Sunday, March 4, 2012

- කාන්තාර මැද පිහිටි ලොව දර්ශණීයම ක්ෂේම භූමි -


හෙනම් ඕං, ආයෙත් ලස්සන පින්තූර ටිකක් අරගෙන ආවා. මේ ටිකේම බරට ලිපියක් පළ කරන්න කරම් වෙලාවක් නෑ. ඉතින් රූප කථා ටිකක් තමා දෙන්න වුනේ. කොහොම වුනත් මේ විදියේ ලිපි වලට ඔයාලා කැමතියි කියලා මම හිතනවා. මේ තියෙන්නේ ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි. කාන්තාරයක් මැද්දේ තණකොල ගහක් දැක්කත් ඇහැට සනීපයිනේ. ඉතින් බලන්නකෝ මේ ක්ෂේම භූමි කොච්චර ලස්සනට පේනවද කියලා...



උබාරි ක්ෂේම භූමිය - ලිබියාව

නිරිතදිග ලිබියාවේ Messak Sattafat සානුව හා Idhan Ubari වැළි කඳු අතර ටාර්ගා මිටියාවතේ පිහිටා ඇති ක්ෂේම භූමියකි. මේ ක්ෂේම භූමිය කාන්තාර භූමිය මැද ඉතා සුන්දරව දිස්වේ. මෙම ක්ෂේම භූමිය තුළ ඇති ජලාශයේ ජලය මළ මුහුදේ ජලය මෙන්ම අධික ලවන සාන්ද්‍රණයකින් යුත්තයි. නමුත් මෙහි ජලය ඉතා අපිරිසිදු තත්ත්වයේ ඇති නිසා භාවිතයට නුසුදුසුයි.


------------------------------------------------------------------------------------


හුවාකැචිනා ක්ෂේම භූමිය - පේරු

හිරු ගිණිගෙන දැවෙන පේරුවියානු කාන්තාරය මැද සිත සනසන සිහිලැල් දසුනක් ලෙස මේ ක්ෂේම භූමිය හඳුන්වා දිය හැකියි. කුඩා ජලාශයක්, සරුවට වැඩුණු තාල වර්ගයේ ගස්, හරිත වර්ණ තණනිල්ල මෙන්ම තරමක ජනගහනයක් ද සහිත කුඩා ජනපදයක් වන මේ ක්ෂේම භූමිය කාන්තාරය මැද අපූරු නිමැවුමකි. ඇමෙරිකාවේ ක්ෂේම භූමිය ලෙසින්ද හැඳින්වෙන මේ හරිත යාය, අවුරුදු දහස් ගණනක ඉතිහාසය තුලම පාළු කාන්තාරය මැද කොළ එළියක් ලෙස පැවතී තිබේ. අඩි සිය ගණනක් විහිදී යන වැලි කඳු හා සැතපුම් ගණනාවක්ම පාළු කාන්තාරයේ අත්දැකීම ලබාගැනීමට පැමිණෙන සංචාරකයින්ට හා අවට ප්‍රදේශවාසීන් අතර මේ ක්ෂේම භූමිය නවාතැන් පොලක් ලෙස ප්‍රචලිතව තිබේ.


------------------------------------------------------------------------------------


එන්-ගේදි ක්ෂේම භූමිය - ඊශ්‍රායෙලය

මළ මුහුදේ බටහිර ඉවුරේ පිහිටි මේ ක්ෂේම භූමිය ඓතිහාසික වූවකි. මෙහි ඇති නොසිඳෙන දිය උල්පත් නිසාම මේ භූමිය ප්‍රාග් ඓතිහාසික කැල්කෝලිතික කාලයේ පටන්ම මානුෂ්‍ය වාසයක්ව පැවති බවට සාක්ෂි තිබේ. බයිබලයේ සඳහන් වන පරිදි සොලමන් රජුගේ සමයේදී මේ භූමිය ජුදාවරුන් හට පවරා දී තිබෙන බව කියවේ.

 

------------------------------------------------------------------------------------


චෙබිකා ක්ෂේම භූමිය - ටියුනීසියාව

ටියුනීසියාවේ ඇති කාන්තාර විල් ප්‍රදේශයට උතුරින් වැලිගල් කඳු අතර පිහිටි දර්ශණීය භූමියකි. උස් භූමියක පිහිටි මෙය කඳු වලල්ලක් මැද පිහිටා තිබේ. වැලිගල් කඳු වලින් වටවූ මේ පිහිටීම හා වසරේ වැඩි කාලයක්ම අධික සූර්යාලෝකයට නිරාවරණය වීම නිසා මෙය සූර්ය බලකොටුව ලෙසද හැඳින්වේ.

