Wednesday, June 20, 2012

- ජංගම දුරකථනයෙන් රූගත කල ලොව ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය : Olive -


හො සිනමා නිර්මාණයක් උදෙසා දක්ෂ නළු නිලියන්, හොඳ අධ්‍යක්ෂකවරයෙක්, දර්ශණීය පසුතල මෙන්ම උසස් ගණයේ කැමරා ද අත්‍යාවශ්‍ය සාධක වේ. සිනමාව සඳහා භාවිතා කරන්නේ උසස්ම ගණයේ තාක්ෂණයෙන් යුත් විශිෂ්ඨතම රූපරාමු ලබාදෙන ඉහළම තලයේ කැමරා උපකරණයි. එසේ වුවත් මේ විශේෂිත කැමරාවලින් තොරව ජංගම දුරකථනයක කැමරාවෙන් පමණක් රූගත කරමින් නිපදවන ලද සිනමා පටයක් ඇමෙරිකාවේ සිනමාහල් තුළ ප්‍රදර්ශණයට සැරසෙන බව කිවහොත් ඔබ මවිත වනු ඇත.


ජංගම දුරකථනයේ කැමරාව භාවිතයෙන් රූගත කිරීම් අළුත් අත්දැකීමක් නොවුනත්, මින් පෙර ඒ ආකාරයෙන් නිපදවා තිබුණේ කුඩා වාර්තාමය වැඩසටහන් හා විනාඩි කිහිපයක් කුඩා දර්ශණ ඇතුළත් වීඩියෝ පමණකි. විශාල ප්‍රචාරක ක්‍රියාවලියක් සමග, සිනමා ශාලා විශාල ප්‍රමාණයක ප්‍රදර්ශණය කෙරෙන, එමෙන්ම වෘත්තීය මට්ටමේ විශිෂ්ඨ නළු නිලි කැලක් හා සේවා කණ්ඩායමක් එක්ව නිෂ්පාදනය කෙරෙන දැවැන්ත සිනමා පටයක් සඳහා මෙතෙක් කාලයකට ජංගම දුරකථන කැමරාව භාවිතා කර නොතිබිණි. ඒ අර්ථයෙන් බැලු විට මේ ආකාරයේ ලොව ප්‍රථම වෘත්තීයමය සිනමාපටය ලෙස මේ නව චිත්‍රපටය ඉතිහාසයට එක්වේ.


Olive ලෙස නම් වී ඇති මේ චිත්‍රපටය මුළුමණින්ම රූගත කර ඇත්තේ නොකියා N8 දුරකථනයක් මගිනි. සිනමා රූගත කිරීම් සඳහා භාවිතා වන විශේෂිත කාච පද්ධතියකට මෙම දුරකථන කැමරාව සම්බන්ධ කර තිබිණි.  නොකියා N8 දුරකථනය සිනමාවට අවශ්‍ය කරන දෘෂ්‍ය පථයක් ලැඛෙන සිනමාරූපී ආම්පන්නයක් බවට පත්කර ගැනීම සඳහා මෙහිදී 35 mm කාච අනුවර්තකයක් (lens adapter) නොකියා දුරකථනයට ගැලපෙන පරිදි නවීකරණය කොට යොදා තිබිණි. එමගින් සිදුවන්නේ නාභිගත කිරීමේ කටයුතු පමණක් වන අතර දෘෂ්‍ය සංඥා ග්‍රහණය කිරීම, සැකසීම හා ගබඩා වන්නේ නොකියා N8 ජංගම දුරකථනය තුලයි. මේ Olive සිනමා පටය සම්පූර්ණයෙන්ම සිනමාරූපී ආකාරයෙන් නිපදවා ඇති අතර නුදුරු අනාගතයේදී ඇමරිකානු සිනමාශාලාවන් හි ප්‍රදර්ශණය සඳහා කටයුතු සූදානම් කර තිබේ.


