අපි හැමෝම ගාවම දැන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙනවා. බහුතරයක් දෙනා තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් එකේ වැඩියෙන්ම භාවිතා කරන app එක තමයි Facebook කියන්නේ. ලංකාව වගේ දියුණු වෙමින් පවතින, අන්තර්ජාල සම්බන්ධතා එතරම් වේගවත් නැති රටවල් වලදී නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් facebook යන එක එතරම් වේගවත් අත්දැකීමක් නම් නෙවෙයි. ඉතින්, ලංකාවේ අපේ මූණුපොත පාවිච්චි කරන සුවහසක් ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන්ට දැන් නිදහසේ facebook යන්න විදියක් ඇවිත්. කොහොමද කියලද අහන්නේ... ඒකට උත්තරේ තමයි - Facebook Lite !

Tuesday, January 27, 2015
Wednesday, January 7, 2015
ඡන්දේ දුන්නේ කාටද ඕයි...!!!
ඒ ජනවාරි මස 09 වැනිදා රාත්‍රියයි. නිමාවූ ජනාධිපතිවරණයේ උණුසුම නියම අයුරින් මතුව ඇත්තේ දැන් බව පෙනේ. උදෑසනම ඡන්ද ප්‍රතිඵල එද්දී මොකක් හෝ වෙතැයි හිත කීවත්, සුපුරුදු පරිදි මම රාජකාරියට යෑම නම් අතපසු නොකලෙමි. ගියත් කරන්නට වැඩක් නම් තිබුණේ නැත. සුපුරුදු පරිදි පශ්චාත් මැතිවරණ විශ්ලේශණය සඳහා සේවා ස්ථානයේ සගයෝ මුළු දවසම පාහේ නිර්ලෝභීව වැය කලෝය. සේවා ස්ථානයේ දී සන්සුන් ලෙසින් කාලය ගත වූවත්, අද වැඩට ආ මෝඩකම යැයි හැඟෙන්නට වූයේ වැඩ අහවර වී ගෙදර යන්නට මගට බැස්සාට පසුවයි.
Labels:
කාලීන,
ප්රබන්ධ,
බට්ටගේ හීන,
රස කථා