Thursday, March 3, 2011

රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්... #2

මේ ලිපි පෙලේ දෙවැනි ලිපියයි මේ. පසුගිය සතියේ පළවුණු මෙහි පළමු ලිපියට මම හිතුවාටත් වඩා ප්‍රතිචාර තිබුණා. රාවණා ගැන මෙන්ම අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැනත් බොහෝ දෙනෙක් උනන්දුවක් දැක්වීම ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ වගේම මේ සම්බන්ධ තවත් ලිපි හා සබැඳීන් ලබාදුන් හා ප්‍රතිචාර දැක්වීමෙන් දිරිමත් කළ ආදරණීය පාඨක ඔබ සැමට ගොඩාක් ස්තුතියි. මේ හා සම්බන්ධව පූර්ණ කතිකාවතක් ඇති කිරීම මෙහි අභිප්‍රායයි. මේ පළවෙන්නේ රාවණා රජු හා සම්බන්ධ ‍‍‍ඓතිහාසික ලිපි මාලාවේ දෙවැන්නයි. පසුගිය ලිපියේ මෙන්ම මේ ලිපියේත් අඩංගු අන්තර්ගතය විකිපීඩියා ඉංග්‍රීසි අඩවියෙන් ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් සකස් කර ඇති බව පැවසිය යුතුයි. පිළිගත හැකි තොරතුරු අන්තර්ගත බැවින් මේ සඳහා විකිපීඩියා විශ්වකෝශය පදනම් කරගත් අතර ඉදිරියේදී මේ හා සම්බන්ධ දෙස් විදෙස් අන්තර්ජාල මෙන්ම වෙනත් මූලයන් ආශ්‍රයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමටත්, ඒ වාගේම මේ මාතෘකාව සම්බන්ධයෙන් තර්කානුකූල විමසීමක් සිදුකිරීමටත් බලාපොරොත්තු වෙනවා. 
ඉතින්... පසුගිය ලිපිය, මේ ලිපිය මෙන්ම ඉදිරියේ පළවන ලිපි සමගත් එකතු වී හිඳින මෙන් ආදරයෙන් මතක් කර සිටිනවා. ස්තූතියි...!





තරුණ කාලය :

ආක්‍රමණශීලී හා උද්ධච්ඡ ගති ප්‍රකට කළත් රාවණා යනු  ඉතාමත් දක්ෂ, ප්‍රඥාවන්ත දරුවෙක් බව ඔහුගේ පිය වූ වෛශ්‍රවණ මුනිවරයා හට වැටහිණි. මේ නිසා රාවණාට වෛශ්‍රවණ භාරයේ රැඳී වේදය හා අනෙකුත් ශුද්ධ වූ ග්‍රන්ථයන් ද, කලා ශිල්ප හා විද්‍යා ශාස්ත්‍රයන් ද, ක්ෂිත්‍රියයන් (රාජකීයයන් / රණ ශූරයන්) විසින් උගත යුතු, ප්‍රගුණ කළ යුතු වූ සියළුම හරඹයන් ද හැදෑරීමට අවස්ථාව උදාවිය. ඔහු මේ සියල්ල ඉතා හොඳින් උගත්තේය. එමෙන්ම රාවණා යනු ඉතා විශිෂ්ඨ ගණයේ වීණා වාදකයෙක් ද වේ. පසු කාලීනව ඔහුගේ නිළ ඡත්‍රයේ (කොඩියේ) පවා වීණාවක රූපයක් අඩංගු වූ බව කියැවේ.

            මේ අතරතුර රාවණාගේ මව වූ කෛකේසි දේවියගේ පියතුමා වූ සුමාලි රජුගේ අභිප්‍රාය වූයේ ධෛත්‍ය වංශිකයන්ගේ ආචාර ධර්මයන් ආරක්ෂා කර ගනිමින් රාවණා තම ගෝත්‍රය තුළ රඳවා තබා ගැනීමටයි. රාමායනය පවසන පරිදි වර්තමාන ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර, රාජස්ථාන් සිට මාතුරා හි දකුණින් පිහිටි දිල්ලියත් සමග ගුජරාටයත් ඇතුලත් වන පුරාණ යාදු කලාපය සමගත් රාවණා හට කිට්ටු සබඳතාවයක් තිබී ඇත.  එමෙන්ම රාමාගේ බාල සොහොයුරා වූ ශැතෘග්ණ විසින් මරණයට පත් කරන ලදුව සිය පාලනයට යටත් කර ගත් ලවණසුර නොහොත් රාක්ෂසයන් සමග ද  රාවණාගේ ඥාතී සම්බන්ධතාවයක් තිබූ බවට විස්වාශයක් ඇත.