Hooman Khalili හා Patrick Gilles මෙහි අධ්‍යක්ෂකවරුන් ලෙස ක්‍රියා කරති. ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වූ විශිෂ්ඨ ගණයේ සිනමා නිළියක වන Gena Rowlands සමග John Scurti, Chris Maher, හා Ruby Alexander යන රංගන ශිල්පීන් Olive සිනමා පටය සඳහා රංගනයෙන් දායක වෙති. මේ ව්‍යාපෘතියේ මූලික අරමුණ ලෙස තමා බලාපොරොත්තු වන්නේ Olive සිනමා පටය ඇමරිකානු සිනමාහල් 2000 කට බෙදාහැර ප්‍රදර්ශණය කිරීම බැව් මෙහි සම්පත් දායකයන් පවසා තිබිණි. ඒ ඉලක්කය සාර්ථක වුවහොත් ප්‍රධාන පෙලේ නිෂ්පාදන සමාගමක සහායක් නොමැතිව ඒ කාර්යය කල පළමු සිනමා පටය ලෙස Olive ඉතිහාස ගත වනු ඇත.



----------------------------------------------





18 comments:

  1. ඇහ්.. මාරයිනෙ ! ලෙසටම ඇතිද දන්නෑ..

    ස්තූතියි ආරංචියට සහෝ.

    ReplyDelete
  2. @ සෙන්නා :
    ස්තුතියි සහෝ, සමාවෙන්න, මට වීඩියෝවක් දමන්න අමතක වුනා... ඔන්න ඒ අඩුපාඩුවත් හරිගැස්සුවා...

    ReplyDelete
  3. ශා මරුනේ. මේ ඇහුවමයි. කොහොමත් තව කල් යද්දී චිත්‍රපටියක් රූගත කරන එකත් එච්චර අමාරු වෙන එකක් නැහැ. ස්තුතියි චතුරංග

    ReplyDelete
  4. බොහොම ස්තුතියි චතුරංග . මේ‍ක අපිට අලුත්ම ආරංචියක්.

    ReplyDelete
  5. දැන් අපිටත් ෆිල්ම් එකක් හදන්න පුළුවන්.... හිකිස්‌....

    ReplyDelete
  6. අඩෙනවා මචං... සිරා වැඩක්...

    ReplyDelete
  7. අපිත් කරන්ඩ ඉන්නේ පොඩි මියුසික් වීඩියෝවක් අලුත් විදියකට.. :D ස්තුතියි මේක බෙදාගත්තට. :D

    ReplyDelete
  8. නියම වැඩක් සහ නියම තොරතුරු බෙදා ගැනිමක් ජය

    ReplyDelete
  9. මට නං මේ ලිපියෙන් අලුත් පණක් ලැබුනා වගේ උනා. ස්තුතියි චතු..... බලාපොරොත්තු වෙන වැඩේ සාර්ථක උනොත් චතුවත් මතක් කරන්නම්!

    ReplyDelete
  10. හෙහ්.. අපේ එවුන් කැමරා වලින් පිචෑර් හැදුවෙ ඔයිට ගොඩක් කලින් මචං. ඇයි දැකල නැද්ද ඔය ජංජාලෙ තියෙන්නෙ. සමහර ඒවයෙ කොලිටිය සිනමාරූපී භාවය එහෙම බොහොම ඉහලයි. ඒත් එකම සීන් එක තමයි ප්‍රසිද්ධියේ පෙන්නන්න බැරිවීම තමයි. මේකෙ පූර්වාදර්ශය අපෙන් ගියාද දන්නෙ නෑ :D :D

    ReplyDelete
  11. මරු මචන්...ලඟදිම download කරන්නත් පුලුවන් වෙයි :P උබටත් දෙන්නම් :D

    ReplyDelete
  12. අලුත් ආරන්චියක්

    ReplyDelete
  13. මාරයිනෙ ඇත්තටම මේක අපිටත් කරන්න බැරිද?

    ReplyDelete
  14. වීඩියෝ එක ලෝඩ් කරලා බලන්ඩ ඕනා.

