සිකුරාදා ඉස්කෝලේ ඇරිලා පාරට ආවේ සෑහෙන්න ආතල් එකකින්... දවස් දෙකක් නිවාඩු නේ... 162 බණ්ඩාරගම බස් එකේ ඇවිත්, මාකන්දන පන්සල ලඟින් බැහැලා මමයි, ගිහානුයි පාර පැන්නා. ඉස්කෝලේ ඇරුණු ගමන්ම ආපු නිසා පොඩි බඩගින්නකුත් නොතිබුණා නෙවෙයි. දැන් ගිහාන්ලගේ ගෙදරට ගිහින්, ඌත් එක්ක කයියක් දාලා, ගෙදර යද්දී කීය වෙයිද දන්නෑ... ඒ මොක වුනත් මට ඉතින් බඩගින්න නුහුරු එකක් නෙවෙයි නේ. ඇත්තම කිව්වොත් බඩගින්න මතක් කලොත් විතරක් බඩගිනි දැනෙන ගානට මේ වෙද්දී මගේ සිස්ටම් එක හැඩ ගැහිලා තිබුණේ. ඉතින් ගිහාන්ලගේ ගෙදර ගියා කියලා දවල් වේල මිසිං වෙන එකට මගේ හිතේ අවුලක් තිබුණේ නෑ...

Sunday, November 30, 2014
කථා පොඩිත්තක් - 01

Monday, November 24, 2014
මේ දවස් වල මොකද වෙන්නේ...!!!
ඉතින්, කොහොමද...? ආ.....! ඔයාලා නම් ටිකක් විතර වෙනස් වෙලා වගේ... ඇයි ඉතින් දෙයියනේ කොච්චර කාලෙකට පස්සෙද මේ. ඇත්තටම කිව්වොත් මමත් හිතුවේ නෑ නොලියාම ඉන්නවා කියලා. ඒත්, ලියන්න වුනේ නෑ... අනේ මන්දා. සමහරු තරහත් ඇති... දෙයියනේ කියලා ඒ සැමගෙන් ම සමාව ඉල්ලන ගමන් අපි කථාව පටන් ගමු...
Labels:
ජීවන සටහන්