 

------------------------------------------------------------------------------------


තිමියා ක්ෂේම භූමිය - නයිජර්

උතුරු නයිජර් හි අයාර් කඳුකර ප්‍රදේශයේ පිහිටි මේ සුන්දර භූමිය සැලකෙන්නේ ලොව දර්ශණීයම ක්ෂේම භූමිය ලෙසිනි. ඒ තරමටම මේ ක්ෂේම භූමියේ පිහිටීමත්, එහි ගති ලක්ෂණත් සිත් ඇදගන්නා සුළුයි. ඒ වටා පිහිටි කාන්තාරය කෙතරම් රුදුරු වුවත් මේ ක්ෂේම භූමියට ඇතුළු වූ විට ඔබට කාන්තාරයක සිටින බව අමතක වන තරමටම මේ ක්ෂේම භූමිය සරුසාර බවින් යුතුයි. දෙළුම්, දොඩම් වැනි ගස් ඵලබරව ඇත්තේ එවේලේම ආහාරයට ගතහැකි අයුරිනුයි. මෙහි ඝණව වැඩුණු අතුපතර යට සෙවන වෙහෙසකර කාන්තාර අත්දැකීම් මකා ගන්නට හොඳ තෝතැන්නක්.  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ භූමිය ගිනි කතර මැද දිව්‍යලෝකයක් යැයි පැවසිය හැකියි.

 

අදත් පොඩ්ඩයි නේද ? Short & Sweet... ටිකක් දිග, බර ලිපියක් එක්ක හමුවෙමු... 
එහෙනම්, ඕං අපි ගියා... ජයවේවා !!!




18 comments:

  1. හොද පොස්ට් එකක්. තව විස්තර ටිකක් හොයාගන කියවන්න හිතුනා.

    ReplyDelete
  2. ෂෝර්ට් උනාට සුවීට්...මටනම් ඒවා පෙනුනේ දිව්‍ය ලෝක වගේ තමයි..ඒවායේ ජිවත් වෙන මිනිස්සු බාහිර ලෝකයත් එක්ක සම්බන්ධතා තියා ගන්නේ ගොඩක් අමාරුවෙන් වෙන්න ඇති නේද

    ReplyDelete
  3. ඉන්දියන් සාගරයේත් තියනවා ෂෝක් ක්ෂේම භූමියක්. හැබැයි ඒකෙ ඉන්නා අමන මරි දේශපාලකයොයි, සමහර මිනිස්සුයි හින්දා ඒක ක්ෂේම භූමිය දැන් දැන් කාන්තාරයක් වීගන යන්නේ.. ඒ ගැන මුකුත්ම කරන්ඩ බැරි එක ගැන මට අවංකවම හිතට දුකයි..

    පින්තූර ටිකට ස්තූතියි සහෝ..

    ReplyDelete
  4. senna අයියත් එක්ක සම්පූර්ණයෙන් ම එකඟයි. මටත් හිතට දුක මේ නාගරීකරණය වෙන පරිසරයේ ගහකොළට තැනක් නැති වෙච්ච එක. අමන සංවර්ධනයට එරෙහිව අපි කුමක් කරමුද? වෙන සංවර්ධනයට පරිසරය එකතු වුනානං ලොකු සතුටක්. අද ලිපියත් සුපිරියි චතු අයියා. ඔක්කොම අලුත් දේවල් මට.

    ReplyDelete
  5. ස්තුතියි විස්තර වලට. මේවා ගැන ඔයාට පුළුවන් නෙට් එකෙන් හොයලා වෙන වෙනම විස්තර ලියන්න. බලන්න ට්‍රයි කරලා. කවුරුත් මේවා දන්නෙ නැහැනෙ

    ReplyDelete
  6. හිතාගන්නත් අමාරුයි!

    ReplyDelete
  7. මාර ගතිනේ ඇත්තටම මේ වගේ දේවල් පවතින්නේ කොහොමද අච්චර කාන්තාරෙක?? මට ප්‍රින්ස් ඔෆ් පර්සියා එකේ තිබුනු ක්ෂේම භූමිය වගේ එකත් මතක් වුනා

    ReplyDelete
  8. මාරම මාර ලස්සනයිනේ....
    දැක්කත් සනීපයි ......මේ වගේ තැනකට යන්න ඇත්නම් කියල හිතෙනවා..

    ReplyDelete
  9. නියමයි මචං.... සිරා පෝස්ට් එකක්...!!!

    ReplyDelete
  10. මම පොටෝ එකකින්වත් දැකලා තිබුනේ නැහැ මාර ලස්සනයිනේ

    ReplyDelete
  11. ලස්සන පින්තූර ටික !

    ReplyDelete
  12. @ හැමෝටම :

    ප්‍රතිචාර තියපු හැම දෙනාටම ගොඩාක් ස්තුතිය. වෙන වෙනම උත්තර නොදුන්නාට තරහා වෙන්න එපා... ජය !!!

    ReplyDelete
  13. http://www.smashinglists.com/beautiful-spectacular-desert-oases/
    මේ ටිකත් බලන්ඩ ............

    ReplyDelete
  14. “හුවාකැචිනා ක්ෂේම භූමිය - පේරු“
    මේකනං නියම පොට් එකක් ........

    මාරම කොලිටි .......

    ReplyDelete
  15. http://en.wikipedia.org/wiki/Oasis

    # Bahariya Oasis, Egypt
    # Dakhla Oasis, Egypt
    # Farafra Oasis, Egypt
    # Gaberoun, Libya
    # Jalu, Libya
    # Kharga Oasis, Egypt
    # Kufra Oasis, Libya
    # M'Zab Valley, Algeria
    # Ouargla, Algeria
    # Siwa Oasis, Egypt
    # Tafilalt, Morocco
    # Timimoun, Algeria
    # Tozeur, Tunisia
    # Tuat, Algeria

    menna mewath hondai wage...godakma sthoothi...

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...