    ReplyDelete
  15. @ සයුරි :
    මොබයිල් ෆිල්මින් නම් ටිකක් පරණ අදහසක්... ඒත් දැන් තියෙන ස්මාට් ෆෝන් වල ඉමේජ් කොලිටි එක සෑහෙන්න හොඳයි. ඒ නිසා Full HD film කරන්න පුළුවන් ! iPhone වලට නම් කැමරා ඇඩැප්ටර් ඕනේ තරම් එනවා. ඒ සමහර ඒවයෙන් හඳේ ආවාට වගේම බ්‍රහස්පතිගේ ලපත් බලන්න පුළුවන්...!!

    මොබයිල් ෆිල්ම් එකක් කරන්න අපේ කට්ටියකගේ පොඩි අදහසක් තියෙනවා... බලමුකෝ, හරි ගියොත් කියන්නම්... ස්තුතියි සයුරි ප්‍රතිචාරයට !!!

    @ ගිම්හානි :
    බොහොම ස්තුතියි ගිම්හානි අක්කේ !!!

    @ Ksharapani :
    ඔව් ඔව්... හදමුකෝ බලන්න ෆිල්ම් එකක් !!! ස්තුතියි !!!

    @ ප්‍රසන්න :
    ස්තුතියි ප්‍රසා !!!

    @ යසන්ත :
    නියමයි මලයා... අපිටත් කියන්න progress එක ! වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... මලයටත් ස්තුතියි ඇවිත් ගියාට !!! ජයවේවා !

    @ රාජ් :
    ගොඩක් ස්තුතියි රාජ් සහෝ !

    @ බුද්ධි :
    මොකක් නමුත් අකලංචියකට වගේ අර අදින්නේ... කමක් නෑ කොලුවෝ, කොරන එකක් සාර්ථක වේවා !!! මගේ මෙව්වා එකෙන් උඹේ මෙව්වා එකටත් කික් එකක් ආවා නම් ඒ මගේ සතුටයි... ස්තුතියි ඇවිත් ගියාට !

    රහසින් (කරන වැඩේ මොකක්ද කියලා කියන්න බැරිද ?)

    @ නවම් :
    හපොයි නෙද්දකින් උඹ !

    හ්ම්, ඒ අතින් නම් මෙව්වට පේටන්ට් දෙන්න ඕනේ අපේ අයට තමා... මාව කිඩ්නැප් කරයිද දන්නෑ උන්ගේ නම්බුව කෑවා කියලා... :P

    @ ධනු :
    හ්ම්, හ්ම්... බලමුකෝ !!!

    @ පිණිබිඳු :
    ස්තුතියි සහෝදරී !!!

    @ වෙදනා :
    හොඳ කැමරා පහසුකම් තියෙන හොඳ ස්මාට් ෆෝන් එකක් සහ කැමරා ඇහැක් ඇත්නම් අපිටත් මේ කිට්ටුවෙන් යන්න වැඩක් කරන්න පුළුවන් වෙයි වෙද මහත්තයෝ ! full HD වීඩියෝ පහසුකම් තියෙන ෆෝන් එකක් තිබුනොත් වැඩේ කොලිටියි...! ඔබතුමාටත් ස්තුතියි ඇවිත් ගියාට...

    @ මධූ :
    හොඳයි සහෝ... බලලා කියන්නකෝ එහෙනම්... ස්තුතියි !!!

    ReplyDelete
  16. මාරයිනේ . අපිටත් බලන්න පුළුවන් වෙයි

    ReplyDelete
  17. හිතාගන්නත් අමාරුයි. ලස්සනට ඇති නේ. බලමු තව ටික දවසකින් අපිටත් බලාගන්න පුළුවන් වේවිද කියල.

    ReplyDelete
  18. ටිකක් විතර විප්ලවකාරී අදහසක් කාගෙ වුණත්... ස්තූතියි සහෝ මේ තොරතුරු බෙදාගත්තට!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...