Showing posts with label සංගීත ජීවිතේ. Show all posts
Showing posts with label සංගීත ජීවිතේ. Show all posts

Sunday, April 29, 2012

- සංගීත වේදිකාවේ ගෙවුනු පළමු අවුරුද්ද - බෑන්ඩ් කථා #08 –


      මුලින්ම, අනේක වාරයක් සමාව ඉල්ලා හිටිනවා... මේ කථා පෙළ පළ කරන්න මෙච්චර පමා වුනු එක ගැන. හිතා මතා පැහැර හැරියා නෙවෙයි. කොච්චර වුවමනාව තිබුණත් මේ බ්ලොග් වලට ඉබේ අකුරු එන්නෑ නොවැ... ටයිප් කරන්නම එපායෑ... මදිවට ඉතිහාසය ගවේෂණය කරන්නත් ඕනේ, දැනට අවුරුදු 10 කට වගේ උඩදි සිද්ධ වුනු දේවල් නොවැ. කාරි නෑ, ඔන්න මං ආයෙත් සෑ...හෙන්න කාලයකට පස්සේ බෑන්ඩ් කථා අරගෙන ආවා... ඔය මෙච්චර කල් නාහෙන් අඬ අඬ, මදිවට තර්ජනේ දාගෙන හිටපු උන්දැලා ඕං ඇවිත් කියෙව්වා නම්... හරි, එහෙනම්... දයාබර  රසික රසිකාවියනි.... මෙන්න නැවතත් වේදිකාවේ... චතූගේ බෑන්ඩ් කථා...

Friday, April 6, 2012

- වේදිකාවේ සිට දෙසවනට... සංගීතයේ ගමන් මග -


      ආයෙත් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ සංගීත පාඩමක් අරගෙන ආවා... මේ වැඩේ දිගට කරගෙන යන්න කොච්චර හිතාගෙන උන්නත් මොකක් හරි හේතුවක් උඩ ඒකට බාධා වෙනවා. කොහොම වුනත්, ඔන්න ඉතින් හිතාගෙන හිටිය විදියට මේ කොටස ඉවරකලාට පස්සේ අපිට පුළුවන් ඊළඟ කොටසේ ඉඳන් පුරුදු විදියට ආයෙත් බෑන්ඩ් කථා පටන් ගන්න. අද කියන්න යන්නේ ස්ටේජ් එකේ උපදින සංගීතය, විද්‍යූත් උපාංග වලින් පාලනය වෙලා, ශබ්ද පද්ධති හරහා ඔයාලගේ කන දක්වා එන ගමන ගැනයි. පුළුවන් තරම් සරල විදියට මේ ටික පැහැදිලි කරලා දෙන්න තමයි මේ සූදානම...

Sunday, January 15, 2012

- බෑන්ඩ් වේදිකාවේ තිරයෙන් පිටුපස... 01 -


බෑන්ඩ් කථා එක්ක පහුගිය කාලයේදී එකතු වෙලා හිටියා නම්, බෑන්ඩ් ජීවිතේ ගැන පොඩි අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ මගේ බෑන්ඩ් ජීවිතේ ගැන නම් නෙවෙයි. පොදුවේ බෑන්ඩ් සංගීතයත් එක්ක බැඳුණු මූලික ක්‍රියාදාමය ගැන. ඒ කියන්නේ උත්සව අවස්ථාවකට සංගීත කණ්ඩායම වෙන් කරවා ගැනීම, ස්ටේජ් හා විදුලි ආලෝක, ශබ්ද උපකරණ හා සංගීත උපාංග ආදී බෑන්ඩ් එකක් සඳහා අත්‍යාවශ්‍ය අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සිදුවන ආකාරය ගැනයි. මේ සියල්ලම සමග වේදිකාව මත වාදනය කරන සංගීත කණ්ඩායම සතු සංගීත උපාංග හා ශබ්ද උපකරණ ගැන පොඩි හැඳින්වීමක් ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. 


Monday, November 7, 2011

අපේ පළමු ප්‍රසංගය... බෑන්ඩ් ජීවිතේ ඇරඹුම... - බෑන්ඩ් කථා #7


න්න ඉතින් මාස එකහමාරක් විතර අපි දැන් බෑන්ඩ් කථා අහනවා... අද තමයි මුලින්ම ස්ටේජ් එකකට නගින කතාන්දරේ අහන්නේ... යාළුවෝ ටික එක්කාසු වෙලා පොඩියට music band එකක් පටන් ගත්ත හැටිත්, ඒක ටික ටික දියුණු කරගෙන ආපු හැටිත් අපි පහුගිය කොටස් වලදී කියෙව්වා නේ... පහුගිය කොටසෙන් මං කිව්වේ මේ ප්‍රසංගයට දවස් නවයක් දිස්සේ එකදිගටම ප්‍රැක්ට්‍රිස් කරපු හැටි... ඉතින් එහෙම කට්ට කාගෙන පුරුදු පුහුණු වෙලා 2002 නොවැම්බර් 29 වැනිදා හා හා පුරා කියලා අපි වේදිකාගත වුනු පළමු සංගීත ප්‍රසංගය ගැනයි අද කියන්නේ...

