මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔවුන් සිතූ තරම් ජනප්‍රිය නොවූ බව ජනප්‍රිය කරුණකි. ඔවුන් විසින් ඒ අසාර්ථකත්වය උදා කරගත්තේ පරශීලක කැමැත්තට වඩා සමාගමේ අභිප්‍රායයන් සිය නව මෙහෙයුම් පද්ධතියට පටවන්නට ගත් තීරණය නිසාවෙනි. දැන් පෙනෙන්නට තිබෙන්නේ ඒ හිතුවක්කාරකම් පැත්තකට කර, සිය පරණ මෝඩකම් මඟ ඇර ගනිමින් මයික්‍රොසොෆ්ට් සමාගම අලුත් පාරක යන්නට සූදානම් බවයි. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන්නට නියමිත නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10, මෙතෙක් බිහිවූ හොඳම මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය කරන්නට ඔවුන් අධිෂ්ඨාන කරගෙන ඇති බව පසුගිය මාස කිහිපයක සිටම අපට පෙනෙන කරුණු වලින් සනාථ වෙමින් පවතී. වින්ඩෝස් 8 හි සිට වින්ඩෝස් 9 ඉදිරිපත් කරනවා වෙනුවට, සම්පූර්ණ වෙනසක් පෙන්වීම සඳහා නව මෙහෙයුම් පද්ධතියේ නම පවා වින්ඩෝස් 10 ලෙස වෙනස් කිරීමම එයට නිදසුනක් පමණී. දැන් මේ වින්ඩෝස් ‘යහගුණ‘ තවත් වැඩි කරලීම සඳහා මෙතෙක් කල් වින්ඩෝස් පද්ධතියේ අනිවාර්ය බ්‍රවුසර සගයා වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවට නවතම වෙබ් බ්‍රවුසරයක් වින්ඩෝස් 10 සමග හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් බව අසන්නට ලැබේ.
Showing posts with label අන්තර්ජාලය. Show all posts
Showing posts with label අන්තර්ජාලය. Show all posts
Wednesday, December 31, 2014
Sunday, August 25, 2013
- පරිගණක මවුසයේ නිර්මාතෘ ඩග්ලස් එංගල්බර්ට් ලොවෙන් සමුගනී -
මෙම ලිපිය කියවන ඔබේ අත
මේ මොහොතේත් රැඳී ඇත්තේ මීට වසර 40 කට පෙර ඔහු විසින්
නිපදවන ලද ඒ අපූරු නිර්මාණය මතයි.
ඔබේ අත්ලට යටින් ඇති පරිගණක මවුසයේ නිර්මාතෘවරයා ඔහුයි. ලෝකය වෙනස් කළ තාක්ෂණික
සංකල්ප රැසක් ලොවට ඉදිරිපත් කලේ ඔහුයි. ඩග්ලස් එංගල්බර්ට් නම් වූ මේ අසහාය පරිගණක
පුරෝගාමියා වසර 88 ක් වූ සිය ජීවන කාලය
නිමා කොට පසුගිය ජූලි 02 වැනි දා සදහටම සිය
දෑස් පියා ගත් වග පාඨක ඔබට දැන්විය යුතුව තිබේ.
Labels:
අන්තර්ජාලය,
චරිත කථා,
පරිගණක,
මවුස්
Tuesday, April 3, 2012
- පුෂ් බයිසිකලෙන් මෝටර් සයිකලේට... from HSDPA to Unlimited Broadband –
හරියටම අවුරුද්දයි මාස 2කට කලින් මම HSDPA ඩොංගල් එකක් ගත්ත කථාව ඔයාලට කිව්වා මතක ඇති නේද ? මේක නම් ඊටත් වඩා සතුටු ආරංචියක්... අන්තර්ජාලෙට
එන්න විදියක් නැතිව ඉන්දැද්දී තමයි යාන්තම් ඩොංගලයක් සෙට් කරගත්තේ. ඒ වුනත් ඉතින් Package එකක් නම් ගත්තේ නෑ. Daily delight 100MB ඇක්ටිව්
කරගෙන තමා මෙච්චර කල් ඕක රන් කලේ. GPRS එක්ක බලද්දී HSDPA ලොකු හයියක් වුනත්, ඕන ඕන හැටියට ජාලේ සරන්න නිදහසක් නම් තිබුනේ නෑ. අපේ
පැත්තට SLT ADSL කනෙක්ෂන්
ඇත්තෙත් නෑ. ඉතින් නිදහසේ ජාලේ සරන්න විදියක් හොය හොයා ඉන්දැද්දී තමා මේ Unlimited Broadband වැඩේ
අහුවුනේ...
