Sunday, March 18, 2012

- ඩිජිටල් ඡායාරූප ෆොටෝෂොප් කරලද කියලා හොයාගන්න හැටි -

තීතයේදී නම් ඡායාරූපකරණය සීමාවී තිබුණේ සේයා පටල කැමරා වලට පමණි. ඒ හැරුණු කොට අතින් ඇඳි සිතුවම් ද මේ ගණයට ඇතුළත් කල හැකියි. කෙසේ වුවත් ඩිජිටල් යුගයේ ආක්‍රමණයත් සමග ඡායාරූපකරණ ද ඩිජිටල්කරණය වී තිබේ. ඩිජිටල් ඡායාරූපකරණය ලෙස වෙනමම ක්ෂේත්‍රයක් දක්වා මේ වන විට මෙය වැඩී වර්ධනය වී තිබේ. එමෙන්ම නියම ඡායාරූපය හා ඩිජිටල් ඡායාරූපය වෙන්කොට හඳුනාගත නොහැකි වන තරමට අද වන විට ඩිජිටල් ඡායාරූපකරණය දියුණු වී ඇත.


කැමරාවකින් ලබාගන්නා ලද නියම ඡායාරූපය ඩිජිටල් උපක්‍රම මගින් සංස්කරණය කර අළුත්ම නිර්මාණයක් බිහිකළ හැකි වීම නිසා නියම ඡායාරූපයේ අගය නැසී යන බවට අදහසක් ද පවතී. එමෙන්ම නියම ඡායාරූපය වෙනස් කර නොයෙකුත් සමාජ විරෝධී කටයුතු වලට යොදාගැනීම ද ගැටළුවක්ව පවතී. මෙවැනි නොයෙකුත් අවස්ථාවල දී ඔබ දකින රූපය නියම ඡායාරූපය ද, නොඑසේ නම් ෆොටෝෂොප් හෝ එවැනි වෙනත් මෘදුකාංගයක් යොදාගෙන සංස්කරණය කළ එකක් ද යන්න පියවි ඇසින් නිරීක්ෂණය කර නිගමනයකට ඒම අපහසුයි. ඒ අපහසු කාර්යය පහසුවෙන් සිදුකර දෙන වෙබ් සේවාවක් දැන් ඔබට http://www.pskiller.com/ යන ලිපිනයෙන් නොමිලයේම ලබා ගත හැකියි.


මෙම වෙබ් සේවාව ඉතා සරල මුහුණතකින් යුතු, භාවිතා කිරීමට ඉතාමත් පහසු ආකාරයකින් නිමවා තිබේ. මෙමගින් ඔබට ඔබේ පරිගණකය තුළ ඇති ඩිජිටල් ඡායාරූප මෙන්ම අන්තර්ජාලය තුළ ඇති ඡායාරූපද පරීක්ෂා කළ හැකියි. පරිගණකය තුළ ඇති ඡායාරූපයක් පරීක්ෂා කරන්නේ නම් “Choose File” තෝරා අදාල ඡායාරූප ගොනුව තෝරා දෙන්න.


අන්තර්ජාලය තුළ ඇති ඡායාරූපයක් පරීක්ෂා කළ යුතු නම් Image URL කොටුව තුල අදාල ඡායාරූපයේ ලිපිනය ඇතුළත් කර Submit බොත්තම ඔබන්න. 



මේ ක්‍රම දෙකෙන් කුමන හෝ ක්‍රමයකට ඡායාරූපයක් තෝරා දුන් පසුව මෙම වෙබ් සේවාව මගින් ඒ ඡායාරූපය විශ්ලේෂණය කිරීම අරඹයි.


මෙසේ විශ්ලේෂණය කළ පසු අදාල ඡායාරූපය ෆොටෝෂොප් වැනි මෘදුකාංගයක් භාවිතයෙන් ඩිජිටල් ආකාරයට සංස්කරණය කර ඇත්ද යන්න PSkiller සේවාවට පැවසිය හැකියි. එසේම මෙම විශ්ලේෂණය ෆොටෝෂොප් මෘදුකාංගයට පමණක් සීමා නොවේ. කුමන හෝ මෘදුකාංගයකින් ඩිජිටල් ආකාරයට වෙනස් කමක් කර තිබේ නම් එය හඳුනාගැනීමට PSkiller සමත් වේ. වැදගත්ම දේ වන්නේ මේ සේවාව ඔබට ලැඛෙන්නේ ලෝකයේ හොම මිලට නොහොත් සම්පූර්ණයෙන්ම නොමිලයේ වීමයි.