එසේම රාමායනය ඇතුළු පුරාණ ග්‍රන්ථයන්ට අනුව යාඩු කලාපයේ සිටි ‍ශ්‍රේෂ්ඨතම රජවරුන්ගෙන් කෙනෙක් වන කර්තවීර්ය අර්ජුන් නම්  රජු විසින් නර්මදා ගං ඉවුරේදී ශිව ලිංගය වන්දනාමාන කරමින් හා යාගහෝම පවත්වමින් ලබාගත් බලයක් මගින් රාවණා රජු යටත් කොට තබාගත් බව සඳහන්ය. කෙසේ වුවත් රාමායනයේ සඳහන් වන ලෙසට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ රාවණා යනු මනුෂ්‍යයන් හෝ අසුරයන් අතර අසමසම පුද්ගලයෙක් වූ බවයි.


තපස් ව්‍රතයන් :

            පෙර කියන ලද ප්‍රාථමික අභ්‍යාසයන් සියල්ලම නිම කිරීමෙන් පසු රාවණා විසින් මහා බ්‍රහ්මයා වෙනුවෙන් වූ උග්‍ර තපස් ව්‍රතයකට එළඹියේය. අවුරුදු ගණනාවක් තිස්සේ මේ ව්‍රතය පුරන ලදී. තමා කෙතරම්  හොඳින් ව්‍රතයන් පිරුවත් මහා බ්‍රහ්මයා තමා ඉදිරි‍ෙය් පෙනී නොසිටි නිසා කෝපයට පත් රාවණා විසින් සිය හිස කපා දමන ලද බව සඳහන්ය. හිස කපා දැමූ පසු නැවතත් හිසක් පැන නැඟි අතර මේ ආකාරයෙන් දස වාරයක් ම ඔහු තම හිස කපා දැමීය. ඒ සෑම වාරයකදීම අළුතින් හිසක් පැන නැගී ඔහුගේ තපස් ව්‍රතය දිගටම කරගෙන යාමට අවස්ථාව උදාවිය. දස වන වාරය අවසානයේ මහා බ්‍රහ්මයා රාවණාගේ ව්‍රතය පිළිබඳ තෘප්තිමත්ව  සතුටට පැමිණ ඔහු ඉදිරියේ පෙනී සිටින ලදී. මෙහිදී මහා බ්‍රහ්මයා විසින් රාවණා වෙත වරයක්  ප්‍රදානය කරන ලදී. රාවණා ඉල්ලා සිටියේ තමාට අමරණීයභාවය ලබා දෙන ලෙසයි. මහා බ්‍රහ්මයා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් ඒ වෙනුවට සදාකාලික භාවයේ දිව්‍යමය අමෘතය රාවණා හට ලබා දෙන ලදී. මෙම අමෘතය අඩංගු බඳුන රාවණාගේ නාභියට (බඳ පටියට ?) යටින් රඳවා තබා තිබුනු බවත් මේ අමෘත පානය අවසාන වන තුරු රාවණා අභිබවා යෑමට නොහැකි බවත් පැවසේ.