Wednesday, November 2, 2011

පළමු ප්‍රසංගයට practice කරපු දින නමයේ මෙහෙයුම... - බෑන්ඩ් කථා #6


පුංචි විරාමෙකට පස්සේ ඔන්න මං ආයෙත් බෑන්ඩ් කථා එක්ක ආවා. ප්‍රමාදයට සමාවෙන්න ! හැම මාසෙකම මුලදී කියනවා වගේ මාසෙ අන්තිමට අපි ෆුල් බිසී...! ඉතින් බ්ලොග් කොටන්න තියා ජාලේ සරන්න වත් ඇහැක් වුනේ නෑ. බෑන්ඩ් කථා සීරීස් එක දිග වැඩිවෙයි වගේ පේන නිසා ඉතින් මම පුළුවන් තරම් කෙටි කරලා කථාව කියන්න බලන්නම්. එහෙනම් අද කියන්නේ අපි කඩිමුඩියේ ප්‍රැක්ටිස් කරලා, සෙට් වෙලා හා හා පුරා කියලා, හොඳ සවුන්ඩ්ස් එක්ක, ෆුල් බෑන්ඩ් ප්ලේ කරන අපේ පළමු ප්‍රසංගයට අපි රෙඩි වුන හැටි සහ ඒ ප්‍රැක්ට්‍රිස් කටයුතු ගැනයි...

Sunday, October 23, 2011

Three-piece බෑන්ඩ් එකෙන් Full Band එකට... - බෑන්ඩ් කථා #5

            හුගිය කොටස් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම ස්තුතියි කියන ගමන් අද කථාව පටන් ගන්නවා එහෙනම්. සංගීත ජීවිතේ ඇරඹුමෙන් සටහන් වෙලා, පොඩි බෑන්ඩ් එකක් හදාගෙන... ඒකත් එක්ක ටික ටික ඉස්සරහට ආපු හැටි, අළුතින් ලැබුණු කීබෝඩ් තෑග්ග හා ඒක නිසාම අන්තිමට ගෙදරිනුත් යන්න උනු එක අපි පහුගිය කොටස් හතරේදී කියෙව්වා නේ. ඉතින් අපි අද කියවමු කොල්ලා ගෙදරින් ගියාට පස්සේ කොහොමද මියුසික් කලේ කියලා. ඒ වගේම අපි තුන් දෙනාගෙන් පටන්ගත්තු බෑන්ඩ් එක  ප්ලේයර්ලා ඔක්කොම සම්පූර්ණ කරගෙන ෆුල් බෑන්ඩ් එකක් වුනු හැටිත් අද කියන්නම්...

Thursday, October 20, 2011

Band නිසා, Music නිසා ජීවිතේම වෙනස් කරගත්ත කථාව - බෑන්ඩ් කථා #4

බෑන්ඩ් කථා එක්ක එකතුවෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම දැන් බැන බැන බලන් ඉන්නවා ඇති නේද ඊළඟ කොටස එනකල්...? ඉක්මනට ඉවර කරලා දාන්න හිතේ තියන් හිටියත්, මොකක් හරි වැඩක් සෙට් වෙලා බ්ලොග් එකේ වැඩ මිස් වෙනවා... මොනවා කරන්නද ? වැඩ කරන්න තියෙන්නේ සීමිත කාලයක් නොවැ. ඉතින් පහුගිය කොටස් තුනෙන්ම මම කිව්වේ අපි තුන් දෙනාගේ පුංචි බෑන්ඩ් එක ගැනනේ... ඉතින් ඔය බෑන්ඩ් කෙරුවාව නිසා මගේ ජීවිතේ සිදුවුනු අමතක නොවෙන සිදුවීම තමයි අද කියන්න යන්නේ. එහෙනම් එන්නකෝ යන්න ආයෙත් බෑන්ඩ් කථා පැත්තේ...

Wednesday, October 12, 2011

සංගීත ජීවිතේ පළමු පරිච්ඡේදය අවසානයි... - බෑන්ඩ් කථා #3

පි බෑන්ඩ් පටන් ගත්තු හැටිත්... බෑන්ඩ් එක කරගෙන ආපු හැටිත් පහුගිය කොටස් දෙකෙන් කියෙව්වා නේද ? අද කියන්න යන්නේ ඔය ආරම්භක පරිච්ඡේදයේ අවසන් කොටස කිව්වොත් හරි... O/L exam එක හොඳින් ගොඩ දාගත්ත නිසා මට ලැබුණු තෑග්ග, A/L කාලයේ සංගීත ජීවිතේ ගෙවුනු හැටි වගේම සංගීත ජීවිතෙත්, පුද්ගලික ජීවිතෙත් පිටුවක් පෙරලපු විප්ලවකාරී බෙලි ගහ යට සාජ්ජය ගැනත් අද අපි කියවමු...