට තියෙන ප්‍රශ්නේ කොහෙද මේ ඉන්නෙ කියන එක.

බට්ටා දැන් මේ ඉන්නේ නිබ්රු කියන ග්‍රහලෝකය ලඟ. පෘථිවියේ ඉඳලා ගොඩාක් ඈත. එතකොට අර හඳේ හිටිය සෙට් එක කියපු විදියට මේ ගොල්ලෝ තමයි හ‍ඳේ අයිතිකාරයෝ. අනේ මන්දා හිතනකොටත් පිස්සු වගේ.

බට්ටා නිකමට වගේ පිටිපස්ස හැරිලා බැලුවා. view එක zoom වෙලා ගිහින් ඈතින් පෘථීවිය පේන්න වුනා. ඒ එක්කම ආපහු ආපස්සට ආවා, හරිම වේගයෙන්. දැන් බට්ටට හිතා ගන්න පුළුවන් මේ කොච්චර ඈතකද ඇවිත් ඉන්නේ කියලා.

ආයෙත් ඉස්සරහට හැරෙනකොට බට්ටා ඉන්නේ ලොකු ship yard එකකට ඉහලින්. එක එක ජාතියේ අභ්‍යවකාශ යානා මහ ගොඩක් ඔතන නවත්තලා තියෙනවා. එතැන තියෙන සමහර යානා බට්ටට හිතා ගන්නවත් බැරි තරමටම විශාලයි. පේන හැටියට නම් මෙතන ලොකු කලබලයක් වගේ... 100 ක විතර සෙට් එකක් එතැන තිබුනු ලොකු යානාවකට නගිනවා බට්ටා දැක්කා. ආහ්... මේ හීනේ ඩිරෙක්ටර් / කැමරාමන් ලා නම් මරු. ළඟට යන්න ඕනෙ නෑ. කැමරා zoom වෙලා ගානට view එක දෙනවා.

මේ අය නිබ්රු වල උරග මිනිස්සු. ඔය ඉස්සරහින් යන්නේ මේ කට්ටියගේ ලොක්කා. බලගතු පොරක් වගේ... මේ කට්ටිය ‍ෙම් යන්න හදන්නේ කොහේ වුනත් ලොකු ගමනක්. ඔන්න දැන් කට්ටියම අර විශාල යානාවෙන් ගමන් ආරම්භ කරන්නයි සූදානම. බට්ටත් එතැනට හොම්බ දාන්න කියලා හදනකොට ඔන්න දන්නෙම නැතුව යානාව ඇතුලේ. රායිට්... ඔන්න අපි යනවා. බට්ටා මෙහෙට ආපු තරම්ම වේ‍ෙගන් නොවුනත් සෑහෙන්න තරමේ වේගයකින් යනවා කියලා බට්ටට තේරෙනවා. ඔය යන ගමන් වෙච්චි දේවල් නම් බට්ටට මතක නෑ. හැබැයි මේ කට්ටිය සෙට් වෙලා යන්නේ ලොකු mission එකකට කියලා නම් පැහැදිලියි.....

            එහෙනම්... ළමයිනේ, අදට ඔය ඇති නොවැ... කථාව දිග වැඩි වෙලා ඈනුම් අරිනවද මන්දා ??? බට්ටගේ හෑල්ල තව තියෙනවා. ඉතුරු ටික ඉක්මනටම දානවා. බට්ටා මේ ඒලියන්ලා එක්ක යන්නේ කොහේද කියන එකත්, මොකටද කියන එකත් අපි ඊළඟ කොටසින් බලමුකෝ... මතක ඇතුව බලන්න එන්න හො‍ඳේ ...




6 comments:

  1. එක හීනෙන් එලිවෙන්නේ නෑනේ ..ඒ හීනෙත් නරක නෑ ..බලමු තව කොටස් ඇතිනේ ඔය හිනේ

    ReplyDelete
  2. බුදුන් වැඳල නිදා ගන්න, එත්කොට ඔය වගේ නරක හීන පේන්නෙ නෑ. :P. එල එල, ඉතුරු ටිකත් දාන්නකෝ.

    ReplyDelete
  3. @ හිස් අහස :
    ඔව්, ඔව්... එක හීනෙ වුනාට තව එළි වුන්නෑ... අනිවා ඉතිරි ටිකත් කියවන්න එන්නකෝ... ජයවේවා !!!

    @ Kasun :
    හික්... බට්ටට එදා බුදුන් වදින්න අමතක වෙලා ද කොහේදෝ... ඉතුරු ටිකත් ඉක්මනටම දානවා. බලන්න එන්නකෝ... ස්තුතියි !!!

    ReplyDelete
  4. මොකක්ද බොල මේ කතාව ..............

    ReplyDelete
  5. @ කල්හාර දිසානායක :
    හෙට අනිද්දා දිහාට ආයෙත් වරෙන් බොල... ඉතුරු ටිකත් කියවලා යන්න.

    ReplyDelete
  6. මරු මරු... බට්ටට කොටස් වශයෙනුත් හීන පේනව වගේ ... ;-)

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...