            මෙම වරය ලැබීමෙන් පසු මීලඟට රාවණා ඉල්ලා සිටියේ දෙවියන්ට, දිව්‍ය ආත්මයන්ට, අමනුෂ්‍ය ආත්මයන්ට, සර්පයන් හෝ අනෙකුත් චණ්ඩ වන මෘගයන්ට තමාට හානියක් ‍නොකළ හැකි ආකාරයේ හා තමාට ඒ සියල්ලන් කෙරේම ආධිපත්‍ය පැතිරවිය හැකි ආකාරයේ  වරයක් ලබා දෙන ලෙසයි. මහා බ්‍රහ්මයා විසින් මේ වරයත් ඔහුට ලබා දුන් අතර මේ සියල්ලටම අමතරව තමා වෙනුවෙන් රාවණා විසින් සිඳින ලද හිස් දහය වෙනුවෙන් දිව්‍යමය ආයුධ හා යන්ත්‍ර-මන්ත්‍රාදී ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ වූ අනන්ත ඥානයද සමග අති මහත් ශක්තියක්ද ප්‍රදානය කරන ලදී. මේ නිසා රාවණා දශමුඛ ලෙස හැඳින්වී යැයි පැවසේ.


ලංකාපති රාවණා :

මහ බ්‍රහ්මයා ගෙන් ඉහත කී වරයන් ලබා ගැනිමෙන් පසු රාවණා මහා බල සම්පන්න භාවයකට පත් විණි. ඔහුගේ මීලඟ අපේක්ෂාව වුයේ තම මවගේ පියා වු සුමාලි රජුගේ හමුදා බලඇණියේ නායකත්වය ගැනීමයි. එයින් පසුව ඔහුගේ අවධානය යොමු වුයේ ලංකා පුරය අල්ලා ගැනීමටයි.

ලංකාව වනාහි කාව්‍ය විෂයානුඅතික්‍රාන්ත වු රමණීය පුරවරයකි. මේ උත්කෘෂ්ඨ පුරය දිව්‍ය භාණ්ඩාගාරික වු කුබේරයන් (කුවේර?) හට විශ්වකර්ම දිව්‍ය ප්‍රත්‍රයා විසින් නිමකර දෙන ලදී. කුබේර විසින් ඉතා නිර්ලෝභි ලෙස තමා සන්තක සියල්ලම රාවණා හා ඔහුගේ සෙසු සොයුරු සොයුරියන් සමග බෙදා හදා ගෙන සිටි මුත් රාවණා හට ලංකාව තම පුර්ණ ආධිපත්‍ය යටතේ තබා ගැනීමට අවශ්‍ය විය. කුබේර යනු රාවණාගේ පියා වු වෛශ්‍රවණයන්ගේ වෙනත් බිරිඳකගේ ප්‍රත්‍රයා වේ. ඒ අනුව කුබේර හා රාවණා යනු එකම පියා ගේ පුත්‍රයන් වන අතර එනිසාම අර්ධ සොහොයුරන්ද වේ. එය එසේ වුවත් රාවණා විසින් ලංකා පුරය බලෙන් ලබා ගන්නා බවට කුබේරට තර්ජණය කරන ලදී. මෙහිදී ඔවුන්ගේ පියා වු වෛශ්‍රවණ විසින් කුබේරට උපදෙස් දුන්නේ රාවණා දැන් අභිබවා යා නොහැකි තරම් බලවන්තයෙක් වන නිසා ලංකා පුරය ඔහුට ලබා දීම සුදුසු බවයි.

රාවණා විසින් ලංකාව බලහත්කාරයෙන් මෙන් ලබාගත්තා වුවද ඔහු ලංකාපුර වැසියන්ට කරුණාවන්ත මෙන්ම  කාර්යශුර පාලකයෙක් ද විය. ඔහුගේ පාලනය යටතේ ලංකාව ඉතා සමෘද්ධිමත් වුණු අතර එය විස්තර කොට දක්වන්නන් පවසන පරිදි ලංකා පුරයේ දිලිඳුම ගෙවල්වල පවා භාජන උතුරා යන තරම් රත්රන් තිබූ බව කියවේ. නගර වැසියන්ට කෑමෙන් බීමෙන් කිසිදු අඩුපාඩුවක් නොතිබුනු අතර බඩගින්න යනු ලංකාපුර වැසියන් නොදත් වචනයක් බවට පත්ව තිබිණි.
කෛලාසය යට සිටින රාවණාගේ මූර්තියක්

ශිවගේ අනුගාමිත්වයට පත්වීම :