            Edit කරලද කියලා හොයාගන්න අමාරු ඡායාරූප තියේ නම් දැන් මේ අඩවියට ගිහින් පරීක්ෂා කරගන්න පුළුවන්...

ඔයාලා හැමෝම අනෙක් අයට උදව් කරන්න ගොඩාක් කැමති අයනේ, නේද ? එනම්, වම් පැත්තේ side bar එකේ තියෙන දැන්වීමත් නරඹලාම යනවා නම්  ගොඩක් හොඳයි. 
ස්ක්‍රොල් කරන්න කම්මැලි අයට මෙන්න පාර... 


ස්තුතියි !!!




16 comments:

  1. ෂා මේ තියෙන්නේ ගැජට් එක..දැන් ඉතින් ප්‍රෝෆයිල් පික්චර්ස් ෆොටෝෂොප් කරලද කියල ගේමක් නැතිව බලත හැකි..

    ReplyDelete
  2. නියම ගැජට් එක.. උඹ කොහෙන්ද සහෝ මේවා හොයා ගන්නේ..

    ස්තූතියි බෙදාගත්තට..

    ReplyDelete
  3. මේක සාර්තක නැහැ. photoshop නැතිව crop කල images (FB එකේන්) මෙයා කියනවා Photoshop වැඩක් කියලා.

    ස්තූතියි කිව්වට.

    ReplyDelete
  4. එළ එළ හොය හොය හිටියේ මේ වගේ එකක්....

    ReplyDelete
  5. මරු...අපිට තමා මේකෙන් පහර වැදෙන්නෙ... :D

    ReplyDelete
  6. මේක සාර්ථක ක්‍රමයක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මේකේ කරනවා ඇත්තේ අදාල පොටෝ එකේ ප්‍රොපර්ටීස් වල සමරි කියන කොටසේ තියෙන ක්‍රියේෂන් සොෆ්ට්වෙයාර් කියන එකේ ලියවිලා තියෙන එක අනූව මේක නිගමනය කිරීමක්! ඒක ඉතිං අපිටම කරගන්න පුළුවන්නේ...

    ReplyDelete
  7. ඇඩෝබි බ්‍රිජ් යූස් කරල මෙටා ඩේටා ඩිලීට් කරල ඔය සයිට් එකෙන් චෙක් කලොත් හොයන්නබෑ. Make / Modle information is missing කියල පෙන්නනව නේද?.

    ReplyDelete
  8. චතුරංග අයියේ, ඉන්න පැත්ත පොඩ්ඩක් කියන්නකෝ වඳින්න.:D සිරාම බාන්ඩේ මේක නම්.

    ReplyDelete
  9. අනිවා හොයාගන්න බෑරි වෙන ෆොටො කෑලි මෙතනින් අල්ල ගන්නම්කෝ... තෑන්ක්ස් අයියා

    ReplyDelete
  10. මේක නම් බොහොම වැදගත්. අර කිව්වා වගේ මේක හරි නොයන වෙලාවලුත් ඇති නේද...

    ReplyDelete
  11. ප්‍රතිචාරයක් තියපු හැමෝටමම ගොඩක් ස්තුතියි ! ඒ වගේම කියන්න ඕනේ මේ උපක්‍රමය හැම ඡායාරූපයකටම හරි යන්නෑ. ඒක ඒ අඩවියේම කියලා තියෙනවා. ඒක නිසා තමන් පරීක්ෂා කරපු ඡායාරූපයකට වැරදි ප්‍රතිඵලයක් ලැබුනා නම් අප්සෙට් වෙන්න එපා...!

    ReplyDelete
  12. හි..හී.....දැන් ඉතින් බඩුත් එක්කම හොරු අහු වෙයි.. :D

    ReplyDelete
  13. ඔන්න .. කෙල්ලගේ නියම රූපේ බලාගන්න ඕන නම් මේක අකියවල ඒ විදිහට රූපේ අරුල්පේ කරලා බලන්න !

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...