Labels:
අන්තර්ජාලය,
ජීවන සටහන්,
නොමැකෙන මතක
Sunday, March 18, 2012
- ඩිජිටල් ඡායාරූප ෆොටෝෂොප් කරලද කියලා හොයාගන්න හැටි -
අතීතයේදී නම් ඡායාරූපකරණය සීමාවී තිබුණේ
සේයා පටල කැමරා වලට පමණි. ඒ හැරුණු කොට අතින් ඇඳි සිතුවම් ද මේ ගණයට ඇතුළත් කල හැකියි. කෙසේ වුවත් ඩිජිටල් යුගයේ ආක්‍රමණයත්
සමග ඡායාරූපකරණ ද ඩිජිටල්කරණය වී තිබේ. ඩිජිටල් ඡායාරූපකරණය ලෙස වෙනමම ක්ෂේත්‍රයක්
දක්වා මේ වන විට මෙය වැඩී වර්ධනය වී තිබේ. එමෙන්ම නියම ඡායාරූපය හා ඩිජිටල්
ඡායාරූපය වෙන්කොට හඳුනාගත නොහැකි වන තරමට අද වන විට ඩිජිටල්
ඡායාරූපකරණය දියුණු වී ඇත.
Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
තාක්ෂණික,
වෙබ් සේවා
Wednesday, February 22, 2012
- අන්තර්ජාලයේ ඡායාරූපකරණ පන්තිය : camerasim -
වෘත්තිය
මට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්.
ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම්
පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳ, ගුණාත්මක
ඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින් වැඩ ගන්න හැටි
ඉගෙනගන්න නම් අපිට ඡායාරූපකරණ පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒ වෙනුවෙන් මුදල් හා කාලය
වියදම් කරන්න බැරි, ඒත් ඡායාරූපකරණය ගැන උනන්දුවක් තියෙන හැමෝම
වෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ සේවාවක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් අපි යමු අපේ
අන්තර්ජාල ඡායාරූපකරණ පන්තියට...
Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
තාක්ෂණික,
වෙබ් සේවා
Tuesday, January 31, 2012
- අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩකාරයෝ...!!!] -
පහුගිය සතියේ මගේ බ්ලොග් ජීවිතයට අවුරුද්දක් ගෙවුනා කියලා
දන්නවානේ... මේ ලිපිය පළ කරන්නේ ඒ වෙනුවෙන්ම නොවුනත් ඊට අදාල කාරණයක් නිසායි. මේ
බ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න නොයෙකුත් විදියේ පරිශීලකයන් හැමෝටම සුවිශේෂී වන,
හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බර
විය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේ
කථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, සද්දෙට වඩා වැඩ පෙන්නපු... බතල
හිටවලා අලත් ගලවපු වැඩකාරයෙක් අපි අතර ඉන්නවා කියලා ඔයාලා දන්නවද ?
Labels:
අන්තර්ජාලය,
බ්ලොග්කරණය,
මෘදුකාංග,
සිංහල
Thursday, January 26, 2012
- ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර් -
කැමරාවක් කියන්නේ හොඳ ආරක්ෂක උපාංගයක්. විශේෂයෙන්ම යම් තැනක සිදුවන
දෙයක් පටිගත කිරීමේ හැකියාව වගේම පරිගණකය වැනි අධි-තාක්ෂණික උපාංගයක් සමග සම්බන්ධ
කර නිර්මාණාත්මකව භාවිතා කල හැකි වීමත් කැමරා ආරක්ෂණ පද්ධති බිහිවීමට හොඳ
උත්තේජනයක් සපයනවා. ඔබේ
පරිගණකයට සම්බන්ධිත වෙබ් කැමරාවක් තිබේ නම් ඔබ දැනටමත් පරිගණක ගත කැමරා අත්දැකීමක්
ලබා ඇතුවාට සැකයක් නෑ. මේ කියන්නට යන්නේ ඔබේ වෙබ් කැමරාව ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙන
ඔත්තු බැලීමේ උපාංගයක් ලෙස, නොඑසේ නම් ආරක්ෂණ පද්ධතියක් ලෙස පරිගණකය හා වෙබ්
කැමරාව යොදාගන්නා ආකාරයක් ගැනයි.
Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
වෙබ් සේවා
Saturday, October 1, 2011
Google Power - ගූගල් සමාගමෙන් අළුත් ව්‍යාපෘතියක්
Google සමාගම දිනෙන් දින අළුත් ක්ෂේත්‍රයන්
කරා එළඹෙන බව ඔවුන්ගේ කෙටි කාලීන ඉතිහාසය තුල හොඳින් පෙනී යන කරුණක්. හොඳම උදාහරණය
පසුගිය මාසයේ සිදුවූ මොටෝරෝලා ජංගම දුරකතන සමාගමේ ගනුදෙනුව. මේ ලිපියෙන්
ඉදිරිපත් කරන ව්‍යාපෘතියත් ඊට කදිම උදාහරණයක්. මෙතෙක් කලක් පරිගණක ක්ෂේත්‍රෙයේ
කිසිවෙක් අතනොගැසූ දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය සමබන්ධව ඇත්තේ බලශක්ති ක්ෂේත්‍රය
වෙතයි. මේ Google සමාගමේ සූර්ය කුළුණු බලශක්ති ව්‍යාපෘතිය
ගැනයි...
Labels:
අන්තර්ජාලය,
අරුම පුදුම නිර්මාණ,
තාක්ෂණික,
විද්‍යාත්මක