ලංකාව අත්පත් කරගැනිමෙන් පසුව රාවණා මීලඟට පැටලුනේ ශිව සමගයි. ඔහුගේ වාස භවනය වු කෛලාශ කූටයේදි සටනට එළඹි රාවණාට ආ හදිසි කල්පනාව වුයේ කෛලාශ කූටය මුලිනුදුරා විසි කොට දැමීමටයි. අහංකාර රාවණාගේ මෙම ප්‍රකෝපකාරී ගැහැට කිරීම් නිසා කෝපයට පත් ශිව කලේ ඉතා වේදනා උපදවන පරිදි  කෛලාශය මත තිබු ඔහුගේ පයේ සුළැඟිල්ලෙන් රාවණා පාගා දැමීමයි. මේ ආකාරයට රාවණා හට කෛලාශ කූටය යටට වී ශිවගේ පයට පෑගී දඬුවම් විඳීමට සිදුවිය. මේ අතර ශිවගේ අනුගාමිකයන් විසින් රාවණා ගැටුනේ කවරාකාරයේ පුද්ගලයෙක් සමගද යන්න පහදා දුන් අතර තම වැරැද්ද ගැන රාවණා පසු තැවෙන්නට විය. ශිව දේවයන් වර්ණනා වන පරිදි රාවණා විසින් ගීතිකාවන් තනා ගායනා කරන්නට යෙදුනු ‍ අතර ශිවගේ බන්ධනයෙන් මිදෙන තුරු වර්ෂ ගණනාවක් රාවණා හට මෙසේ සිටීමට සිදුවූ බව පැවසේ. රාවණාගේ යටහත් පහත් භක්තිවන්ත භාවය නිසා පැහැදීමට පත් ශිව විසින් ඔහුට චන්ද්‍රහස් නම් දිව්‍යානුභාව ඇති අසිපත ලබා දෙන ලදී. රාවණා ශිවගේ දණ්ඩනයට යටත්ව කඳු පර්වතයන්ට යට කරද්දී ඔහු කෑ ගසා හඬ නැඟූ ආකාරයට මහා පොළව පවා කම්පා වු බව පැවසේ. මහා භයංකර ගර්ජණය යන අරුතින් රාවණා යන නම යෙදුණු බව සැලකේ. රාවණා දිවි ඇති තුරාවටම ශිව දේවයන්ගේ භක්තිමත් අනුගාමිකයෙක් වු අතර ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍ර නම් බැති ගීතිකාව රාවණා විසින් ශිව දේවයන් උදෙසා රචනා කරන ලදී . මහා බ්‍රහ්මයාගෙන් ලද අමෘත පානය හේතුවෙන් අමරණියත්වයට පත් වි සිටි රාවණා ශිව වෙතට ගොස් ඔහු පිනවීම උදෙසා තම හිස සිඳ දමා එය ශිවට පුජා කරන ලදී. ශිව විසින් නව හිසක් ප්‍රතිෂ්ඨාපනය කරණ ලදී. මේ ආකාරයට නව වතාවක්ම සිදුවු අතර රාවණාගේ භක්තිවන්ත භාවය පිළිබඳ ශිව ඉතා පැහැදීමට පත් විය. මේ සිද්ධිය නිසා දශ-ශීර්ෂ යන නාමය යෙදුණු බව සඳහන් වේ.


තුන්ලෝකාධිපති රාවණා:

