

Tuesday, March 15, 2011
නූතන විඥානවාදය (!!!) නොහොත් මිනිස් බුද්ධියේ අග්‍ර ඵලය...

Labels:
ගවේෂණ,
ශාස්ත්‍රීය,
සමාජයීය,
සංවාද
Thursday, March 3, 2011
රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්... #2
මේ ලිපි පෙලේ දෙවැනි ලිපියයි මේ. පසුගිය සතියේ පළවුණු මෙහි පළමු ලිපියට මම හිතුවාටත් වඩා ප්‍රතිචාර තිබුණා. රාවණා ගැන මෙන්ම අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැනත් බොහෝ දෙනෙක් උනන්දුවක් දැක්වීම ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ වගේම මේ සම්බන්ධ තවත් ලිපි හා සබැඳීන් ලබාදුන් හා ප්‍රතිචාර දැක්වීමෙන් දිරිමත් කළ ආදරණීය පාඨක ඔබ සැමට ගොඩාක් ස්තුතියි. මේ හා සම්බන්ධව පූර්ණ කතිකාවතක් ඇති කිරීම මෙහි අභිප්‍රායයි. මේ පළවෙන්නේ රාවණා රජු හා සම්බන්ධ ඓතිහාසික ලිපි මාලාවේ දෙවැන්නයි. පසුගිය ලිපියේ මෙන්ම මේ ලිපියේත් අඩංගු අන්තර්ගතය විකිපීඩියා ඉංග්‍රීසි අඩවියෙන් ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් සකස් කර ඇති බව පැවසිය යුතුයි. පිළිගත හැකි තොරතුරු අන්තර්ගත බැවින් මේ සඳහා විකිපීඩියා විශ්වකෝශය පදනම් කරගත් අතර ඉදිරියේදී මේ හා සම්බන්ධ දෙස් විදෙස් අන්තර්ජාල මෙන්ම වෙනත් මූලයන් ආශ්‍රයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමටත්, ඒ වාගේම මේ මාතෘකාව සම්බන්ධයෙන් තර්කානුකූල විමසීමක් සිදුකිරීමටත් බලාපොරොත්තු වෙනවා.
ඉතින්... පසුගිය ලිපිය, මේ ලිපිය මෙන්ම ඉදිරියේ පළවන ලිපි සමගත් එකතු වී හිඳින මෙන් ආදරයෙන් මතක් කර සිටිනවා. ස්තූතියි...!