මේ වන විට රාවණාගේ බල පරාක්‍රමය බිය උපදවන තරමටම වැඩී වර්ධනය වී තිබිණි. සංග්‍රාම දාමයකින් පසුව දිව්‍ය, මනුෂ්‍ය, යක්ෂ යන තුන් ලෝකයම රාවණා විසින් දිනා ගන්නා ලදී. පාතාල ලෝකය ද සම්පුර්ණයෙන්ම යටත් කෙරිණි. තම බාල සොහොයුරා වු අහිරාවණ රජ තනතුරේ පිහිට වු රාවණා තුන් ලොවටම අග්‍රාධිපති ලෙස අසුරයන් පාලනය කලේය. නිවාතකවච හා කලාකීය නම් වූ ගෝත්‍රයන් දෙක සමග සමගි සම්මුතියකට එළඹියේ ඔවුන් රාවණා‍ගේ ඥාතීන් වීම නිසා ඔවුන් අභිබවා යටත් කරගැනීමට නොහැකි නිසාවෙනි. මේ ආකාරයෙන් දීර්ඝ සංග්‍රාම මාලාවකින් ඉක්බිති රාවණා සමස්ථ අසුර ලෝකයේම අධිරාජ්‍යයා වශයෙන් කිරුළු පැළඳීය. රාමායනයේ දැක්වෙන කාලය වන විට, එනම් අවුරුදු සිය ගණනකට පසුව කාලයේදී රාවණා විසින් සියළුම දිව්‍ය හා මනුෂ්‍ය වර්ගයා වෙත සිත ආධිපත්‍ය පතුරුවා සිටි බව පැහැදිලි වේ. රාවණා කෙතරම් අනභිබවනීය ලෙස බලසම්පන්නව සිටියාද යත් ඔහුට තමාට අවශ්‍ය පරිදි හිරුගේ නැගීම - බැසීම පවා පාලනය කළ හැකිව තිබුණු බව පැවසේ.....

- මතු සම්බන්ධයි -




25 comments:

  1. මේ ලිපිය කියවන්න කියවන්න කුහුල වැඩි වෙනවා. රාවණා මිසරේ පැත්තෙ ගිය කතාවත් පසුව ලියවෙයි නේද!

    ReplyDelete
  2. ලිපිය නම් එල .. මේ දේව , යක්ෂ , පාතාල ලෝක වගේ දේවල් ඇත්තද ? පරීක්ෂනාත්මකද ? කියල නම් හිතෙනව (මේ ලෝකෙ හැමදේම පරීක්ශන වලට අහුනොවෙනව උනත් ) , මේ දේවල් ඔයාගෙ මුලාශ්‍ර වල තියන සාහිත්‍යමය කරුණු නෙවෙයිද ?

    ReplyDelete
  3. මමත් ආසම චරිතයක් රාවණා කියන්නෙ.

    Dr. සූරිය කියල කෙනෙක් ලියපු ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාව හරි ඒ හා සමාන නමකින් හරි පොතක් තියනව. දඬුමොනරෙ එන්ජිමේ ඉඳන් ගවේශනයක් කරල වගේ තමයි හිතෙන්නෙ. බැලුවොත් වටිනව.

    ReplyDelete
  4. godakk hodai ayya digatama liyanna

    ReplyDelete
  5. @ බුද්ධි :
    අනිවා සහෝ. එකී නොකී මෙකී සියල්ලම සොයා පළකිරීමට තමයි හිතන් ඉන්නේ. දිගටම ඉන්නකෝ... ප්‍රතිචාරයට ස්තුතියි.

    @ buwa :
    ඇත්ත මචං. රාමායනයේ කරුණු වලින් තාර බර ඇරලා තමයි ඔය ලියලා තියෙන්නේ. දේව, යක්ෂ වගේ සංකල්ප මමත් සම්පූර්ණයෙන් පිළිගන්නේ නෑ. නමුත් අපිට ඒක බැහැර කරන්නත් බෑ. මේවා සමහර විට විවිධ ගෝත්‍ර නාමයන් වෙන්නත් පුළුවන්. දේව කියන සංකල්පය නම් පිටසක්වලයන් සමග ඈඳී යන්නක් ද යන්න සැකයි.

    බලමු ඉස්සරහට. ප්‍රතිචාරයක් තියලා ධෛර්යමත් කරනවාට තුති !!!


    @ chanakalin :
    මම ඒ ගැන අහලා නැති වුනත් මම හොයාගන්න බලන්නම් සහෝ. ප්‍රතිචාරයට ස්තුතියි.

    @ මෝල්ඩර් ෆයිල්ස් :
    එළ... එළ... උඹලා මේක බලලා කමෙන්ට්ස් දෙන කල්, ඊටත් පස්සේ මේ පැත්ත පලාතේ නාවත් මම දිගටම ලියනවා.

    ReplyDelete
  6. Macho kalin eka dekketh meka sindiye tiyenawa dekala.dogatama liyapan kollo.rawana kiyanne ape raja kenek.awasanawata ithihasaya liyapu ewun indiyawa loku karala liyala.tamange nangige kanayi nahayayi kepuwama kenthi yanne nethi ayiya kenek innawada ban?ara rama kiyana eka karapu wede weradiyi.anika unta weradilada koheda liyala tiyenawa samahara ten wala rawana siithawa genawata athawath thibbe ne kiyala.rawana wa peredduweth ramata ara wibishana kiyana bala lobaya udawu karapu nisa.rawana ge palanaya thula uta thenak nolebena bawa danna nisa u rata pawala dunna.adath ohomane ban.thamage wasiyata tama hema ekama.
    digatama liyapan kollo.mata mataka widiyata kalin blog 1 k tibba ban rawana gena hoyapu.eth nama nam mataka ne.eke godak research karala tibba.poddak hoyala balapan macho..

    ReplyDelete
  7. සහෝදරයා ඹබ රාමායනය පදනම් කො‍ට ගෙන ලිවීම නමි කරන්න එපා මොකද රමායනය ලියාලා තියෙන්නේ ඉංදියාවෙන් වුනු වරද වහ ගන්න
    මා ඹබට ආරාධනා කරනවා මහා රාවනා කණ්ඩායමේ සමාජිකයෙක් වන ලෙස
    මා ඹබට සුභ පතනවා මේ කරන කාර්ය වඩාත් සාර්ථක වීම‍ට
    ඹබට ස්තතිය
    හෙළයට ජය
    http://www.facebook.com/home.php#!/group.php?gid=132543113437600

    ReplyDelete
  8. digatama liyanna asawen kiyawana lipi pelak meka.. apita hari adambarai rama rajjuruwo gana mokada eya helayek nisa.......

    ReplyDelete
  9. @ රොෂාන් එරංග :
    ඇත්ත සහෝ. රාමායනය ලියලා තියෙන්නේ රාමාට වාසි වෙන විදියට. අපි දන්න දේට වඩා දෙයක් ඉතිහාසයේ වෙලා තියෙන්නේ. රාවණා දරුණු අපරාධකාරයෙක් විදියට ඉන්දියාවත්- බටහිර ලෝකයත් සලකන්නේ ඉතිහාසය ලියපු අයගේ වැරදි නිසා. අපි ඒ වැරැද්ද නිවැරදි කරන්න ඕනෙ.

    ලිපිය කියවලා අවංක අදහස් ප්‍රකාශ කලාට ගොඩාක් ස්තුතියි. ආයෙත් එන්න. ජයවේවා !

    @ sanka :
    බොහොම ස්තුතියි සුභ පැතුවාට. ඇත්ත. රාමායනයේ තියෙන කරුණු අපිට පිළිගන්න බෑ. ඒත් වැරැද්ද ඔප්පු කරන්න නම් වැරැද්ද ඉදිරිපත් කරන්න ඕනෙනෙ. රාමායනයේ කරුණු දැක්වුවාට පසු මගේ බලාපොරොත්තුව රාවණා ගැන අනෙකුත් මූලයන් ගෙන් කරුණු ඉදිරිපත් කිරීමටයි.

    ඔබ දැන්වූ පරිදි මම රාවණා සමූහයේ සාමාජිකත්වය ගන්නම්. ස්තුතියි.

    ReplyDelete
  10. රාවණා සමූහයේ සාමාජිකත්වය මාත් ගත්තා

    ReplyDelete
  11. @ ano :
    කලින් reply කරන්න බැරිවුනාට සමාවෙන්න ඕනෙ. කොහොම වුනත් මේ පැත්තේ ඇවිත් ප්‍රතිචාරයක් තියලා ගිය එකට බොහොම ස්තුතියි...

    @ bandara :
    ප්‍රතිචාරයට ස්තුතියි සහෝ...

    “apita hari adambarai rama rajjuruwo gana mokada eya helayek nisa“

    මම හිතන්නේ මේක වැරදිලා වදින්න ඇත්තේ. සහෝ, රාමා නෙමේ රාවණා රජ්ජුරුවෝ තමා හෙලයෙක් වුනේ. ඇත්තටම අපි අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගැන ආඩම්බර වෙන්න ඕනේ.

    @ මෝල්ඩර් ෆයිල්ස් :
    එළ... ඔහොම යං.

    ReplyDelete
  12. මම පුද්ගලිකව විශ්වාස කරනවා තවමත් ‍අපේ ජාන වල මේ හෙලයන්ගේ ශක්තිය ගැබ් වෙලා ඇති කියල යහලුවනේ අපි එකත වෙමු අපි අපේ ශක්තිය නැවති අවදි කරමු ලෝක‍යෙන් අඩක් පාලනය කල බැබිලෝනියා‍වට තාක්ෂණය කියා දුන් නිරිදානන් අපි සෑම කෙනෙක්ම තල ඉන්නවා අපි එකත වෙලා මේ මහා ‍හෙලයේ අභිමානය නැවත ලෝකයට කියා දෙමු

    ReplyDelete
  13. @ sanka :
    සුළුතරයක් නරුමවාදීන් අතර සුභවාදී තරුණ පරම්පරාවක් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. දැන් පරම්පරාව අතර තමන්ගේ කම නැතිවීගෙන යන කාලයක් මේක. හැමෝටම ඕනේ ග්ලෝබල් විලේජ් !!! ඒත් දෙයියනේ අපේකම නැති කරගෙන අපි ලෝකෙට යන්නේ කොහොමද ?

    ඒ අතින් ඔබ වැනි අයගෙන් මෙවන් වචනයක් ඇසිමත් සතුටට කරුණක්. ඔව් සහෝ. අපිට හැකි තරමින් අපි අපේකම ගොඩදාමු. කලවම් නැති හෙලයෝ ටික දෙනෙක් හරි තාමත් මේ පොලොවේ ඉන්නවා. මේ රට වට්ටන්න බැරි ඒකයි.

    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. දිගටම මේ පැත්තේ එන්න. ජයවේවා !!

    ReplyDelete
  14. රත්ගම ගේ බ්ලොග් එකට තිබු අදහසක් හරහා මේ පැත්තේ ආවේ. අපුරුයි . නිවාඩු පාඩුවේ කියවන්න වටිනවා. ඉන්දියන් කාරයෝ වමාර වමාර රාමායනය බලනවා විතරක් නම් මදැයි. අපේ ළමයින්ටත් පෙන්නනවා. රාවණ අපිට හොඳ රජෙක් කියල පැහැදිලි කරන්න මට සැහෙන කරුණු ඕන වුන. හිමිට අනික් ලිපි කියවල අදහස් කියන්නම්.

    ReplyDelete
  15. @ Bindi :
    සාදරයෙන් පිළිගන්නවා සහෝදරී... රාමායනය ලියලා තියෙන්නේ ඉන්දියාවට වාසි විදියට. ඒත් තවමත් අපේ අයට රාමා තමයි වීරයා !!!

    සහෝදරීට රාවණා ගැන තවත් තොරතුරු දැනගන්න පුළුවන් ටමහි පළමු ලිපියට දාපු ප්‍රතිචාර වලින්. එතැන අපේ සහෝදරවරු දාපු ලින්ක් තියෙනවා. ගොඩක් කරුණු දැනගන්න පුළුවන් වේවි.

    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට... ජයවේවා...

    ReplyDelete
  16. First of all sorry iits difficult me to write in sinhala here.

    THIS IS REALLY GOOD, I HIGHLY APPRICIATE YOUR WORK. TRY TO FIND EVIDENCE AS MANY AS POSSIBLE LIKE "STONE LETTERS" , PLACES IN SL. I ALSO THINK OUR HISTORY HAS BEEN WRITTEN INA WRONG WAY WE HAVE TO MAKE IT RIGHT.

    YOU GUYS CAN DO THAT.

    GOOD LUCK.

    a Sri Lankan frm USA

    ReplyDelete
  17. @ ANO:
    ඔයා සිංහලෙන් නොලිව්වාට කමක් නෑ සහෝ... ප්‍රතිචාරය තමයි වටින්නේ...

    අගය කිරීමට ගොඩාක් ස්තුතියි. ඔයා කියපු විදියට සෙල් ලිපි වල තියෙන තොරතුරුත් එකතු කරලා ඒ පුරාවිද්‍යා සාධක තියෙන තැන් වලටම ගිහින් පින්තූර එක්ක හොඳ ලිපියක් පළකරන්න හිතේ තිබුනා. නමුත්... මේ ලිපි දෙකට පස්සේ ඒ උනන්දුව නැතිවුනා.

    ඇත්තටම අපේ ඉතිහාසය අපිට අළුතින් හොයන්න වෙලා තියෙන්නේ. මගේ ලිපිය දැකලා මේ කරුණු ගැන තව හොයන්න කාට හරි හිතුනා නම් මට ඒ ඇති...

    ආයෙමත්... පුතිචාරයට ස්තුතියි... !!! ජයවේවා...

    ReplyDelete
  18. සතුටුයි සහෝදරයා. දිගටම ගවේෂණය කරන්න. හොයමු අපේ ජාතියේ මූල බීජය.

    අනු

    ReplyDelete
  19. මමත් මේ ඉතිහාස කතා ගැන හරිම කුහුලකින් හොයන කෙනෙක්. මම අහලා තියෙනවා රාවණාගේ දඩු මොනරේ අදටත් දේවාලෙක සදාකාලිකව වැහුනු කාමරයක් තුල තියෙනවා කියලා. මම හිතන්නෙ රිවිර පත්තරෙන් මම දැක්කේ ඒ කතාව. එදා ඉදන් මම අද වෙනකනුත් කල්පනා කරන්නෙ ඔය සදාකාලික දොර ඇර ගන්න ක්‍රමයක්.

    මගේ නමෙත් රාමායනයට සම්බන්දයක් තියෙනවා ඉතින් මම මේ කතාවට හරිම කැමතියි. පන්තියේ ඉතිහාසය උගන්නන්න යනකොට දඩයම් යුගය එඩේර යුගය ගොවි යුගයට පස්සෙ අපි කෙලින්ම උගන්නන්නෙ විජය රජ්ජුරුවන්ගේ සංක්‍රමනය ගැන. ඒ අතර අපේ රටේ ප්‍රෞඩ ඉතිහාසය වැලලිලා ගිහින් කියන එක මොන තරම් ශෝචනීය ද? මමත් කැමතියි මේ රාවණා සොයාගෙන යන ගමනට එක් වෙන්න. මොකද මම හිතන්නෙත් රාවණා කියන්නෙ අපේ රටේ හිටිය ශ්‍රේෂ්ඨම පාලකයන්ගෙන් කෙනෙක් කියල. සමහර විට එකම අසමසම නායකයා වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  20. Shodarawaruni me link ekatath poddak gihin enna

    http://www.helayugaya.tk/

    Randunu

    ReplyDelete
  21. We think that King Ravana was one of the greatest kings world had But some how some people wants to hide that harsh truth from our generations.......
    By distroying his image as raptio
    But some day the truth will reveal @ that day world recognize who was the
    real Hero until then...........................................
    This is a small contribution to find the true story behind the King Ravana

    Lets admire our Hero........................

    http://www.sriravana.tk/

    ReplyDelete
  22. @ buwa : Sahodaraya yaksha naga raksha kiyanne lankawe hitapu gothra wala nam. hariyata ape demala jathikayangeth kandurata demala, indiya demala, JAffna demala wage aththatama raksha gothraya kiyanne rakshyo wath Yaksha kiyanne yakkuwath neme samanya minis gothrayak

    ReplyDelete
  23. පියුමි
    මේ‍කේ ඉතිරි ටික දාන්නේ කවදා ද?

    ReplyDelete
  24. @ පියුමි :
    මේ ලිපි පෙල මෙතනින් නතර කළා සහෝදරී...

    රාවණා රජු ගැන වැඩිදුර විස්තර දැනගන්න මෙන්න පාර

    ස්තුතියි...ජයවේවා !!!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...